Please enable Javascript
Skip to main content

මෙම ලිපියේ සඳහන් කර ඇති නිෂ්පාදන සහ සේවාවන්, ඔබේ කලාපය තුළ ලබා ගත නොහැකි විය හැක. ඔබට ප්‍රශ්න කිසිවක් ඇත්නම්, පාරිභෝගික සහාය සේවය හෝ ඔබේ ගිණුම් කළමනාකරු අමතන්න.

X small

ව්‍යාපාර වියදම් නිරීක්‍ෂණය කරන ආකාරය: අනුගමනය කිරීමට පියවර 6ක්

පැරණි කියමනකට අනුව, මුදල් ඉපයීමට නම් මුදල් අවශ්‍ය වේ. කුඩා ව්‍යාපාර සාමාන්‍යයෙන් ඔවුන්ගේ පිරිවැය අඩු මට්ටමක තබා ගැනීමට අපේක්‍ෂා කරන අතර, සුළු පිරිසකට මුදල් වියදම් කිරීමකින් තොරව ආරම්භ කර සාර්ථකත්වය අත් කරගත හැකිය. ඔබට වියදම් කිරීමට සිදු වන බැවින්, ඒවා නිරීක්‍ෂණය කිරීම සඳහා වන හොඳම ක්‍රමය ඔබ තීරණය කළ යුතුය.

ව්‍යාපාර වියදම් යනු මොනවාද?

අපි මූලික කරුණු වලින් පටන් ගනිමු: ව්‍යාපාර වියදම් යනු ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් ඔබ සිදු කරන ඕනෑම ආකාරයක වියදම් වේ. ඔබ සේවයට බඳවා ගන්නා පුද්ගලයින්, ඔබ මිලදී ගන්නා ද්‍රව්‍ය සහ ඔබ කුලියට වෙළඳසැල් ගොඩනැගිල්ල යන සියලුම දෑ ව්‍යාපාරික වියදම් වේ.

පොදු ව්‍යාපාරික වියදම් වර්ග

විවිධ වර්ගයේ ව්‍යාපාර විවිධ වර්ගයේ වියදම් වලට මුහුණ දෙනු ඇත, නමුත් මතකයේ තබා ගත යුතු වඩාත් පොදු ඒවා අතරට මේවා ඇතුළත් වේ:

  • ඔබේ වෙළඳසැලට හෝ කාර්යාලවලට අදාළ ඕනෑම වියදමක් (කුලිය, නඩත්තු කිරීම, උපයෝගිතා සහ අංගන වල කාර්ය වැනි)
  • ඔබ බඳවා ගත් සේවකයින් සහ ඔබ ගිවිසුම් ගත් කොන්ත්‍රාත්කරුවන්ගේ පිරිවැය
  • අලෙවිකරණය සහ ප්‍රචාරණ කටයුතුවලට අදාළ වියදම්
  • ඔබේ නිෂ්පාදන නිපදවීමට භාවිතා කරන ද්‍රව්‍ය (අවන්හලක් සඳහා ආහාර අමුද්‍රව්‍ය සහ වාණිජ මුළුතැන්ගෙයි භාණ්ඩ සැපයුම් හෝ විකුණන වෙළඳසැලක් සඳහා මල් සහ බඳුන් වැනි)
  • කාර්යාල සැපයුම්
  • ව්‍යාපාර කටයුතු සඳහා සකස් කළ මෘදුකාංග
  • ව්‍යාපාර කටයුතු ආශ්‍රිත ගමන් වියදම්
  • ඕනෑම වෘත්තීය සංවර්ධනය හෝ ජාලය වර්ධනය කිරීම සඳහා අදාළ පිරිවැය (දේශීය වාණිජ මණ්ඩලය සඳහා හිඟ මුදල් හෝ ඔබේ කුසලතා වැඩි දියුණු කිරීමට ඔබ හදාරන පාඨමාලා වැනි)

කුඩා ව්‍යාපාර හිමිකරුවන් සඳහා, පුද්ගලික ජීවිතය සහ ව්‍යාපාරික ජීවිතය අතර සමබරතාවය වෙනස් විය හැකි නමුත්, පුද්ගලික සහ ව්‍යාපාරික වියදම් අතර ඇති වෙනස හඳුනා ගැනීම වැදගත්ය.

