Please enable Javascript
Skip to main content

මෙම ලිපියේ සඳහන් කර ඇති නිෂ්පාදන සහ සේවාවන්, ඔබේ කලාපය තුළ ලබා ගත නොහැකි විය හැක. ඔබට ප්‍රශ්න කිසිවක් ඇත්නම්, පාරිභෝගික සහාය සේවය හෝ ඔබේ ගිණුම් කළමනාකරු අමතන්න.

X small

මේ ක්‍රීඩා මේලාවයි: පාපන්දු සමය සඳහා අවන්හල් මෙනුව

NFL

නිල NFL ඉල්ලුම මත ආහාර බෙදා හැරීමේ හවුල්කරු ලෙස, පාපන්දු සමය බොහෝ විට කෙටි ආහාරවලින් දිව පිනවමින් රූපවාහිනියේ පාපන්දු තරග නැරඹීමට සැරසෙන රසිකයන් වෙතින් ලැබෙන ඇණවුම් ප්‍රමාණය වැඩි කරන බව අපි දනිමු. ඔබේ ව්‍යාපාරයට සූදානම් වීම සඳහා උදව් වීමට, අපි ජනප්‍රිය ක්‍රීඩා දින ආහාර වර්ග 4ක් අතර දත්ත විශ්ලේෂණය කර, විශේෂයෙන් ම අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් ලබා දෙන ඔබේ පාරිභෝගිකයන් වෙතින් වැඩිපුර ඇණවුම් ලබා ගැනීමට ඉවහල් වන මෙනු වි‍ශ‍ේෂාංග ලැයිස්තුවක් සකස් ක‍ෙළෙමු.

හේල් මේරි පිරිනැමීමක් අවශ්‍ය නොවේ—මේ මෙනු රහස් මගින් ඔබට අවසන් පරිශීලක කලාපය වෙත ළඟා වී පිරිස වසඟ කර ගැනීමේ හැකියාව ලැබේ.

බාබකියු: වි‍ශ‍ේෂ‍‍ සෝස් පිරිනමන්න

  • පාරිභෝගිකයින්ට ප්‍රෝටීන් වර්ගයක් තෝරාගෙන, අනතුරුව ඔවුන් කැමති නම් වැඩිපුර ප්‍රෝටීන එක් කර ගැනීමට ඉඩ දෙන්න (අතිරේක මුදලකට)
  • එක් එක් ආහාර වේලා සඳහා වන ඔබේ අයිතම විස්තරයේ ඇණවුම සමග ලැබෙන අතුරු ආහාර ඇතුළත් කරන්න
  • රිබ්ස් 6ක් හෝ වින්ග්ස් 12ක් ආදී ලෙස ආහාරයක ඇති අයිතම ගණන සඳහන් කරන්න
  • සුදුසු ආහාර සඳහා මුදුනින් හෝ පැත්තකින් අතිරේක සෝස් (අතිරේක වියදමක් දරා) ඇණවුම් කිරීමේ විකල්පයක් සපයන්න

වෘත්තීය උපදෙස්

  • පාරිභෝගිකයින්ට සිය ආහාර වේලට තවත් අතුරු ආහාර එක් කර ගැනීම සඳහා වැඩි තේරීමක් සිදු කිරීමට ඉඩ දෙන්න
  • ඔබේ මෙනුවේ ප්‍රමාණය තෝරා ගැනීමේ හැකියාවක් තිබේ නම්, එක් එක් ප්‍රමාණය සඳහා ඇති කැබලි ගණන ඇතුළත් කරන්න

