Please enable Javascript
Skip to main content

Salad House, Uber Eats සහ Uber Direct සමඟින් පුළුල් වේ

ඔක්තෝබර් 17, 2023 | එක්සත් ජනපදය

Youtube

ජනතාවට උසස් තත්ත්වයේ සකස් කරන ලද සලාද ලබා දීමේ සිය මෙහෙවර ඔස්සේ Salad House සිය පළමු ස්ථානය 2011 වසරේ දී නිව් ජර්සියේ මිල්බර්න් නුවර දී විවෘත කරන ලදී. අද, අති සාර්ථක දාමයක් ලෙස ස්ථාන 11ක ක්‍රියාත්මක වන මෙම අලෙවි ජාලය 2023 වසර අවසන් වන විට ස්ථාන 20ක් දක්වා වර්ධනය වීමට නියමිතය.

Salad House මගින් සුහුදශීලී, සෞඛ්‍ය සම්පන්න සහ පවුලට ගැළපෙන වේගවත් අත්දැකීමක් ලබා දෙයි. එය පාරිභෝගිකයින්, විශේෂයෙන් ඔවුන්ගේ ආහාර රැගෙන යාමට හෝ ඉල්ලුමට අනුව තම නිවසට හෝ කාර්යාලයට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන අය, සඳහා හොඳ තේරීමක් බව ඔප්පු වන නැවුම් සංකල්පයකි.

64%

සියලුම ඇණවුම් අන්තර්ජාලය ඔස්සේ ලබා දිය හැකි ය

6K

කාර්තුවක් සඳහා වන නව පාර්භෝගිකයින් සංඛ්‍යාව

7x

වෙළඳ ප්‍රචාරණ වියදම්වලින් ලැබුණු ආදායම

ඔන්ලයින් ඇණවුම් කිරීම‌ට මාරුවීම

Salad House මගින් විශිෂ්ට ආහාර සහ පහසු ඔන්ලයින් ඇණවුම් කිරීම සහ බෙදා හැරීමේ අත්දැකීම් සමඟින් පාරිභෝගික ළැඳියාව ගොඩනැගීම සහ වර්ධනය කිරීම කරා පිය නැඟීම සිදු කරයි. එහි විකුණුම්වලින් 64%ක් දැන් අන්තර්ජාලය ඔස්සේ ලබා දෙන ඇණවුම්වලින් පැමිණෙන අතර, ඒවායේ තාක්‍ෂණික පද්ධති එහි සමස්ත පාරිභෝගික අත්දැකීම්වල සාර්ථකත්වයට තීරණාත්මක ලෙස බලපායි. Salad House විසින් නව්‍ය තාක්‍ෂණය මෙහෙයුම් අධ්‍යක්‍ෂක ජෙරඩ් බ්‍රාවෝගේ මඟ පෙන්වීම යටතේ තම සමාගම් සංස්කෘතිය හා කාවද්දා ඇත. බ්‍රාවෝ ව්‍යාපාරය සමගින් දියුණු වූ අතර, මුදල් අයකැමිවරයෙකු ලෙස ගමන ආරම්භ කර, පසුව කළමනාකරු ලෙසත් ඉන්පසුව සාමාන්‍යාධිකාරී තනතුර වෙතත් උසස් කරන ලදී. අද ඔහු නිව් ජර්සි-මොන්ට්ක්ලෙයාර්හි ඔහුගේ ම අධිකාරිය යටතේ ඇති ශාඛාව කළමනාකරණය කිරීම පිළිබඳව කටයුතු කරන අතරම, සියලු Salad House ස්ථාන හරහා මෙහෙයුම් පිළිබඳව වගකීම් භාරව සිටී. Salad House වර්ධනය වීමට සහ සමෘද්ධිමත් වීමට Uber කටයුතු කරන්නේ කෙසේ ද යන කරුණු ද ඇතුළුව, Salad House භාවිත කරන අවන්හල් තාක්‍ෂණය ගැන අපි බ්‍රාවෝ සමඟ සාකච්ඡා කළෙමු.

