Please enable Javascript
Skip to main content

මෙම ලිපියේ සඳහන් කර ඇති නිෂ්පාදන සහ සේවාවන්, ඔබේ කලාපය තුළ ලබා ගත නොහැකි විය හැක. ඔබට ප්‍රශ්න කිසිවක් ඇත්නම්, පාරිභෝගික සහාය සේවය හෝ ඔබේ ගිණුම් කළමනාකරු අමතන්න.

X small

BOPIS යනු කුමක්ද? ඔන්ලයින් මිලදී ගන්න, වෙළඳසැලට පැමිණ රැගෙන ගන්න.

වර්තමාන වේගවත් ලෝකයේ, බොහෝ පාරිභෝගිකයෝ සුවපහසුවේ සහ වේගවත් බවේ සංකලනයක් වූ බහු මාධ්‍ය සාප්පු සවාරි අත්දැකීමක් අපේක්ෂා කරති. මෙසේ සිතන්න: පාරිභෝගිකයකු අන්තර්ජාලය ඔස්සේ ඔබේ වෙළඳසැල බ්‍රවුස් කරමින් සිය කරත්තයට භාණ්ඩ එක් කරගෙන ක්ලික් කිරීම් කිහිපයක් මගින් එදින ම පැමිණ රැගෙන යාම සඳහා ඔබට සූදානම් කර තැබිය හැකි ඇණවුමක් ලබා දෙයි. ඔබට බෙදාහැරිම සඳහා කටයුතු සූදානම් කිරීමට පවා සිදු නොවේ. BOPIS ලෙස හැඳින්වෙන මෙම නම්‍යශීලී සාප්පු සවාරි ක්‍රමය පාරිභෝගිකයින්ට තමන්ගේ කොන්දේසිවලට අනුව සාප්පු යෑමේ විකල්පය ඔවුන්ට ලබා දෙයි.

BOPIS යනු කුමක්ද?

BOPIS යන යෙදුම “Buy Online, Pickup In Store” (අන්තර්ජාලය ඔස්සේ මිල දී ගෙන වෙළඳසැලට පැමිණ ලබාගන්න) යන ප්‍රකාශයේ කෙටි යෙදුමකි. “ක්ලික් ඇන්ඩ් කලෙක්ට්“ යනුවෙන් ද හැඳින්වෙන මින් පාරිභෝගිකයින්ට සිය නිවසේ සුවපහසුව යටතේ හිඳ සාප්පු සවාරියේ යෙදී ප්‍රදේශයේ සාප්පුවකින් තමා මිල දී ගත් දෑ පැමිණ ලබා ගැනීමේ ක්ෂණික ප්‍රතිලාභය අත් කර ගත හැකි ය. මෙම ප්‍රවේශය බෙදාහැරීමේ ගාස්තුවක් නොමැතිව පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ සාප්පු සවාරියේ යෙදීමට උවමනා පාරිභෝගිකයින්ට ද වෙළඳසැලට දෙපයින් පැමිණ‍ෙන පාරිභෝගිකයින් ගණන වැඩි වන වෙළ‍ෙඳුන්ට ද ප්‍රියමනාප වේ.

BOPIS ක්‍රියා කරන්නේ කෙසේද

BOPIS ක්‍රියාවලියේ ප්‍රධාන අදියර 3 ක් ඇත, ඒ සෑම එකක් ම පාරිභෝගිකයාට සහ වෙළෙන්දාට සුමට අත්දැකීමක් නිර්මාණය කිරීමට උපකාරී වේ:

අන්තර්ජාලය ඔස්සේ මිල දී ගැනීම

පාරිභෝගිකයින් පළමුව කරන්නේ සිල්ලර වෙළ‍ෙන්දකුගේ වෙබ් අඩවියක්, යෙදුම් හෝ Uber Eats වැනිතෙවැනි පාර්ශ්වීය වේදිකාවක් ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ සාප්පු සවාරියේ යෙදීමෙනි. පාරිභෝගිකයින්ට සිය ඉටු කිරීමේ විකල්පය ලෙස පැමිණ ලබා ගැනීම පහසුවෙන් තෝරා ගැනීමට අවශ්‍ය බැවින් BOPIS මනාව ක්‍රියා කරවීම සඳහා සුමට ගෙවා පිටවීමේ අත්දැකීමක් අත්‍යාවශ්‍ය වේ.


