Please enable Javascript
Skip to main content

මෙම ලිපියේ සඳහන් කර ඇති නිෂ්පාදන සහ සේවාවන්, ඔබේ කලාපය තුළ ලබා ගත නොහැකි විය හැක. ඔබට ප්‍රශ්න කිසිවක් ඇත්නම්, පාරිභෝගික සහාය සේවය හෝ ඔබේ ගිණුම් කළමනාකරු අමතන්න.

X small

මුදල් නැවත අයකර ගැනීමක් යනු කුමක්ද? ඔවුන් වැඩ කරන ආකාරය සහ ගැටලුවක් වාර්තා කරන ආකාරය

ඔබ සිදු කරන සෑම විකුණුමක් ම ජයග්‍රහණයකි. නිෂ්පාදනයක් මිල දී ගැනීමට වටිනා දෙයක් බවට පත් කිරීමට ඔබ වෙහෙස මහන්සියෙන් කටයුතු කරයි, එබැවින් පාරිභෝගිකයෙකු යම් අය කිරීමක් මතභේදයට ලක් වී ඇති බව ඔබ දකින විට, ඒ ගැන කලකිරීමට පත්වීම ස්වාභාවිකය.

මුදල් නැවත අයකර ගැනීම් යනු සියලුම ආකාරයේ සහ ප්‍රමාණයේ ව්‍යාපාරික ජීවිතයේ අවාසනාවන්ත කොටසකි. අයිතිකරුවන් සහ කළමනාකරුවන් සඳහා, ඒවා සිදුවන්නේ ඇයි, ඒවා සිදු වූ විට කුමක් කළ යුතු ද සහ ඒවා වළක්වා ගන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම ප්‍රයෝජනවත් වේ.

මෙම මාර්ගෝපදේශය තුළ, මුදල් නැවත අයකර ගැනීම් ගැන ඔබ දැනගත යුතු ප්‍රධාන කරුණු අපි ආවරණය කරන්නෙමු:

මුදල් නැවත අයකර ගැනීමක් යනු කුමක්ද?

අවසාන පාරිභෝගිකයෙකු (භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්නා අයෙකු) ඔවුන්ගේ බැංකුව, ක්‍රෙඩිට් කාඩ් සමාගම හෝ වෙනත් තෙවන පාර්ශ්වයක් සමඟ අය කිරීමක් පිළිබඳ ආරවුලක් ගොනු කර අදාළ මතභේදාත්මක මුදල ඔවුන් වෙත නැවත අයකර ගැනීමකි.

එය මුදල් ආපසු ගෙවීමක් ලෙස බැලූ බැල්මට පෙනෙන නමුත් එය බොහෝ දුරට ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරය අනුව වෙනස් වේ: ප්‍රතිලාභයක් ලබා දීම හෝ වෙළෙන්දා සමඟ සෘජුවම පැමිණිල්ලක් ගොනු කිරීම වෙනුවට, පාරිභෝගිකයා තම ආරවුල තෙවන පාර්ශ්වයක් හරහා සිදු කරයි. එය බොහෝ විට ඔවුන්ගේ බැංකුව හෝ ක්‍රෙඩිට් කාඩ් සමාගම වැනි මූල්‍ය ආයතනයක් වන නමුත්, එයට Uber Eats වැනි අදාළ ගනුදෙනුවට සම්බන්ධ වෙනත් සමාගමක් ද ඇතුළත් විය හැක.

පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ගිණුම්වලින් අයකර ගත් වංචනික ගාස්තු වලට එරෙහිව සටන් කිරීමට ක්‍රමයක් ලබා දීම සඳහා පාරිභෝගික ආරක්‍ෂණ ක්‍රමයක් ලෙස මුදල් නැවත අයකර ගැනීම් හඳුන්වා දෙන ලදී. වෙළෙන්දාගේ පැත්තෙන්, එය ආපසු ගෙවනු ලබන ගාස්තුවට අමතර ගාස්තුවක් ගෙවීමට ද හේතු විය හැක, එබැවින් ඒවා හැකිතාක් දුරට වළක්වා ගැනීම වඩාත් සුදුසුය. ශුභාරංචිය නම්, මුදල් නැවත අයකර ගැනීමේ ක්‍රියාවලියට සාමාන්‍යයෙන් අදාළ මුදල් නැවත අයකර ගැනීම වැරදි නම් ඒ පිළිබඳව ප්‍රතිචාර දැක්වීමට ව්‍යාපාරයට අවස්ථාවක් ඇතුළත් වීමයි, එබැවින් සියලු ආරවුල් පරාජිත ඒවා නොවේ.

