Please enable Javascript
Skip to main content

මෙම ලිපියේ සඳහන් කර ඇති නිෂ්පාදන සහ සේවාවන්, ඔබේ කලාපය තුළ ලබා ගත නොහැකි විය හැක. ඔබට ප්‍රශ්න කිසිවක් ඇත්නම්, පාරිභෝගික සහාය සේවය හෝ ඔබේ ගිණුම් කළමනාකරු අමතන්න.

X small

සාමාන්‍ය ඇණවුම් අගය යනු කුමක්ද? එය මගේ ව්‍යාපාරය සඳහා ඉහළ නැංවිය හැක්කේ කෙසේද?

ඔබට ඔබේ ව්‍යාපාරය දියුණු කිරීමට අවශ්‍ය නම්, ඉතා නුවණාකාර විසඳුමක් වන්නේ වැඩි පාරිභෝගිකයන් සොයා ගැනීමයි. නමුත් ඔබේ පාරිභෝගික කළඹය පුළුල් කිරීම, වෙළඳාම් පරිමාණ පිළිබඳ ගැටළු මතු කළ හැකිය. පාරිභෝගිකයන් වැඩි වන නිසා වෙළඳසැල තුළ සැලකීය යුතු තදබයක් ඇති විය හැක. ධාරිතාවට වඩා අධික ව්‍යාපාරයක් සහ සේවකයන්ට එය අධික පීඩනයක් ගෙන ආ හැක.

තවත් විකල්පයක් වන්නේ එක් එක් පාරිභෝගිකයාගේ සාමාන්‍ය ඇණවුම් අගය (AOV) වැඩි කිරීමයි. මුළු විකුණුම් හෝ ඇණවුම් ගණන මෙන්, සාමාන්‍ය ඇණවුම් අගය යනු ඔබේ ව්‍යාපාරයේ වර්ධනය සහ ජනප්‍රියත්වය මැනීමකි. ඔබේ AOV වැඩි වන තරමට, සෑම පාරිභෝගිකයෙකුගෙන්ම ඔබට ලැබෙන වටිනාකමද වැඩි වේ. නමුත්, AOV යනු කුමක්ද, ඔබ එය ගණනය කරන්නේ කෙසේද, සහ වඩාත්ම වැදගත් දෙය වන්නේ ඔබේ ව්‍යාපාරය ඔස්සෙන්ම එය මැනීය හැකි වන පරිදි ඔබ එය වැඩි කරන්නේ කෙසේද? අපි මෙම මාතෘකාව සහ තවත් බොහෝ දේ මෙම ලිපියෙන් ආවරණය කරමු. තවත් දැන ගැනීමට කියවන්න:

සාමාන්‍ය ඇණවුම් අගය (AOV) යනු කුමක්ද?

AOV යනු එක් එක් පාරිභෝගිකයා එක් ගනුදෙනුවකට වැය කරන මුදල සඳහන් කරන සාමාන්‍ය ඇණවුම් අගය වේ. ඔබට ඩොලර් 100 ක සාමාන්‍ය ඇණවුම් වටිනාකමක් ඇති ගනුදෙනුකරුවන් 100 ක් සිටී නම්, ඔබේ ආදායම ඩොලර් 10,000 ක් වනු ඇත. එම AOV දෙගුණ කරන්න, ඔබට ඩොලර් 20,000 ක් ලැබෙනු ඇත - නමුත් එකම පාරිභෝගිකයින් සංඛ්‍යාවකින්.

AOV සූත්‍රය

AOV අගය කිරීමට, ඔබේ මුළු ආදායම එම ආදායමට ළඟා වීමට අවශ්‍ය මුළු ඇණවුම් ගණනින් බෙදන්න. සාමාන්‍යයෙන්, මෙය දින 30 ක් වැනි වටකුරු අංකයක් සහිත ව්‍යාපාරික කාලයකින් ගනුදෙනු නියැදියක් තෝරා ගැනීම අවශ්‍ය වේ. මෙන්න ප්‍රායෝගිකව සූත්‍රය දිස්වන ආකාරය:

AOV Formula

සාමාන්‍ය ඇණවුම් අගය ගණනය කරන ආකාරය

සාමාන්‍ය ඇණවුම් අගය ක්‍රියාකාරිත්වය තුළ බැලීම සඳහා, අපි උදාහරණයක් බලමු. දියුණු වෙමින් පවතින ඩිජිටල් ස්ථාපනයක් සහිත සැබෑ ගොඩනැගිල්ලක ක්‍රියාත්මක වන පොත් සාප්පුවක හිමිකරුට ඇය ඒ-වාණිජ්‍ය ව්‍යාපාරය ඔස්සේ පිරිනමන දීමනා සඳහා වැඩි මුදලක් ආයෝජනය කළ යුතුද යන්න තීරණය කිරීමට අවශ්‍ය විය.