බදු සකස් කිරීමේදී ව්‍යාපාර වියදම් ඇතුළත් කිරීමට අදහස් කරන ඕනෑම ව්‍යාපාරයක් සඳහා මෙය විශේෂයෙන් සත්‍ය වේ. ඔබ සහ ඔබේ වියදම් අඩු කිරීම් ලෙස ලැයිස්තුගත කිරීමෙන් පසු, බදු වලින් මුදල් ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔබේ රටේ ව්‍යාපාරික වියදමක් ලෙස ගණන් ගැනෙන දේ පිළිබඳ නිශ්චිත නීති සහ වර්ගීකරණයන් නිසි ලෙස ඉගෙන ගැනීම අත්‍යවශ්‍ය වේ.

ව්‍යාපාර පිරිවැය නිරීක්ෂණය වැදගත් වන්නේ ඇයි

ව්‍යාපාර පිරිවැය නිරීක්‍ෂණය ප්‍රයෝජනවත් පමණක් නොවේ; එය ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ මූලික අංගයකි. එය ප්‍රධාන හේතු කිහිපයක් නිසා වැදගත් වේ:

  • ඔබ වියදම් කළේ කොපමනද කියා නොදැන ඔබට ඔබේ ලාභය ගණනය කළ නොහැක. ව්‍යාපාරයේ සාර්ථකත්වය මැනීම ඔබ කොපමණ මුදලක් උපයා ඇත්ද යන්න මත පමණක් පදනම්ව නොවේ; එය ඔබේ සමස්ත ලාභය හා අදාළ යමක්ය. ගණනය කළ ලාභයේ අඩක් යනු, ඔබ වියදම් කළ මුදල් ප්‍රමාණය ලෙසද සැලකේ.


  • ඔබේ වියදම් ඔබේ ව්‍යාපාර බදු වලට බලපායි. එහි ප්‍රතිඵලයක් ලෙස, බොහෝ රටවල් ව්‍යාපාරවලට ව්‍යාපාර වියදම් අඩු කිරීමට සහ බදු අඩු කිරීමටද අවස්ථාව ලබා දෙයි. නමුත් මෙම ක්‍රියාවලිය තෝරාගැනීමට ප්‍රථම ඔබේ ව්‍යාපාර පිරිවැය කුමක්දැයි ඔබ දැනගත යුතුය.


  • ව්‍යාපාර අයවැයක් සෑදීම (සහ එය පවත්වා ගෙන යාම) සඳහා වියදම් අවබෝධ කර ගැනීම අවශ්‍ය වේ. අයවැයක් ඔබට වියදම් කළමනාකරණය කිරීමට සහ ඒවා ඔබට දැරිය හැකි මට්ටමකට තබා ගැනීමටද උපකාරී වේ. වියදම් සොයා බැලීම ද මූල්‍යකරණයේ වැදගත් කොටසකි.


  • ඔබට වියදම් අඩු කිරීමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක, ඔබ ඔබේ වියදම් පිළිබඳ මනා අවබෝධයෙන් සිටීය යුතුය. ඔබට අඩු කළ හැකි හෝ කපා හැරිය හැකි පිරිවැය ගණනය කළ හැක්කේ, ඔබ වියදම් කරන දේ පිළිබඳව දැන සිටීම ඔස්සේය. ව්‍යාපාර වියදම් නිරීක්ෂණය කිරීමෙන්, ඔබට යමක් සාමාන්‍ය අගයට වඩා වැඩි හෝ ඇත්ත වටිනාකමට වඩා වැඩි වූ විට, එය හඳුනා ගැනීමට හැකි වේ.


  • ඔබට කවදා හෝ ණයක් හෝ ආයෝජකයෙකු අවශ්‍ය නම්, ඔවුන්ට ඔබේ වියදම් පිළිබඳ වාර්තා බලාගැනීමට අවශ්‍ය වනු ඇත. ඔබේ ව්‍යාපාරය ආරක්ෂිත ආයෝජනයක් දැයි තෙවන පාර්ශ්වකරුවෙකුට දැන ගැනීමට අවශ්‍ය නම්, ඒ පිළිබඳව තීරණයකට පැමිණීමට, ඔවුන්ට ඔබේ වියදම් වාර්තා (ඔබේ ඉපැයීම් සමඟ) බැලීමට අවශ්‍ය වනු ඇත.

