Skip to main content

දැනුවත් තීරණ ගැනීමට විශ්ලේෂණ මෙවලම් භාවිත කරන්න

වෙනස්කම් නිරීක්ෂණය කර පවත්වා ගනිමින් විශ්වාසයෙන් යුතුව අනුවර්තනය වන්න. Uber Eats කළමනාකාරකය සමඟින්, ඔබට ඔබේ කාර්ය සාධනය නිරීක්ෂණය කොට පවත්වා ගැනීමට, නව අදහස් ලබා ගැනීමට සහ ඔබේ වෙළඳසැලට වෙනස්කම් සිදු කිරීමට ද හැකි ය.

ඔබේ කාර්ය සාධනය තත්‍ය කාලීනව නිරීක්ෂණය කරන්න

වෙනසක් ඇති කරන දත්ත

ඔබේ ව්‍යාපාරය වර්ධනය කර ගැනීමට ඉවහල් වන සවිස්තරාත්මක විකුණුම් සහ කාර්ය සාධන දත්ත ලබා ගන්න. විශ්ලේෂණ කේන්ද්‍රයෙන් ඔබට ශුද්ධ විකුණුම්, සාමාන්‍ය ඇණවුම් ප්‍රමාණය, ජනප්‍රියතම වේලාවන් සහ තවත් දෑ බැලිය හැකි ය.

 වෙනසක්_ඇති_කිරීමට_සමත්_දත්ත

අදහස් ආදායම් බවට පත් කරගන්න

තරගය අභිබවා යන්න. Uber Insights මගින් ඔබට වැඩි ගනුදෙනුකරුවන් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට, මෙහෙයුම් ප්‍රශස්ත කිරීමට සහ ආදායමක් උපයා ගැනීමට උපකාරී වන ක්‍රියාවට නැංවිය හැකි තොරතුරු ලබා දෙයි.

 අදහස්_ආදායම්_බවට_පත්_කරගන්න

ඔබේ ගනුදෙනුකරුවන් සමග සෘජුව ම සන්නිවේදනය කරන්න

පාරිභෝගිකයින් සතුටින් තබා ඔවුන් නැවත නැවත ඔබ වෙත ගෙන්වා ගන්න. ප්‍රතිපෝෂණ කේන්ද්‍රය ඔබට‍ ඍජුව ම ශ්‍රේණිගත කිරීම් සහ සමාලෝචනවලට ප්‍රතිචාර දැක්වීමට සහ ස්තුතිය ප්‍රකාශ කිරීමට මෙන් ම ගැටලු සහගත කාරණාවක් විසඳීමට ඉදිරිපත් වීමක් යැවීමට පවා ඉඩ සලසයි.

 සෘජුවම_සන්නිවේදනයේ_යෙදෙන්න

ඔබේ දත්ත සමග වැඩිමනත් දෑ සිදු කරන්න

පවුලේ ව්‍යාපාරයක් වන Donut Place බේකරියට ලාභ වැඩි කිර ගැනීමට, රසික පිරිසක් වර්ධනය කර ගැනීමට සහ වෙනස්කම් සිදු කිරීමට පාරිභෝගිකයන්ගේ ප්‍රතිපෝෂණ භාවිත කිරීමට නව අදහස් උපකාරී වූ ආකාරය දැනගන්න.

පිහිටුවීම සරල ය

Uber Eats කළමනාකාරකය යනු ස්ථාපනය කිරීමට, සැකසීමට සහ සිතැඟි පරිදි සැකසීමට පහසු ගාස්තු රහිත යෙදුමකි. පහතින් ඔබේ උපාංගය තෝරාගෙන, ඉන්පසු යෙදුම බාගෙන වැඩ ඇරඹීම සඳහා උපදෙස් අනුගමනය කරන්න.

Uber සමගින් ඔබේ දියුණුව කරා ගමන් කරන්න

අප සමඟ හවුල් වී වැඩි පාරිභෝගිකයින් වෙත සම්බන්ධ වීමට සහ ව්‍යාපාරය වර්ධනය කිරීමට නව මාර්ග සෙවීමට උදව් කරන්න.