සෘජුව සිදු කරන සහ ඊ-වාණිජ්‍ය විකුණුම් ඔස්සේ ලැබෙන මුළු ආදායම දෙස බලා සසඳන විට, එකින් එක සැසඳීම නිරවද්‍ය තොරතුරු ලබා නොදෙන බව පෙනේ. සමස්ථයක් වශයෙන්, ඇය පෞද්ගලිකව කටයුතු කරන පාරිභෝගිකයන් ගණනින් 10%ක් පමණක් ඔන්ලයින් වන බව ඇයට වැටහුණේය. එනිසා ඇය සියලු විකුණුම් සඳහාම අංකනයක් පවත්වා ගෙන ඇණවුම් වටිනාකම්වල සාමාන්‍ය අගය සලකා බැලීමට තීරණය කළේය. ඇයගේ ගණනය කිරීම් පහත දැක්වේ.

ස්ථාවර විකුණුම් දින පරාසයක් තෝරන්න

හිමිකරු වසර පුරා ඇගේ මුළු පුද්ගලික සහ ඔන්ලයින් විකුණුම් දෙස බැලීමෙන් ආරම්භ කරයි. ඇයට අවශ්‍ය නම්, පසුගිය වසර සඳහා සංඛ්‍යා බැලීමට හැකි අතර, වසරින් වසර (YoY) සංසන්දනය ද ලබා ගත හැකිය.

මුළු ආදායම් සහ මුළු ඇණවුම් ගණන එක්රැස් කරන්න

මෙම අවස්ථාවේ දී, හිමිකරුට ඇගේ භෞතික වෙළඳසැලේ සහ ඇගේ ඊ-වාණිජ්‍ය ව්‍යාපාරයේ සාමාන්‍ය ඇණවුම් අගය ගණනය කිරීමට අවශ්‍ය වේ. ඇයට ඒ දෙකේම සම්පූර්ණ ආදායම් දත්ත අවශ්‍ය වේ. තවද ඇයට සංඛ්‍යා දෙකම සාක්‍ෂාත් කර ගැනීමට කොපමණ ඇණවුම් ප්‍රමාණයක් අවශ්‍ය වේද යන්න දැන ගැනීමට ද අවශ්‍ය වේ. ඇණවුම් 7300 කින් ලැබෙන ආදායම ඩොලර් 110,000 ක් සහ ඔන්ලයින් ඇණවුම් 500 කින් ලැබෙන ඔන්ලයින් විකුණුම් ආදායම ඩොලර් 10,000 ක් යැයි කියමු.

මුළු ආදායම මුළු ඇණවුම් ගණනින් බෙදන්න

ඇය ඇගේ ආදායම් මුදල මුළු ඇණවුම් ගණනින් බෙදූ විට, යම් වැදගත් දෙයක් දක්නට ලැබුණි: සැබෑ ගොඩනැගිලි මත පදනම් වූ ව්‍යාපාර සඳහා සාමාන්‍ය ඇණවුම් අගය ඩොලර් 15 ක් වූ නමුත්, ඊ-වාණිජ ව්‍යාපාර සඳහා එය ඩොලර් 20ක් විය. ඇය ඔන්ලයින් ඔස්සේ ආකර්ෂණය වන සෑම පාරිභෝගිකයෙකුගේ සෑම මිලදී ගැනීමක් සමඟම ආසන්න වශයෙන් 33% වැඩි වටිනාකමක් ඇති බව දැන් ඇය දන්නවා. පොත් සාප්පුවේ හිමිකරු සඳහා, මෙය පෙරළියක් ඇති කරන දෙයකි: ඒ-වාණිජ ව්‍යාපාර යනු වඩාත් යෝග්‍ය විකල්පයක් බව ඇය දැන් දනී. ඇය ඒ අනුව තම අලෙවිකරණ සැලැස්ම සකස් කරයි.

