Please enable Javascript
Skip to main content

මෙම ලිපියේ සඳහන් කර ඇති නිෂ්පාදන සහ සේවාවන්, ඔබේ කලාපය තුළ ලබා ගත නොහැකි විය හැක. ඔබට ප්‍රශ්න කිසිවක් ඇත්නම්, පාරිභෝගික සහාය සේවය හෝ ඔබේ ගිණුම් කළමනාකරු අමතන්න.

X small

ඔබේ ව්‍යාපාරය වර්ධනය කර ගැනීමට Uber Eats කළමනාකාරකය මත සබුද්ධික මෙවලම්

2025 මැයි

Uber Eats තුළ, අපි ඔබ වැනි ව්‍යාපාරවලට වැඩි පාරිභෝගිකයින් සංඛ්‍යාවක් වෙත ළඟා වීමට සහ කාර්යක්ෂමව වර්ධනය වීමට උපකාර කිරීම කෙරෙහි අවධානය යොමු කරමු. Uber Eats වෙළඳපොළ‍ේ අලෙවිකරණ ප්‍රචාරණ ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම සඳහා අපගේ සාර්වග්‍රාහී‍‍‍ මෙවලම වන UEM (Uber Eats කළමනාකාරකය) තුළ අපි වෙළඳ දැන්වීම් සහ දීමනා සඳහා නව වැඩිදියුණු කිරීම් සිදු කර ඇත්තේ එබැවිනි. වැඩිදියුණු කළ වාර්තාකරණය, නව නම්‍යශීලී දීමනා වර්ගයක් සහ ප්‍රචාරණ ව්‍යාපාර සඳහා වේලාව නියම කිරීමේ සිට එකවර ප්‍රචාරණ ව්‍යාපාර කිහිපයක් නිර්මාණය කිරීමට සහ වඩාත් ක්‍රියාවට නැංවිය හැකි ආකාරයේ දැනුම හා අදහස් ලබා ගැනීමට ඇති හැකියාව දක්වා, UEM භාවිතයෙන් අවන්හල්වලට කාලය ඉතිරි කර ගැනීමට, සුහුරු ලෙස වියදම් කිරීමට, වැඩි නම්‍යශීලී බවක් භුක්ති විඳීමට සහ වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට මෙම යාවත්කාලීන කිරීම් නිර්මාණය කර ඇත. Uber Eats තුළ ඇති අලුත් දේ මොනවා ද යන්න සහ ඒවායින් ඔබේ ව්‍යාපාරය වර්ධනය කර ගැනීමට ඔබට උපකාර කළ හැක්කේ කෙසේ දැයි බලන්න.

ඔබේ දීමනා සහ වෙළඳ දැන්වීම් නිරීක්ෂණය කර වැඩි දියුණු කිරීමට එක් ස්ථානයක්

ඔබේ දීමනා සහ වෙළඳ දැන්වීම් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පැහැදිලි, වඩාත් විධිමත් දැක්මක් ලබා දීම සඳහා UEM තුළ වාර්තාකරණය ප්‍රතිසංස්කරණය කර ඇත - සියල්ල එක තැනකින්. UEM තුළ විවිධ කොටස් අතර මාරු වීම වෙනුවට, ඔබට දැන් දීමනා සහ වෙළඳ දැන්වීම් සඳහා ඔබේ ප්‍රචාරණ ව්‍යාපාර තොරතුරු සහ කාර්ය සාධන දත්ත - ඔබේ සියලුම වෙළඳසැල් හරහා සහ ඕනෑම දින පරායක් සඳහා - කෙළින් ම අලෙවිකරණ පිටුවෙන් බලාගත හැකි ය. ප්‍රතිඵල නිරීක්ෂණය කර අලෙවිකරණ පිටුවේ ඉහළින් ඇති ප්‍රචාරණ දසුන තේරීමෙන් ඔබ ඒවා නිර්මාණය කරන ස්ථානයේ සිටම ඔබේ ප් ‍ රචාරණ ව් ‍ යාපාර ප් ‍ රශස්ත කරන්න. ක්ෂණික අදහස් හා දැනුම සහ පැහැදිලි සවිස්තර වාර්තාවන් සමග සාර්ථක මොනවා ද යන්න හඳුනාගෙන වඩා සුහුරු තීරණ ගැනීම වඩා පහසු යි.

