Please enable Javascript
Skip to main content

මෙම ලිපියේ සඳහන් කර ඇති නිෂ්පාදන සහ සේවාවන්, ඔබේ කලාපය තුළ ලබා ගත නොහැකි විය හැක. ඔබට ප්‍රශ්න කිසිවක් ඇත්නම්, පාරිභෝගික සහාය සේවය හෝ ඔබේ ගිණුම් කළමනාකරු අමතන්න.

X small

ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට සහ ප්‍රචාරය කිරීමට ක්‍රම 10 ක්

කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර (SMB) හිමිකරුවන්ට ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රචාරණය කිරීම අභියෝගාත්මක විය හැකිය. සියල්ලට පසු, ඔබ අසීමිත අයවැයක් සමඟ වැඩ නොකරන අතර ඔබට පුළුල් අලෙවිකරණ සහ වෙළඳ ප්‍රචාරණ පළපුරුද්දක් නොමැති විය හැකිය.

නමුත් එය ඔබව නතර කිරීමට ඉඩ නොදෙන්න. SMB හිමියන්ට තවමත් අන්තර්ජාලය හරහා, සමාජ මාධ්‍ය හරහා සහ ඔවුන්ගේ ප්‍රාදේශීය ප්‍රජාවට අධික වියදමකින් තොරව තම ව්‍යාපාරය ඵලදායී හා උපායමාර්ගිකව ප්‍රවර්ධනය කළ හැකිය.

පහත උපාය මාර්ග 10 සමඟ ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රචාරය කිරීම:


  1. ඔබේ Google ව්‍යාපාර පැතිකඩට හිමිකම් කීම සහ ප්‍රශස්ත කිරීම
  2. ඔබේ ස්වභාවික සෙවුම් දෘශ්‍යතාව වැඩි දියුණු කරන්න
  3. Google දැන්වීම් ප්‍රචාරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්න
  4. අදාළ සමාජ මාධ්‍ය වල නිතිපතා පළ කරන්න
  5. පළමු මොහොතේදී ම ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගන්න
  6. දැන්වීම් ධාවනය කිරීමට ගෙවන්න (විශේෂයෙන් TikTok Spark දැන්වීම් සඳහා)
  7. සමාජ සෙවුම් සඳහා පළකිරීම් සිරස්තල ප්‍රශස්ත කරන්න
  8. ප්‍රජා ඉසව් සහ සංවිධාන සමඟ සම්බන්ධ වන්න
  9. ප්‍රාදේශීය සෙවුම් යාන්ත්‍රණය ‍ප්‍රශස්තකරණය (SEO) සඳහා ආයෝජනය කරන්න
  10. සමාජ මාධ්‍ය දැන්වීම් සඳහා ප්‍රාදේශීය ඉලක්ක විකල්පය භාවිතා කරන්න

Google හි ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන ආකාරය

සෙවුම් අරමුණු සඳහා බොහෝ පාරිභෝගිකයින් සමාජ මාධ්‍ය වෙත හැරෙමින්

සිටියද, ලොව පුරා අංක එකේ සෙවුම් යන්ත්‍රය සහ වැඩිපුරම නරඹන වෙබ් අඩවිය ලෙස Similarweb හි 2023 දත්ත අනුව තවමත් Google පවතී.

ඔබ අන්තර්ජාලය හරහා ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, Google වෙත අවධානය යොමු කිරීමෙන් ආරම්භ කරන්න. Google හි ඔබේ ව්‍යාපාරය සොයා ගැනීමට පාරිභෝගිකයින්ට උපකාර කළ හැකි ක්‍රම පහත දැක්වේ.

1. ඔබේ Google ව්‍යාපාර පැතිකඩට හිමිකම් කීම සහ ප්‍රශස්ත කිරීම

ඔබේ Google ව්‍යාපාර පැතිකඩට හිමිකම් කීම (කලින් Google මගේ ව්‍යාපාරය ලෙස හැඳින්වීය) ඔබට වෙළෙන්දෙකු ලෙස ලබා දිය හැකි හොඳම තෑග්ගකි. ඔබේ ලැයිස්තුවට හිමිකම් කීම නොමිලේ වන අතර, ඔබේ පැතිකඩ නව පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගනිමින් Google සිතියම් සමඟ අදාළ Google සෙවුම් ප්‍රතිඵලවල ඉහළින්ම සිටිනු ඇත.