මුදල් නැවත අයකර ගැනීම් වර්ග

පාරිභෝගිකයෙකු විසින් ලබා දෙන තොරතුරු මත පදනම්ව, බැංකුව, ක්‍රෙඩිට් කාඩ් සමාගම හෝ වෙනත් තෙවන පාර්ශ්වයක් සාමාන්‍යයෙන් මුදල් නැවත අයකර ගැනීම සඳහා හේතු කේතයක් නියම කරනු ඇත. සෑම ප්‍රධාන ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරන්නෙකු සතුව වෙනස් මුදල් නැවත අයකර ගැනීම් හේතු කේත පද්ධතියක් ඇත. නමුත් සමස්තයක් වශයෙන් මුදල් නැවත අයකර ගැනීම් ප්‍රධාන කාණ්ඩ තුනකට වැටේ:

වෙළෙන්දාගේ දෝෂයකි

වෙළෙන්දාගේ දෝෂ නිසාවෙන් මුදල් නැවත අයකර ගැනීම් යනු බොහෝ විට තාක්‍ෂණික ගැටලු හෝ ඔබේ කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලද වැරදි සම්බන්ධ නීත්‍යානුකූල ආරවුල් වේ. වෙළෙන්දාගේ දෝෂයක් නිසා මුදල් නැවත අයකර ගැනීමට හේතු වන ගැටළුවලට මේ දෑ ඇතුළත් විය හැකිය:

  • පාරිභෝගිකයෙකුට වැරදි අයිතම(ය) ලැබුණු විට හෝ නිෂ්පාදනයේ යම් වැරැද්දක් සිදුව ඇති විට
  • නැවත අය කිරීමක් හෝ අය කරන මුදලේ දෝෂයක් වැනි ඇණවුම සැකසීමේ දී තාක්ෂණික දෝෂයක් ඇති වූවිට
  • බෙදාහැරීමක් ප්‍රමාද වුවහොත් (කඩිනම් බෙදාහැරීමක් පොරොන්දු වූ අවස්ථාවක)
  • පාරිභෝගිකයෙකුගේ ඇණවුමක් කිසි විටෙකත් නොපැමිණෙන්නේ නම් හෝ අයිතමයක් හෝ කිහිපයක් අඩුව පැමිණෙන්නේ නම්

මුදල් නැවත අයකර ගැනීම් වංචා

සත්‍ය වංචාව ලෙසද හැඳින්වෙන මුදල් නැවත අයකර ගැනීමේ වංචාව සිදු වන්නේ සොරකම් කරන ලද තොරතුරු සමඟ ඇණවුම් සිදු කරන විට ය. පාරිභෝගිකයෙකු තම මූල්‍ය ප්‍රකාශයේ අවසර නොලත් ගනුදෙනු දැක එය වාර්තා කරන විට, එහි ප්‍රතිඵලයක් ලෙස මුදල් නැවත අයකර ගැනීම් මෙම කාණ්ඩයට වැටේ. මෙම වර්ගයේ ක්‍රෙඩිට් කාඩ් වංචාව ඉහළ යමින් පවතී, එබැවින් බොහෝ වෙළෙන්දන්ට යම් අවස්ථාවක දී එය සමඟ කටයුතු කිරීමට සිදුවනු ඇත.

ආපසු අයකර ගැනීමේ වංචාව

මිත්‍රශීලී වංචාවක් පාරිභෝගිකයෙකු තමන් විසින් ලබා දුන් ඇණවුමක් වංචනික හේතුවක් නිසා ආරවුලට ලක් කිරීම, එය තමන්ට නොලැබුණු බව වංචනික ලෙස ප්‍රකාශ කිරීම හෝ පසුව තම අදහස වෙනස් කර ගත් බව පැවසීම වැනි ය. මෙම අවස්ථා වෙළෙන්දන්ට ඔවුන් සිදු කරන ලේඛන දෝෂ ලෙස පෙනිය හැකි බැවින් ඒවා ආරවුලට ලක් කිරීම වඩාත් උපක්‍රමශීලී විය හැක.