ව්‍යාපාර වියදම් නිරීක්‍ෂණය කිරීමට පහසුම ක්‍රමය කුමක්ද?

විශාල ව්‍යාපාරවලට මෙම කාර්යය ඉටු කිරීම සඳහා ගණකාධිකාරීවරුන් ස්ථිර සේවයේ නිරතව සිටිය හැකිය. නමුත් කුඩා ව්‍යාපාර වියදම් නිරීක්‍ෂණය කරන්නේ කෙසේද? ඔබ කාර්යබහුලයි. ඔබට ගිණුම් සටහන් කිරීම පිළිබඳ පුහුණුව නොලැබී තිබීමට ඉඩ ඇත. ඔබ කුඩා ව්‍යාපාර වියදම් නිරීක්‍ෂණය කිරීම සඳහා පහසුම විකල්පය සොයා ගත යුතුය.

බොහෝ කුඩා ව්‍යාපාර හිමිකරුවන් සඳහා, එයින් අදහස් කරන්නේ ක්‍රියාවලිය සරල කරන භාවිතයට පහසු ගිණුම්කරණ මෘදුකාංගයක් සොයා ගැනීම සහ එය නිතිපතා පවත්වා ගැනීමට උපකාරී වන ව්‍යාපාර වියදම් නිරීක්‍ෂණ පද්ධතියක් සංවර්ධනය කිරීමයි. කෙසේ වුවත්, ඒ සඳහා පරිශ්‍රමයක් දැරීමට අවශ්‍ය වේ. නමුත් නිවැරදි මෙවලම් සහ ක්‍රියාවලිය එය වඩාත් පහසුව කළමණාකරණය කිරිමට ඉඩ සලසයි.

වියදම් නිරීක්‍ෂණය කිරීම සඳහා පියවර 6ක්

ඔබේ ව්‍යාපාර වියදම් නිරීක්‍ෂණ ක්‍රියාවලිය නිවැරදිව සැකසීමට ප්‍රධාන පියවර ගණනාවක් ම ඇතුළත් වේ.

පියවර 1: ව්‍යාපාරය සඳහාම වෙන්කළ ණය කාඩ්පතක් භාවිත කරන්න

කුඩා ව්‍යාපාර හිමිකරුවන්ට බොහෝ විට පහසුව සඳහා ඔවුන්ගේ පුද්ගලික ක්‍රෙඩිට් කාඩ්පත මත පදනම්ව තම ව්‍යාපාර වියදම් සිදු කිරීමට සිදු වේ. නමුත් ව්‍යාපාර ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිතා කිරීම ව්‍යාපාරික බැංකු ගිණුමක් විවෘත කිරීම හා සමාන දෙයක් ඉටු කරයි: එය ගිණුම්කරණ ක්‍රියාවලිය පහසු කරමින් ව්‍යාපාර වියදම් පුද්ගලික වියදම් වලින් වෙන් කර තබා ගැනීමට ඔබට උපකාරී වේ. ඔබ ඔබේ ව්‍යාපාර ක්‍රෙඩිට් කාඩ්පත ව්‍යාපාරික අරමුණු සඳහා පමණක් භාවිතා කරන බවට වග බලා ගන්න. පුද්ගලික මිලදී ගැනීම් සඳහා ඔබ එය නොසැලකිලිමත් ලෙස භාවිතා කරන්නේ නම්, එය ඔබේ අරමුණ පරාජය කරයි (ඒ වගේම ඔබේ කාඩ්පත් සාමාජික ගිවිසුමේ නියමයන්ට ද පටහැනි විය හැකිය).

