Please enable Javascript
Skip to main content

Salad House, Uber Eats සහ Uber Direct සමඟින් පුළුල් වේ

ඔක්තෝබර් 17, 2023 | එක්සත් ජනපදය

Youtube

ජනතාවට ප්‍රිමියම් චොප් සලාද ලබා දීමේ මෙහෙයුම අනුව, Salad House මගින් 2011 දී නිව් ජර්සි හි මිල්බර්න් වල සිය පළමු වෙළඳ ස්ථානය විවෘත කරන ලදී. අද, අති සාර්ථක දාමයක් ලෙස ස්ථාන 11 ක් ඇති අතර 2023 අවසන් වන විට එම සංඛ්‍යාව ස්ථාන 20 ක් දක්වා වර්ධනය වීමට නියමිතය.

Salad House මගින් සුහුදශීලී, සෞඛ්‍ය සම්පන්න සහ පවුලට ගැළපෙන වේගවත් අත්දැකීමක් ලබා දෙයි. එය පාරිභෝගිකයින්, විශේෂයෙන් ඔවුන්ගේ ආහාර රැගෙන යාමට හෝ ඉල්ලුමට අනුව තම නිවසට හෝ කාර්යාලයට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන අය, සඳහා හොඳ තේරීමක් බව ඔප්පු වන නැවුම් සංකල්පයකි.

මාර්ගගතව සිදු කරන ලද සියලුම ඇණවුම් වලින්

සෑම කාර්තුවකටම නව පාරිභෝගිකයින්

වෙළඳ ප්‍රචාරණ වියදම්වල ප්‍රතිලාභය

ඔන්ලයින් ඇණවුම් කිරීම‌ට මාරුවීම

Salad House මගින් විශිෂ්ට ආහාර සහ පහසු ඔන්ලයින් ඇණවුම් කිරීම සහ බෙදා හැරීමේ අත්දැකීම් සමඟින් පාරිභෝගික ළැඳියාව ගොඩනැගීම සහ වර්ධනය කිරීම කරා පිය නැඟීම සිදු කරයි. ඔවුන්ගේ විකුණුම් වලින් 64% ක් දැන් මාර්ගගත ඇණවුම් වලින් පැමිණෙන අතර, ඔවුන්ගේ තාක්‍ෂණික පද්ධති ඔවුන්ගේ සමස්ත පාරිභෝගික අත්දැකීම්වල සාර්ථකත්වයට තීරණාත්මක වේ. Salad House විසින් නව්‍ය තාක්‍ෂණය මෙහෙයුම් අධ්‍යක්‍ෂක Jarrod Bravo ගේ මඟ පෙන්වීම යටතේ තම සමාගම් සංස්කෘතිය හා කාවද්දා ඇත. Jarrod ව්‍යාපාරය සමඟ හැදී වැඩුණු අතර, පළමුව ස්ථානයේ මුදල් අයකැමිවරයෙකු ලෙස ගමන ආරම්භ කළ අතර, පසුව කළමනාකරු ලෙසත් ඉන්පසුව සාමාන්‍යාධිකාරී තනතුර වෙතත් උසස් කරන ලදී. අද ඔහු නිව් ජර්සි-මොන්ට්ක්ලෙයාර් හි ඔහුගේම අධිකාරිය යටතේ ඇති ශාඛාව කළමනාකරණය කිරීම පිළිබඳව කටයුතු කිරීම අතරම, සියලු Salad House ස්ථාන හරහා මෙහෙයුම් පිළිබඳව වගකීම් භාරව සිටී. Salad House වර්ධනය වීමට සහ සමෘද්ධිමත් වීමට Uber කටයුතු කරන්නේ කෙසේද යන කරුණු ද ඇතුළුව, Salad House හි ඔවුන් භාවිත කරන අවන්හල් තාක්‍ෂණය ගැන අපි ජැරොඩ් සමඟ සාකච්ඡා කළෙමු.