මුදල් නැවත අයකර ගැනීම් ක්‍රියා කරන ආකාරය

නැවත අය කිරීමේ ක්‍රියාවලියේ විස්තර ආරවුල හසුරුවන තුන්වන පාර්ශ්වයට (අපි එම තුන්වන පාර්ශ්ව වෙත යොමු වෙමු. මෙම කොටසේ ඉතිරි කොටස සඳහා "සමාගම" ලෙස බොහෝ විට මූල්‍ය ආයතන වේ) අනුව වෙනස් වේ. සෑම සමාගමකටම තමන්ගේම ප්‍රතිපත්ති තිබියදීත්, ඊට සම්බන්ධ ප්‍රධාන පියවර තරමක් අනුකූල වේ. සාමාන්‍යයෙන්, ඔබට එක් එක් නැවත අයකිරීම අදියර 4කට භාජනය වනු ඇතැයි අපේක්ෂා කළ හැක:

පියවර 1: පාරිභෝගිකයා ගැටලුවක් වාර්තා කරයි

පාරිභෝගිකයා ඔවුන්ගේ ගිණුම ඔස්සේ අය කිරීමක් සම්බන්ධයෙන් ගැටලුවක් වාර්තා කරන විට මුදල් නැවත අයකර ගැනීම ආරම්භ කෙරේ. මෙය හේතු කිහිපයක් නිසා සිදුවිය හැකිය. උදාහරණයන් ලෙස:

  • ඔවුන්ගේ මූල්‍ය ප්‍රකාශයේ දිස්වන අය කිරීමක් ඔවුන් හඳුනා නොගනී
  • ඔවුන් අවසර නොදුන් ඇණවුමක් සඳහා ඔවුන්ගෙන් අය කරනු ලැබීය
  • ඔවුන්ට ඔවුන් ඇණවුම් කළ අයිතමයක් නොලැබුණි. නැතහොත් ඔවුන්ට ලැබුණේ ඇණවුමේ කොටසක් පමණි
  • ඔවුන්ට පැමිණි නිෂ්පාදිතය පිළිබඳ ගැටලුවක් ඇති අතර එක්කෝ වෙළෙන්දාට ගැටලුව විසඳීමට නොහැකි විය හෝ උත්සාහ නොකිරීම හේතු විය හැක
  • ඔවුන් ඇණවුමක් නොකළ බව හෝ එහි ගැටලුවක් ඇති බවට, පිරිවැය පියවා ගැනීමට අසත්‍ය ප්‍රකාශයක් කර ඇත (මිත්‍රශීලී වංචාව [Friendly Fraud]; ඉහත බලන්න)

පාරිභෝගිකයෙකු වෙළෙන්දා සමඟ සෘජුවම ඇණවුමක් පිළිබඳ ගැටලු නිරාකරනය ක්‍රියාවලිය ආරම්භ කරන්නේ නම්, එය මුදල් නැවත අයකර ගැනීමේ ක්‍රියා පටිපාටියේ කොටසක් ලෙස නොසැලකේ. ඔවුන් අය කිරීම තෙවන පාර්ශවයකට වාර්තා කිරීමේ පියවර ගන්නා විට, එය මුදල් නැවත අයකර ගැනීමේ ක්‍රියාවලියට බලපෑම් ඇති කරයි.

පියවර 2: මූලික සමාලෝචනයක් සිදු කෙරේ

නැවත අයකර ගැනීමට අවසර දීමට පෙර, සමාගම මූලික සමාලෝචනයක් සිදු කරනු ඇත. එක් එක් සමාගම සඳහා වූ ක්‍රියාවලියේ දී මෙම කොටස සඳහා තමන්ගේම ක්‍රියා පටිපාටින් ඇත. නමුත්, එය ගැටලු නිරාකරණය කිරීමට යෝග්‍ය දැයි තීරණය කිරීම සඳහා හේතුන් මුල් කොටගත් ක්‍රියා පටිපාටියක් නියම කර විමර්ශනයක් පැවැත්විය හැකි අවධිය මෙයයි.

පියවර 3: ආපසු අය කිරීම සම්බන්ධයෙන් වෙළෙන්දාට විරුද්ධත්වයක් ඉදිරිපත් කළ හැකිය

ආපසු අයකර ගැනීමේ නීත්‍යානුකූල බව තුළ කිසියම් ගැටලුවක් පරීක්ෂණයෙන් සොයා ගන්නේ නම්, වෙළෙන්දා දැනුවත් කරනු ඇත. පාරිභෝගිකයාගේ පැමිණිලි සාධාරණ නම්, ඔබ ආපසු අය කිරීම සහ ඒ සමඟ එන ඕනෑම ගාස්තුවක් පිළිගැනීමට අවශ්‍ය වනු ඇත. නමුත් ආපසු අය කිරීම සාධාරණ නොවන බව ඔබට විශ්වාස නම්, ඒ පිළිබඳව ඔබේ සමාගම දැනුවත් කිරීමටත් ඔබට අවස්ථාවක් තිබේ. අදාළ ගනුදෙනුව පිළිබඳ ඔබට සොයාගත හැකි ඕනෑම සාක්ෂියක් එක්රැස් කර, එය සමාලෝචනය සඳහා ඉදිරිපත් කරන්න. Uber Eats හි, මෙම ක්‍රියාවලිය ස්වයං සේවාවක් ලෙස සහ විධිමත් භාවයකින් සිදුකරනු ඇත.