පියවර 2: ඔබගේ රිසිට්පත් තබා ගන්න

ඔබ ඒවා සටහන් කිරීමට පෙර ඔබේ රිසිට්පත් නැති නොවන බවට වග බලා ගැනීම සඳහා පද්ධතියක් සාදන්න. ඔබේ බොහෝ මිලදී ගැනීම් හරහා කඩදාසි රිසිට්පත් නිර්මාණය වන්නේ නම්, ඒවා නැති නොවන අන්දමින් ආරක්‍ෂිත ස්ථානයක තබා දිනය හෝ කාණ්ඩය අනුව ලේබල් කර ඇති ගොනු ෆෝල්ඩර වැනි දෑ භාවිතා කර ඔබේ ජීවිතය පහසු කිරීම සඳහා ඒවා සංවිධානය කරන්නේ කෙසේදැයි සලකා බලන්න.

ඩිජිටල් ගොනු සමඟ වැඩ කටයුතු කිරීම පහසු බව ඔබ සිතන්නේ නම්, ඔබේ රිසිට්පත් නිතිපතා ඩිජිටල්කරණය කරන්න. විවිධ වර්ගයේ මිලදී ගැනීම් සඳහා, ඔබට රිසිට්පතේ ඩිජිටල් අනුවාදයන් (මාර්ගගත ඇණවුම් වැනි) ස්වයංක්‍රීයව ලබා ගත හැකිය. අනෙක් ඒවා සඳහා, ඔබ කඩදාසි රිසිට්පත් ස්කෑන් කළ යුතුය. ඔබට පැරණි මාදිලියේ ස්කෑනරයක්, තිබේ නම්, භාවිතා කළ හැකිය, නැතිනම් ක්‍රියාවලිය පහසු කිරීම සඳහා නිර්මාණය කර ඇති රිසිට්පත්-ස්කෑන් කිරීමේ යෙදුමක් භාවිතා කළ හැකිය.

පියවර 3: ව්‍යාපාර වියදම් නිරීක්‍ෂණය කිරීම සඳහා නිවැරදි මෙවලම තෝරන්න

ඉහත සඳහන් රිසිට්පත් සකස් කරන යෙදුම් වලට අමතරව, සමස්ත වර්ගයේ මෘදුකාංග කුඩා ව්‍යාපාර හිමියන්ගේ ගිණුම් කටයුතු පහසු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසයි. ඔබට ඉතා සුදුසු තේරීම ඔබේ ව්‍යාපාර අවශ්‍යතා සහ පුද්ගලික තේරීම් මත රඳා පවතී (තවද, මෙම පියවරේදී සහ ඉන් එහාටද ඔබට සහාය වන ගණකාධිකාරියෙකු ලෙස මෙය ක්‍රියා කිරීමට හැකිය).

Spreadsheet එකක් තුළ අදාළ ගනුදෙනු සටහන්ගත කිරීම ඉතා අසීරු කාර්යක් ලෙස ඔබට පෙනීය හැකි නමුත්, බොහෝ ගිණුම්කරණ මෘදුකාංග ව්‍යාපාර වියදම්නිරීක්ෂණය සරල කරන ස්වයංක්‍රීයකරණය වැනි විශේෂාංගවලින්ද සමන්විතයි. වියදම් ස්වයංක්‍රීයව පුරනය වන පරිදි ඔවුන් ඔබේ බැංකු ගිණුම සම්බන්ධ කිරීමට අවස්ථාව සලසන අතර, ඉන්වොයිසි කිරීම සහ වාර්තා කිරීම වැනි වෙනත් ඉතා ඵලාදායී ගිණුම්කරණ විශේෂාංග ද ලබා දේ.

පියවර 4: ව්‍යාපාර වියදම් නිරීක්ෂණය කිරීමේ ක්‍රියාවලියක් සාදන්න

ඔබේ ක්‍රියාවලිය නිර්වචනය කිරීම ඔබ තෝරා ගන්නා මෙවලම මත රඳා පවතී, නමුත් නිවැරදි මෙවලම ඵලදායී වන්නේ ඔබ හොඳ ක්‍රියාවලියක් වැඩිදියුණු කර කරන්නේ නම් පමණි. පවතින විශේෂාංග මත පදනම්ව, ඔබේ වියදම් යාවත්කාලීනව පවත්වා ගැනීමට සහ මනා සංවිධානයකින් යුතුව තබා ගැනීම සඳහා පියවරෙන් පියවර ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න.

