මෙම ලිපියේ සඳහන් කර ඇති නිෂ්පාදන සහ සේවාවන්, ඔබේ කලාපය තුළ ලබා ගත නොහැකි විය හැක. ඔබට ප්‍රශ්න කිසිවක් ඇත්නම්, පාරිභෝගික සහාය සේවය හෝ ඔබේ ගිණුම් කළමනාකරු අමතන්න.
සාප්පු කූඩය අත්හැර දැමීම අවම කර ගන්නා ආකාරය
ඔබේ වෙබ් අඩවිය වෙත පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීමට ව ිශාල වැඩ කොටසක් සිදු කිරීමටත් අධික මුදලක් වැය කිරීමටත් සිදු විය හැකි ය. යම් නිෂ්පාදනයක් ගැන සැලකිල්ල දැක්වීමට ඔවුන් යොමු කරවා ගැනීමට ඊටත් වැඩි ප්‍රයත්නයක් දැරීමට සිදු වේ. නමුත් ඉ-වාණිජ්‍ය ව්‍යාපාර හොඳින් ම දන්නා පරිදි, පාරිභෝගිකයෙකු විසින් ඔබේ නිෂ්පාදන පිළිබඳ ක්‍රියාකාරී ලෙස උනන්දුවක් දක්වා අනතුරුව අවසන් මොහොතේ දී සිය අදහස වෙනස් කර ගැනීමට ඉඩ ඇත. ඉ-වාණිජ්‍ය විකුණුම්වලින් පුදුම සහගත අන්දමේ ප්‍රමාණයක් සාප්පු කූඩය අත්හැර දැමීම හේතුවෙන් අහිමි වී යයි.
සාප්පු කූඩය අත්හැර දැමීම යනු කුමක් ද?
සාප්පු කූඩය අත්හැර දැමීම යනු ඉ-වාණිජ්‍ය වෙබ් අඩවියක් තුළ සිටින පාරිභෝගිකයෙකු විසින් සිය සාප්පු කූඩයට අයිතම එක් කිරීමේ පියවර ගන්නා නමුත් ගෙවා පිටවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට අපොහොසත් වීමයි.
සාප්පු කූඩ අත්හැර දැමීමේ බලපෑම
වෙළෙන්දන් සඳහා, මෙය කනගාටුදායක ලෙස සුලභ සිදුවීමකි. බේමාර්ඩ් ආයතනය වාර්තා කරන්නේ සාමාන්‍ය සාප්පු කූඩ අත්හැර දැමීමේ අනුපාතය 70%ට ඉහළ අගයක් ගන්නා බවයි. එය සම්පූර්ණ නොවන විය හැකි විකුණුම්වලින් විශාල අගයකි. සෑම සාප්පු කූඩ අත්හැර දැමීමක් ම ඍජුව ලාභය අහිමි වීම සඳහා තුඩු දෙයි. නමුත් ඉන් ඇති වන ප්‍රතිවිපාක ඊට සීමා නොවෙයි.
ඔබ එම වෙබ් අඩවිය වෙත පැමිණෙන්නා දිනා ගැනීමට අලෙවිකරණය හෝ වෙළඳ දැන්වීම් සඳහා මුදල් වැය කළේ නම්, සාප්පු කූඩය අත්හැර දැමීම ඔබේ ආයෝජන මත ප්‍රතිලාභයට (ROI) හානි කරයි. ගෙවා පිටීමක් සිදු නොකරන සෑම පාරිභෝගිකයකු ම ලැදියාව හිමි කර ගැනීමේ මග හැරුණු අවස්ථාවක් බවට පත් වේ. ඔවුන් කිසි විටෙකත් ඇණවුමක් නොකරන්නේ නම් ඔබේ නිෂ්පාදන සහ පාරිභෝගික සේවය කෙතරම් විශිෂ්ටදැ යි ඔවුන්ට පෙන්වීමට ඔබට අවස්ථාවක් නොලැබෙනු ඇති අතර, එයින් අදහස් වන්නේ අන් අයව ඔබ වෙත යොමු කිරීමට හෝ කටින් කට යන ප්‍රචාරයට ඇති අවස්ථා ද අහිමි වී යා හැකි බවයි.