ඔබේ Google ව්‍යාපාර ලැයිස්තුවට හිමිකම් කීමට සහ ප්‍රශස්ත කිරීමට, Google ව්‍යාපාර පැතිකඩ පිටුවට පිවිසෙන්න, ඔබේ වෙළඳසැල සොයන්න, ඔබේ වෙබ් අඩවිය සත්‍යාපනය කරන්න.

ඔබ හිමිකාරිත්වය සත්‍යාපනය කළ පසු, නිවැරදි ව්‍යාපාරික විස්තර, දුරකථන අංකය, වෙනත් සම්බන්ධතා තොරතුරු, සහ උසස් තත්ත්වයේ ඡායාරූප සමඟ ඔබේ ලැයිස්තුගත කිරීම යාවත්කාලීන කරන්න. අවසාන වශයෙන්, සෙවුම් දෘශ්‍යතාව වැඩි දියුණු කිරීම සඳහා, සුදුසු ප්‍රාථමික සහ ද්විතීයික කාණ්ඩ තෝරන්න. උදාහරණයක් ලෙස, ඔබේ ව්‍යාපාරය කැෆේ, ෆාමසියක් සහ සකසන ලද ආහාර ඇතුළත් සිල්ලර වෙළඳසැලක් නම්, ඔබ ඔබේ ප්‍රාථමික කාණ්ඩය ලෙස සිල්ලර භාණ්ඩ තෝරා ගනු ඇත. ඔබේ ද්විතීයික කාණ්ඩ වන්නේ කැෆේ, ෆාමසිය සහ සකසන ලද ආහාර වේ. ඔබ මෙම ක්‍රියාවලිය අවසන් කළ පසු, ඔබේ Google ව්‍යාපාර පැතිකඩ සජීවී වනු ඇත.

2. ඔබේ ස්වභාවික සෙවුම් දෘශ්‍යතාව වැඩි දියුණු කරන්න

BrightEdge හි 2019 SEO පර්යේෂණ වාර්තාවකට අනුව, සියලුම වෙබ් අඩවි ප්‍රවේශයන්ගෙන් 53% ක් ස්වභාවික සෙවුම් ප්‍රතිඵල හරහා පැමිණේ. එපමණක්ද නොව, පිටුවලින් 91%කට ස්වභාවික ගූගල් සෙවුම් ප්‍රවේශ්‍ය නොලැබෙන බව Ahrefs සොයා ගත්තේය.

මෙම දත්ත ලක්ෂ්‍යයන් ඉලක්කගත ‌ස්වභාවික ප්‍රවේශයන්ගෙන් විශාල කොටසක් ග්‍රහණය කර ගැනීමේදී හොඳින් ප්‍රශස්තිකරණය කළ අන්තර්ගතයන් කෙතරම් සාර්ථකද යන්න පෙන්නුම් කරයි. අකාර්යක්ෂම SEO නිසා බොහෝ වෙබ් අඩවි අන්තර්ගතය නිෂ්පාදනය කරන අතර ශුන්‍ය ප්‍රතිඵල දකිනු ඇත.

උසස් තත්ත්වයේ ස්වභාවික ප්‍රවේශ්‍ය ග්‍රහණය කර ගැනීම සඳහා, ඉලක්කගත සහ යාවත්කාලීන SEO ශිල්පීය ක්‍රම සඳහා ආයෝජනය කිරීම වැදගත් වේ. මූලික මට්ටමින්, මෙයින් අදහස් කරන්නේ මූල පද පිරික්සීම සහ පිටුවේ SEO සමඟ ආරම්භ කිරීමයි. ඔබට ආරම්භයක් ලබා දීම සඳහා අත්‍යවශ්‍ය පියවර කිහිපයක් මෙන්න:

  • ඉලක්කගත මූල පද හඳුනා ගන්න. ඔබේ වෙබ් අඩවියට පාරිභෝගිකයින් යොමු කිරීම සඳහා ඔබට ඉලක්ක කළ හැකි මූල පද සොයා ගැනීමට ගූගල් දැන්වීම් පූල පද සැකසුම් වැනි මූල පද පර්යේෂණ මෙවලම් භාවිතා කරන්න. අදාළත්වය, තරඟය සහ සෙවුම් පරිමාව මත පදනම්ව ඇගයීම.


