මෙම ලිපියේ සඳහන් කර ඇති නිෂ්පාදන සහ සේවාවන්, ඔබේ කලාපය තුළ ලබා ගත නොහැකි විය හැක. ඔබට ප්‍රශ්න කිසිවක් ඇත්නම්, පාරිභෝගික සහාය සේවය හෝ ඔබේ ගිණුම් කළමනාකරු අමතන්න.
කැපී පෙනෙන අවන්හල් මෙනුවක් සාදා ගන්නේ කෙසේ ද
ප්‍රකාශයට පත් කරන ලද්දේ: පෙබරවාරි 2024 | යාවත්කාලීන කරන ලදි: අප්‍රේල් 2025
ඔබේ අවන්හලට පාරිභෝගිකයෙකුගේ අවධානය බොහෝ ආකාරවලින් ආකර්ෂණය කර ගත හැක: වීදියේ ඇස ගැටීමට සැලැස්වීමෙන්, අන්තර්ජාලයේ සෙවුම් ප්රතිඵලවල දිස් වීමෙන් හෝ Uber Eats වැනි තෙවැනි පාර්ශවීය යෙදුම්වල ස්ක්‍රෝල් කරන අතරතුර අවධානය දිනා ගැනීම ආදී ක්‍රමවලිනි.
නමුත් මෙම කුසගිනිකාර පාරිභෝගිකයින් ඇණවුම් කිරීම සඳහා යොමු කිරීමේ යතුර කුමක් ද?
ඒ ඔබේ මෙනුවයි.
ඔබට නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය නම්, නාලිකා හරහා පහසුවෙන් යාවත්කාලීන කළ හැකි අලංකාර, විස්තරාත්මක, නිවැරදි මෙනුවක් නිර්මාණය කළ යුතුය.
ඔබේ අවන්හල් මෙනු නිර්මාණය (හෝ යාවත්කාලීන කිරීම) නිසි පරිදි සකසා ගැනීමට ඔබට උදවු කිරීමට, අපි Uber Eatsගැනීමට ජ්‍යෙෂ්ඨ ගිණුම් විධායක ලෙටී චවාරියාගේ විශේෂඥ දැනුම බෙදා ගන්නෙමු. චවාරියා හැදී වැඩුණේ ටෙක්සාස්හි සැන් ඇන්ටෝනියෝහි ඇගේ පවුලේ අවන්හලේ වන අතර, යෙදුමේ වඩාත් නිවැරදි, විස්තරාත්මක සහ ආකර්ෂණීය මෙනු ගොඩනැගීම පිළිබඳ මෙනු කණ්ඩායම් පුහුණු කළ අභ්‍යන්තර Uber Eats නියමු ව්‍යාපෘතියකට නායකත්වය දුන්නේය.
මෙම අභ්‍යන්තරිකයන්ගේ උපදෙස්වලට අමතරව, මෙම ලිපිය පහත සඳහන් මාතෘකා ආවරණය කරයි:
හොඳ මෙනුවක වැදගත්කම
"ඔබේ මෙනුව දීමනා ලැයිස්තුවක් පමණක් නොව, මූලික මුදල් ඉපැයීමේ උපකරණය ද වේ" චවාරියා පවසයි.
ආහාර ගන්නන් සිය දුරකථනය විවෘත කරන සෑම අවස්ථාවක ම මෙය ඔප්පු කර පෙන්වති. TouchBistro 2024 රාත්‍රී භෝජන ප්රවණතා වාර්තාවෙන් කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ ආහාර ගන්නවුන්ගෙන් 85%ක් නව අවන්හලකට යාමට තීරණය කිරීමට පෙර අන්තර්ජාලය ඔස්සේ මෙනු දෙස බලන බවයි - මෙය 2017 වසරේ දී 59%ක් පමණක් විය. ඇත්ත වශයෙන් ම, ඔන්ලයින් මෙනුවක් කල්තියා බලන අනුග්‍රාහකයින්ගෙන් 50%ක පිරිසක් ඔබේ අවන්හලට පිවිසීමට පෙර ඔවුන් ඇණවුම් කරන්නේ කුමක් ද යන්න තීරණය කරයි. මෙම අංක පැහැදිලි පණිවිඩයක් අවධාරණය කරයි: ඔබේ මෙනුව මාර්ගෝපදේශයක් පමණක් නොවේ; එය ඔබේ පළමු (සහ බොහෝ විට වඩාත්ම ඒත්තු ගැන්වෙන) විකුණුම් අවකාශයයි.