සාප්පු කූඩය අත්හැර දැමීමේ සුලභ හේතු
මිනිසුන් විවිධාකාර හේතු නිසා මිල දී ගැනීමක් සම්පූර්ණ කිරීමට පැකිළෙති. පාරිභෝගිකයෙකු විසින් තම කූඩය අතහැර දැමීමට නිරන්තරයෙන් දායක වන පොදු ගැටලු කිහිපයකි:
- අනපේක්ෂිත වියදම්: බොහෝ පාරිභෝගිකයෝ මිල ගැන සැලකිලිමත් වෙති. තනිව තිබෙන විට සාධාරණ ලෙස පෙනෙන මිලකට, ගෙවා පිටවීමේ ක්‍රියාවලිය තුළ දී අමතර, අනපේක්ෂිත පිරිවැය එකතු කළහොත් එහි වටිනාකම අඩු වී යනු ඇත. බේමාර්ඩ් ආයතනයේ පර්යේෂණයේ දී, සාප්පු කූඩය අතහැර දැමීම සඳහා පුද්ගලයින් ලබා දුන් සුලභතම හේතුව වන්නේ අතිරේක පිරිවැය (ප්‍රවාහනය කර දීමේ ගාස්තු, බදු සහ වෙනත් ගාස්තු වැනි) අධික වීමයි.
- බෙදාහැරීමේ ක්‍රියාවලිය මන්දගාමී වීම: පාරි්‍භෝගිකයකුට සිය ඇණවුම ලබා ගැනීමට අවශ්‍ය පැහැදිලි නියමිත දිනයක් තිබුණ ද, නැතහොත් ඒ අය හුදු හැකි ඉක්මනින් එය ලබා ගැනීමේ උද්යෝගයෙන් පසු වන්නේ වුව ද ඔබේ ප්‍රවාහනය කර දීමේ ක්‍රියාවලිය ඉතා සෙමෙන් සිදු වන්නේ නම් ඔවුන් වෙනත් විකල්ප සෙවීමට ඉඩ තිබේ. බේමාර්ඩ් ආයතනයේ පර්යේෂණයන්හි පාරිභෝගිකයින්ගෙන් හතරෙන් එකකට ආසන්න ප් රමාණයක් (23%) කියා සිටියේ බෙදා හැරීම මන්දගාමී බැවින් ඔවුන් කූඩයක් අතහැර දමා ඇති බවයි.
- ගෙවා පිටවීම සඳහා දීර්ඝ ක්‍රියාවලියක් තිබීම: ඉ-වාණිජ්‍ය තුළ සුවපහසුව මූලික කරුණකි. ඔබේ වෙබ් අඩවිය තුළ ඇණවුමක් සම්පූර්ණ කිරීමේ ක්‍රියාවලිය ඔබ විසින් මන්දගාමී එකක් බවට පත් කරන්නේ නම්, ඇතැම් පාරිභෝගිකයන් හුදු මිල දී ගැනීම අතරමග අතැර දමා යා හැකි ය. බේමාර්ඩ් ආයතනයේ පිළිතුරු සැපයූවන් සියලු දෙනාගෙන් 22%ක පිරිසක් ඉහත හේතුව කූඩය අතහැර දැමීමම හේතුවක් ලෙස දැක්වූහ.
- ගිණුමක් තිබීමේ අවශ්‍යතාව: ගෙවා පිටවීමට පෙර පාරිභෝගිකයන් විසින් ගිණුමක් තැනීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කිරීම අදාළ ක්‍රියාවලිය වෙහෙසකාරී එකක් බවට හැඟීමට හේතු සාධක වන පොදු ලක්ෂණයකි. ඒ සඳහා ගත වන්නේ මිනිත්තු කිහිපයක් පමණක් වුව ද, සුවපහසුවට හුරු වූ කාර්යබහුල පාරිභෝගිකයන්ට එය සැලකිය යුතු බාධාවක් ලෙස හැඟේ. ඇත්ත වශයෙන් ම, බේමාර්ඩ් ආයතනයට අනුව, පාරිභෝගිකයින් විසින් ගෙවා පිටවීම සම්පූර්ණ නොකිරීමට හේතු ලෙස ඉදිරිපත් කරන දෙවැනියට සුලභත ම හේතුව මෙයයි.
