Please enable Javascript
Skip to main content

Chisme Cantina ස්මාර්ට් තාක්ෂණය සමඟ වඩා හොඳ සේවාවක් සපයයි

ඔක්තෝබර් 13, 2023 | එක්සත් ජනපදය

Youtube

Chisme Cantina යනු සැන් ෆ්රැන්සිස්කෝ හි Lower Nob Hill ප්‍රදේශයේ වීගන් හිතකාමී ටැකෝ, බරිටෝස් සහ සලාද වර්ග ලබා ගත හැකි දියුණුවෙන් දියුණුවට යන ඉහළ ඉල්ලුමක් ඇති ස්ථානයකි. Ray Shlimon සහ Na’el Shehade විසින් ආරම්භ කරන ලද, Chisme ව්‍යාපාරය අඛණ්ඩව නවෝත්පාදනය වෙමින් පවතී. පාරිභෝගික තෘප්තිය වැඩි කරන, මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන සහ ඔහුගේ සේවාවේ තත්වය වර්ධනය කිරීමට උපකාරී වන සුහුරු පද්ධති ඒකාබද්ධ කිරීම් පිළිබඳ ඔහුගේ ප්‍රවේශය පිළිබඳව අපි රේ ෂ්ලිමොන් සමඟ කතා කළෙමු.

ව්‍යාපාරයේ බෙදාහැරීම

uber Eats හි තරු

පිරිනැමීම් සහ ප්‍රවර්ධන

කාලය සමඟ සංවර්ධනය

Chisme (‘චිස් - මේ' ලෙස උච්චාරණය කරයි) Cantina, කීටෝ සහ වීගන් ආහාර ඇතුළු නැගී එන ජීවන රටා ප්‍රවණතාවන්ට සරිලන පරිදි 2017 සැප්තැම්බර් මාසයේදී විවෘත කරන ලදී - "මගේ ජීවිතයේ වඩාත්ම පීඩාකාරී දිනය" රේ පවසයි. “ඒ වන විට අපේ ආපන ශාලාව තුළ අනුභවය හා බෙදාහැරීම් අතර අනුපාතය 80/20 ක් විය. වසංගතය අතරතුර, අපි 100% ක් ඔන්ලයින් ක්‍රමය වෙත ගිය අතර ඔන්ලයින් ඉල්ලුම සපුරාලීම සඳහා අපගේ තාක්‍ෂණික ස්ථරය දියුණු කිරීමට අවශ්‍ය විය. දැන් අපගේ ඇණවුම් වල බෙදාහැරීම සහ ආපන ශාලාව තුළ අනුභවය අතර අනුපාතය 50/50 ක් ලෙස බෙදී ගොස් ඇත.”

$31ක සාමාන්‍ය ඇණවුම් වටිනාකමක් සහිතව, ආසන 60කින් සමන්විත ක්‍ෂණික ආහාර අවන්හල පුළුල් සැන් ෆ්රැන්සිස්කෝ ජනගහනයක් ජීවත් වන එහි සැතපුම් පහක අරයක් සහිත ආසන්න ප්‍රදේශයෙන් ඔබ්බට මනාව වර්ධනය වී තිබේ.

"බෙදා හැරීම කෙරෙහි ඇති අපගේ නැඹුරුව, මෙනුවෙන් ආරම්භ වන අපගේ ව්‍යාපාරික තීරණ කෙරෙහි ප්‍රධාන බලපෑමක් ඇති කර ඇත," රේ පැහැදිලි කරයි. "මම ඉස්සෝ ටැකෝ වැනි හොඳින් අලෙවි නොවන ඕනෑම අයිතමයක් මෙනුවෙන් ඉවත් කරනවා. ඒවා රසවත් වන අතර වසර පහක් තිස්සේ ඉල්ලුමක් තිබූ දෙයක් විය. නමුත් පාරිභෝගිකයින් අපට කීවේ ඔවුන් සෝගී වෙත නැඹුරු වූ නිසා ඔවුන් ඉස්සෝ ටැකෝ වලින් ඉවත් වන බවයි."

මෙනුවට මෙම වෙනස ප්‍රධාන වශයෙන් සිදු කරනු ලැබුවේ බෙදාහැරීමේ ඇණවුම් පිළිබඳ පාරිභෝගික සමාලෝචන වලින් ෂ්ලිමොන් විසින් ලබාගත් වැදගත් මඟපෙන්වීම් වලින් වේ. "Uber Eats මට තත්‍ය කාලීන පාරිභෝගික සමාලෝචන වලට ප්‍රතිචාර දැක්වීමට ඉඩ සලසන ආකාරයට මම කැමතියි. නමුත් ඔබට නිකම්ම ප්‍රතිචාර දැක්විය නොහැක, ඔබ ප්‍රතික්‍රියා කළ යුතුය.” රේ පවසයි.