හොඳ අවන්හල් මෙනුවක් යනු කුමක් ද?
සැබවින්ම ආකර්ෂණීය අවන්හල් මෙනුවක් හොඳින් නිර්මාණය කර ඇත, වෙළඳ නාම මාර්ගෝපදේශ පිළිපදියි, පැහැදිලි සිතැඟි පරිදි සැකසීමේ විකල්ප ලබා දෙයි, නිතිපතා යාවත්කාලීන කරමින් සියලුම පාරිභෝගික නාලිකා හරහා අනුකූලතාව පවත්වා ගනියි (වෙළඳසැල තුළ, වෙබ් අඩවිය, තෙවැනි පාර්ශවීය යෙදුම් සහ ඔබේ මෙනුව වෙත ප්‍රවේශ විය හැකි වෙනත් වේදිකා වැනි).
විනිවිදභාවය මූලික වේ: මෑතමූලික දී කරන ලද එක්සත් ජනපද ආහාර සමීක්ෂණයකින් හෙළි වූයේ ආහාර ගන්නවුන්නේ 68%ක පිරිසකට දක්වා ඇති අඩංගු දෑ සියල්ල දැකීමට අවශ්‍ය බවයි. ඇණවුම් කළ යුතු දේ තීරණය කිරීමේ දී, ආහාර ගන්නවුන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙක් පැහැදිලි මිල ගණන් අපේක්ෂා කරති. එය හුදු පිඟානේ ඇත්තේ මොනවා ද යන්න පිළිබඳව පමණක් නොවේ, ඊට එය පිළිගන්වන ආකාරය ද ඇතුළත් වෙයි. ආහාර ගන්නවුන්ගෙන් තුනෙන් දෙකක පිරිසක් (65%) පවසන්නේ සවිස්තරාත්මක අයිතම විස්තර සහිත "ආකර්ෂණීය මෙනු" ඔවුන්ගේ මිලදී ගැනීමේ තීරණවලට සෘජුවම බලපාන බවයි.
US Foods සමීක්ෂණයට සහභාගී වූ ආහාර ගන්නවුන්ගෙන් අතිමහත් බහුතරයක් (72%) ආහාර ඡායාරූප සහිත මෙනුවලට කැමැත්තක් දක්වයි. ඇත්ත වශයෙන්ම, ආහාර ගන්නවුන්ගෙන් 75%කට ආසන්න පිරිසක් පවසන්නේ පින්තූර ඔවුන්ගේ ඇණවුම් කෙරෙහි බලපෑම් කරන අතර 66%ක පිරිසක් ආහාර වේලක් මුළුමනින්ම මඟ හැර ඇත්තේ ඡායාරූපය ඔවුන්ගේ සිත් නොගත් බැවිනි.
White Castle මෙනුවද මගින් පාරිභෝගිකයින් ඇලුම් කරන දේට වැඩි ප්‍රමාණයක් අලෙවි කරන්නේ කෙසේ ද
White Castle යනු සාධනීය පාරිභෝගික අත්දැකීමක් උදෙසා ප්රශස්ත කරන ලද මෙනුවක් සහිත අවන්හලකට විශිෂ්ට උදාහරණයකි. දැන් අපි මෙම මෙනුව එතරම් කැපී පෙනෙන උදාහණයක් බවට පත් කරන ගුණාංග කිහිපයක් දෙස විමසා බලමු.
ආරම්භයක් ලෙස, මෙනුවෙන් White Castle හර පද්ධතීන් නියෝජනය කරයි: ගුණත්වය, වේගය හා අගය. මේ හර පද්ධතීන් අනුගමනය කිරීම මේ ගමනේ මාර්ගෝපදේශකයක් බවට පත් වී තිබේ. ඉන් ඔවුන්ට සිය මෙහෙයුම්වලට ගැළපෙන, තම පාරිභෝගිකයන්ගේ ආශාවන් හා සමපාත වන සහ අඛණ්ඩ නවෝත්පාදනයට රුකුලක් සපයන ආකාරයකින් අත්හදා බැලීමට ඉඩ සලසා තිබේ.