- විශ්වාසදායක නොවන වෙබ් අඩවි: අන්තර්ජාල යුගයේ දී වංචනික ක්‍රියා සහ දත්ත කාන්දු වීම් සුලභ වන බැවින් පාරිභෝගිකයන් (විය යුතු පරිදි ම) තම පුද්ගලික දත්ත සම්බන්ධයෙන් විශ්වාසය තැබිය යුත්තේ කවර වෙබ් අඩවි ද යන්න ගැන ඉතා සැලකිල්ලෙන් කටයුතු කරති. බේමාර්ඩ් පර්යේෂණය තුළ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සෑම 4 දෙනෙකුගෙන් එක් අයකු ම තම ක්‍රෙඩිට් කාඩ්පත් විස්තර සම්බන්ධයෙන් වෙබ් අඩවිය පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි වීම හේතුවෙන් මිල දී ගැනීමක් සිදු නොකිරීම පිළිබඳ සඳහන් කර ඇත.
- තරගය: පර්යේෂණ අවධියේ සිටින පාරිභෝගිකයින් විසින් සිය සාප්පු කූඩයට අයිතම එක් කළ හැකි නමුත් අවසන් තීරණයකට එළඹීමට පෙර තවත් විකල්ප කිහිපයක් පරීක්ෂා කර බැලීමට තීරණය කළ හැකි ය. ඔවුන් වෙනත් සමාගමක වෙබ් අඩවියකට ගොස් වඩා වාසි සහගත ගනුදෙනුවක් සොයා ගතහොත්, ඔවුන් ඔබේ තරගකරුවා තෝරා ගැනීමට ඉඩ ඇත.
- මිලදී ගැනීම් අතහැර දැමීම: ඇතැම් අවස්ථාවල දී, පාරිභෝගිකයන් හුදු සිය අදහස වෙනස් කර ගනිති. යම් සලකා බැලීමකින් පසු, නිෂ්පාදනයෙන් සිය අවශ්‍යතාව හරියට ම සපුරාලන්නේ නැති බව හෝ ඒ සඳහා වැය වන පිරිවැය සිය මුදල් වෙන් කිරීමට ගැළපෙන්නේ නැති බව පාරිභෝගිකයා විසින් තීරණය කිරීමට ඉඩ ඇත.
සාප්පු කූඩය අත්හැර දැමීම අවම කරගත හැකි ක්‍රම 10ක්
ඔබට එම විකුණුම් සියල්ල ම අහිමි කර ගැනීමට අවශ්‍ය නැත. සාප්පු කූඩය අත් හැර දැමීමට හේතුව ලෙස බොහෝ පාරිභෝගිකයින් ලබා දෙන පොදු හේතු ඔබට විසඳීමට හෝ යටත් පිරිසෙයින් යම් ක්‍රියා මාර්ග යක් ගැනීමට හැකි ගැටලු වේ. සාප්පු කූඩ අත්හැර දැමීම අවම කිරීම සඳහා මේ සුහුරු උපක්‍රම 10 සලකා බලන්න:
ගනුදෙනුකරුවන් සිය සාප්පු කූඩය අත්හැර දමන්නේ මන් ද යන්න විශ්ලේෂණය කර බැලීම
සාප්පු කූඩ අතහැරීමේ අනුපාතය අඩු කිරීම සඳහා, පළමුව ඔබ ඔබේ පැමිණෙන්නන් ගෙවා පිටවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ නොකරන්නේ මන් ද යන්න අවබෝධ කරගත යුතු යි. සාප්පු කූඩ අතහැර දැමීම අවම කිරීමට පොදුවේ ගන්නා මනා පරිචයන් ක්‍රියාවේ යෙදීම මේ තත්ත්වය අඩු කර ගැනීමට උපකාරී වුව ද, මේ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගැනීම ඇරඹිය යුතු හොඳම තැන වන්නේ විශේෂයෙන් ඔබේ ව්‍යාපාරය සම්බන්ධයෙන් සිදු වන්නේ කුමක් ද යන්න පිළිබඳ අවබෝධ කර ගැනීමයි.