  • මූල පදවලට ප්‍රමුඛතාවය දෙන්න. ඉහළ ඉල්ලුමක් ඇති, අඩු හා මධ්‍යම දුෂ්කරතා ඇති සහ පරිශීලක සෙවුම් අභිප්‍රාය සමඟ ගැලපෙන මූල පද තෝරන්න.


  • සෙවුම් යන්ත්‍ර ‍ප්‍රතිඵල පිටු විශ්ලේෂණය කරන්න (SERPs). ඔබේ ප්‍රධාන මූල පද සඳහා ශ්‍රේණිගත කර ඇති අඩවි මොනවාදැයි බැලීමට සහ ඒවායේ අන්තර්ගතය ව්‍යුහගත කරන්නේ කෙසේදැයි හඳුනා ගැනීමට SERPs අතින් සමාලෝචනය කරන්න.


  • අන්තර්ගත කාලසටහනක් සාදන්න. ඔබේ එක් එක් මූල පද සඳහා අන්තර්ගතය ලිවීමට දින දර්ශනයක් එක් කරන්න.


  • SEO සාරාංශ ලියන්න. ඔබට ඉලක්ක කිරීමට අවශ්‍ය එක් එක් මූල පදය සඳහා වෙනම SEO සාරාංශයක් සාදන්න. ඔබේ අතින් කළ SERP විශ්ලේෂණයෙන් ඔබ ඉගෙන ගත් දේ මත පදනම්ව මූලික මූල පදය, පිටු SEO මාර්ගෝපදේශය සහ දළ සටහනක් ඇතුළත් කරන්න.


  • පිටුවේ SEO උපක්‍රම ‍ක්‍රියාත්මක කරන්න. මාතෘකාව, මෙටා විස්තරය, මාතෘකා, URL සහ අන්තර්ගතය තුළ ඔබේ මූලපද භාවිතා කරන්න.

ඔබේ මූලික මූල පද වටා අන්තර්ගතය නිර්මාණය කිරීම සෙවුම් යන්ත්‍ර ශ්‍රේණිගත කිරීම් සාක්ෂාත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන අතර, එය සටනේ අඩක් පමණි. SEO සඳහා වෙබ් අඩවියෙන් පිටත සහ තාක්ෂණික උපක්‍රම ද ඇතුළත් වේ. ඔබ SEO උපාය මාර්ගයට ගැඹුරින් පිවිසීමට සූදානම් විට, Moz වෙතින් වන SEO වෙත ආරම්භක මාර්ගෝපදේශයේ පියවර අනුගමනය කරන්න.

3. Google දැන්වීම් ප්‍රචාරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්න

ගෙවීමක් නොකර සෙවීමට හැකියාව ලබා දීම විශිෂ්ට ආයෝජනයක් වුවද, එය දිගු කාලීන ප්‍රතිථල ලබා දෙන ක්‍රියාවලියකි. බොහෝ විට ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ගුණාත්මක අන්තර්ගතයන් මාස ගණනක් පළ කිරීමට සිදු වේ. ඔබ වහාම ඔබේ ඉලක්කගත ප්‍රේක්ෂකයින් ඉදිරියේ සිටීමට බලාපොරොත්තු වන්නේ නම්, Google දැන්වීම් ප්‍රචාරණ ව්‍යාපාරය සලකා බලන්න.

WordStream හි 2023 සෙවුම් ප්‍රචාරණ සන්ධිස්ථාන වාර්තාවට අනුව, වඩාත් පොදු අවශ්‍යතාවට අනුව සකසන ලද ගෙවා ප්‍රචාරණය කරන ව්‍යාපාර 23ක සාමාන්‍ය ක්ලික්-කිරීමේ අනුපාතය 6% කි. අවන්හල් සහ ආහාර සඳහා, ක්ලික් කිරීමේ අනුපාතය 9% කට ආසන්න වේ. මෙයින් පෙන්නුම් කරන්නේ නිශ්චිත සෙවුම් අභිප්‍රාය ඇති පාරිභෝගිකයින් Google හි ගෙවන වෙළඳ ප්‍රචාරණ ලැයිස්තු ගත කිරීම් මත ක්ලික් කරන බවයි.