  • ස්ථාන විකල්ප: සිල්ලර වෙළෙන්දන් පාරිභෝගිකයින්ගේ මනාපයන් මත පදනම් වූ—වෙළඳසැල්, ගුදම් පරිශ්‍රයන් හෝ ස්මාර්ට් ලොකර්වැනි—අවට ඇති පැමිණ ලබාගත හැකි ස්ථාන පිරිනැමිමට ඉඩ ඇත.
  • භාණ්ඩ ලේඛන පරීක්ෂාව: නිවැරදි, තත්කාලීන භාණ්ඩ ලේඛන කළමනාකරණය සාධනීය පාරිභෝගික අත්දැකීමක් සඳහා මූලික වේ. වෙළ‍ෙඳුන් විසින් සිය මිල දී ගැනීම සම්පූර්ණ කිරීමට පෙර පාරිභෝගිකයින්ට පවතින තොගය බැලීමට ඉඩ සලසන ඒකාබද්ධ පද්ධති භාවිත කිරීමට ඉඩ ඇත.

ඇණවුම පැමිණ ලබා ගැනීම

ඇණවුම ලබා දීමෙන් පසු, පාරිභෝගිකයා එය ලබා ගැනීමට වෙළඳසැලට පැමිණේ. පහත සඳහන් මනා පරිචයන් වඩා සුමට පැමිණ ලබා ගැනීමේ අත්දැකීමකට ඉවහල් වනු ඇත:


  • භාණ්ඩ ලේඛනය තහවුරු කිරීම: යම් භාණ්ඩයක් තිබේ ද යන්න තහවුරු කිරීම පාරිභෝගිකයා බලාපොරොත්තු සුන් වීමේ තත්ත්වයකට පත් විම වළක්වා ගැනීමට උපකාරී වේ. යම් භාණ්ඩයක තොග අවසන් නම්, සාධනීය අත්දැකීමක් සහතික කිරීම සඳහා ඒ සඳහා විකල්පයක් පිරිනැමීමට හෝ ආදේශකයක් ලබා දීම සඳහා කටයුතු සූදානම් කිරීමට ඔබට හැකි ය.

  • තත්කාලීන සන්නිවේදනය: පාරිභෝගිකයින්ට ඕනෑම ප්‍රශ්නයක් හෝ වෙනස් කිරීමක් සම්බන්ධයෙන් ඔබේ කණ්ඩායම සම්බන්ධ කර ගැනීම සඳහා පහසු ක්‍රමයක් සැපයීම පැමිණ ලබාගැනීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට උපකාරී විය හැකි ය. නිදසුනක් ලෙස, තත්කාලීන දැනුම්දීම් පැමිණ ලබා ගැනීමේදී ඇති වන ව්‍යාකූල තත්ත්වයන් අවම කර ගැනීමට උපකාරී විය හැකි ය.

  • පැමිණි ලබා ගන්නා ස්ථානය: වෙළඳසැල තුළ හෝ පදික වේදිකාව ආසන්නයේ හෝ BOPIS පැමිණ ලබා ගැනීම් සඳහා ඉඩකඩ සහිත ප්‍රදේශයක් වෙන් කිරිම පාරිභෝගිකයින්ට සිය ඇණවුම සොයා ගැනීම පහසු කරමින් වඩා හොඳ අත්දැකීමක් ලබා ගැනීම සඳහා මං පාදයි.

ආපසු භාර දීමේ විකල්ප

නම්‍යශීලී භාණ්ඩ ආපසු භාර දීමේ ක්‍රම පිරිැමීම පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීමට ඉවහල් වේ. මෙන්න ඔබට සලකා බැලිය හැකි විකල්ප කිහිපයක්:


  • වෙළඳසැලට පැමිණ භාණ්ඩ ආපසු භාර දීම: පාරිභෝගිකයින්ට ඔවුන් සිය ඇණවුම පැමිණ ලබා ගත් වෙළඳසැලේ දී ම අයිතම ආපසු භාර දීමට ඉඩ දීමෙන් හුවමාරුව වඩාත් පහසු වන අතර එය අමතර මිල දී ගැනීම්වලට හේතු විය හැකි ය.

  • පැකේජ ආපසු භාර දීම්: ඔබ විසින් ඔබ කැමති සැපයුම්කරුවකු ඔස්සේ සපයන ලේබලයක් භාවිත කිරීමේ විකල්පය පාරිභෝගිකයින්ට ලබා දීමෙන් ක්‍රියාවලිය සරල කළ හැකි ය. ඔබ තෙවන පාර්ශ්වීය බෙදාහැරීමේ වේදිකාවක් සමඟ කටයුතු කරන්නේ නම්, ඇසුරුම් පැමිණි ලබා ගැනීම් හා ආපසු ඔබේ ගුදම් පරිශ්‍රයට, අභිමත වෙළඳසැලකට හෝ තැපැල් කාර්යාලයට හෝ වේවා ආපසු භාර දිමේ බෙදාහැරීම් කළමනාකරණය කිරීම සඳහා ප්‍රතිසන්නාම ගැන්වූ විසඳුමක් ඇතැම් ව්‍යාපාර විසින් සපයා දෙනු ලැබිය හැකි ය.