ඔබේ ගෙවා පිටවීමේ ක්‍රියාවලිය තුළ සාප්පු යන්නන් විසින් නිරන්තරයෙන් කූඩය අත් හැර දැමීමට හේතු වන විශේෂිත අවස්ථාවක් තිබේ ද යන්න හඳුනාගත හැකි දැයි සොයා බැලීමට ඔබේ වෙබ් අඩවියේ විශ්ලේෂණ පරීක්ෂා කර බලන්න. පැමිණෙන්නන්‍ගෙන් බොහෝ අය වෙබ් අඩවියෙන් පිටවන්නේ ඔවුන් මුල් වරට බදු හා ප්‍රවාහන පිරිවැය පිළිබඳ දැනගන්නා අවස්ථාවේ දී නම්, ක්‍රියා මාර්ග ගත යුතු ප්‍රධාන ගැටලුව වනුයේ අතිරේක පිරිවැය බව ඉන් අදහස් වේ. විවිධ බ්‍රවුසර සහ උපාංග මත ඔබේ වෙබ් අඩවිය කෙතරම් හොඳින් ක්‍රියාත්මක වන්නේ දැයි යන්න පරීක්ෂා කිරීම සඳහා QA (තත්ත්ව සහතික) පරීක්ෂාව සිදු කිරීම ද සලකා බලන්න. ඔබේ ගෙවා පිටවීමේ ක්‍රියාවලිය ඔබේ ලැප්ටොප් පරිගණකය මත විශිෂ්ට ලෙස ක්‍රියා කළ ද නිශ්චිත මොබයිල් උපාංගයකින් ඒ සඳහා ප්‍රවේශ වන පරිශීලයකන්ට මුහුණ දීමට සිදු වන දෝෂයක් එහි තිබීමට ඉඩ ඇත.
පැහැදිලි පූර්ව මිලකරණයක් ලබා දෙන්න
යමකු යම් නිෂ්පාදනයක් ඔබේ නිෂ්පාදන පිටෙහි දක්වා ඇති මිලට මිල දී ගැනීමට සූදානම් විට, ඊට සැලකිය යුතු ලෙස වෙනස් අගයක් ගෙවා පිටවීමේ දී දක්වා තිබීම ගැටලුකාරී වනු ඇත. මිල විනිවිදභාවය වැදගත් වේ. ගනුදෙනුකරුවන්ව සැඟවුණු ගාස්තු හෝ අසාමාන්‍ය ලෙස අධික ප්‍රවාහනගත කිරීමේ වියදම්වලින් පුදුමයට පත් නොකරන්න; ඔවුන් ගෙවා පිටවීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර අපේක්ෂා කළ හැකි මිල කල් තියා දැනුම් දෙන්න.
ගෙවා පිටවීමේ අත්දැකීම සරල කිරීම
පාරිභෝගිකයෝ ඉ-වාණිජ්‍ය තුළින් සුවපහසුව අපේක්ෂා කරති. ගෙවා පිටවීමේ දී ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා වැඩි පියවර ගණනක් අවශ්‍ය වේ නම්, ඔවුන් සැමවිට ම අදාළ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට වෙහෙස නොවෙති. ඔබෙන් මිල දී ගැනීමක් සිදු කිරීම පිණිස අවශ්‍ය ප්‍රමාණයට වැඩි කිසිදු කාර්යයක් කිරීම සඳහා පාරිභෝගිකයන්ට බල නොකරන්න. මීට විසඳුම්වලට ඇතුළත් වනුයේ:
- පිරවීම සඳහා නියම කරන කොටස් ඇණවුම සකස් කර සම්පූර්ණ කිරීමට අවශ්‍ය ඒවාට පමණක් සීමා කිරීම
- ආගන්තුක ගෙවා පිටවීම සක්‍රීය කිරීම (පාරිභරිභෝගිකයන්ට ගිණුමක් තැනීම අවශ්‍ය නොවන පරිදි)
- අනාගත ඇණවුම්වල දී පාරිභෝගිකයන්ට තොරතුරු නැවත ඇතුළත් කිරීමට සිදු නොවන පරිදි ඔබේ අඩවියෙන් හෝ යෙදුමෙන් තොරතුරු “ආරක්ෂිතව“ මතක තබා ගැනීමේ විකල්පය පිරිනැමීම