AOV වැදගත් ඇයි

ඔබ ඔබේ AOV වටිනාකම දන්නා විට, ඔබ අලෙවිකරණය සඳහා ඔබේ මුදල යෙදවිය යුතු ආකාරය මනා ලෙස දැන ගනිවී. ඔබේ ව්‍යාපාරය දියුණු කිරීමට ඔබට කොපමණ මුදලක් වැය කළ හැකි දැයි ඔබ මනා ලෙස දැනගනීවි. ඔබේ AOV වැඩි වන තරමට, ඔබට වැඩි ආදායමක් උපයා ගත හැකිය—ඔබ සෑම සතියකම ඔබට ලැබෙන ඇණවුම් ගණන වෙනස් නොකරන්නේ නම් එය පවා දැන ගත හැක. ඔබේ වැඩ කොටසෙහි කිසිඳු වෙනසක් නොකර ඔබේ ආදායම වැඩිකර ගැනීම සඳහා AOD උපාය මාර්ගවලට අදාළව ඔබ අලෙවිකරණය සඳහා මුදල් යොදවන ආකාරය වෙනස් කළ හැක.

ඔබ ඔබේ AOV එක් කොටසකට පමණක් යොදවා තක්සේරු නොකළ යුතු බව සැලකිල්ලට ගැනීම වැදගත් වේ. ඔබට ඔබේ AOV තුළින් උත්පාදනය කළ හැකි විදසුන් පුළුල් කළ හැකි වෙනත් ප්‍රධාන පාරිභෝගික මිනුම් ක්‍රම පිළිබඳවද තේරුම් ගැනීමට ඔබට අවශ්‍ය වනු ඇත. උදාහරණ වශයෙන්:

  • පාරිභෝගිකයෙක් බවට හරවන අනුපාතය: අයිතිකාරිය වන ඇය ඇගේ වෙබ් අඩවියේ විශ්ලේෂණයන් සමාලෝචනය කරන අතර, ඇගේ ඔන්ලයින් වෙළඳසැලට පැමිණෙන 50 දෙනෙකුගෙන් එක් අයෙකු මිලදී ගැනීමක් සිදු කරන බව ඇයට නිරීක්ෂණය කල හැකි වූවේය. මෙම හැරවුම් අනුපාතය මත පදනම්ව, ඇගේ වෙබ් අඩවියේ සෑම නව සංචාර 50ක්ම ඩොලර් 20ක ආදායමක් උපයන බත් වෙනත් ආකාරයෙන් කීවහොත් වෙබ් අඩවිය බලන අමුත්තෙකුගෙන් ඩොලර් 2.50ක් උපයන බව ඇස්තමේන්තු කිරීමට ඇයට ඇගේ e-commerce AOV භාවිතා කර දැනගත හැකි විය. ලාභයක් ලබා ගැනීම සඳහා, නව අමුත්තෙකුට ඩොලර් 2කට වඩා අලෙවිකරණය සඳහා වැය නොකළ යුතු බව, ඇය දැන් දනී.

  • එක් හැරවිමක් සඳහා වන වියදම: අයිතිකරු එක් ප්‍රචාරණ ව්‍යාපාරයක් සඳහා සිය වෙබ් අඩවියට අමුත්තන් 100 දෙනෙකු යොමු කිරීමේ අරමුණින් අලෙවිකරණ ප්‍රචාරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ඇතැයි සිතමු. ඇය එක් ක්ලික්-කිරීමකට-ගෙවීම් (PPC) අලෙවිකරණ ව්‍යාපාරයක් සහ ගෙවීම් කරන ලද සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් සමඟ අධ්‍යනය කර බලයි. PPC ව්‍යාපාරය ඔස්සේ අමුත්තෙකු සඳහා ඩොලර් 2.50ක් වැය වේ. එය අමුත්තන් 100ක් සඳහා ඩොලර් 250 කි. නමුත් අමුත්තන්ගෙන් 10%ක් පමණක් ගැනුම්කරුවන් බවට හැරෙනු ඇත. AOV හි ඩොලර් 20ට, එය ඩොලර් 200ක් පමණි. එයින්, අදහස් කරන්නේ අයිතිකරු ඩොලර් 50ක අලාභයකට මුහුණ දෙන බවයි. නමුත් ඒ හා සමාන පරිවර්තන අනුපාතයක් සහ AOV හිදී, සමාජ මාධ්‍ය ව්‍යාපාර ඉලක්කගත් පුද්ගලයෙකු වෙනුවෙන් ඩොලර් 1.50ක් පමණක් වැය වන අතර, එය ඩොලර් 50ක ලාභයක් ලබා දෙයි. අනාගතයේදී අවධාරණය කළ යුතු වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරය කුමක්දැයි ඇය දැන් දනී.