BOPIS හි වාසි

BOPIS මගින් ව්‍යාපාරවලට සහ පාරිභෝගිකයින්ට වටිනා ප්‍රතිලාභ ලබා දිය හැකි ය:

පාරිභෝගික අත්දැකීම වැඩිදියුණු කරන්න

BOPIS මගින් පාරිභෝගිකයින්ට තමාගේ ම කොන්දේසිවලට අනුව සාප්පු සවාරියේ යාමට ඉඩ සලසන පරිදි නම්‍යශීලීව කටයුතු කරයි. බොහෝ දෙනා එය බෙදාහැරීමේ ගාස්තු සහ ප්‍රවාහනයට භාර දුන් භාණ්ඩ ලැබෙන තුරු ඇති වන අවිනිශ්චිතතාව වළක්වා ගැනීම පිණිස එය ප්‍රයෝජනවත් වන ලෙස දකිති. නිදසුනක් වශයෙන්, ජාතික සිල්ලර සම්මේලනයේ සමීක්ෂණයක දී, පාරිභෝගිකයින්ගෙන් 90%කට වැඩි පිරිසක් කියා සිටියේ ඔවුන් BOPIS පහසු යැයි සලකන බව වන අතර 70%ක පිරිසක් එය තමන්ගේ අත්දැකීම් වැඩිදියුණු කළ බව අත්දැක තිබේ.

මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි කිරීමේ හා පිරිවැය අවම කිරීමේ ඉඩ ඇත

BOPIS ඇණවුම් මගින් බොහෝ විට බෙදාහැරීමේ අවසන් සැතපුම හා බැදී පවතින ඇතැම් අභියෝගයන් අවම කරන බැවින් ඒවා කළමනාකරණය කිරීම ව්‍යාපාරවලට වඩා පහසු වීමට ඉඩ ඇත. ව්‍යාපාරයක ගනුදෙනු ඉටු කිරීමේ පද්ධතියට මැනවින් ඒකාබද්ධ කළ විට, භාණ්ඩ ප්‍රවාහන හා ගබඩාකරණ සේවා විධිමත් කරමින් ඇතැම් විට ඒ ආශ්‍රිත පිරිවැය අඩු කිරීමට ද BOPIS ඇණවුම් ඉවහල් විය හැකි ය.

මින් විකුණුම් අවස්ථා ඉහළ නැංවීමට ඉඩ ඇත

වෙළඳසැලට පැමිණ ලබා ගැනීම් ඇතැම් විට අතිරේක මිල දී ගැනීම්වලට ද මග පෑදිය හැකි ය. 2022 PYMNTS වාර්තාවකින් හෙළි වූයේ ලොව පුරා පාරිභෝගිකයින්ගෙන් 38%ක් BOPIS ඇණවුමක් පැමිණි ලබා ගැනීමේ දී අමතර මිල දී ගැනීම් කළ බවයි.

BOPIS අභියෝගය

BOPIS බොහෝ විභව්‍ය වාසි ලබා දෙන අතර ම ඉන් ඇතැම් අභියෝගාත්මක තත්ත්වයන් උද්ගත වීම ද සිදු විය හැකි ය:

ඉන්වෙන්ටරි කළමනාකරණය

BOPIS සඳහා භාණ්ඩ ලේඛන කළමනාකරණය කිරීම සංකීර්ණ විය හැකි ය. පාරිභෝගිකයකු පැමිණි විට සිය භාණ්ඩ නොමැති බව දැනගන්නට ලැබීමෙන් ඔහු හෝ ඇය අතෘප්තියට පත් වනු ඇත. සියලු ම මාර්ග ඒකාබද්ධ කරන තත්කාලීන භාණ්ඩ ලේඛන කළමනාකරණ පද්ධතියක් සඳහා මුදල් වැය කිරීම ඔබ සැමවිට ම නිවැරදි තොග තොරතුරු සපයන බව සහතික කර ගැනීමට උපකාරී විය හැකි ය.