- වරක් ක්ලික් කර ගෙවා පිටවීමේ අත්දැකීමක් ගැන සලකා බැලීම
වට්ටම් සහිත හෝ වඩා වේගවත් බෙදාහැරීම් පිරිනමන්න
බෙදාහැරීම යනු ඉ-වාණිජ්‍ය අත්දැකීමේ සුවිසල් අංගයකි. පාරිභෝගිකයෙකු ඔබෙන් මිල දී ගැනීමක් සිදු කිරීමට තෝරා ගන්නේ ද යන්න සම්බන්ධයෙන් ඔබ විසින් ලබා දෙන බෙදා හැරීමේ විකල්ප වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඔබේ පාදම් රේඛාවට දැඩි හානියක් නොවන පරිදි බෙදාහැරීමේ පිරිවැය අඩු කර ගත හැකි පහත ආකාරයේ ක්‍රම සොයා බලන්න:
- නව පාරිභෝගිකයින්ට නොමිලේ හෝ වට්ටම් සහිත බෙදාහැරීම පිරිනැමීම
- යම් සීමාවකට ළඟා වන ඇණවුම් සඳහා බෙදාහැරීම නොමිලේ ලබා දීම (ඇ .ඩො. 50ට වැඩි ඇණවුම් වැනි)
- බෙදාහැරීම සඳහා ස්ථාවර ගාස්තුවක් අය කිරීම සහ මිල විනිවිදභාවයට ආධාරක වනු පිණිස ඔබේ වෙබ් අඩවියේ එය පැහැදිලි කිරීම
- පාරිභෝගිකයින්ට තමාට දැරිය හැකි වියදමක් යටතේ වන විකල්පයක් තෝරා ගත හැකි වන පරිදි විවිධ මිල ගණන් යටතේ විවිධ බෙදාහැරීමේ විකල්ප ලබා දීම
දැරිය හැකි බෙදාහැරීමේ විකල්ප මගින් ඔබට ඇතැම් මිල පිළිබඳ සැලකිලිමත් වන පාරිභෝගිකයින්ව දිනා ගැනීමේ හැකියාව ලබා දුන්න ද, අන් අය මුදල් ඉතිරි කර ගැනීමට වඩා සිය ඇණවුම් ඉක්මනින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛත්වය ලබා දීමට ඉඩ ඇත. Uber විසින් 2023 වසරේ දී සිදු කළ පර්යේෂණයේ දී, පාරිභෝගිකයින්ගෙන් 75%ක් කියා සිටියේ තමන් ශීඝ්‍රගාමී බෙදාහැරීම (එනම් පැය 2ක් ඇතුළත) විකල්පයක් ලෙස අපේක්‍ෂා කරන බවයි. ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා, තමා තෝරා ගන්නා කාල රාමුවකට අනුව ඔවුන් වෙත අයිතම බෙදාහරින වඩා වේගවත් උසස් තත්ත්වයේ බෙදාහැරීමේ විකල්ප පිරිනමන්න.
විකල්ප ගෙවීම් ක්‍රම පිළිගන්න
පාරිභෝගිකයින්ට සුවපහසු ගෙවීමේ විකල්පවල අවශ්‍යතාව වැඩි වැඩියෙන් දැනේ. යමකු තම හාන්සි පුටුවේ හරි බරි ගැසී සාප්පු සවාරියේ යෙදෙන්නේ නම්, මිල දී ගැනීම සම්පූර්ණ කිරීම සඳහා නැඟිට සිය ක්‍රෙඩිට් කාඩ්පත ගන්නට යාම වෙහෙසකර කටයුත්තක් ලෙස හැඟිය හැකි ය. ඩිජිටල් මුදල් පසුම්බි (Apple Pay, Google සහ PayPal වැනි) වැනි විකල්ප ගෙවීම් ක්‍රම වඩාත් සුලභ වෙමින් පවතී. 2023 වසරේ BCG විසින් සිදු කළ පර්යේෂණයකට අනුව, ජනප්‍රිය විකල්ප ඉදිරිපත් කිරීමෙන ් අලෙවිකරණ පුනීලයේ පහළ මට්ටමේ හැරවුම් අනුපාතය 50%කින් වැඩි කළ හැකි ය.