බර්ගර්: ඔබේ ම එකක් තනා ගන්න

  • එක් කළ විට වඩා හොඳ විය හැක්කේ මොනවා ද යන්න ගැන පාරිභෝගිකයන්ට අදහසක් ලබා දීම සඳහා නිර්දේශිත ටොපිං සමග බර්ගර් පිරිනැමීම ගැන සලකා බලන්න
  • ඔබ පාරිභෝගිකයන්ට තමන්ගේ ම බර්ගර් නිර්මාණය කිරීමේ විකල්පය ලබා දෙන්නේ නම්, ඔවුන්ට ඇවකාඩෝ සහ බේකන් වැනි ප්‍රීමියම් ටොපිං එක් කිරීමට ඉඩ දෙන්න
  • පාරිභෝගිකයන්ට සිය බර්ගර් එක පිසිය යුත්තේ කොයි ආකාරයෙන් ද (දුර්ලභ හෝ මධ්‍යම වැනි) යන්න දැක්වීමට ඉඩ දෙන්න
  • පාරිභෝගිකයින්ට බන් වර්ගයක් (බ්‍රියොෂ් හෝ හෝල් වීට් වැනි) හෝ බන් එකක් නොමැතිව තෝරා ගැනීමට ඉඩ දෙන්න
  • හැකි නම්, පාරිභෝගිකයින්ට කළුකුම් මස්, හරක් මස් හෝ එළවළු වැනි පැටී වර්ගයක් තෝරා ගන්න

වින්ග්ස්: සමහරු උණුවෙන් කෑමට කැමතියි

  • එක් එක් රසය සඳහා සැර සහ කර වී ඇති මට්ටම තෝරා ගැනීමට පාරිභෝගිකයින්ට ඉඩ දෙන්න
  • සෝස් දැමිය යුත්තේ කෙසේ දැයි දැක්වීම පාරිභෝගිකයින්ට ඉඩ දෙන්න (පැත්තෙන්, ටිකක් හෝ ගොඩක්)
  • අතිරේක ඩිපින් සෝස් එකතු කිරීමට පාරිභෝගිකයින්ට ඉඩ දෙන්න (අතිරේක වියදමකින්)
  • හැකි නම්, පාරිභෝගිකයින්ට ඩ්‍රම්ස්ටික් හෝ වින්ග්ස් තෝරා ගැනීමේ විකල්පය ලබා දෙන්න
  • හයක් හෝ දොළහක් වැනි පිඟානකට ලැබෙන කෑලි හෝ අයිතම ගණන සඳහන් කරන්න

පීසා: හිත ගිය තැන මාළිඟාව සිතැඟි පරිදි තනා ගන්න

  • පාරිභෝගිකයින්ට ඇණවුම් කරන මුල් අවස්ථාවේ දී ම තම පීසා එකේ ප්‍රමාණය තෝරා ගැනීමට ඉඩ දෙන්න
  • පාරිභ‍ෝගිකයන්ට තමාගේ පීසා නිර්මාණය කිරීමට මෙන් ම හාෆ් ඇන්ඩ් හාෆ් ටොපිං සමග (එනම් භාගයක් චීස් සහ භාගයක් පෙපරෝනී ආදී ලෙස) පීසා එකක් නිර්මාණය කර ගැනීමේ විකල්පය ලබා දෙන්න
  • කැමති සෝස් එකක් තෝරා ගැනීමට විකල්පයක් ලබා දෙන්න (මරිනාරා හෝ පෙස්තෝ වැනි)
  • පැත්තකින් ඩිපිං සෝස් තෝරා ගැනීමේ විකල්පය ලබා දෙන්න (අතිරේක වියදමක් දරා)
  • පීසා එකේ වාටිය කෙතරම් ඝන හා කර වී ඇත් ද යන්න තෝරා ගැනීමට පාරිභෝගිකයන්ට ඉඩ දෙන්න

වෘත්තීය උපදෙස

  • විශාල පීසා යන්නෙන් අදහස් වන්නේ, ඔබේ පීසා එකෙහි මිල වැඩි කරමින් වැඩිපුර ටොපිං එකතු කිරීමයි