පියවර 4: සමාගම විසඳුමක් ලබා දෙයි

දෙපාර්ශ්වයෙන්ම ලබා දී ඇති සියලු සාක්ෂි සමඟ, මෙම අය කිරීම පිළිබඳව වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව සමාගම තීරණය කරනු ඇත. වෙළෙන්දාගේ පාර්ශ්වයෙන් වරදක් නොමැති බව සොයා ගන්නේ නම් (සහ පාරිභෝගිකයා ප්‍රතිඵලය පිළිගන්නේ නම්), මුදල් නැවත අයකර ගැනීමේ පිරිවැය ඔබේ ගිණුමට ආපසු ලබා දෙනු ඇත. පාරිභෝගිකයා අදාළ ප්‍රතිඵල පිළි නොගන්නේ නම්, සමාගමට නව සාක්ෂි සැපයීමෙන් හෝ අදාළ හබය අධිකරණයට ගෙන යාමෙන් ඔවුන්ට නැවත මෙම ක්‍රියාවලිය ආරම්භ කළ හැකිය.

ඉහළ මූල්‍ය පිරිවැය

විකුණුම් වලින් ලැබෙන මුදලට අමතරව, ආපසු ගෙවන අවස්ථාවන් වලදී ඇතැම් සමාගම් ගැටලුව විසඳීම සඳහා සැකසුම් පිරිවැයක් ආවරණය කිරීම සඳහා අමතර ගාස්තු අය කරයි. විවිධ සමාගම් ඔවුන්ගේ අයකිරීම් ගාස්තු හැසිරවන ආකාරය වෙනස් වේ. නමුත් එසේ කරන ආයතනයන් සඳහා, ඔබ අයකිරීම් පිළිබඳ පැමිණිල්ලක් කර ගැටලුව නිරාකරන වී ඔබ ජයග්‍රහණය කළත්, අදාළ ගෙවීම මුදල් ලෙස බොහෝ විට ආපසු නොගෙවනු ලැබේ. Uber Eats හි, ආපසු අයකිරීමේ මුදලට අමතරව කිසි විටෙක වෙළෙන්දන්ගෙන් අමතර ගාස්තු අය නොකරන බව සැලකිල්ලට ගැනීම වැදගත් වේ.

පාරිභෝගික විශ්වාසය අහිමි වීම

නීත්‍යානුකූල මුදල් නැවත අයකර ගැනීම් යනු පාරිභෝගික අත්දැකීම් පිළිබඳව යම් දෙයක් වැරදී ඇති බවට වූ සලකුණකි. සමහර විට පාරිභෝගිකයෙකුට තමන් බලාපොරොත්තු වූ නිෂ්පාදනයේ අනුවාදය නොලැබී තිබීමට හෝ එය කිසිසේත්ම නොලැබී තිබීමට ඉඩ ඇත. සමහර විට ඔවුන් ඔබව සම්බන්ධ කර ගැනීමට පවා උත්සාහ කර තිබිය හැකි අතර සහාය සඳහා කිසිවෙකු සොයා ගැනීමට ද ඔවුන්ට නොහැකි වී තිබිය හැකිය. ඔබේ ඉලක්කය පාරිභෝගික විශ්වාසනීයත්වය සහ විශ්වාසය ගොඩනැගීම නම්, වලංගු මුදල් නැවත අයකර ගැනීමක් යනු ඔබට එම පාරිභෝගිකයා සමඟ ඇති සම්බන්ධතාව පළුදු වූ බවට වූ සලකුණකි.

වරප්‍රසාද සහ/හෝ දෘශ්‍යතාව අහිමි වීම

සමහර විට මුදල් නැවත අයකර ගැනීම් බලාපොරොත්තු විය හැකි නමුත් ඔබේ ව්‍යාපාරය එවැනි නිතර මුදල් නැවත අයකර ගැනීම් සඳහා ප්‍රසිද්ධ වන්නේ නම්, ඔබට දිගුකාලීන ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු විය හැකිය. ක්‍රෙඩිට් කාඩ්පත් හරහා ගෙවීම් පිළිගැනීමේ ඔබේ අයිතිය ද අත්හිටුවීමට ලක් විය හැකි ය. ඔබ Uber Eats වැනි තෙවන පාර්ශ්වීය බෙදාහැරීමේ ප්ලැට්ෆෝමයක නිතර මුදල් නැවත අයකර ගැනීම් සිදු කරන්නේ නම්, මුල් තිරයේ හෝ යෙදුමේ සෙවුම් ප්‍රතිඵලවල ඔබේ දෘශ්‍යතාව කෙරෙහි බලපෑමක් ඇති විය හැක.