ඔබේ ආපසු භාර දීමේ ප්‍රතිපත්තිය ගෙන හැර දක්වන්න
භාණ්ඩයක් තමා විසින් ම දැකීමකින් තොරව මිල දී ගැනීම සැමවිටම අවදානම් සහගත දෙයකි. එම අවදානම සම්බන්ධයෙන් කල් තියා ක්‍රියා මාර්ග ගැනීමට ඇති හොඳම ක්‍රමය පැහැදිලි ආපසු ගෙවීමේ ප්‍රතිපත්තියකි. යම් අයිතමයකින් සිය අවශ්‍යතා සපුරාලන්නේ නැති නම්, එය ආපසු භාර දීමේ හෝ හුවමාරු කර ගැනීමේ විකල්පය තමා සතු බව පාරිභෝගිකයන් දන්නේ නම්, මිල දී ගන්න බොත්තම මත ක්ලික් කිරීම වඩා පහසු කිරීමට එය හේතු වේ. ආපසු භාර දීමක් ප්‍රායෝගික නොවන අයිතම (නැවුම් ආහාර වැනි) සඳහා, ඔබේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්න. නමුත් පාරිභෝගිකයන් සිය අවශ්‍යතා සපුරාලන්නේ නැති අයිතම සඳහා මුදල් ආපසු ගෙවීමක් හෝ ක්‍රෙඩිට් ලබාගත හැකි බව දන්නේ නම් ඔවුන්ට ඇණවුමක් ලබා දීම පිළිබඳ වැඩි පහසුවක් දැනෙනු ඇත.
පසු විපරම් කිරීමෙන් මතකයේ රැඳීම
ඇතැම් අවස්ථාවල දී පාරිභෝගිකයා යම් අයිතමයක් තමන්ට උවමනා බව හොඳින් ම දන්නා නමුත් එය මිල දී ගැනීමට එතරම් සූදානමක් නැත. මෙබඳු පුද්ගලයන් සඳහා, ඔබේ නිෂ්පාදනය දෘශ්‍යමානව තැබීම මිල දී ගැනීම සම්පූර්ණ කිරීම සඳහා ඔවුන් උත්සුක කිරීමට ඉවහල් වනු ඇත. යම් අයකුට ඔබේ ආයතනයේ ගිණුමක් තිබේ නම්, ඔබට ඔවුන් වෙත ආපසු ගොස් ගෙවා පිටවීම සම්පූර්ණ කිරීම සඳහා සබැඳියක් සහිතව ඔවුන් සොයමින් සිටි අයිතමය පිළිබඳ සිහිකැඳීමක් කරන විද්‍යුත් තැපෑලක් යැවිය හැකි ය. පාරිභෝගිකයාට තවමත් ඔබට සම්බන්ධ ගිණුමක් නොමැති නම්, ඔබට එකී පාරිභෝගිකයාව ඔබේ නිෂ්පාදන ගැන සිතීමට පොළඹවාලීමටප්‍රති අලෙවිකරණය භාවිත කළ හැකි ය. ඔවුන්ට සමාජ මාධ්‍ය හා ජනප්‍රිය ජාලස්ථ ප්‍රකාශන වැනි ඔවුන් අන්තර්ජාලයේ රැඳී සිටින ස්ථානවල දී ඔවුන් සිය කූඩයට එක් කළ නිෂ්පාදන පිළිබඳ සිහිකැඳවීම් ලැබෙනු ඇත.