මෙය ගණකාධිකාරීවරයෙකු සමඟ සාකච්ඡා කිරීමට හොඳ පියවරකි. ඇතුළත් කළ යුතු ප්‍රධාන කාණ්ඩ සහ එක් එක් කාණ්ඩය තුළ කුමන ආකාරයේ වියදම් ඇතුළත් වන්නේද යන්න පිළිබඳව ඔවුන්ට උපදෙස් ලබා දීමට හැකිය. මෙහි ඔබේ ක්‍රියාවලිය පැහැදිලි කිරීමෙන් ඔබ්බට ගොස්, එය තම පාලනයේ තබා ගැනීම සඳහා ඔබ කළ යුතු දේ තේරුම් ගන්න. එයින් අදහස් කරන්නේ එය ඔබේ දෛනික චර්යාවේ කොටසක් බවට පත් කිරීම හෝ පුනරාවර්තන දින දර්ශන ඇඟවීමක් සැකසීම විය හැකිය.

පියවර 5: ව්‍යාපාර වියදම් නිරීක්ෂණය සඳහා සේවක මාර්ගෝපදේශ සාදන්න

ඔබේ ව්‍යාපාරයට සේවකයන් සිටීනම්, ඔවුන් ව්‍යාපාරය සඳහා කරන ඕනෑම මිලදී ගැනීමකදී, වියදම් නිරීක්ෂණය හැසිරවිය යුතු ආකාරය පැහැදිලිව නිර්වචනය කරන ක්‍රමවේදයක් සාදන්න. රිසිට්පත් සමඟ කළ යුතු දේ, වියදම් ස්ටහන් ගත කිරීම සඳහා වගකිව යුත්තේ කවුරුන්ද සහ ඔවුන් එය කළ යුත්තේ කෙසේද යන්න තීරණය කරන, පියවරෙන් පියවර පැහැදිලි කරන මාර්ගෝපදේශ ලේඛන.

පියවර 6: ඔබේ කුඩා ව්‍යාපාර වියදම් නිරීක්‍ෂණය ඔබේ පාලනයේ තබා ගන්න

මෙය පැවසීමට පහසු, නමුත් කිරීමට දුෂ්කරම කොටස විය හැකිය. කුඩා ව්‍යාපාර කාර්යබහුල වන අතරතුර ඔබේ අවධානය යොමු විය යුතු වෙනත් දේ සැමවිටම තිබෙනු ඇත. නමුත් ඔබ ප්‍රමාද වන තරමට, එය විශාල කාර්යයක් බවට පත් වනු ඇත. ඔබට සෑම දිනකම හෝ සතියකම ඒ සඳහා සුළු කාලයක් ගත කළ හැකිය, නැතහොත් ඔබේ ගණකාධිකාරීවරයා අවසන් දිනයක් නියම කරන විට වඩා දිගු ක්‍රියාවලියක සහ වෙහෙසකර පැය ගණනක් වෙන් කරමින් එහි සිර වී සිටීමට ද සිදු විය හැකිය.

කුඩා ව්‍යාපාර සඳහා සරල ගිණුම්-වාර්තා පවත්වා ගැනීම පිළිබඳ උපදෙස්

කුඩා ව්‍යාපාර වියදම් නිරීක්‍ෂණය සඳහා වූ ස්මාර්ට් ප්‍රවේශයක් සමඟින් ඔබට දේවල් සාපේක්‍ෂව ඉතා සරල ලෙස තබා ගැනීමට උපකාරී වේ. ව්‍යාපාරික වියදම් නිරීක්‍ෂණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ අමතර උපදෙස් කිහිපයක් මෙන්න:

ව්‍යාපාර හා අදාළ වියදම් සඳහා මුදල් නෝට්ටු භාවිතා කිරීමෙන් වළකින්න

මුදල් ගනුදෙනු නිරීක්ෂණය කිරීමට අපහසුය. සාපේක්ෂව, ඔබ ව්‍යාපාරික කාඩ්පත් ඔස්සේ සිදු කරන සෑම මුදල් ගනුදෙනුවක්ම, ඔබේ මාසික ප්‍රකාශයේ පිළිවෙලට පෙන්වනු ඇත. ව්‍යාපාරයක්දී මිලදී ගැනීමක් සඳහා මුදල් භාවිතා කිරීමට වටිනා හේතුවක් තිබේ නම්, සෑම ගනුදෙනුවකදීම රිසිට්පතක් ලබා ගැනීමට සැකැස්මක් ස්ථාපිත කරන්න. ඔබට එය අතපසු නොවන ලෙස වග බලා ගන්න.