මුදල් නැවත අයකර ගැනීම් වළක්වා ගන්නා ආකාරය

ඔබට වංචනික අයකිරීම් වළක්වා ගැනීමට නොහැකි විය හැකි නමුත්, නීත්‍යානුකූල නොවන අයකිරීම් වලට තුඩු දෙන ගැටළු අඩු කිරීමට ඔබට පියවර ගත හැක. සලකා බැලිය යුතු හොඳම භාවිතයන් කිහිපයකට උදාහරණ:

  • ඇණවුම් කිරීමේ නාලිකා දිගටම යාවත්කාලීනව තබා ගන්න. ඔබේ ඔන්ලයින් වෙළඳසැල පාරිභෝගිකයින්ට පෙන්නුම් කරන්නේ, අදාළ ක්‍රමයන් ඔස්සේ ඇණවුම් කළ හැකි නිවැරදි අයිතම සහ ඒවායේ නිවැරදි මිල ගණන් බවට වග බලා ගන්න. මෙය සඳහා ඔබේ වෙබ් අඩවිය සහ Uber Eats වැනි ඕනෑම තෙවන පාර්ශ්වීය යෙදුම් ඇතුළත් වේ.

  • ඔබේ ක්‍රියාවලීන් තුළ දෝෂ වැළැක්වීමේ ක්‍රමවේදයක් ගොඩනඟා ගන්න. සේවකයින්ට මුද්‍රිත රිසිට්පතක් තුළින් ඇණවුමක ඇති සියලුම අයිතම පරීක්ෂා කිරීම; සහ බෙදාහරින්නන් තම භාණ්ඩ මිශ්‍ර කර ගැනීම වළක්වා ගැනීම සඳහා එක් එක් පැකේජයේ ඇණවුම් අංකය ලිවීම වැනි ඒ්වා මූලික දෝෂ වළක්වා ගැනීමට උපකාර වන පිළිපැදීය හැකි ආයතනික ක්‍රියාවලින් වේ.

  • සන්නිවේදනය සහ විනිවිදභාවය ක්‍රියාත්මක කරන්න. ඇණවුම ලැබී ඇති බව පාරිභෝගිකයින් දැන ගැනීම සඳහා ඇණවුම තහවුරු කිරීමක් වහාම යවන්න. ඉන්පසු, විශේෂයෙන් එය ඉටු කිරීමේදී බලාපොරොත්තු නොවූ ප්‍රමාදයන් තිබේ නම් ඇණවුමේ තත්ත්වය පිළිබඳව පාරිභෝගිකයාව නිරන්තරයෙන් දැනුවත් කරන්න. ඇණවුම දොරින් පිට වූ පසු, තත්‍ය කාලීන නිරීක්ෂණ තොරතුරු සපයන්න. එවිට එය අපේක්ෂා කළ යුතු වේලාව ඔවුන් දනී. ඔබ Uber Eats වැනි තෙවන පාර්ශ්වයක් සමඟ බෙදාහරින්නේ නම්, මෙම නිරීක්ෂණ තොරතුරු පාරිභෝගිකයින්ට ස්වයංක්‍රීයව ලබා දෙනු ලැබේ.

  • විශිෂ්ට පාරිභෝගික සේවාවක් සැපයීමට කැපවන්න. ගනුදෙනුකරුවන්ට ගැටළු වලදී පහසුවෙන් ඔබව සම්බන්ධ කර ගත හැකි බවට වග බලා ගන්න. ඔවුන්ට ගැටලුවක් ගැන සම්බන්ධ වීමට නොහැකි නම්, මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් වඩා වටීයි. සියලු ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීමට සහ ඉක්මනින් විසඳුම් සේවීමට ඔබේ උපරිමය කරන්න.