එක්ව වඩා හොඳට: Uber Eats සහ Uber Direct

ඔන්ලයින් ඇණවුම් වර්ධනය කිරීමට සහ පාරිභෝගික ලැදියාව ගොඩනැගීමට උදවු ලබා ගැනීමට Salad House, Uber සමඟ ඇති ශක්තිමත් සම්බන්ධතාවය මත විශ්වාසය තබයි. ඔවුන් Uber Eats සහ Uber Direct යන දෙඅංශයෙන්ම උනන්දුවක් දක්වන පාරිභෝගිකයින් වන අතර, වර්ධනය ඉහළ නැංවීම සඳහා සේවාවන් දෙකම උපයෝගී කර ගනී. සියලුම ඔන්ලයින් ඇණවුම් වලින් ආසන්න වශයෙන් 65% ක් ලැබෙන්නේ Uber Eats වැනි තෙවන පාර්ශවීය යෙදුම් හරහා වන අතර ඉතිරිය ඔවුන්ගේම වෙබ් අඩවියකින්, ජංගම යෙදුමකින් සහ දුරකථන ඇණවුම් වලින් පැමිණේ. ඔවුන්ගේම නාලිකා හරහා එන ඇණවුම්වලින් 85% ක් බෙදා හැරීමට Salad House විසින් Uber Direct භාවිතා කරයි. "හවුල්කරුවෙකු ලෙස, Uber පුළුල් පරාසයකින් තරඟය අභිබවා ගොස් ඇත. ඒ අපි එකතු වෙලා ගොඩනගා ගත් බැඳීම නිසා. Uber Eats සහ Uber Direct යන දෙකම අපගේ සාර්ථකත්වයට ඉතා වැදගත් වනවා.” Jarrod පවසයි.

‍Uber Eats සහ Uber Direct යනු ජයග්‍රාහී ද්විත්වයකි. Uber Eats අප ගැන කිසිදා නොදැන සිටි ප්‍රේක්‍ෂකයන් වෙත Salad House ළඟා කර ගැනීමට උදවු කරයි. Uber Direct, අපගේ වෙබ් අඩවියෙන් හෝ යෙදුමෙන් සෘජුවම ඇණවුම් කරන අපගේ විශ්වාසවන්ත පාරිභෝගිකයින්ට බෙදාහැරීම පහසු කරයි.”


Jarrod Bravo, මෙහෙයුම් අධ්‍යක්‍ෂ

ඒකාබද්ධ පද්ධති මෙහෙයුම් වැඩි දියුණු කරයි

බහු ස්ථානගත මෙහෙයුමක් ලෙස, විශේෂයෙන් ඔන්ලයින් සහ පැමිණ රැගෙන යාමේ ඇණවුම් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කරමින්, Salad House තාක්‍ෂණය ඔවුන්ගේ සාර්ථකත්වයේ තීරණාත්මක සාධකයක් ලෙස සලකයි. සමාගම විසින් අන් කිසිවෙකුට පෙර 2015 දී සිය POS පද්ධතිය උත්ශ්‍රේණිගත කළේය. ඉන් පසුව- වසංගතයට පෙර-සියලුම ඔන්ලයින් ඇණවුම් බාධාවකින් තොරව තනි පද්ධති ෆ්ලෝ එකක් බවට ඒකාබද්ධ කරන POS පද්ධති ඒකාබද්ධ කිරීමක් සම්පූර්ණ කළේය. මෙය ඇණවුම් හා සම්බන්ධ දෝෂ අවම කිරීමට, මෙහෙයුම් කාර්යක්‍ෂමතාව වැඩි දියුණු කිරීමට සහ පාරිභෝගික තෘප්තිය වැඩි කිරීමට හේතු විය. Jarrod මුලින් එම පරිවර්තනය අභියෝගයක්ව තිබූ බව පවසන නමුත් අනෙකුත් ක්‍රියාකරුවන් “එම වෙනස වැළඳ ගන්නා ලෙස දිරිමත් කරයි. ඔබ එම තාක්‍ෂණික කටයුතු නිසියාකාරව සිදු කිරීමෙන්, එය ඇත්ත වශයෙන්ම ඔබේ මෙහෙයුම් ඉතා පහසු කරවයි.”