Uber Eats කළමනාකරු සමඟින් ව්‍යාපාරය වර්ධනය කිරීම

"මම නිරන්තරයෙන් Uber Eats කළමනාකරු භාවිත කරනවා. ඒ් ආකාරයට සිදුවන දේ ගැන මට අවධානයෙන් ඉන්න පුළුවන්," රේ ඔහුගේ මෙහෙයුමේ ප්‍රමුඛස්ථානයක් ගන්නා වෙළඳ ද්වාරය ගැන පවසයි. "ඒ මගින් මට අවශ්‍ය සියල්ල ‍මට එකම තැනකින් ලැබෙනවා" බුද්ධිමත් හා භාවිතයට පහසු Uber Eats කළමනාකරු, රේට ඔහුගේ ව්‍යාපාර තත්වයට අර්ථවත් ව ගැළපෙන දත්ත පදනම් කරගත් තීරණ තනිවම ගැනීමට ඉඩ සලසයි.

"මම සෑම විටම පාරිභෝගික සමාලෝචන බැලීමට පළමුව ප්‍රතිපෝෂණ වෙත යන්නෙමි. ඒක තීරණානාත්මකයි. මම ඉන්පසු Top Eats වෙත යන්නෙමි. මගේ Top Eats තත්ත්වය මගේ ඇණවුම් පරිමාවට සෘජුවම බලපාන බැවින්, එය පවත්වා ගැනීම සඳහා මා තරමක් ප්‍රමුඛත්වය ලබා දෙන නමුත් මම වැඩිපුරම බලන ටැබය කාර්ය සාධන ටැබය වේ." ශ්‍රේණිගත කිරීම්, ඇණවුම් අංක සහ නිරවද්‍යතා වාර්තා මඟින් රේ හට සාර්ථක දේ සහ වැඩිදියුණු කිරීමට ඔහුගේ අවධානය අවශ්‍ය දේ බැලීමට ඉඩ සලසයි.

“මම දත්ත සම්බන්ධ කටයුතු වලට ප්‍රිය කරන පුද්ගලයෙක්, නමුත් ඕනෑම කෙනකුට තමන් සොයන දේ තේරුම් ගත හැකි ලෙස වාර්තා සකසා තිබෙනවා” රේ පවසයි.

තරු පහේ සමාලෝචන ස්වයංක්‍රීයව කූපනයක් ක්‍රියාත්මක කර පුද්ගලානුරෝපී ස්තුති කිරීමක් සමඟ ස්වයංක්‍රීයව ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව ලබා දුන් එකම ද්වාරය Uber Eats කළමනාකරු වේ. "මම සෑම සමාලෝචනයකටම පිළිතුරු දෙන අතර මම සෑම කෙනෙකුටම ක්‍රෙඩිට් ලබා දෙමි. ඒ වගේම අහයපත් ප්‍රතිපෝෂණ පවා අගය කරනවා. ඒ විදිහට මම මගේ මෙහෙයුම තවත් හොඳ තත්වයට පත්කරනවා.”

වේගයෙන් වර්ධනය වීමට මෙවලම් සහ සහාය

රේට ඔහුගේ ගිණුම් කළමනාකරු සමඟ පුද්ගලික හා අඛණ්ඩ සම්බන්ධතාවයක් ඇති එකම තෙවන පාර්ශවීය බෙදාහැරීමේ හවුල්කරු Uber Eats වේ. "මැට් ට සහ මට හොඳ වාර්තාවක් තියෙනවා. මට ඕන වෙලාවක ඔහුව සම්බන්ධ කර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මිනිත්තු කිහිපයකින් ඔහු නැවත මාව සම්බන්ධ කර ගන්නවා පැමිණේ. ඔහු මට නව විශේෂාංග සහ ප්‍රවර්ධන ගැන ද පවසනවා."

ප්‍රවර්ධන ගැන කතා කරන විට, Uber Eats කළමනාකරු Uber Eats හි ප්‍රවර්ධන සහ ලෝයල්ටි වැඩසටහන් පරීක්ෂා කිරීම, දියත් කිරීම සහ කළමනාකරණය කිරීම පහසු කරයි. "හොඳම දෙය නම්, මට තත්‍ය කාලීනව ප්‍රතිඵල දැකිය හැකි වීමයි. කූපන්, නොමිලේ බෙදා හැරීම, BOGO ගනුදෙනු... මම ඕනෑම දෙයක් උත්සාහ කිරීමට කැමැතියි. එකක් ආසාර්ථක වුවහොත් මම වෙනත් දෙයකට යොමු වෙනවා "රේ පවසයි.