  • ඔබේ විශ්ලේෂණ සමාලෝචනය කරන්න. පාරිභෝගික තෘප්තියට බලපාන පොදු ගැටලු හඳුනා ගැනීමට ඔබේ දත්ත ඔබට උපකාර කළ හැකිය. සාවද්‍ය ඇණවුම් පිළිබඳව පාරිභෝගිකයින් පැමිණිලි කරන වතාවන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට කාලය යොමු කරන්න. ඒ වගේම, බහුලව මතුවන ඇණුවුම් හා අදාළ ගැටලු සහ ගැටලු සිදුවන අවස්ථා සහ ඒවා කෙසේ සිදුවේද යන්න සහ, එහි ප්‍රවණතා පිළිබඳවද අවබෝධයෙන් සිටින්න. ගැටළු සිදුවන්නේ මන්දැයි තේරුම් ගැනීමෙන් ඒවා ඉදිරියේදී සිදු වීම වැළැක්වීම සඳහා අදාළ ක්‍රියාවලියන් තුළ වෙනස්කම් ඇති කිරීමට ඔබට හැකි වේ. ඔබ Uber Eats සමඟ වැඩ කරන්නේ නම්, ඔබට ඇණවුම් දෝෂ ගැටලු හඳුනා ගැනීමට සහ ඒවා විසඳීමට උපකාරී වන දත්ත දෘශ්‍යකරණ මෙවලම් රාශියක් සඳහා ඔබට ප්‍රවේශය ලැබේ.

මුදල් නැවත අයකර ගැනීමකට එරෙහිව සාර්ථකව තර්ක කිරීම සඳහා උපදෙස් 4ක්

අය කිරීමක් පිළිබඳ ගැටලු නිරාකරණය මත පදනම්ව කාලය හා ශ්‍රමය වැය වන අතර, එහිදී ඔබ ජයග්‍රහණය කරන බවට කිසිදු සහතිකයක් නොමැත. නමුත් ඔබ සතුව සාධාරණ හේතුවක් තිබෙන බවට ඔබට විශ්වාස නම්, ගාස්තුව ආපසු ගෙවීම කෙරෙහි ප්‍රශ්න නැගීම ඔබට වාසිදායක වේ. ඔබේ සාර්ථකත්වයේ සම්භාවිතාව වැඩි කිරීම සඳහා, ප්‍රධාන පියවර කිහිපයක් අනුගමනය කරන්න:

  1. විස්තරාත්මක වාර්තා තබා ගන්න. අයකිරීමක් පිළිබඳ පැමිණිල්ලක විවාදයකදී පළමු පියවර සිදුවන්නේ පාරිභෝගිකයා පැමිණිල්ලක් ගොනු කිරීමට බොහෝ කලකට පෙරය. එය මිලදී ගත් මොහොතේ සිට එය බෙදා හැරීම දක්වා සහ ඊට සම්බන්ධ ඕනෑම පාරිභෝගික සේවා විමසීමක් සඳහා පිළිතුරු සැපයීය හැකි ආකාරයෙන්, සෑම ඇණවුමක්ම ලේඛනගත කිරීම සඳහා ශක්තිමත් ක්‍රියාවලීන් ස්ථාපිත කරන්න. ලිඛිතව නොවන ඕනෑම පාරිභෝගික සේවා අන්තර්ක්‍රියාවක් සඳහා (පුද්ගලික සංවාද සහ දුරකථන ඇමතුම් වැනි), සේවකයින් තොරතුරු සටහන් ගත කිරීමට (ඒවා සුරැකීමටත්) පුහුණු කරන්න.

  2. සමාගමේ ආපසු අය කිරීමේ ප්‍රතිපත්ති පිළිබඳව මනා අවබෝධයෙන් සිටින්න. පාරිභෝගිකයෙක් ගැලටු වාර්තාවක් ඉදිරිපත් කළ විට, එහිදී මුදල ආපසු ගෙවීමේ දි ගන්නා පියවරයන් පිළිබඳව සෑම සමාගමක් සඳහාම ඔවුන්ගේම කියා ප්‍රතිපත්තියක් ඇත. සමාගම විසින් නියම කර ඇති ක්‍රියාවලිය හොඳින් ඉගෙන ගෙන අනුගමනය කරන්න. ඔබට තාක්ෂණික හේතුවක් නිසා විවාදයක් පැරදීමට අවශ්‍ය නැත.

  3. වේගවත් වන්න. බොහෝ ආපසු අය කිරීමේ ක්‍රියාවලීන් සඳහා කෙටි කාලරාමුවක් ඇත. වෙළෙන්දන්ට බොහෝ විට ප්‍රතිචාර දැක්වීමට දින 30ක් හෝ ඊට අඩු කාලයක් ඇත. එබැවින්, ඔබේ ආරවුල ඉක්මනින් ගොනු කරන්න.