යෙදුම තුළ අලෙවිකරණය සමගින් අමතර දුරක් පසු කර යන්න

Uber Eats මත පෙරනිමියෙන් ඇතිඅලෙවිකරණ මෙවලම් සමගින් ඔබේ මෙනුවට සුදුසු අවධානයක් ඊට ලැබෙන බවට වග බලා ගන්න. ඔබේ රටේ කණ්ඩායමේ කාල සටහන බලන්න—ඔවුන් ඉරිදා හවස ක්‍රීඩාවේ යෙදෙනවා ද? නැතිනම් සඳුදා රාත්‍රියේ ප්‍රයිම් ටයිම් කාල රාමුවක ක්‍රීඩා කරනවා ද? කාලය අනුව ඔබේ ප්‍රචාරණ ව්‍යාපාර කාලසටහන නිර්ණය කරගෙන, ඔබේ ඉලක්ක පිළිබඳ සලකා බලා කටයුතු කරන්න.

දිස් වීම ඉහළ නැංවීම සඳහා වෙළඳ දැන්වීම්

මිනිසුන් Uber Eats විවෘත කරන විට, ඇතැම් විට ඔවුන්ට දිස් වන පළමු දෙය වනු ඇත්තේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන ව්‍යාපාර විය හැකිය. මින් අදහස් වන්නේ, ක්‍රීඩාව අරඹන තුරු හා එය පවතින කාලය අතරතුර නගරය පුරා සිටින පුද්ගලයන්ට ඔබව වැඩියෙන් දිස් වන බව ය.

ඇණවුම් දිරිගැන්වීමේ දීමනා

විශ‍ේෂදීමනා (එකක් මිල දී ගත් විට එකක් නොමිලේ හෝ විශාල මිලකට වට්ටම්) මිනිසුන් සිය ක්‍රීඩා මේලාවේ විකල්ප විමසා බැලීමේ දී ඔබෙන් ඇණවුම් කිරීමට ඔවුන්ට හේතුවක් සලසා දෙනු ඇත.

වෙළඳ දැන්වීම් සහ දීමනා නිෂ්පාදන කට්ටලයට සිදු කර ඇති නවතම යාවත්කාලීන කිරීම් අනාවරණය කරගන්න.

ක්‍රීඩා දිනයේ MVP බවට ඔබේ ව්‍යාපාරය පත් කරගන්න

මේ පාපන්දු සමයේ පිරිස අතරින් කැපී පෙනෙන අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරීමේ මෙනුවක් සමගින් නව පාරිභෝගිකයින් රසිකයන් බවට පත් කරගන්න.

අතිරේක මෙනු රහස් සදහා Uber Eats විශේෂඥයෙකුගේ අදහස් හා දැනුමින් පොහොසත් මෙම ලිපිය බලන්න. ඔබේ වෙළඳසැල අභිමුඛය සිත් ඇද ගන්නා පරිදි සකසා ගැනීම සඳහා Uber Eats යෙදුමෙහි වෙළඳ දැන්වීම් සහ දීමනා සමගින් කැපී පෙනීමේ උපාය මාර්ග ඇතුළු අවන්හල් අලෙවිකරණය සම්බන්ධ හොඳම පිළිවෙත් සඳහා මෙම ලිපිය කියවන්න.

ඔබේ මෙනුව තැනීම, වෙළඳ දැන්වීම් ප්‍රචාරය හෝ වෙනත් යමක් සම්බන්ධයෙන් ප්‍රශ්න තිබේ නම්, ඔබේ බෙදාහැරීමේ ව්‍යාපාරය නිසි පරිදි ගෙන යාමට ඔබට උපකාර වීම සඳහා සතියේ දින හතේ ම දවසේ පැය 24 පුරා සහාය ලබාගත හැකි යි. පොදු ප්‍රශ්න සඳහා උදව් වෙනුවෙන් අපගේ මාර්ගගත නිසි අසන පැන වෙත පිවිසෙන්න. ඔබට රට අනුව දුරකථන සහ විද්‍යුත් තැපැල් සහාය විකල්ප මෙතැනින් ගවේෂණය කළ හැකිය.

Select your preferred language
Englishසිංහල