එක්ව වඩා හොඳට: Uber Eats සහ Uber Direct

අන්තර්ජාලය ඔස්සේ ලබා දෙන ඇණවුම් වර්ධනය කිරීමට සහ පාරිභෝගික ලැදියාව ගොඩනැගීමට උදවු ලබා ගැනීමට Salad House, Uber සමඟ ඇති ශක්තිමත් සම්බන්ධතාවය මත විශ්වාසය තබයි. Uber Eats සහ Uber Direct වෙත ලැදියාවක් දක්වන පාරිභෝගිකයින් වෙනුවෙන්, වර්ධනය වේගවත් කිරීම සඳහා Salad House සේවාවන් දෙකම උපයෝගී කර ගනී. අන්තර්ජාලය ඔස්සේ ලබා දෙන ඇණවුම්වලින් තුනෙන් දෙකක් ලැබෙන්නේ Uber Eats වැනි තෙවන පාර්ශවීය යෙදුම් ඔස්සේ වන අතර ඉතිරිය ඊට ම අයත් වෙබ් අඩවියකින්, ජංගම යෙදුමකින් සහ දුරකථන ඇණවුම්වලින් පැමිණ‍ෙන බව බ්‍රාවෝ සඳහන් කරයි. ඊට ම අයත් නාලිකා ඔස්සේ එන ඇණවුම්වලින් 85%ක් බෙදා හැරීමට Salad House විසින් Uber Direct භාවිතා කරයි. "හවුල්කරුවෙකු ලෙස, Uber පුළුල් පරාසයකින් තරඟය අභිබවා ගොස් තිබෙනවා,” බ්‍රාවෝ පවසයි. “ඒ අපි එකතු වෙලා ගොඩනගා ගත් බැඳීම නිසා. Uber Eats සහ Uber Direct යන දෙකම අපගේ සාර්ථකත්වයට ඉතා වැදගත් වනවා.”

‍Uber Eats සහ Uber Direct යනු ජයග්‍රාහී ද්විත්වයකි. Uber Eats අප ගැන කිසිදා නොදැන සිටි ප්‍රේක්‍ෂකයන් වෙත Salad House ළඟා කර ගැනීමට උදවු කරයි. Uber Direct, අපගේ වෙබ් අඩවියෙන් හෝ යෙදුමෙන් සෘජුවම ඇණවුම් කරන අපගේ විශ්වාසවන්ත පාරිභෝගිකයින්ට බෙදාහැරීම පහසු කරයි.”


Jarrod Bravo, මෙහෙයුම් අධ්‍යක්‍ෂ

ඒකාබද්ධ පද්ධති මෙහෙයුම් වැඩි දියුණු කරයි

ස්ථාන කිහිපයක සිට සිදු කරන මෙහෙයුමක් ලෙස, විශ‍ේෂයෙන් ම අන්තර්ජාලය ඔස්සේ ලබා දෙන සහ ඉවතට ගෙන යන ඇණවුම්වලට ඉන් ලබා දෙන වැදගත්කම සලකා බලන කල, Salad House සිය සාර්ථකත්වයෙහි ලා තාක්ෂණය තීරණාත්මක සාධකයක් ලෙස දකී. සමාගම විසින් අන් කිසිවෙකුට පෙර 2015 දී සිය POS පද්ධතිය උත්ශ්‍රේණිගත කළේය. ඉන් පසුව—වසංගතයට ආරම්භ වීමට ඔන්න මෙන්න තිය—අන්තර්ජාලය ඔස්සේ ලබා දෙන සියලු ම ඇණවුම් තනි පද්ධතියක සීමාරහිත ප්‍රවාහයකට එක් කරන POS ඒකාබද්ධ කිරීමක් සම්පූර්ණ කරන ලදී. මෙය ඇණවුම් හා සම්බන්ධ දෝෂ අවම කිරීමට, මෙහෙයුම් කාර්යක්‍ෂමතාව වැඩි දියුණු කිරීමට සහ පාරිභෝගික තෘප්තිය වැඩි කිරීමට හේතු විය. බ්‍රාවෝ මුලින් එම පරිවර්තනය අභියෝගයක්ව තිබූ බව පවසන නමුත් “එම වෙනස වැළඳ ගන්නා ලෙස ඔහු අනෙකුත් ක්‍රියාකරුවන්ව දිරිමත් කරයි. තාක්ෂණික කරුණු අවබෝධ කර ගැනීමත් සමග ඉන් ඔබේ මෙහෙයුම් වඩාත් පහසු බවට පත් වේ.”