නංවා ගැනීමේ සැපයුම්

වි‍ශ‍ේෂයෙන් ම කාර්යබහුල කාලසීමාවන්හි දී, BOPIS ඇණවුම් සූදානම් කිරිම, කාර්ය මණ්ඩලයේ වැඩ භාරයට තවත් කාර්යයන් එක් කළ හැකි ය. වෙළඳසැලේ අනෙකුත් කටයුතුවලට බාධාවක් නොවන පරිදි BOPIS පවතින වැඩ ප්‍රවාහයන්ට අනුගත වන ආකාරය සහ මෙම ක්‍රියාවලිය විධිමත් කිරීමට අතිරේක සහාය හෝ තාක්ෂණය අවශ්‍ය ද යන්න තක්සේරු කිරීම ප්‍රයෝජනවත් විය හැකි ය.

තාක්ෂණික සලකා බැලීම්

BOPIS බොහෝ විට රඳා පවතින්නේ නිවැරදි තාක්ෂණ සැකසුම් මත ය. ඔබට අවශ්‍ය ඇතැම් ක්‍රියාකාරීත්වයන් දැනටමත් ඔබේ පවතින තාක්ෂණ නිෂ්පාදනවල තිබිය හැකි නමුත්, සියල්ලක්ම බාධාවකින් තොරව එක්ව ක්‍රියා කරන බව සහතික කර ගැනීමට අතිරේක මෙවලම් හෝ ඒකාබද්ධ කිරීම් ඉවහල් වෙයි. ඔබේ තාක්ෂණය BOPIS අවශ්‍යතා සමගින් පෙළගැස්වීමට කාලය ගත කිරීම වඩා සුමට අත්දැකීමකට දායක විය හැකි ය.

BOPIS සක්‍රීය කිරීමේ දී තාක්ෂණයේ කාර්යභාරය

සුමට BOPIS අත්දැකීමකට සහාය වීම සඳහා නිවැරදි තාක්ෂණය ප්‍රධාන භූමිකාවක් ඉටු කළ හැකි ය:

  • අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කිරීමේ වේදිකා සහ යෙදුම්: අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් ලබා දීම සඳහා විශ්වාසදායී, පරිශීලක හිතකාමී වේදිකාවක් තිබීම පාරිභෝගික අත්දැකීම වැඩි දියුණු කිරීමට හේතු විය හැකි ය. වෙබ් අඩවියක්, සන්නාමගත යෙදුමක් සහ තෙවන පාර්ශවීය යෙදුම් (Uber Eats වැනි) වැනි විකල්ප කිහිපයක් පිරිනැමීම—පාරිභෝගිකයින් වෙත ඔවුන් කැමති වේදිකා ඔස්සේ ළඟා වීමෙන් ඔබේ BOPIS සාර්ථකත්වය වැඩිදියුණු කරගත හැකි ය.


  • භාණ්ඩ ලේඛන කළමනාකරණ පද්ධති: සියලු ම මාර්ග ඔස්සේ තත්කාලීනව යාවත්කාලීන වන භාණ්ඩ ලේඛන කළමනාකරණ මෘදුකාංගයක් භාවිත කිරීම තොගයේ අගයන්වල වැරදි අවම කර ගනිමින් පාරිභෝගිකයන්ට වඩා නිවැරදි තොරතුරු ලබා දෙමින් ඔවුන්ගේ අත්දැකීම දියුණු කිරීමට සලස්වයි.


  • POS පද්ධති: ඔබේ ජාලස්ථ මාර්ග ඔස්සේ විකුණුම් ස්ථාන පද්ධතියක් ඒකාබද්ධ කිරීම, BOPIS ඇණවුම් නිරීක්ෂණය කිරීමට සහ තොගය වඩාත් ඵලදායීව කළමනාකරණය කිරීමට ඉවහල් විය හැකි ය.


  • ඇණවුම් කළමනාකරණ පද්ධති (OMS): ඇණවුම් කළමනාකරණ පද්ධතියකට සියලු ම ලැබෙන ඇණවුම් මධ්‍යගත කිරීම සහ සාම්ප්‍රදායික හා බෙදාහැරීමේ ඇණවුම් හා සමගාමීව BOPIS ඇණවුම් නිරීක්ෂණය කොට පවත්වා ගැනීම, කළමනාකරණය සහ ඉටු කිරීම පහසු කළ හැකි වේ.