  • පාරිභෝගිකයෙකුගේ පූර්ණ වටිනාකම (CLTV): පාරිභෝගිකයෙකු දැන් එක් පොතක් ඩොලර් 9.99ක් දී මිලදී ගත් නමුත්, අයිතිකරුගේ සේවාව ගැන එතරම් සතුටු වන්නේ නම්, සති 2කට පසු ඔවුන් ඩොලර් 100ක් වටිනා පොත් ඇණවුම් කිරීමට කුමක් කළ යුතුද? මෙය CLTV වෙත එක් කරයි. CLTV සැඟවී තිබිය හැකි ස්ථානය සොයා ගැනීමට කාලයත් සමඟ පාරිභෝගික දත්ත දෙස බලන්න. AOV තුළින් CLTV බෙදන්න විශේෂයෙන් ඉහළ අනුපාතයක් තිබේ නම්, එයින් අදහස් වන්නේ මුලින් කේවල් කළ පාරිභෝගිකයන් (ඔවුන්ගේ පළමු මිලදී ගැනීමේදී AOV විසින් මනිනු ලබන පරිදි) අත්දැකීම් වලට බෙහෙවින් ආදරය කළ බවයි.

ඉහත පාරිභෝගික-කේන්ද්‍රීය ප්‍රමිතිකවලට අමතරව, ඔබේ "ප්‍රකාරය" වැනි සංඛ්‍යාලේඛන හෝ බොහෝ විට ඔබේ විකුණුම් වාර්තා වල දිස්වන ඇණවුම් වටිනාකම අධ්‍යයනය කිරීමට සලකා බලන්න. පොත් සාප්පුවේ හිමිකරුගේ උදාහරණය, සමහර විට $9.99ක කඩදාසි පිටකවර සහිත පොත් ඇගේ තථ්‍ය වෙළඳසැලේ වැඩිපුරම අලෙවි වන අයිතම විය හැකිය. ඵලදායී උපාය මාර්ගයක් වනුයේ එම මිලට කඩදාසි පිටකවර සහිත පොත් 2 ක් මිලදී ගැනීමේ දී නව දෘඩ පිටකවර සහිත පොතක් සඳහා වට්ටමක් ලබා ගැනීම වැනි විකුණුම් උපායන් එක් කිරීමයි. ඇගේ පන්නය දැන ගැනීමෙන් අතිරේක අලෙවිකරණය සඳහා සතයක් හෝ වැය කිරීමට පෙර හිමිකරුට සාමාන්‍ය ඇණවුම් අගය වැඩි කිරීමට ඉඩ සලසයි. සාමාන්‍ය ඇණවුම් අගය තනිව බැලීමෙන් පමණක් ඔබට එවැනි වැඩි විකුණුම් අවස්ථාවන් ගැන නොකියයි.

සාමාන්‍ය ඇණවුම් අගය වැඩි කරන ආකාරය

ඔබ ඔබේ AOV වටිනාකම දැනගත් පසු, ඔබේ උපාය මාර්ග මනා හසුරුවීමට කාලය උදාවේ. ගෙවා පිටවීමට කාලය පැමිණි විට, තවත් එක් කරන්න තෝරා ගැනීමට පාරිභෝගිකයින් දිරිමත් කිරීම සඳහා පහත සඳහන් මෙම උපක්‍රම සලකා බලන්න.

1. ඔවුන්ගේ පෙර ඇණවුම් අනුව පාරිභෝගිකයින් කාණ්ඩ කරන්න

ඔවුන්ගේ මිලදී ගැනීම් ඉතිහාසයට අනුව පාරිභෝගිකයන් වෙන් කිරීම ඔබ මිලදී ගත යුතු දේ පිළිබඳ විග්‍රාහයක් ලබා දේ. ඊ-වාණීජ්‍ය ප්‍රවේශ්‍ය තුළ එක් වාසියක් ලෙස මෙය සැලකේ: වඩාත් ඵලදායී පණිවිඩ යැවීම සඳහා ඔබට පාරිභෝගික දත්ත රැස් කළ හැක. උදාහරණයට, මිලෙහි වට්ටම් සහ අඩු මිලට එකක් ගන්නා විට අනෙක නොමිලේ (BOGO) වාසි, නිතර මිලදී ගන්නන් සඳහා වාසි ආදීන් ‌පිළිබඳ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්න.