දෘශ්‍යතාව ප්‍රධාන සාධකයකි

පාරිභෝගික ලැදියාව Salad House තුළ ඇති විශාලතම ප්‍රමුඛතාවන්ගෙන් එකකි. පාරිභෝගිකයින් විසින් එහි විවිධ හා සිතැඟි පරිදි වෙනස් කළ හැකි මෙනුවෙන් සතියකට කිහිප වතාවක් ඇණවුම් කිරීමට සමාගමට අවශ්‍ය ය. මුල දී, එම ඉලක්කය සාක්‍ෂාත් කර ගැනීමට උපකාර කිරීම සඳහා Uber Eats සතු ප්‍රවර්ධන වැඩසටහන්වල ශක්‍යතාව පිළිබඳ බ්‍රාවෝ විසින් එතරම් වැදගත්කමක් ලබා දුන්නේ නැත. නමුත් දැන් ඔහු පවසන්නේ “සෑම විටම අලුත් දෙයක් තිබේ නම්, මගේ දර්ශනය වන්නේ, එය අත්හදා බලමු යන්නයි.” සාමාන්‍යයෙන්, Salad House දැන් සෑම මසක ම Uber Eats ප්‍රවර්ධන වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කරනවා: “එකක් නව පාරිභෝගිකයින් ඉලක්ක කර ගැනීමට, අනෙක වත්මන් පාරිභෝගිකයින් රඳවා තබා ගැනීමට,” යනුවෙන් බ්‍රාවෝ පවසයි. “සංඛ්‍ය බොරු කියන්නේ නැහැ. Uber ප්‍රවර්ධන වැඩසටහන් යනු පාරිභෝගිකයින්ගේ ලැදියවට ප්‍රතිලාභ ලබා දීම සහ මිනිසුන් නැවත නැවත ගෙන්වා ගැනීම සඳහා වන ඵලදායී ක්‍රමයකි.”

සාර්ථකත්වයට මඟ පෙන්වන හවුල්කාරිත්වයක්

බ්‍රාවෝ විසින් Uber සමඟ ඔහු සිදු කරන වැඩ කටයුතු "අපගේ සාර්ථකත්වය කෙරෙහි අවධානය යොමු කරන සම්බන්ධතාවයක්" ලෙස සඳහන් කරයි. ඔහු සිය කළමනාකරුවන් වන මිකායෙලා සහ ඩාන්ටේ සමග නිරතුරුව මුණ ගැසෙන අතර බොහෝ විට ව්‍යාපාරය පිළිබඳ දත්ත මත පදනම් වූ ඒ අයගේ ප්‍රතිපෝෂණ සහ යෝජනා අගය කර සලකයි. එයට නව ගනුදෙනුකරුවන්ගේ සවිස්තර වාර්තාවක් සහ Uber ප්‍රවර්ධන වැඩසටහන් පිළිබඳ ROI විශ්ලේෂණයක් ඇතුළත් වේ. “අපේ ආයතනය වෙනුවෙන් ඩාන්ටේ සහ මිකායෙලා සිටීම වටිනා ආයෝජනයක්,” යනුවෙන් බ්‍රාවෝ පවසයි. “අපි ඇත්තටම කණ්ඩායමක් වගේ. ඔවුන් නිතිපතා පැමිණ අවශ්‍ය කටයුතු සිදු කරයි. ඔවුන් අපේ අය ගැන හොඳින් දැනුවත්. අපි බොහෝ විට එකිනෙකා අතර කෙටි පණිවිඩ භාවිතයෙන් අදහස් සහ ප්‍රවර්ධන වැඩසටහන් පිළිබඳව කතා කරනවා.” බ්‍රාවෝ හට ව්‍යාපාරයේ ඉහළින් ම සිටීමට ඔහුට උපකාරී වන දත්ත අනුව ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමට, මඟ හැරුණු ඇණවුම් දෝෂ නිරාකරණය කිරීමට සහ තම පාරිභෝගිකයන් සමඟ සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට Uber Eats කළමනාකාරකය ප්‍රයෝජනවත් වේ.

වර්ධනය දිරිගැන්වීම සඳහා විදසුන්

යමකුගේ විකුණුම් දාමයක සාර්ථකත්වය මත පදනම්ව, එය පුළුල් කිරීමේ අදහසක් සෑම කෙනෙකු තුළ ම ඇත. Salad House අලෙවි ජාලයේ ඊළඟ ස්ථානය විවෘත කළ යුත්තේ කොතැන ද යන්න පිළිබඳ වඩා බුද්ධිමත් තීරණ ගැනීමට Uber උදව් කර ඇත. බෙදාහැරීමේ දුර මත පදනම්ව වෙනස් වන මිලකරණ ව්‍යුහයක් සමඟ, Uber Direct ඉන්වොයිසි මගින්, සෑම ස්ථානයක ම ඔවුන්ගේ පාරිභෝගිකයින් සමඟ සෘජුව සම්බන්ධිත ව්‍යාපාරයෙන් කොපමණ ප්‍රමාණයක්, දුර සැතපුම් බිංදුවේ සිට 3-, 3-5- සහ 5 සිට 8 දක්වා අරයන් තුළ සිටින පාරිභෝගිකයින්ට සේවය කරනු ලබන්නේ දැයි Bravo සහ කණ්ඩායමට පෙන්වයි. “අපට සැතපුම් 3ක කලාපයක් තිබුණා,” Bravo පවසයි. නමුත් Uber Direct වෙතින් අපට ලැබෙන විදසුන් හේතුවෙන් අපි එය සැතපුම් 5ක අරයක් දක්වා ව්‍යාප්ත වෙමින් පවතින බව පෙනේ.”

Select your preferred language

Englishසිංහල