Uber Eats තමන්ගේම විකුණුම් බද්දක් ලබා දෙයි. "සෑම දෙපාර්තමේන්තුවක්ම භාරව සිටින කුඩා ව්‍යාපාර හිමිකරුවෙකු ලෙස, මට එය දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් වගේ දෙයක්."

"Uber Eats කළමණාකරු මගේ මාර්ගගත ප්‍රවර්ධන ක්‍රියාත්මක වන්නේද, විකුණුම් ඉහළ යන්නේද, ඒවා දිගටම කරගෙන යාමට ROI තිබේද යන්න බැලීම මට පහසු කරයි. එය සාර්ථක වේදැයි බැලීමට මම විවිධ දේ උත්සාහ කර බලනවා. ඉදිරියට යාමට ඔබ නිර්මාණශීලී විය යුතුය. එය සාර්ථක වූ විට, මා එය දිගටම කරගෙන යනවා."

රේ ෂිමොන්, හිමිකරු Chisme, SF

පද්ධති ඒකාබද්ධ කිරීම, Chisme හි සේවාව වැඩි දියුණු කිරීමට උපකාරී වේ

කොවිඩ් වලට පෙර, රේ සහ ඔහුගේ කණ්ඩායමට, එක් එක් බෙදාහැරීමේ හවුල්කරු සඳහා ඔවුන්ට ඔවුන්ගේ POS පද්ධතියට ඇණවුම් ඔවුන් විසින් ම හුවමාරු කිරීමට සිදු වූ නිසා ටැබ්ලට් තුනක් දක්වා අවශ්‍ය විය. නමුත් එය වෙහෙසකර හා අකාර්යක්ෂම වූ අතර පාරිභෝගික සේවාවේ දෝෂ වලට හේතු විය.

සුහුරු පද්ධති ඒකාබද්ධ කිරීමත් සමඟ රේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නංවා ඇති අතර ඇණවුම් නිරවද්‍යතාවය 50% හෝ ඊට වැඩි ප්‍රමාණයකින් වැඩි දියුණු කිරීමට උපකාරී වී ඇත. Uber Eats සහ අනෙකුත් තෙවන පාර්ශවීය බෙදාහැරීමේ විසඳුම් වෙතින් සහ Chisme හි ම වෙබ් අඩවිය වෙතින් ලැබෙන සියලු ඇණවුම්, දැන් තනි සබැඳි ඇණවුම් පද්ධතියක් හරහා සෘජුවම ඔවුන්ගේ POS පද්ධතියට යවනු ලැබේ. මෙය ඇණවුම් කළමනාකරණය සඳහා අත්පොත් ලබා දීමේ අවශ්‍යතාවය ඉවත් කරයි.

" මෙනු යාවත්කාලීන කිරීම් දැන් ඔන්ලයින් ඇණවුම් ඒකාබද්ධ කිරීමේ පද්ධතිය හරහා සිදු කරන අතර, අනෙක් සියල්ල - සමාලෝචන, දත්ත, ප්‍රවර්ධන - මම Uber Eats කළමනාකරු හරහා සිදු කරනු ලබනවා."

එය පිහිටුවීමට මාස 6 ක තැත් වරද ක්‍රමයක සිදු කළ පරීක්ෂණ කාලයක් ගත විය. එය සමහර අවස්ථාවලදී අතිශයින්ම බරපතල වූ බව රේ පැවසුවේය. Chisme’s හි අන්‍යන coconut horchata සඳහා ඇණවුම් වැඩි වූ සති දෙක උදාහරණයක් විදිහට දැක්විය හැකිය. "පාරිභෝගිකයන් බීම ඇණවුම් කළත් අප එය දැනගෙන හිටියේ නැහැ. මගේ Top Eats තත්ත්වය තාවකාලිකව අහිමි වූ අතර මඟහැරුණු බීම වලින් මට බොහෝ නරක සමාලෝචන ලැබුණි!"

නමුත් ඵලදායිතාව සහ නිරවද්‍යතාවයේ වර්ධනය නිසා ලැබෙන වාසි, වේදනාවට වඩා වටිනවා. අද, රේගේ පූර්ණ ඒකාබද්ධ POS සහ තෙවන පාර්ශවීය බෙදාහැරීමේ පද්ධති මගින් Chisme Cantina හට ඔවුන්ගේ "හොඳම සමස්ත ඇගයුම" පවත්වා ගැනීමට උපකාරී වන අඩු දෝෂ සහිතව ක්‍රියාත්මක වීමට සහ තරු 4.9 පවත්වා ගැනීමට උපකාරී වේ.

Select your preferred language
Englishසිංහල