2. ජනප්‍රිය නිෂ්පාදන

අවසාන මොහොතේ නිර්දේශයක් සමඟ පාරිභෝගිකයාගේ ඇණවුම උපරිම කර ගන්න. බොහෝ ජනප්‍රිය අන්තර්ජාල සිල්ලර වෙළෙන්දන් විශේෂයෙන් "X මිලදී ගත් පාරිභෝගිකයින් Y ගැන ද උනන්දු විය..." වැනි පිටපතක් භාවිත කිරීමෙන් මෙය විශේෂයෙන් ඵලදායී වේ.

3. අවම කූඩ වටිනාකම් සහිත උපායමාර්ගික වට්ටම් භාවිතා කරන්න

නොමිලේ ප්‍රවාහනය කිරීම, BOGO ගනුදෙනු, අවම වශයෙන් ඩොලර් 50 ක මිලදී ගැනීමක් සහිත වට්ටම්-ඔබ පාරිභෝගිකයෙකු ලෙස සිටියදී මේවායින් කිසිවක් ඔබට ලැබී තිබේද? ඔබේ පාරිභෝගිකයා ඔවුන්ගේ කූඩයට අයිතමවලින් ඇ .ඩො. 47 ක් එක් කරන්නේ නම් සහ තවත් ඩොලර් 3 ක් එකතු කිරීමෙන් 10% ක් ඉතිරි කරන්නේ නම්, ඔවුන්ගේ ඇණවුම වැඩි කිරීමට ඔවුන් පෙළඹෙනු ඇත.

Uber ඔබට ඔබේ AOV වැඩි කිරීමට සහාය විය හැකි ආකාරය

ඉල්ලුම මත බෙදාහැරීම පාරිභෝගිකයාගේ විඩාව අඩු කරයි. එමඟින් සාමාන්‍ය ඇණවුම් අගය වැඩි වීමේ හැකියාව ඇත. පාරිභෝගිකයෙකුට ඔවුන්ගේ ප්‍රියතම අයිතම බෙදා හැරීම පහසු වන තරමට, ඔවුන් ඔවුන්ගේ කූඩවලට එක් කිරීමට වැඩි පෙළඹීමක් ඇත. පාරිභෝගිකයින්ගෙන් 72%ක් තමන් ක්‍ෂණික බෙදාහැරීමක් ලබා දෙන සමාගමකින් දිගටම ඇණවුම් කරන බව පාරිභෝගික වාර්තාවන්වල සඳහන් වන බව සැලකිල්ලට ගනිමින්, ඔබට ඔබේ පාරිභෝගික සබඳතා ආයු කාලය (CLTV) ඉහළ නැංවීමට Uber බෙදාහැරීම් සේවා භාවිතා කළ හැක.

Uber සමඟ ඉල්ලුම මත බෙදාහැරීම එක් කිරීමට ක්‍රම 2ක් ඇත:

Uber Direct

සමාගම් වෙබ් අඩවියක් හෝ යෙදුමක් වැනි ඔබේ දැනට පවතින විකුණුම් නාලිකා වෙත ඉල්ලුම මත බෙදාහැරීම එක් කිරීමට තෙවන පාර්ශ්වීය බෙදාහැරීමේ විසඳුමක්. ඔබේ පාරිභෝගිකයින්ට වේගවත් හා විශ්වාසදායක ලෙස ඇණවුම් ලබා ගැනීමට Uber ජාලයේ රැගෙන යන්නන් සමඟ සම්බන්ධ වන්න.

Uber Eats වෙළඳපොළ

Uber Eats ප්ලැට්ෆෝමය තුළ ඔබේ ව්‍යාපාරය ලැයිස්තුගත කිරීමෙන් ඔබේ ප්‍රවේශය පුළුල් කර නව පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගන්න. ප්‍රාදේශීය, ඉල්ලුම මත බෙදාහැරීම සඳහා යෙදුම පිරික්සමින් සිටින පාරිභෝගිකයින්ට ඔබේ වෙළඳසැල් මුහුණත දිස් වනු ඇත.