සිල්ලර හා ඊ-වාණිජ්යය තුළ BOPIS සඳහා උදාහරණ

විවිධ කර්මාන්ත ඔස්සේ ව්‍යාපාර—සිල්ලර භාණ්ඩ හා සුළු පරිමාණ වෙළඳසැල්වල සිට අවන්හල් හා මහා පරිමාණ ව්‍යාපාර දක්වා_ඉ-වාණිජ්‍ය ඇණවුම් සඳහා ක්ලික් කර ලබා ගැනීමේ විකල්ප එක් කර තිබේ. ඇතැම් ප්‍රසිද්ධ සන්නාම මගින් BOPIS ක්‍රියාත්මක කර ඇති අයුරු මෙන්න:

Apple

පාරිභෝගිකයින්ට අවට ඇති වෙළඳසැල්වල තොග තිබෙනවා ද යන්න බලා තම තමන්ගේ කාල සටහන්වලට ගැළපෙන පරිදි පැමිණ ලබා ගැනීමේ වේලාවන් තෝරා ගැනීමට ඉඩ සලසමින්, Apple වෙබ් අඩවිය සහ Store යෙදුම ඔස්සේ ක්ලික් කර ලබා ගැනීමේ පහසුකම් Apple විසින් පිරිනමයි.

Starbucks

Starbucks සිය වෙබ් අඩවියේ, යෙදුමේ සහ ඇතැම් තෙවැනි පාර්ශ්වීය වේදිකාවල BOPIS ඒකාබද්ධ කර ඇත. පාරිභෝගිකයින්ට අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කර ගෙවීමට හැකි අතර, පසුව බොහෝ ස්ථානවල වෙන් කරන ලද කලාපවලින් හෝ පදික වේදකාව ආසන්නයෙන් තමන්ගේ අයිතම ලබාගත හැකි ය.

Target

BOPIS භාවිතයට 2013 තරම් මුල් අවධියේ දී ම එක් වූ Target වෙළඳ ජාලය එහි වෙබ් අඩවිය හෝ යෙදුම ඔස්සේ වෙළඳසැලට පැමිණ ලබා ගැනීමේ සහ වාහනයේ සිට ලබා ගැනීමේ විකල්ප පිරිනමයි. තව ද Target විසින් වාහනයේ සිට භාණ්ඩ ආපසු භාර දීමේ සේවා පිළිගැනීම ද බොහෝ ස්ථානවල ආරම්භ කර ඇත.

ව්‍යාපාර හිමිකරුවන් සඳහා Uber BOPIS බාධාවකින් තොරව කරන ආකාරය

Uber ප්‍රධාන වශයෙන් ව්‍යාපාරවලට බෙදාහැරීමේ ඇණවුම් ඉටු කිරීමට උපකාර කිරීම සඳහා ප්‍රසිද්ධ විය හැකි නමුත්, පහත ඒවා ඇතුළුව BOPIS ඇණවුම් සඳහා ද උපකාර වන විසඳුම් ගණනාවක් අපි පිරිනමන්නෙමු.

  • Webshop මගින් පාරිභෝගිකයින් මුදල් ගෙවන විට පැමිණ රැගෙන යාමේ සහ බෙදාහැරීමේ විකල්ප දෙකම ලබා දෙන අතරම ඔබේ මාර්ගගත නාලිකාවලට ඔන්ලයින් ඇණවුම් කිරීමේ ක්‍රියාකාරිත්වය එක් කිරීමට ඔබට ඉඩ සලසයි.
  • Uber Eats වෙළඳපොළට සම්බන්ධ වීම පාරිභෝගිකයින්ට නංවා ගැනීම හෝ බෙදාහැරීම තෝරා ගැනීමට ඉඩ සලසන අමතර ඔන්ලයින් විකුණුම් සහ අලෙවිකරණ නාලිකාවක් ඔබට ලබා දෙයි.
  • Uber Direct, අපගේ හොඳ ලේබල් බෙදාහැරීම-සේවාවක් ලෙස, ඔබට ඔබේම විකුණුම් නාලිකා වලින් ප්‍රිමියම් පැකේජ ප්‍ර්‍රලාභ සේවාවක් ලබා දිය හැක. පාරිභෝගිකයෙකුට - නංවා ගත් ඇණවුමක් ආපසු ලබා දීමට අවශ්‍ය්‍යනම්, ඔබට Uber ජාලයේ රැගෙන එන්නන්ගේ සහාය ඇතිව වෙළඳසැලට ආපසු යන ගමනක් ඉතිරි කර ගත හැක.

මෙකී මෙවලම් බොහෝ ප්‍රධාන POS පද්ධති සමග ඒකාබද්ධ වන අතර, ඒවායින් ක්‍රියා කරවීම සරල කරවමින් ව්‍යාපාර සහ පාරිභෝගිකයන් සඳහා සාධනීය අත්දැකීමකට ඉවහල් වෙයි.

ආරම්භ කිරීමට සූදානම් ද? ඔබට සරිලන සේවාව සඳහාලියාපදිංචි වීම ගැන වැඩි විස්තර දැනගන්න.

Select your preferred language
Englishසිංහල