  4. සාක්ෂි ඉදිරිපත් කරන්න. එය පාරිභෝගිකයාගේ වචනයට එරෙහිව ඔබේ වචනය පවතින අවස්ථාවක් නම්, එවිට ඔබේ ගැටලුව කෙරෙහි විශ්වාසදායක බවක් ඇති වන්නේ නැත. ඔබගේ ගැටලුව සඳහා සහාය වීමට අදාළ සියලුම ලියකියවිලි එකතු කර, ඔබේ ආරවුල සමඟ ඉදිරිපත් කරන්න.

Uber Eats හි මුදල් නැවත අයකර ගැනීමකට එරෙහිව ගැටලු පැමිණිලි කරන ආකාරය

Uber Eats හි, ඔබේ ව්‍යාපාරය සමෘද්ධිමත් වීමට ඉඩ සලසන වෙළඳපොළක් ගොඩනැගීමට අපි කැපවී සිටිමු. මෙම අවස්ථා සාධාරණ ලෙස ඇගයීමට ලක් කර අදාළ සියලු පාර්ශවයන් සඳහා ඉක්මනින් විසඳන බව සහතික කිරීම සඳහා අපි අයකිරීම් වටා ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි සකස් කර ඇත්තේ එබැවිනි.

පළමුවෙන්ම, පාරිභෝගිකයෙකු අය කිරීමක් සඳහා සැලකීය යුතු වංචනික ක්‍රියාවක් ලෙස සලකුණු කර ඇති විට, ඔබ කිසි විටෙකත් වගකිව යුතු නොවන බවට, ඔබ සහතික විය හැකිය. සියලුම සහාය නාලිකා හරහා, වංචාවන් අවම කිරිම සඳහා අපි දැඩි නිර්නායකයන් යොදන්නෙමු. ඒවා සඳහා ඇතැම් උදාහරණ:

  • මෙට්‍රික් (Metric) අධීක්ෂණය: අපි පාරිභෝගික ගැටලු ඉතිහාසය නිරීක්ෂණය කරන අතර අපගේ ප්‍රතිපත්තිය අනිසි ලෙස භාවිතා කරන පාරිභෝගිකයින් මෙම ආකාරයේ හිමිකම් ඉදිරිපත් කිරීම වළක්වන්නෙමු.
  • ඡායාරූප සාක්ෂි: බොහෝ අවස්ථාවන්හීදී, අපි මුදල් ආපසු ගෙවීමේ තීරණයක් ගැනීමට පෙර, පාරිභෝගිකයින් ඇණවුම් දෝෂය පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කිරීමට ඉල්ලා සිටින්නෙමු.
  • සිද්ධි උද්ගමනය කිරීම: පහත අවස්ථාවන් වලට අයත් අයකිරීම් ගැටලු අපි පුහුණු කණ්ඩායමකට යොමු කරමු:
    • සාධාරණ කාල රාමුවක් තුළ ගොනු නොකරන
    • ඉහළ වටිනාකමක් ඇති ඇණවුම් සඳහා
    • මත්පැන් අයිතම සහිත ඇණවුම් සඳහා
    • පළමු වර ගනුදෙනු කරන නව පාරිභෝගිකයන් සඳහා

අපි මෙම නිර්නායකන් යෙදීමෙන් පසු, අයකිරීම් ඉල්ලීමේ ස්වභාවය අපි තක්සේරු කරන්නෙමු. ඔබේ ව්‍යාපාරය වගකිව යුත්තේ ඇණවුම් නිරවද්‍යතාවයට සහ ඔබේ පාලනය තුළ ඇති ගැටළු සඳහා පමණි. මෙම ගැටලු වලට ඇතුළත් විය හැක්කේ:

  • අස්ථානගත වූ අයිතම: පාරිභෝගිකයින්ට ඔවුන් ඇණවුම් කළ භාණ්ඩයක් ලැබුණේ නැත.
  • වැරදි අයිතම: පාරිභෝගිකයින්ට ඔවුන් ඇණවුම් නොකළ අයිතමයක් ලැබුණි.
  • බෙදාහරිනු නොලැබූ ඇණවුම්: පාරිභෝගිකයින්ට සිය ඇණවුම ලැබුණේම නැත.*
  • ප්‍රමාද වූ බෙදාහැරීම්: පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ඇණවුම ලැබීමට ඇස්තමේන්තුගත බෙදාහැරීමේ කාලය ඉක්මවා මිනිත්තු 70ක් හෝ ඊට වැඩි කාලයක් ගත විය.**

