දැනුවත් තීරණ ගැනීමට විශ්ලේෂණ මෙවලම් භාවිත කරන්න
වෙනස්කම් නිරීක්ෂණය කර පවත්වා ගනිමින් විශ්වාසයෙන් යුතුව අනුවර්තනය වන්න. Uber Eats කළමනාකාරකය සමඟින්, ඔබට ඔබේ කාර්ය සාධනය නිරීක්ෂණය කොට පවත්වා ගැනීමට, නව අදහස් ලබා ගැනීමට සහ ඔබේ වෙළඳසැලට වෙනස්කම් සිදු කිරීමට ද හැකි ය.
වෙනසක් ඇති කරන දත්ත
ඔබේ ව්‍යාපාරය වර්ධනය කර ගැනීමට ඉවහල් වන සවිස්තරාත්මක විකුණුම් සහ කාර්ය සාධන දත්ත ලබා ගන්න. විශ්ලේෂණ කේන්ද්‍රයෙන් ඔබට ශුද්ධ විකුණුම්, සාමාන්‍ය ඇණවුම් ප්‍රමාණය, ජනප්‍රියතම වේලාවන් සහ තවත් දෑ බැලිය හැකි ය.
අදහස් ආදායම් බවට පත් කරගන්න
තරගය අභිබවා යන්න. Uber Insights මගින් ඔබට වැඩි ගනුදෙනුකරුවන් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට, මෙහෙයුම් ප්‍රශස්ත කිරීමට සහ ආදායමක් උපයා ගැනීමට උපකාරී වන ක්‍රියාවට නැංවිය හැකි තොරතුරු ලබා දෙයි.
ඔබේ ගනුදෙනුකරුවන් සමග සෘජුව ම සන්නිවේදනය කරන්න
පාරිභෝගිකයින් සත ුටින් තබා ඔවුන් නැවත නැවත ඔබ වෙත ගෙන්වා ගන්න. ප්‍රතිපෝෂණ කේන්ද්‍රය ඔබට ඍජුව ම ශ්‍රේණිගත කිරීම් සහ සමාලෝචනවලට ප්‍රතිචාර දැක්වීමට සහ ස්තුතිය ප්‍රකාශ කිරීමට මෙන් ම ගැටලු සහගත කාරණාවක් විසඳීමට ඉදිරිපත් වීමක් යැවීමට පවා ඉඩ සලසයි.
පිහිටුවීම සරල ය
Uber Eats කළමනාකාරකය යනු ස්ථාපනය කිරීමට, සැකසීමට සහ සිතැඟි පරිදි සැකසීමට පහසු ගාස්තු රහිත යෙදුමකි. පහතින් ඔබේ උපාංගය තෝරාගෙන, ඉන්පසු යෙදුම බාගෙන වැඩ ඇරඹීම සඳහා උපදෙස් අනුගමනය කරන්න.
නව ගූගල් Chrome කවුළුවක් විවෘත කරන්න
Uber Eats කළමනාකාරකය විවෘත කළ හැක්කේ Google Chrome ඔස්සේ පමණි. Chrome විවෘත නම්, ගොනුව මත ක්ලික් කර අනතුරුව, නව කවුළුව ක්ලික් කරන්න.
අන්තර්ජාලය සඳහා Uber Eats කළමනාකාරකය වෙත ප්‍රවේශ වීම
URL යොමුව ඔබේ Google Chrome බ්‍රවුසරයේ ටයිප් කරන්න: merchants.ubereats.com/orders.
ඔබේ පිවිසුම් අක්තපත්‍රය ඇතුළත් කරන්න
ඔබගේ පරිශීලක නාමය සහ මුරපදය සමඟ පිවිසෙන්න. ඔබට ඒවා අමතක වී ඇත්නම්, ඔබගේ මුරපදය යළි පිහිටුවීමට අවශ්‍ය නම්, හෝ ලියාපදිංචි වීමට උදවු අවශ්‍ය නම්, restaurants@uber.com වෙත ඊමේල් කරන්න, එවිට යමෙකු සම්බන්ධ වනු ඇත.
ලොගින් වීම සම්පූර්ණ කරන්න
දැන් ඔබව ලොග් විය යුතු ය. දැනුම්දීම පිළිගන්නා ලෙස ඔබට කාර්ය ප්‍රේරක ඇඟවුමක් ලැබේ නම්, ඔබට ඇණවුම් ලැබෙන බව සහතික කර ගැනීම සඳහා ඉඩ දෙන්න මත ක්ලික් කරන්න.
පුහුණු මාර්ගෝපදේශය සමාලෝචනය කරන්න
ලොග් වීමෙන් පසු, ඔබට මෙනුව මත ක්ලික් කර, අනතුරුව කරන ආකාරය පිළිබඳ අත්වැල ක්ලික් කර, අනතුරුව ආරම්භ කරන්න ක්ලික් කිරීමෙන් ඔබට පුහුණු මාර්ගෝපදේශය සමා ලෝචනය කළ හැකි ය.
යෙදුම බාගත කරන්න
ඔබේ දුරකථනයෙන් යෙදුම බාගැනීමට පහත Android හෝ iOS සබැඳිය මත තට්ටු කරන්න.
Android සඳහා බාගන්න, නැතිනම් iOS සඳහා බාගන්න
ඔබේ පිවිසුම් තොරතුරු ඇතුළත් කරන්න
ඔබගේ පරිශීලක නාමය සහ මුරපදය සමඟ පිවිසෙන්න. ඔබට ඒවා අමතක වී ඇත්නම්, ඔබගේ මුරපදය යළි පිහිටුවීමට අවශ්‍ය නම්, හෝ ලියාපදිංචි වීමට උදවු අවශ්‍ය නම්, restaurants@uber.com වෙත ඊමේල් කරන්න, එවිට යමෙකු සම්බන්ධ වනු ඇත.
යෙදුම් අවසර සක්‍රීය කරන්න
ඔබගේ දුරකථනයේ සැකසුම් > දැනුම්දීම් > Uber Eats යෙදුම > > දැනුම්දීම් > සක්‍රිය කිරීමෙන් ඔබට කිසි විටෙකත් දැනුම්දීමක් අතපසු නොවන බවට වග බලාගන්න. යෙදුම තුළින්, ඔබට ඒ ආකාරයෙන් ම දැනුම්දීම් සක්‍රීය කිරීමේ හැකියාව ඇත.
හඬ සක්‍රීය කරන්න
ඇණවුම් ලැබෙන විට ඇසෙන පරිදි ඔබේ උපාංගයේ හඬ ක්‍රියාත්මකව සහ ඇසෙන පරිදි ඇති බව සහතික කරගන්න. කාර්ය මණ්ඩලවලට නව ඇණවුම් සම්පූර්ණ කිරීමට සහ යා වත්කාලීන කිරීම් නිරීක්ෂණය කොට පවත්වා ගැනීමට උපකාර වීමේ හැකියාව ශ්‍රව්‍ය දැනුම්දීම්වලට තිබේ.
Uber සමගින් ඔබේ දියුණුව කරා ගමන් කරන්න
වැඩි පාරිභෝගිකයන් පිරිසක් සමඟ සම්බන්ධ වී ඔබ කැමති අයුරින් ඔබේ ව්‍යාපාරය වර්ධනය කර ගන්න. අදම අප හා හවුල් වන්න.
විසඳුම්
ව්‍යාපාර වර්ග
ව්‍යාපාර වර්ග
සම්පත්
සම්පත්