අලුත් දෑ මොනවා ද


  • වාර්තා කිරීම ඇතුළුව ඔබේ සියලු අලෙවිකරණ මෙවලම් සහිත ප්‍රතිනිර්මණය කරන ලද ප්‍රචාරණ ව්‍යාපාර ටැබයක්
  • පැහැදිලි කාර්ය සාධන ප්‍රමිතික, ඕනෑම සිතැඟි ප්‍රකාර දින පරාසයක ප්‍රධාන ප්‍රතිඵලවල දෘශ්‍ය ප්‍රස්තාරයක් සහ භාවිතයට පහසු පෙරහන් සහිත එක් එක් ප්‍රචාරණ ව්‍යාපාරයට ක්ලික් කරන විට නව ප්‍රචාරණ ව්‍යාපාර විස්තර පිටුවක්
  • ස්ථාන සහ කාල රාමු ඕනෑම සංඛ්‍යාවක් හරහා දීමනා සහ වෙළඳ දැන්වීම්වල කාර්ය සාධනය දැකීමේ හැකියාව ස්ථාන කිහිපයක ප්‍රචාරණ ව්‍යාපාර නිරීක්ෂණය කිරීම සඳහා ස්ථානය අනුව දැනුම හා අදහස්
  • එක් පියවරකින් සාර්ථක ප්‍රචාරණ ව්‍යාපාර නැවත ක්‍රියාත්මක කිරීමේ හැකියාව එක් එක් මිතිකය නිර්ණය කර කාර්ය සාධන දත්ත විස්තර කරන ප්‍රයෝජනවත් මෙවලම් ඉඟි

මෙය ඔබේ ව්‍යාපාරයට උපකාරී වන ආකාරය


✔සෑම දෙයක් ම එක තැනකින් කළමනාකරණය කිරීමෙන් කාලය ඉතිරි කරගැනීම

✔ කියැවීමට පහසු දැනුම හා බුද්ධිය සමගින් සාර්ථක මොනවා ද යන්න අනාවරණය කර ගැනිම

✔ ස්ථානය අනුව කාර්ය සාධනය නිරීක්ෂණය කර වඩා සුහුරු තීරණ ගැනීම

✔ ඉහළ කාර්ය සාධනයක් සහිත ප්‍රචාරණ ව්‍යාපාරයක් ඉක්මනින් නැවත දියත් කිරීම

✔ඔබේ ආයෝජනය පිළිබඳ වඩා හොඳ දැක්මක් සහිතව මුදල් වඩාත් විශ්වාසයෙන් යුතුව වියදම් කිරීම

මින් ඔබේ ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ අත් කර දෙන ආකාරය


✔ වඩා හොඳ මෙවලම් යන්නෙන් අදහස් කරන්නේ ඔවුන් වෙත අදාළ දීමනා සහ වෙළඳ දැන්වීම් ලබා දෙන වඩා හොඳ ප්‍රචාරණ ව්‍යාපාර ගෙන යාමට හැකියාව ලැබෙන බව යි

✔ විවිධ ස්ථාන හරහා වඩා සුමට අත්දැකීමක්

ඔබට සහ ඔබේ ගනුදෙනුකරුවන්ට තවත් විකල්ප ලබා දීම පිණිස වන නව දීමනා වර්ගය

1ක් මිලට ගත් විට එකක් නොමිලේ දීමනා ඔබ පිරිනමන නොමිලේ අයිතම කෙරෙහි වැඩි පාලනයක් භුක්ති විඳින අතර ම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලුම ආකර්ෂණය කර ගැනීමට නව ක්‍රමයක් ලබා දෙයි.

1ක් මිල දී ගත් විට 1ක් නොමිලේ අවස්ථා ලබා දීම ගැන සිතන්න, නමුත් වඩාත් නම්‍යශීලී වන්න. පිඟානක් වෙනුවට දෙකක් ලබා දෙනවා වෙනුවට, පාරිභෝගිකයින් විසින් සුදුසුකම් ලත් අයිතමයක් මිල දී ගන්නා විට තෝරා ගත හැකි නොමිලේ අයිතම 10ක් දක්වා ඔබ තෝරා ගනී - නිදසුනක් ලෙස, නිශ්චිත ආහාර වර්ගයක් සමග නොමිලේ ආහාර රුචිය වඩවන කෑමක් හෝ අතුරුපසක්.

අලුත් දෑ මොනවා ද


  • ඔබ වෙත පාලනය ලබා දෙන වඩා නම්‍යශීලී දීමනා ව්‍යුහයක්
  • මිලදී ගැනීම සඳහා සුදුසුකම් ලත් අයිතමයක් තෝරා ගැනීමේ හැකියාව, පසුව එය සමඟ යාමට විශේෂිත නොමිලේ අයිතම 10ක් හෝ අතුරුපස සහ අතුරු අහාර වැනි කාණ්ඩ 2ක් දක්වා විශේෂාංගගත කරන්න
  • සුදුසුකම් ලත් අයිතමයක් සහ සමාන හෝ අඩු වටිනාකමක් සහිත නොමිලේ අයිතමයක් තෝරා ගැනීමට පාරිභෝගිකයින්ට ඇති හැකියාව