තාක්ෂණයට සහාය වීමට ඉඩදෙන්න

ඔබ සතුව පද්ධතියක් සහිත පැතුරුම්පතක් තිබේ නම්, ඔබ වෙනුවෙන් සාර්ථකව ක්‍රියා කරන දේ සමඟ දිගටම රැඳී සිටින්න. ව්‍යාපාර වියදම් නිරීක්‍ෂණය (සහ වෙනත් ගිණුම්කරණ කාර්යයන්) පහසු කිරීමට සැබවින්ම අවශ්‍ය ඕනෑම කෙනෙකුට, තාක්‍ෂණය භාවිතයෙන් දේවල් සරල කළ හැකිය. ප්‍රයෝජනවත් විශේෂාංග ඉදිරිපත් කරන මෘදුකාංග නිෂ්පාදනයක් හෝ යෙදුමක් මගින් ඔබට කාලය ඉතිරි කර කරදරය මඟ හැරිය හැකිය.

නමුත් ඒවා වෙනුවෙන් ආයෝජනය කිරීමෙන් ඔබ්බට ගොස්—ඒවා භාවිත කරන්න. ලබා ගත හැකි විශේෂාංග තේරුම් ගැනීමට සහ ඒවා ඔබේ ක්‍රියාවලියට ඇතුළත් කිරීමට අවශ්‍ය කාලය ගන්න. මෘදුකාංගය ඔබට වියදම් නිරීක්‍ෂණය ස්වයංක්‍රීය කිරීම සඳහා ඔබේ බැංකු ගිණුම සම්බන්ධ කිරීමට ඉඩ දෙන්නේ නම්, එය කරන්න. ඔබ භාවිතා කරන වෙනත් තාක්‍ෂණික නිෂ්පාදනවල කාර්යයන් පහසු කරන විශේෂාංග තිබේදැයි බලන්න. ඇණවුම් හෝ ගෙවීම් සැකසීමට ඔබ තෙවන පාර්ශ්වීය ප්ලැට්ෆෝමයක් භාවිතා කරන්නේ නම්, ඒවා සමඟ ඔබේ වියදම් නිරීක්‍ෂය කිරීම සරල කිරීමට විශ්ලේෂණ ලබා දෙන්නේ දැයි පරීක්‍ෂා කරන්න. වෙනදාට වඩා කාර්යබහුල වීමට හෝ කාර්යයන් වඩා දුෂ්කර කිරීමට කිසිදු හේතුවක් නැත.

ඔබ වෙනුවෙන් සාර්ථකව ක්‍රියා කරන ක්‍රමයක් සමඟ රැඳී සිටින්න

කුඩා ව්‍යාපාර පිරිවැය නිරීක්‍ෂණය සඳහා හොඳම ක්‍රමය වන්නේ ඔබ දිගටම ඒ හා බැඳී සිටින එකක් වේ. ඔබ නව ක්‍රියාවලියක් උත්සාහ කළ පසුව පැරණි සහ තමන්ට හුරුපුරුදු ක්‍රමය වඩා හොඳ යැයි ඔබට හැඟේ නම්, ඒ වෙත ආපසු යන්න. ඔබේ වත්මන් ක්‍රියාවලිය ඔබව නිරන්තරයෙන් ප්‍රමාද කරවන්නේ නම් හෝ වියදම් අතපසු කරවන්නේ නම්, වෙනස් දෙයක් උත්සාහ කර බලන්න. මෙහි එකම එක හරි ක්‍රමයක් කියා කිසිවක් නැත, යමක් කර සම්පූර්ණ කරන්නේ නම් හරි ක්‍රමය වන්නේ එයයි.