Google දැන්වීම් ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කරන විට, ප්‍රශස්ත ප්‍රතිඵල සඳහා ඔබේ දැන්වීම් වියදම් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔබට උදවු කිරීමට Google විශේෂාංග කිහිපයක් ඉදිරිපත් කරයි. නිදසුනක් ලෙස, ඔබට නිශ්චිත ගනුදෙනුකරුවන් සහ ජන විකාශනයක් ඉලක්ක කර ගැනීමට පරාමිතීන් සැකසිය හැකි අතර ඔබේ දැන්වීම් දැකීමට ඔබට අවශ්‍ය නැති ඒවා පෙරහන් කළ හැකිය.

ඔබේ දැන්වීම් ක්‍රියාත්මක වන විට, ඔබේ මූල පද ලංසු මිල සහ ඔබේ මුළු අයවැය පිළිබඳව ඔබට පූර්ණ පාලනයක් ඇති අතර, ඔබ ගෙවන්නේ යමෙකු ඔබේ දැන්වීම මත ක්ලික් කළ විට පමණි. සමාලෝචනය කිරීමට වෙනත් ප්‍රයෝජනවත් විශේෂාංග අතරට දැන්වීම් වලට අධික ලෙස නිරාවරණය වීම වැළැක්වීම සඳහා සංඛ්‍යාත ආවරණ, වැඩි අදාළත්වයක් සඳහා අන්තර්ගත ඉලක්ක කිරීම සහ තත්ත්ව පාලනය සඳහා පරිවර්තන නිරීක්‍ෂණය වැනි පරාමිතික අධීක්‍ෂණය ඇතුළත් වේ.

සමාජ මාධ්‍ය තුළ ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන ආකාරය

සමාජ මාධ්‍ය අලෙවිකරණය සඳහා ආයෝජනය කිරීම ව්‍යාපාරවලට ගත හැකි බුද්ධිමත්ම තීරණවලින් එකකි. පාරිභෝගිකයින් සිය දුරකථනය බහුලව භාවිත කරන අතර, සෑම පරම්පරාවකම සමාජ මාධ්‍ය භාවිතය ඉහළ යමින් තිබේ.

සමාජ මාධ්‍ය ප්‍රචාරණය පවා ගෙවා සිදු කරන සෙවුම් වලට වඩා ජනප්‍රිය වීමට ආරම්භ වී ඇත. 2021 Zenith වාර්තාව පෙන්නුම් කරන්නේ ගෙවන ලද සමාජ වර්ධන වේගය වසරකට 25% ක් වන අතර ගෙවීම් ක්ලික් කිරීම් වලට ගෙවන මුදල ඩොලර් බිලියන 2 කින් ඉහළ ගොස් 2021 දී ඩොලර් බිලියන 137 ක් දක්වා ළඟා වන බවයි.

එපමණක් නොව, සාමාන්‍ය පාරිභෝගිකයා දැන් දේශීය නිර්දේශ සෙවීම සඳහා නිතිපතා TikTok සහ Instagram වැනි වේදිකා වෙත හැරෙමින් සිටී. 2022 දී Google හි ජ්‍යේෂ්ඨ උප සභාපති ප්‍රභාකර් රාගවන් තහවුරු කළේ යෞවනයන්ගෙන් 40% කට ආසන්න ප්‍රමාණයක් Google සෙවුම් සහ සිතියම් වලට වඩා TikTok හෝ Instagram හි සෙවීම් ආරම්භ කරන බවයි.

සමාජ මාධ්‍ය හරහා ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට හැකි උපායමාර්ගික ක්‍රම කිහිපයක් දෙස සමීපව බලමු.

4. අදාළ සමාජ මාධ්‍ය වල නිතිපතා පළ කරන්න

"උදෑසනම අවදි වන කුරුල්ලාට පණුවන් ලැබේ" ලෙස ඉංග්‍රීසි කියමනක් ඇත. සමාජ මාධ්‍ය අලෙවිකරණයේ දී, එය “ස්ථාවර කුරුල්ලා පණුවෙකු ලබා ගනී” යන්න ලෙස සැලකේ.

සමාජ මාධ්‍ය ඇල්ගොරිතම නිතිපතා වෙනස් වීම සෑම දෙනා දන්නා දෙයක් වුවද, එක් සාධකයක් ප්ලැට්ෆෝම සියල්ලේම ස්ථාවරව පවතී: ඒ පුළුල් ප්‍රවේශයක් සහිතව නිතිපතා පළ කරන ගිණුම් සඳහා ඇල්ගොරිතමය ප්‍රතිලාභ ලබා දෙන බවයි.