මෙම සියලු පියවරයන් ක්‍රියාත්මක වුවද, ඇතැම් විට ඔබ එකඟ නොවන අය කිරීමක් ඔබට හමුවිය හැක—එය නිවැරදි කිරීමට ඔබ රියදුරුගේ දුෂ්ඨිකෝණයෙන් බැලීය යුතු බව අපි විශ්වාස කරමු. අයකිරීමෙදී දෝෂයක් සිදුව ඇති බව ඔබට විශ්වාස නම්, අපගේ ස්වයං සේවා ගැටලු නිරාකරනය විශේෂාංගය භාවිතයෙන් ඔබට එය ඔබේ Uber Eats කළමනාකරු (UEM) ඩෑෂ්බෝඩයෙන් පහසුවෙන් ගැටලුව පිළිබඳව පැමිණිලි කළ හැක. එය ක්‍රියාත්මක වන්නේ මෙලෙසයි:

  • පියවර 1: ඔබගේ UEM ගිණුමට පිවිසෙන්න.
  • පියවර 2: ඇණවුම් ටැබය වෙත ස්ක්‍රෝල් කරන්න.
  • පියවර 3: ඇණවුම් කළ දිනයේ සිට දින 30ක් ඇතුළත ඇති ගැටලුවක් පිළිබඳව පැමිණිලි කිරීමට ඇණවුම තෝරන්න.
  • පියවර 4: පෝරමය පුරවා ඔබගේ ඉල්ලීම ඉදිරිපත් කරන්න.
  • පියවර 5: UEM ඩෑෂ්බෝඩය ඔස්සේ ඔබගේ ගැටලුව නිරාකරනය වීමේ ප්‍රගතිය නිරීක්ෂණය කරන අතරතුර, ඔබේ ගැටලු නිරාකරනය පිළිබඳ යාවත්කාලීන තොරතුරු ඊමේල මගින් ලබා ගන්න.

මුදල් නැවත අයකර ගැනීම් කළමනාකරණය කරන සහ එයට එරෙහිව තර්ක කරන ආකාරය


Uber Eats කළමනාකරු හා සෘජුවම ගොඩනගා ඇති ස්වයං-සේවා මෙවලමක් භාවිතයෙන්, ඔබට පහසුවෙන් ඇණවුම් දෝෂ බැලීමට, වැරදි අය කිරීම් මතභේදයට ලක් කිරීමට සහ වේගවත් ලෙස මුදල් ආපසු ලබා ගැනීමට හැකිය.

Youtube

මුදල් ආපසු අය කිරීම් කළමනාකරණය කිරීමේ ක්‍රියාවලියට, කාලය ගතවන අතර වියදමක්ද එකතු කරයි. ක්‍රියාවලිය හැකි තරම් සාධාරණව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අපට අවශ්‍ය වේ. ඔබ දැනටමත් Uber Eats සමඟ වැඩ කරන්නේ නම්, UEM තුළටපිවිස වඩාත් විස්තරාත්මකව විශේෂාංගය ගවේෂණය කිරීමට ඇණවුම් (Orders) ටැබය වෙත සංචාලනය කරන්න. ඔබ බෙදාහැරීමේ සේවයට නවකයෙක් නම්, ඔබේ ව්‍යාපාරය වර්ධනය කිරීමට සහ අදම ආරම්භ කිරීමට ලබා ගත හැකි සේවාවන් ගැන වැඩි විස්තර දැන ගන්න.

*භාර නොදුන් ඇණවුම් සඳහා, ඔබේම බෙදාහැරීමේ කාර්ය මණ්ඩලය භාවිතා කරන විට, (ii) ඔබේ වෙළඳසැල වසා ඇති නිසා (නමුත් යෙදුමේ විවෘතව සලකුණු කර ඇති නිසා) සහ පාරිභෝගිකයාගේ ඇණවුම සූදානම් කර නොමැති නිසා, සහ/හෝ (iii) බෙදාහැරීමේ පුද්ගලයෙකු ඔබේ Uber Eats මෙනුව වසා දැමීමට මිනිත්තු 30ක කාල පරාසය තුළ පැමිණි විට ඔබේ වෙළඳසැල වසා දැමූ නිසා (ඔබේ මුලින් ඇණවුම පිළිගෙන තිබියදීත්), ආපසු අය කිරීම් ක්‍රියාවලියේදී වෙළෙන්දන් වගකිව යුතුය.

**ප්‍රමාද වූ බෙදාහැරීම් සඳහා, ඔබේම බෙදාහැරීමේ කාර්ය මණ්ඩලය භාවිතා කරන විට, ආපසු අය කිරීම් ක්‍රියාවලියේදී වෙළෙන්දන් වගකිව යුතුය.

Select your preferred language
Englishසිංහල