ඔබේ Uber Eats ව්‍යාපාරික වියදම් සහ ආදායම පිළිබඳ වාර්තාවක් තබා ගන්න

ඔබේ ව්‍යාපාරය දැනටමත් Uber Eats භාවිත කළත් නැතිනම් එය සලකා බලමින් සිටියත්, Uber Eats ප්ලැට්ෆෝමය තුළ ව්‍යාපාරික වියදම් නිරීක්ෂණය කරන්නේ කෙසේදැයි ඔබ කල්පනා කරමින් සිටිය හැක. Uber Eats ඇණවුම්වලට අදාළ ව්‍යාපාරික වියදම් පහසුවෙන් බැලීමට Uber Eats අදාළ ක්‍රියාකාරීත්වය ලබා දෙයි.

ආරම්භ කිරීමට, යෙදුම විසින් Uber Eats දත්ත ඔබේ ව්‍යාපාරය පිළිබඳ අවබෝධයක් බවට පත් කරන පුරෝකථනය කළ හැකි පොහොසත් විශ්ලේෂණ සපයයි. මෙම ක්‍රියාකාරිත්වය භාවිතා කරමින්, ඔබේ පාරිභෝගිකයන් වැඩිපුරම අවධානය යොමු කරන්නේ කුමන අයිතම සඳහා දැයි බැලීමට, වඩාත් කාර්යක්‍ෂමව ක්‍රියාත්මක වන ස්ථාන බැලීමට වෙළඳසැල් අනුව ඇණවුම් නිරවද්‍යතාවය නිරීක්‍ෂණය කිරීමට සහ ඔබේ ව්‍යාපාරය සඳහා විශේෂිත අලෙවිකරණ ප්‍රවර්ධන කොපමණ දැයි ඉගෙන ගැනීමට ඔබට ඔබේ විකුණුම්වල සවිස්තරාත්මක වාර්තා ලබා ගත හැකිය.

මීට අමතරව, Uber Eats කළමනාකරු ඩෑෂ්බෝඩයේ ගෙවීම් ටැබය මඟින් යෙදුම හරහා සිදු කරන ලද සියලුම ඇණවුම් සඳහා වූ ඔබේ වියදම් සවිස්තර වාර්තාවක් බැලීමට ඔබට ඉඩ සලසයි. ගාස්තු, පාරිභෝගිකයන් වෙත වූ ආපසු ගෙවීම්, බදු සහ අලෙවිකරණ වියදම් ඇතුළුව නිශ්චිත වියදම් කාණ්ඩවලට වර්ග කළ හැකි ආකාරය බැලීමට පහත වීඩියෝව බලන්න:

මේ සියල්ලෙන් ඔබට ඔබේ ව්‍යාපාර අරමුදල් ආයෝජනය කරන්නේ කොතැනද යන්න පිළිබඳ වඩා හොඳ තීරණ ගැනීමට හැකි වේ.

කළමණාකරනයකට මඟ පෙන්වයි

ස්මාර්ට් ලෙස මුදල් පරිහරණය කිරීම හොඳ ව්‍යාපාරයකට අත්‍යවශ්‍ය සාධකයකි. මන්ද අපි, මුදල් ඉපැයීමට නම් මුලින් මුදල් වැය කිරීමට අවශ්‍ය බව සඳහන් කරන නිසාමයි. නමුත් ඔබ කොපමණ මුදලක් වැය කරනවාද, එය යන්නේ කොතැනටද සහ එය කොපමණ මුදලක් ආපසු ගෙන ඒද යන්න පිළිබඳව දැනුවත්ව සිටීම සාර්ථකවත් කුඩා ව්‍යාපාරයක එක් නිදසුනකි.

Uber Technologies, Inc. සහ එහි අනුබද්ධ සමාගම් බදු, නීතිමය හෝ ගිණුම්කරණ උපදෙස් සපයන්නේ නැත. මෙම මූලාශ්‍රය, තොරතුරු දැනගැනීමේ අරමුණු සඳහා පමණක් සකස් කර ඇති අතර බදු, නෛතික හෝ ගිණුම්කරණ උපදෙස් ලබා දීමට අදහස් නොකරන බැවින්, මේවා මත පමණක් රඳා නොසිටිය යුතුය. මෙම ලිපියේ විෂය පථයට අදාළ ඕනෑම තීරණයක් ගැනීමට පෙර ඔබේ බදු, නීතිමය සහ ගිණුම්කරණ වෘත්තිකයින්ගෙන් උපදෙස් ලබා ගත යුතුය.

Select your preferred language
Englishසිංහල