TikTok වැඩි නිරාවරණයක් සහිත නව ගිණුම්වලට දීමනා ලබා දෙන බැවින්, පළමු මාස 2-3 සඳහා සෑම දිනකම පළ කිරීම විශේෂයෙන් වැදගත් වේ.

5. පළමු මොහොතේදී ම ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගන්න

සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ඉතා වේගවත්. ඔබ ඔබේ පළ කිරීම්, වීඩියෝ හෝ උපසිරැසි තුළ පළමු තත්පර 1 සිට 2 දක්වා කාලය තුළ ඔබේ ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර නොගන්නේ නම්, ඔබේ අනාගත පාරිභෝගිකයන් වෙනත් දේ වෙත අනුචලනය කරනු ඇත. TikTok හි නිර්මාණාත්මක මධ්‍යස්ථානය වීඩියෝවක පළමු තත්පර 2 තීරණාත්මක වන අතර එයට දැන්වීමක් සාර්ථක කිරීමට හෝ අසාර්ථක කිරීමට හැකියාව ඇත මතය ශක්තිමත් කරයි.

ඔබේ සමාජ මාධ්‍ය අන්තර්ගතය සැලසුම් කිරීමේදී, රඳවා ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර නරඹන්නන්ට නැරඹීමට දිරිගැන්වීමක් ලබා දෙන්න. එය නිසැකවම සිත්ගන්නා සුළු බව සහතික කර ගන්න. බහුවිධ ආකර්ෂණය කර ගැනීමේ ක්‍රම ඇති කරන්න. ඔබේ ආකර්ෂණය කර ගැනීමේ ක්‍රම අත් හදා බලන්න. ඔබේ ප්‍රේක්ෂකයින් උනන්දුවක් දක්වන දේ ඉගෙන ගැනීමට කාලය ගන්න, පසුව ඔබේ සොයාගැනීම් වලට නැඹුරු වන්න.

6. දැන්වීම් ප්‍රචාරය කිරීමට ගෙවන්න (විශේෂයෙන් TikTok Spark දැන්වීම් සඳහා)

ඕනෑම සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝමයක ස්වභාවික ප්‍රවේශය සාක්ෂාත් කර ගැනීම සිහිනයක් සැබෑ වීමකි. ඔබට සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝම හරහා ගෙවන අවස්ථා සමඟ ඔබේ අන්තර්ගතය විවිධ ආකාරවලින් තවදුරටත් ගෙන යා හැකිය.

ඔබ වැඩිපුරම ප්‍රචාරය කිරීමට තෝරා ගන්නා සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝමය බොහෝ දුරට රඳා පවතින්නේ ඔබේ ඉලක්කගත ප්‍රේක්ෂකයින් මත ය. ඔබට වීඩියෝ අන්තර්ගතයන් නිර්මාණය කිරීම පහසු සහ හුරුපුරුදු නම්, TikTok තවදුරටත් ගවේෂණය කිරීම වටී.

2021 TikTok සහ Neurons ගෝලීය අධ්‍යයනයකින් හෙළි වූයේ 99% ක්ම පරිශීලකයින් TikTok දැන්වීමක් ධාවනය කරන විට ඔවුන්ගේ උපාංග භාවිත කරමින් ම සිටින බවත්, වෙනත් ප්ලැට්ෆෝමවල දැන්වීම් නරඹන විට උපාංග භාවිත කරමින් ම සිටින්නේ 76% ක් පමණක් බවත් ය.

මෙයට එක් හේතුවක් විය හැක්කේ TikTok හි සුවිශේෂී Spark දැන්වීම් විකල්පය ය. Spark දැන්වීම්, වෙළඳ නාමවලට වෙනත් නිර්මාණකරුවන් විසින් සාදන ලද ස්වභාවික පළ කිරීම් ඉහළ නැංවීමට ඉඩ සලසයි. වෙනත් වචන වලින් කිවහොත්, Spark දැන්වීම් යනු (හොඳ තත්වයේ නව නිෂ්පාදනයක්, අවන්හලක් හෝ වෙළඳසැලක් වැනි දෙයක් ගැන කතා කරන සැබෑ පාරිභෝගිකයින් වන) පරිශීලකයින් විසින් ජනනය කරන ලද අන්තර්ගතය භාවිතයෙන් ගෙවීම් සහිත ප්‍රවර්ධනයන් වේ. 2023 TINT වාර්තාවකින් හෙළි වූයේ පාරිභෝගිකයින් අව්‍යාජ පරිශීලකයින් විසින් ජනනය කරන ලද අන්තර්ගතය විශේෂයෙන් ප්ලැට්ෆෝමයක සිටින පරිශීලකයින් විසින් ජනනය කරන ලද අන්තර්ගතය සහ සන්නාමගත අන්තර්ගතය සමඟ සසඳන විට වඩාත් විශ්වාසදායක අන්තර්ගතයක් ලෙස ඇගැයුම් කරන බවයි.