දෘශ්‍යතාව ප්‍රධාන සාධකයකි

පාරිභෝගික ළැඳියාව Salad House හි ඇති විශාලතම ප්‍රමුඛතාවන්ගෙන් එකකි. ඔවුන්ගේ විවිධ හා අභිරුචිකරණය කළ හැකි මෙනුවෙන් සතියකට කිහිප වතාවක් පාරිභෝගිකයින් ඇණවුම් කරනු ලැබීම ඔවුන්ට අවශ්‍ය වේ. මුලදී, එම ඉලක්කය සාක්‍ෂාත් කර ගැනීමට උපකාර කිරීම සඳහා Uber Eats හි ප්‍රවර්ධනවල ශක්‍යතාව Jarrod සැළකිල්ලට ගත්තේ නැත. නමුත් දැන්: "සෑම විටම අලුත් දෙයක් තිබේ නම්, මගේ දර්ශනය වන්නේ, එය උත්සාහ කරමු යන්නයි." සාමාන්‍යයෙන්, Salad House දැන් සෑම මසකම Uber Eats ප්‍රවර්ධන දෙකක් ක්‍රියාත්මක කරයි -“එකක් නව පාරිභෝගිකයින් ඉලක්ක කර ගැනීමට වන අතර අනෙක වත්මන් පාරිභෝගිකයින් රඳවා තබා ගැනීමට වේ”. "ඉලක්කම් කිසිවිටකත් බොරු නොකියයි" යැයි Jarrod පවසයි. Uber ප්‍රවර්ධන යනු පාරිභෝගිකයින්ගේ ළැඳියාවට ප්‍රතිලාභ ලබා දීම සහ මිනිසුන් නැවත නැවත ගෙන්වා ගැනීම සඳහා වන ඵලදායී ක්‍රමයකි.”

සාර්ථකත්වයට මඟ පෙන්වන හවුල්කාරිත්වයක්

Jarrod විසින් Uber යනු "අපගේ සාර්ථකත්වය කෙරෙහි අවධානය යොමු කරන සම්බන්ධතාවයක්" ලෙස හඳුන්වයි. Jarrod තම ගිණුම් කළමනාකරුවන් වන Mikaela සහ Dante සමඟ නිතිපතා හමුවන අතර, නව ගනුදෙනුකරුවන්ගේ සවිස්තර වාර්තා සහ Uber ප්‍රවර්ධන වල ආයෝජන ප්‍රතිලාභ විශ්ලේෂණයක් ඇතුළුව ව්‍යාපාරය පිළිබඳ දත්ත මත පදනම් වූ ඔවුන්ගේ ප්‍රතිපෝෂණ සහ යෝජනා අගය කරයි. “අපේ ආයතනය වෙනුවෙන් ඩැන්ටේ සහ මිකායෙලා සිටීම වටිනා ආයෝජනයක්. අපි ඇත්තටම කණ්ඩායමක් වගේ. ඔවුන් නිතිපතා පැමිණ අවශ්‍ය කටයුතු සිදු කරයි. ඔවුන් අපේ අය ගැන හොඳින් දැනුවත්. අපි බොහෝ විට එකිනෙකා අතර කෙටි පණිවිඩ භාවිතයෙන් අදහස් සහ ප්‍රවර්ධන පිළිබඳව කතා කරනවා.” Jarrod හට ව්‍යාපාරයේ ඉහළින්ම සිටීමට ඔහුට උපකාරී වන දත්ත අනුව ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමට, මඟ හැරුණු ඇණවුම් දෝෂ නිරාකරණය කිරීමට සහ තම පාරිභෝගිකයන් සමඟ සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට Uber Eats කළමනාකරු ප්‍රයෝජනවත් වේ.

වර්ධනය දිරිගැන්වීම සඳහා විදසුන්

ඔවුන්ගේ සාර්ථකත්වය අනුව, සෑම කෙනෙකුටම පුළුල් කිරීමේ අදහසක් ඇත. Salad House හට ඔවුන්ගේ ඊළඟ ස්ථානය විවෘත කළ යුත්තේ කොතැනද යන්න පිළිබඳ වඩා බුද්ධිමත් තීරණ ගැනීමට Uber උදව් කළේය. බෙදාහැරීමේ දුර මත පදනම්ව වෙනස් වන මිලකරණ ව්‍යුහයක් සමඟ, Uber Direct ඉන්වොයිසි මගින්, සෑම ස්ථානයකම ඔවුන්ගේ පාරිභෝගිකයින් සමඟ සෘජුව සම්බන්ධිත ව්‍යාපාරයෙන් කොපමණ ප්‍රමාණයක්, දුර සැතපුම් බිංදුවේ සිට තුන දක්වා, තුනේ සිට පහ දක්වා සහ පහේ සිට අට දක්වා අරයන් තුළ සිටින පාරිභෝගිකයින්ට සේවය කරනු ලබන්නේ දැයි Jarrod සහ කණ්ඩායමට පෙන්වයි. “අපට තිබුණේ කිලෝමීටර තුනක අරයක්. නමුත් Uber Direct වෙතින් අපට ලැබෙන විදසුන් හේතුවෙන් අපි එය සැතපුම් පහක අරයක් දක්වා ව්‍යාප්ත වෙමින් පවතින බව පෙනේ.” Jarrod පවසයි.

Select your preferred language
Englishසිංහල