වෙබ් අඩවියේ වැඩි දියුණු කිරීම් සිදු කිරීම
පාරිභෝගිකයින් විසින් සිය සාප්පු කූඩය අත්හැර දැමීමට හේතු වන ලෙස ඉදිරිපත් කරන හේතු සාධක කිහිපයක් ම වෙබ් අඩවියේ නිර්මාණ සැලසුම හා සම්බන්ධ වේ. ඔබේ අඩවිය ප්‍රවේශනය වීම මන්දගාමී නම්, එහි දෝෂ තිබේ නම්, එය බිඳ වැටේ නම් හෝ ප්‍රමාණවත් ආරක්ෂාවකින් යුත් බවක් නොපෙනේ නම් ඔබට පාරිභෝගිකයාගේ විශ්වාසය දිනා ගැනීමට නොහැකි වන අතර ඉන් විකුණුම් අහිමි වී යාමට ඉඩ ඇත. ඔබේ වෙබ් අඩවිය මනාව ක්‍රියා කරන බව සහතික කර ගැනීම සඳහා වියදම් කරන්න.
ඔබේ මූලික විශ්ලේෂණය සහ QA පරීක්ෂාව ගෙවා පිටවීමේ ක්‍රියාවලිය තුළ නිරාකරණය කළ යුතු දෝෂ හෝ බාධක හඳුනා ගැනීමට ඔබට උපකාරී වෙයි. ඉ-වාණිජ්‍යය සඳහා, වෙබ් අඩවියේ ආරක්ෂාව සැලකිල්ලට ගැනීම වැදගත් වේ. SSL සහතිකයක් භාවිතා කිරීම සහ ශක්තිමත් ආරක්ෂක විශේෂාංග සහිත ඉ-වාණිජ්‍ය සහ ගෙවීම් සැකසුම් මෘදුකාංග තෝරා ගැනීම ඔබේ ව්‍යාපාරය සහ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට උපකාරී වේ.
සජීවී කතාබස් සහාය පිරිනමන්න
මිල දී ගැනීමේ ක්‍රියාවලිය තුළ ගනුදෙනුකරුවකු වීමට ඉඩක් ඇත්තකුට ගැටලුවක් තිබෙන විට දී, ඒ සඳහා පිළිතුරක් එසැණින් ලබා ගැනීමේ හැකියාව ඔවුන් ඇණවුම සම්පූර්ණ කරන්නේ ද යන්න තීරණය කරන තීරණාත්මක සාධකයක් විය හැකි ය. සජීවී කතාබස් සහාය මගින් පාරිභෝගිකයින්ට ඔවුන්ට උවමනා තොරතුරු ඉක්මනින් හා පහසුවෙන් ලබාගත හැකි බව සහතික කරයි. ඉන් ඔබට, ඇඳුම් සම්බන්ධයෙන් වන විට ප්‍රමාණය හෝ ආහාර සම්බන්ධයෙන් වන විට ආසාත්මිකතා වැනි ඇති විය හැකි ඕනෑම බාධාවක් ඉවත් කිරීමේ හැකියාව ලබා දෙ න අතර ඉන් පාරිභෝගිකයන් තුළ මිල දී ගැනීමට තමා සිදු කරන තීරණය සම්බන්ධයෙන් විශ්වාසයක් ජනිත කරයි.
ජංගම උපාංගයෙන් ගෙවා පිටවීම විධිමත් කරන්න
Statista මගින් වාර්තා කරන්නේ, දැන් සියලු ඉ-වාණිජ්‍ය විකුණුම්වලින් 60%කට ආසන්න ප්‍රමාණයක් ජංගම ඉ-වාණිජ්‍ය ඔස්සේ සිදු කරන බවයි. ඔබේ ගෙවා පිටවීමේ ක්‍රියාවලිය ජංගම උපාංග ඔස්සේ මනාව ක්‍රියා කරන පරිදි සකසා නැත්නම්, ලැබිය හැකි විකුණුම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඔබට අහිමි වීමට ඉඩ ඇත. දැනටමත් ලබා දී ඇති බොහෝ තොරතුරු ජංගම අත්දැකීම වැඩි දියුණු කිරීමට උපකාරී වනු නමුත්, ඊට අමතරව පහත ඒවා ද සලකා බලන්න:
- ගෙවා පිටවීම පහසු කිරීම සඳහා ඔබේ වෙබ් අඩවියේ ජංගම අනුවාදයේ ඇති සියලු පාඨ සහ බොත්තම් ප්‍රමාණවත් විශාලත්වයෙන් යුතු බව සහතික කර ගැනීම
- ගෙවා පිටවීමේ පිටුවල ඇති අනවශ්‍ය සබැඳි ඉවත් කිරීම
- මිල දී ගැනීමක් කිරීමට උත්සාහ කරන අතරතුර අවධානය වෙනතකට යොමු නොවන පරිදි උත්පතන දිස් වීම වළක්වා ගැනීම
සරල, අවධානය වෙනතකට හරවන දෑ රහිත ගෙවා පිටවීමක් ක්‍රියාත්මක කිරීම, අඩවියේ සිටින ජංගම උපාංග භාවිත කරන පාරිභෝගිකයන් සිය මිල දී ගැනීම සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් කාලයක් අඩවිය තුළ තබා ගැනීම සම්බන්ධයෙන් තීරණාත්මක කාර්යයක් ඉටු කරයි.