මෙය ඔබේ ව්‍යාපාරයට උපකාරී වන ආකාරය


✔ ඔබේ ව්‍යාපාරය සඳහා සාර්ථක වන්නේ මොනවා ද යන්න මත පදනම්ව ලබා දිය යුතු මොනවා ද යන්න සහ කොපමණ ප්‍රමාණයක් ද යන්න තීරණය කිරීම

✔ ඔබේ ව්‍යාපාර උපාය මාර්ගය සමග ගැළපෙන ඉලක්කගත දීමනා නිර්මාණය කරන්න

✔ පාරිභෝගිකයින්ව ඔබේ මෙනුව අත්හදා බැලීමට දිරිගැන්වීම සඳහා නව සමයට ගැළපෙන ආහාර වර්ගයක්, ජනප්‍රිය ආහාර රුචිය වඩවන කෑමක් හෝ විශේෂ අතුරුපසක් ප්‍රවර්ධනය කරන්න

මින් ඔබේ ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ අත් කර දෙන ආකාරය


✔ ඔවුන්ට නොමිලේ ලැබෙන දේ පිළිබඳ වැඩි තේරීමක්

✔ පුළුල් පරාසයක රසයන් අත් විඳිමින් මෙනුවකින් වැඩිමනත් දෑ අනාවරණය කර ගැනීමට වඩා පහසු ය

එකවර වෙළඳ දැන්වීම් ප්‍රචාණ ව්‍යාපාර කිහිපයක් ප්‍රචාරය කිරීම සඳහා වේලාව නියම කිරීමේ මෙවලම

දැන් ඔබට UEM තුළ එකවර වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ව්‍යාපාර එකකට වඩා නිර්මාණය කර ඒවා ප්‍රචාරය වීම සඳහා වේලාව නියම කළ හැකි ය. සතියේ දින ගමනාගමනය ඉහළ නැංවීම සඳහා කෙටි කාලීන වෙළඳ දැන්වීමක් ක්‍රියාත්මක කරන අතරතුර සෑම විටම එක් ප්‍රචාරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මකව තබා ගැනීම වැනි විවිධ අරමුණු ඉලක්ක කර ගැනීමට වැඩි නම්‍යශීලීබවක් ලැබෙන බව එයින් අදහස් වේ.

අලුත් දෑ මොනවා ද


  • UEM තුළ ප්‍රචාරණ ව්‍යාපාර කිහිපයක් දියත් කිරීමට සහ ඒවා ප්‍රචාරය කිරීමට වේලාව නියම කිරීමට ඇති හැකියාව
  • දිනයන් නිවාඩු දින, නිෂ්පාදන දියත් කිරීම් හෝ මන්දගාමී කාල පරිච්‍ඡේද වැනි මූලික අවස්ථාවන්ට සමපාත වන අයුරින් සම්බ්නධීකරණය කිරීමේ හැකියාව

මෙය ඔබේ ව්‍යාපාරයට උපකාරී වන ආකාරය


✔ මිනිස් ශ්‍රමයෙන් සිදු කළ යුතු කටයුතු අඩු කිරීම සඳහා එකවර වෙළඳ දැන්වීම් කිහිපයක් සකසා ප්‍රචාරය වීමට වේලාව නියම කරන්න

✔ විශාල සිදුවීම් හෝ නව මෙනු අයිතම සඳහා වෙළඳ දැන්වීම් ස්වයංක්‍රීයව දියත් වන පරිදි සැලසුම් කරන්න

✔ විවිධ ප්‍රචාරණ ව්‍යාපාර සමඟ විවිධ අරමුණු ඉලක්ක කර පරීක්ෂා කරන්න

✔ සියලු ප්‍රචාරණ ව්‍යාපාර එක තැනකින් නිරීක්ෂණය කිරීමෙන් ඔබේ ව්‍යාපාර අවශ්‍යතා මත පදනම්ව ප්‍රතිඵල උපරිම කිරීමට ප්‍රචාරණ ව්‍යාපාර ප්‍රශස්ත කරන්න

හොඳම වේලාවන්ට වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා විශේෂාංගයට වේලාව යොදා ගැනීම

දැන් ඔබට වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ව්‍යාපාර සඳහා අපගේ නව වේලාව නියම කිරීමේ විශේෂාංගය සමඟ ඔබේ වෙළඳ දැන්වීම නිශ්චිත වේලාවන් සහ දින තුළ ක්‍රියාත්මක වන පරිදි සැකසිය හැකි ය. ඔබට අවශ්‍ය දිවා ආහාරය ඇණවුම් කිරීමට සොයන පිරිස වෙත ළඟා වීමට වුව ද සවස් කාලයේ පාරිභෝගිකයින් සංඛ්‍යාව ඉහළ නැංවීමට වුව ද, වඩාත් ම ඵලදායී අවස්ථාවන්හි පාරිභෝගිකයින් සමග සම්බන්ධ වීමට උපකාර කරමින් වෙළඳ දැන්වීම් දිස් වන්නේ කවර විටක ද යන්න ඔබට තීරණය කළ හැකි ය.