7. සමාජ සෙවුම් සඳහා පළකිරීම් සිරස්තල ප්‍රශස්ත කරන්න

කලින් සඳහන් කර ඇති පරිදි සහ ගූගල් හි රාගවන් විසින් සනාථ කර ඇති පරිදි, පාරිභෝගිකයින් නිෂ්පාදන නිර්දේශ, දේශීය අවන්හල් සහ ඔවුන් අසල හොඳ වෙළඳසැල් සෙවීම සඳහා සමාජ මාධ්‍ය වේදිකා වෙත වැඩි වැඩියෙන් හැරෙමින් සිටී.

සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝමයන් ඔවුන්ගේ සෙවුම් හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා දැඩි ලෙස නැඹුරු වේ. නිදසුනක් වශයෙන්, TikTok ආයතනය මෑතකදී පරිශීලකයින්ට සෙවීම ප්‍රශස්තිකරණය කිරීමට ඉඩ දීම සඳහා උපරිම උපසිරැසි දිග අක්ෂර 2,200 දක්වා පුළුල් කළේය. Instagram හි උපසිරැසි දිග ද 2,200 කි.

ඔබේ පැතිකඩෙහි පින්තූරයක් හෝ වීඩියෝවක් පළ කිරීමේදී, ඔබ සැමවිටම ඔබේ ඉහළම මූල පද සහ අදාළ හැෂ් ටැග් ඇතුළත් පූර්ණ, විස්තරාත්මක සහ බලගතු මාතෘකාවක් නිර්මාණය කළ යුතුය.

ප්‍රාදේශීය වශයෙන් ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන ආකාරය

විශේෂයෙන් ඔබ නව ප්‍රේක්‍ෂකයින් වෙත ඔබේ ප්‍රවේශය පුළුල් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඩිජිටල් අලෙවිකරණය ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට විශිෂ්ට ක්‍රමයක් බව රහසක් නොවේ.

නමුත් නිතිපතා ඔබේ වෙළඳසැල පසුකර යන හෝ රිය පදවන පුද්ගලයන්ට ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් ද තිබේ. අපි ඔබේ වඩාත්ම විශ්වාසවන්ත අනුග්‍රාහකයින්, එනම් ඔබේ ප්‍රජාව, ඉලක්ක කරගත් ස්මාර්ට්, පිරිවැය-ඵලදායී ප්‍රචාරණ සහ අලෙවිකරණ උපාය මාර්ග වෙත විස්තරාත්මක ලෙස බලමු.

8. ප්‍රජා ඉසව් සහ සංවිධාන සමඟ සම්බන්ධ වන්න

ප්‍රජාව ඔබේ වෙළඳසැලට ගමන් නොකරන්නේ නම්, ඔබේ කුඩා ව්‍යාපාරය වෙළඳ නාම දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රජාව වෙත ගෙන යන්න. ප්‍රාදේශීය පාරිභෝගිකයින් ඔබේ ව්‍යාපාරය පවතින බව නොදැන සිටීමට, අන් ‌අයගෙන් ඔබේ වෙළඳසැල ගැන අසා නොතිබීමට, නැතහොත් ඔබේ විශිෂ්ට නිෂ්පාදන කිසිවක් උත්සාහ කර නොමැති වීමට ඉඩ ඇත.