Uber සමග ඉ-වාණිජ්‍ය හැරවුම් වැඩි දියුණු කරන්න
සාප්පු කූඩය අත්හැර දැමීම ඉ-වාණිජ්‍යය තුළ පොදු අභියෝගයක් වන නමුත්, ජාලස්ථ අත්දැකීම වැඩි දියුණු කරමින් පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවලට ගැළපෙන විකල්ප ප්‍රදානය කිරීම මගින්, ඔබට සම්පූර්ණ කළ මිල දී ගැනීම් වැඩි ප්‍රමාණයකට අනුබල සැපයිය හැකි ය. Uber පහත දෑ ඇතුළුව, ඔබේ ගනුදෙනුකරුවන්ට උවමනා දෑ බෙදාහැරීමට සැලසුම් කර ඇත සම්පත් සපයයි:
- Webshop: Webshop සම. බෙදාහැරීමේ ඇණවුම් සඳහා සරල ගෙවා පිටවීමේ අත්දැකීමක් සැපයීම. පාරිභෝගිකයින්ට වේගවත් බෙදා හැරීමේ විකල්පය ලැබෙන අතර, ඔබට ඔවුන් නැවත ගෙන්වා ගැනීමට ඉවහල් වන වටිනා පාරිභෝගික දත්ත ලැබේ.
- Uber Direct: Uber Direct සමග, ඔබට පාරිභෝගික අත්දැකීම ඔබේ ම වෙළඳ නාමය යටතේ තබා ගනිමින් ම ඉල්ලුම අනුව බෙදාහැරීමේ විකල්ප පිරිනැමිය හැකි ය. Uber ජාලය බෙදාහැරීම හසුරුවද්දී එහි කීර්තිය ලැබෙන්නේ ඔබේ ව්‍යාපාරයට යි.
- Uber Eats වෙළඳපොළ: ජංගම හැරවුමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස සකසා ඇති වේදිකාවක් මත නව පාරිභෝගිකයන් කරා ළඟා වන්න. Uber සහ Uber Eats යෙදුම් මත ගෙවා පිටවීමේ ක්‍රියාවලිය පාරිභෝගිකයින් සඳහා වේගවත් සහ පහසු වේ. බොහෝ පිරිසක් සදහා, තම ලිපිනය සහ අභිමත ගෙවීම් ක්‍රමයන් සුරැකී ඇති අතර ඔවුන් කළ යුත්තේ තමාට අවශ්‍ය අයිතම තෝරා බෙදාහැරීම සඳහා කාලය නියම කර ගැනීම පමණි.
Uber සමග වැඩ කිරීම පාරිභෝගිකයින්ට ඔබව තෝරා ගැනීම පහසු කරවයි. අද ම අරඹන්න.
සේවා
සේවා
තාක්ෂණය
ඇණවුම් කළමනාකරණය කරන්න
මෙහෙයුම් සරල කරන්න
ඔබේ විකුණුම් වර්ධනය කරගන්න
ගනුදෙනුකරුවන් වෙත ළඟා වන්න
අප සේවය ලබා දෙන අය
අප සේවය ලබා දෙන අය
මිලකරණය
සම්පත්
පාරිභෝගික කේන්ද්‍රය
ඉගෙන ගන්න
අපව අමතන්න