අලුත් දෑ මොනවා ද


  • UEM තුළ සෘජුවම කාලය හා දිනය අනුව වෙළඳ දැන්වීම් සඳහා වේලාව යොදා ගැනීමේ හැකියාව
  • කාර්ය බහුල දිවා ආහාර වේලාව, මධ්‍යම රාත්‍රියේ ඇති වන ආහාර අවශ්‍යතා හෝ සති අන්තයේ කාර්යබහුල වේලාවන් වැනි වඩාත් ම වැදගත් වේලාවන්හි දී වෙළඳ දැන්වීම් මුදල් භාවිත කිරීම සඳහා වඩාත් ඉලක්කගත ක්‍රමයක්

මෙය ඔබේ ව්‍යාපාරයට උපකාරී වන ආකාරය


✔ ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා කාර්ය බහුල වේලාවන් අතරතුර හෝ වේවා මදිපාඩු පිරවීම සඳහා මන්දගාමී වේලාවන් අතරතුර හෝ වේවා, ඔබේ ම කොන්දේසි මත ප්‍රචාරණ ව්‍යාපාර ක්‍රියාවට නංවන්න

✔ ඔබේ ඉලක්ක, කාර්ය මණ්ඩලය හෝ වෙළඳසැලේ ගමනාගමනය මත පදනම්ව ඔබේ උපායමාර්ගය සකස් කරන්න

සෑම විටම ක්‍රියාත්මක ප්‍රචාරණ ව්‍යාපාර සමඟ පහසුවෙන් ස්ථර ඉලක්ක කළ ප්‍රචාරණ ව්‍යාපාර

වඩාත් පහසුවෙන් බාහිර දීමනා නිරීක්ෂණය කොට පවත්වා ගැනීම

ඔබ Uber Eats වෙතින් පිටත දීමනා ප්‍රචාරණ ව්‍යපාර ක්‍රියාවට නංවන්නේ නම්, ඔබට දැන් UEM තුළ ඔබ නිර්මාණය කරන ඕනෑම දීමනාවකට බාහිර ප්‍රවර්ධන හැඳුනුම්පතක් එක් කළ හැක. මෙය වේදිකා හරහා ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමට සහ ක්‍රියාත්මක වන දේ තේරුම් ගැනීමට පහසු කරයි.

අලුත් දෑ මොනවා ද


  • දීමනා සැකසීමේ දී බාහිර ප්‍රවර්ධන හැඳුනුම් එක් කිරීම සඳහා නව ක්‍ෂේත්‍රයක්
  • ඔබේ වාර්තාකරණ දත්තවල දිස්වන ප්‍රවර්ධන හැඳුනුම්පත්

මෙය ඔබේ ව්‍යාපාරයට උපකාරී වන ආකාරය


✔ Uber Eats දීමනා බාහිර ප්‍රචාරණ ව්‍යාපාර සමග සම්බන්ධ කිරීම

✔ ප්‍රචාරණ ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය පිළිබඳ සම්පූර්ණ අදහසක් ලැබීම

✔ වඩා හොඳට ගැළපීම මගින් විකුණුම් හසු කරගෙන අලෙවිකරණය වැඩි දියුණු කිරීම

ඔබගේ සාර්ථකත්වයට සහාය වීමට අපි මෙහි සිටිමු


අපි සැමවිටම අපගේ ව්‍යාපාරික හවුල්කරුවන්ට සවන් දෙන අතර ඔබේ අවශ්‍යතා පිළිබිඹු කරන යාවත්කාලීන කිරීම් කරන්නෙමු. UEM තුළ සිදු කර ඇති මෙම නවතම වැඩිදියුණු කිරීම් සැලසුම් කර ඇත්තේ ඔබට ඔබේ ව්‍යාපාරය නඟා සිටුවීම කෙරෙහි අවධානය යොමු කළ හැකි වන පරිදි අඩු උත්සාහයකින් වැඩි යමක් කිරීමට ඔබට උපකාර කිරීම සඳහා ය.

නව විශේෂාංග ගවේෂණය කිරීමට සූදානම් ද?

ආරම්භ කිරීමට Uber Eats කළමනාකාරකය වෙත පිවිසෙන්න. උදව් සඳහා, අපගේ සහාය පිටුවට පිවිසෙන්න, නැතහොත් ඔබගේ ගිණුමෙන් සහාය තෝරන්න.

Select your preferred language

Englishසිංහල