Please enable Javascript
Skip to main content

Hecho En Mexico: Uber Eats සමඟ වේගවත් වර්ධනය

2022 නොවැම්බර් 11 | ඕස්ට්‍රේලියාව

Hecho En Mexico යනු වික්ටෝරියාහි ස්ථාන 11ක පිහිටා ඇති මෙක්සිකානු අවන්හලක් වන අතර ඉන් නියම, නැවුම් ලෙස සාදන ලද, කටට කෙළ උනන වීදි ආහාර ශෛලියට අනුගත මෙක්සිකානු ආහාර පිරිනමයි. මෙක්සිකානු කෑම වර්ග රාශියක් සකස් කිරීම සඳහා නැවුම්ම ගුණාත්මක අමුද්‍රව්‍ය පමණක් භාවිත කිරීම ගැන ඔවුහු ආඩම්බර වෙති.

2016 දී Uber Eats සමඟ හවුල් වූ ඔවුන් මෙම වේදිකාවේ ඇති වැදගත්කම ඉක්මනින් අවබෝධ කර ගත්හ. එතැන් සිට, ඔවුන් උන්නතිකාමී බෙදාහැරීමේ වර්ධන ඉලක්ක අඛණ්ඩව තබා ගත් අතර ඔවුන්ගේ සියලුම වෙළඳසැල් Uber Eats සමග සම්බන්ධ කර ඇත. මීට පෙර Uber Eats වෙතින් ආහාර ගෙන්වා ගත් නිසා පාරිභෝගිකයින් අවන්හල් තුළ ආහාර ගැනීමට පැමිණෙන තරමට ඔවුන්ගේ පාරිභෝගික ප්‍රජාව පුළුල් කිරීමට ඔවුන්ට හැකි වී තිබේ!

ඉදිරියට යාමේ දී, Hencho en Mexico ජාලයට "එකක් ගත් විට තවත් එකක් නොමිලේ" වැනි ප්‍රවර්ධන භාවිත කරමින් වේදිකාව හරහා නව ගනුදෙනුකරුවන් වැඩි කර ගැනීමට නව ක්‍රම සොයා ගැනීමට අවශ්‍ය වී තිබේ.

Select your preferred language

Englishසිංහල