ඔබ Uber Eats වෙළඳපොලේ ඔබේ ව්‍යාපාරය ලැයිස්තුගත කිරීමට තෝරා ගන්නේ නම්, පාරිභෝගිකයින් අතර කැපී පෙනීමට සහ ඇණවුම් වර්ධනය කර ගැනීමට ඔබට යෙදුම තුළ ඇති ප්‍රබල අලෙවිකරණ මෙවලම් වන වෙළඳ දැන්වීම් සහ විශේෂ දීමනා වෙත පිවිසිය හැක. Uber Eats යෙදුම් සංග්‍රහයේ ඔබේ දෘශ්‍යතාව වැඩි දියුණු කරන දැන්වීම් නව පාරිභෝගිකයින්ගෙන් 91% ක් දක්වා ළඟා විය හැකි බව අප සොයාගෙන ඇත; පාරිභෝගිකයින් සඳහා විශේෂ ඉතුරුම් අවස්ථා වන දීමනා, තවත් ඇණවුම් 94% දක්වා ඉහළ නැංවිය හැකි බව අපි සොයාගෙන ඇත.* තවද, මෙම උපාය මාර්ග ඒකාබද්ධ කිරීමෙන් (අප "එක්ව වඩා හොඳ" ප්‍රවේශය ලෙස හඳුන්වන දේ), ඔබට 200% ක විකුණුම් වැඩිවීමක් සිදු ව ඇති ව්‍යාපාර ගොන්නට සම්බන්ධ වීමේ හැකියාව ඇත.**

ඔබේ අරමුණු මත පදනම්ව ඔබට ක්‍රියාත්මක කළ හැකි දීමනා වර්ග කිහිපයක් මෙන්න. මෙම ඕනෑම දීමනාවක් සඳහා, ඔබට නව හෝ ආපසු එන පාරිභෝගිකයන් (හෝ දෙකම පරීක්‍ෂා කර බැලීම) ඉලක්ක කර ගැනීමේ විකල්පය ඇත:

offer type

ඔබ ඔබේම නාලිකා හරහා අභිරුචි කළ දීමනා ක්‍රියාත්මක කළත්, ඉල්ලුම මත බෙදාහැරීම සඳහා Uber Direct භාවිත කිරීමේ එක් කළ වරප්‍රසාදය යනු සෑම ඇණවුමක් සමඟම වැඩි පහසුවකි.

ආරම්භ කිරීමට සූදානම්ද? ඔබට ගැළපෙන සේවාව සඳහා ලියාපදිංචි වීම ගැන තව දැනගන්න. ඔබ දැනටමත් Uber Eats වෙළඳපොලේ ඔබේ ව්‍යාපාරය ලැයිස්තුගත කරන්නේ නම්, Uber Eats කළමනාකරු වෙත පිවිසී ඉහළ සාමාන්‍ය ඇණවුම් අගයක් ගොඩනැගීම ආරම්භ කිරීමට අලෙවිකරණ ටැබය වෙත සංචාලනය කරන්න.

එක්සත් ජනපදයේ සහ කැනඩාවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යායාපාර (SMBs) ඔවුන්ගේ පළමු මාසයේ දැන්වීම් ක්‍රියාත්මක කළ සාමාන්‍ය දත්තවලට වඩා 91% වැඩි අනන්‍ය පාරිභෝගිකයින් වෙත ළඟා විය. ඔවුන්ගේ පළමු මාසයේදී පිරිනැමීම් ක්‍රියාත්මක කළ අය වර්ධන විකුණුම්වල 94% ක වර්ධනයක් දුටුවේය. දත්ත 2022 ජූලි සිට 2022 දෙසැම්බර් දක්වා වේ. සැබෑ ප්‍රතිඵල වෙනස් වීමට ඉඩ ඇත.

**මෙම ප්‍රමිතිකය 2023 ජනවාරි 1 සහ 2023 අගෝස්තු 1 අතර දින 7කට වඩා අලෙවිකරණ ප්‍රචාරණ ව්‍යාපාර ක්‍රියාත්මක නොකළ වෙළෙන්දන්, දීමනා පමණක් ක්‍රියාත්මක කරන වෙළෙන්දන් සහ එක්ව වෙළඳ දැන්වීම් සහ දීමනා ක්‍රියාත්මක කරන වෙළෙන්දන් සමඟ සංසන්දනය කරයි. එය කිසිදු ප්‍රචාරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක නොවූ දිනවලට සාපේක්ෂව සක්‍රීය ප්රචාරණ ව්‍යාපාර දින තුළ ඔවුන්ගේ විකුණුම් සහ ඇණවුම් සංසන්දනය කරයි. වෙළඳ දැන්වීම් සහ දීමනා යන දෙකම ක්‍රියාත්මක වන විට විකුණුම් සහ ඇණවුම් සියලු ප්‍රදේශ සහ කොටස්වල 200% කට වඩා වැඩි වර්ධනයක් පෙන්නුම් කළේය. සැබෑ ප්‍රතිඵල වෙනස් වීමට ඉඩ ඇත.

Select your preferred language
Englishසිංහල