ඔබේ ප්‍රේක්ෂකයින් පෞද්ගලිකව යන වඩාත්ම ලාභදායී හා හොඳින් සහභාගී වන ප්‍රාදේශීය ඉසව් ගැන පර්යේෂණ කරන්න, පසුව දේශීය ව්‍යාපාරික වෙළෙන්දෙකු වීමට ලියාපදිංචි වන්න. මෙයින් ප්‍රාදේශීය වෙළඳ කුටියක වැඩ කිරීම, ඔබේ නිෂ්පාදනයේ සාම්පල ලබා දීම, දීමනා හෝ යොමු කිරීමේ ප්‍රවර්ධන වැනි අහක බලා යා නොහැකි දීමනා ලබා දීම හෝ උත්සවයකදී ආහාර ට්‍රක් රථයක් නවත්වා තිබීම පවා අදහස් විය හැකිය. ඔබේ ප්‍රාදේශීය උත්සවයේදී, උනන්දුවක් දක්වන පාරිභෝගිකයින්ට අනාගත ප්‍රවර්ධන යැවීමට ඔබට ඔබේ ඊමේල් ලිපින ලැයිස්තුව ගොඩනැගීම කෙරෙහි ද අවධානය යොමු කළ හැකිය.

9. ප්‍රාදේශීය SEO සඳහා ආයෝජනය කරන්න

2021 Milestone Research වාර්තාවකින් හෙළි වූයේ සියලුම ඩිජිටල් ප්‍රවේශයන්ගෙන් 23%ක් පැමිණෙන්නේ ප්‍රාදේශීය සෙවුම් වලින් බවයි. Google හි දිනකට සෙවීම් බිලියන 8.5ක් ඇති බව 2022 අන්තර්ජාල සජීවී සංඛ්‍යාලේඛන වලින් සොයා ගෙන ඇති අතර ඒ අනුව එය විශාල සංඛ්‍යාවක් වේ.

ප්‍රාදේශීය පාරිභෝගිකයින් සෑම දිනකම ආහාර ගත යුත්තේ කොතැනින්ද, සිල්ලර භාණ්ඩ ලබා ගත යුත්තේ කොතැනින්ද සහ මිලදී ගත යුත්තේ කුමන ප්‍රාදේශීය නිෂ්පාදනද යන්න පිළිබඳ නිර්දේශ සොයති. ප්‍රාදේශීය SEO සඳහා ආයෝජනය කිරීම කුඩා ව්‍යාපාර හිමියන්ට නව ගනුදෙනුකරුවන් ග්‍රහණය කර ගැනීමට සහ තරඟකරුවන් අභිබවා යාමට හොඳ ක්‍රමයකි.

උදාහරණයක් ලෙස, ටෙක්සාස් හි ඔස්ටින් හි පිහිටි ප්‍රාදේශීය කෝපි සාප්පුවකට, එහි සම්පූර්ණ සහ නිවැරදි Google ව්‍යාපාර පැතිකඩක් ඇති බව පළමුව සහතික කිරීමෙන් වැඩි ප්‍රාදේශීය පුද්ගල පැමිණීමක් ඇති කිරීම සඳහා එහි අන්තර්ගතය ප්‍රශස්ත කළ හැකිය. මෙම කෝපි සාප්පුව "ඔස්ටින් හි කෝපි සාප්පුව" හෝ "ඔස්ටින් කෝපි සාප්පුව" වැනි මූල පද, ඔවුන්ගේ වෙබ් අඩවියේ අන්තර්ගතය, මෙටා ටැග් සහ විස්තර ඉලක්ක කර ගනිමින් දේශීය සෙවුම් සඳහා ප්‍රශස්ත කළ හැකිය. ඊට අමතරව, කෝපි සාප්පු හිමියන් හට ඔවුන්ගේ Google ව්‍යාපාර පැතිකඩ ලැයිස්තුගත කිරීම පිළිබඳ ධනාත්මක සමාලෝචන තැබීමට තෘප්තිමත් පාරිභෝගිකයින් ව දිරිමත් කළ හැකිය, ධනාත්මක සමාලෝචන, සෙවුම් ප්‍රතිඵල වල දෘශ්‍යතාව ඉහළ නැංවීමට උපකාරී වේ.

10. සමාජ මාධ්‍ය දැන්වීම් සඳහා ප්‍රාදේශීය ඉලක්ක විකල්පය භාවිතා කරන්න

ප්‍රාදේශීය සෙවීම සඳහා ඔබේ වෙබ් අඩවිය සහ ගූගල් පැතිකඩ ප්‍රශස්තිකරණය කිරීම අත්‍යවශ්‍ය වුවද, ඔබේ සමාජ දැන්වීම් ප්‍රාදේශීය ප්‍රේක්ෂකයින් වෙත ඉලක්ක කිරීම නුවණට හුරුය.

Instagram, Facebook, සහ TikTok මෑතකදී ප්‍රාදේශීය ඉලක්ක කිරීමේ විකල්ප ඇතුළත් කිරීම සඳහා ඔවුන්ගේ දැන්වීම් ප්ලැට්ෆෝම යාවත්කාලීන කර ඇත. මෙයින් අදහස් කරන්නේ ඔබ සමාජ මාධ්‍ය දැන්වීමක් ප්‍රචාරය කරන විට, ඔබට එය ඔබේ ප්‍රදේශයේ ජීවත් වන හෝ දැනට ඔබේ ප්‍රජාවට පිවිසෙන අනාගත පාරිභෝගිකයන්ට පමණක් පෙනෙන ලෙස තෝරා ගත හැකිය.

ප්‍රාදේශීය ඉලක්ක කිරීම ඔබේ වෙළඳසැලට වැඩි පිරිසක් ගෙන්වා ගැනීමට උපකාරී වනවා පමණක් නොව, සමාජ මාධ්‍ය ප්‍රචාරණය හරහා ප්‍රාදේශීය අනුග්‍රාහකයින් ඉලක්ක කිරීම ද වඩාත් පිරිවැය-ඵලදායී වේ. සෑම කෙනෙකුටම ප්‍රචාරණය කරනවා වෙනුවට, ඔබ ගෙවන්නේ ඔබේ වෙළඳසැලට පැමිණීමට වැඩි ඉඩක් ඇති පුද්ගලයින්ට දැන්වීම් සැපයීම සඳහා පමණි.

Uber Eats ඔබේ ව්‍යාපාරය ප්‍රචාරය කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට උපකාරී වන ආකාරය ඉගෙන ගන්න

ඵලදායී උපක්‍රම කිහිපයක් මඟින් සෙවුම් යන්ත්‍රවල, සමාජ ජාල සහ ඊමේල් අලෙවිකරණය සහ ඔබේ වෙබ් අඩවියට ප්‍රාදේශීය පාරිභෝගිකයින් ගෙන්වා ගැනීමෙන් ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කර ප්‍රචාරය කළ හැකිය. නමුත් ඔබේ ප්‍රවේශය පහසුවෙන් පුළුල් කිරීමේ ක්‍රමයක් ලෙස තෙවන පාර්ශවීය බෙදාහැරීමේ ප්ලැට්ෆෝමවල වටිනාකම ගැන අමතක නොකරන්න.

Uber Eats වෙළඳපොලේ ඔබේ ව්‍යාපාරය ලැයිස්තුගත කිරීම, ඇණවුම් කිරීමේ ඉහළ අභිප්‍රායක් ඇති නව පාරිභෝගිකයින් ඉදිරියේ පෙනී සිටීමට කැපී පෙනෙන ක්‍රමයකි. 2023 Q1 වන විට, Uber Eats හි මාසික සක්‍රීය ප්ලැට්ෆෝම පාරිභෝගිකයින් මිලියන 130 ක් සිටි අතර, ඔවුන් ඕනෑම තැනකට ගොස් බොත්තමක් ටැප් කිරීමෙන් ඕනෑම දෙයක් ලබා ගැනීමට යෙදුම පිරික්සයි.

එතැන් සිට, ඔබට මෙම නිරාවරණය සංයුක්ත කර Uber Eats යෙදුමේ ආකර්ෂණීය වෙළඳ දැන්වීම් සමඟ ඔබේ ව්‍යාපාරය ඔබේ ප්‍රජාවේ අභිමුඛයේ තැබිය හැකිය. Uber Eats ඔබට ඉහළ වෙළඳාමක් සහිත ස්ථානවල ඔබේ ව්‍යාපාරයට වැඩි අවධානයක් යොමු කරන අභිරුචි වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීමට ද ඉඩ සලසයි.

ඊට අමතරව, Uber Eats ඔබට ඔබේ සාමාන්‍ය ඇණවුම් වටිනාකම වැඩි කිරීමට සහ ආකර්ෂණීය ප්‍රවර්ධන සැකසීමෙන් නව පාරිභෝගිකයින් ලබා ගැනීමට උදවු කරයි. Uber Eats වෙළෙන්දන්ට ලබා ගත හැකි ප්‍රචාරණ සහ ප්‍රවර්ධන අලෙවිකරණ මෙවලම් පරීක්‍ෂා කිරීමෙන් අදම ඔබේ තරඟකරුවන් ට වඩා කැපී පෙනීමට කැප වන්න.

Select your preferred language
Englishසිංහල