White Castle හි මෙනුව එහි ප්‍රකට ස්ලයිඩර් ඉස්මතු කිරීමෙන් සියවස් ගණනක ඉතිහාසය පිළිබිඹු කරනවා පමණක් නොව, ශාක මූල Impossible™ ස්ලයිඩරයක් වැනි විස්තීරණ නව අයිතම ඒකතුවක් සහ සිතැඟි පරිදි සැකසීමේ විකල්ප රැසක් සමග විවිධාංගී පිරිසකට සේවය කරයි. මෙනුව විවිධ වර්ගයේ ආහාර අවශ්‍ය පාරිභෝගිකයන්ට සහ විවිධ මාර්ගවලින් ඇණවුම් ලබා දෙන පාරිභෝගිකයන්ට සේවය පිරිනැමීම කෙරෙහි අවධානය යොමු කරයි.
White Castle පාරිභෝගිකයෙකු පුද්ගලිකව ඇණවුමක් ලබා දෙන විට, ඔවුන්ට සේවා සපයන්නෙකු සමඟ කතා කිරීමට, ප්‍රශ්න ඇසීමට, ප්‍රතිපෝෂණ ලබා ගැනීමට සහ ඔවුන් සෑහීමකට පත්වන තෙක් ඔවුන්ගේ ඇණවුම සිතැඟි පරිදි සකස් කරවා ගැනීමට පුළුවන. තෙවැනි පාර්ශ්වීය බෙදාහැරීමේ යෙදුමකින් ඇණවුම් කරන පාරිභෝගිකයන්ට ද මෙම පහසුකම්ම ලබා දීමට White Castle එහි Uber Eats මෙනුවේ දක්නට ලැබෙන පරිදි, සිතැඟි පරිදි සැකසීමේ කොටස් සහ අද්විතීය කාණ්ඩ (ඔබේ කණ්ඩායමේ ප්‍රමාණය පදනම්ව ආහාර යෝජනා වැනි) භාවිත කරයි. මින් මිනිසුන් සේවා සපයන්නෙකු සමග කතා නොකරන විට දී පවා ඔවුන්ට නිශ්චිතව ම අවශ්‍ය දේ ලබා ගැනීමේ හැකියාව සලසා දෙයි.
ඊට අමතරව, White Castle විශ්ලේෂණ නිරීක්ෂණය කරන අතර පාරිභෝගික ප්රවණතා අවබෝධ කර ගැනීම සඳහා දත්ත අධීක්ෂණය කරයි. මෙම අදහස් හා දැනුම සමඟින්, පාරිභෝගිකයින්ගේ පරිණාමය වන මනාපයන් තෘප්තිමත් කරන උපායමාර්ගික මෙනු ගැළපීම් කිරීමට සමාගම සැමවිට ම සූදානම් ය.
සියල්ලටම වඩා, White Castle මෙනු උපාය මාර්ගය ආහාර අයිතම ලැයිස්තුගත කිරීමෙන් ඔබ්බට යමින් ඔවුන් ඇණවුම ලබා දෙන්නේ කවුන්ටරයට වුවත්, වාහනය තුළ සිට වුවත්, අන්තර්ජාලය ඔස්සේ හෝ තෙවැනි පාර්ශ්වීය යෙදුමකින් වුවත් පාරිභෝගිකයින් සමඟ අනුනාද වන පුළුල් හා පහසු අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කරයි.
"ඔ්නෑම අවන්හලක් සඳහා ඔබේ මෙනුව දීමනා ලැයිස්තුවක් පමණක් නොව, මූලික මුදල් ඉපැයීමේ උපකරණය ද වේ."
ලෙටී චවාරියා, Uber Eats ජ්‍යෙෂ්ඨ ගිණුම් විධායක
පියවර 7කින් මෙනුවක් සාදා ගන්නේ කෙසේ ද
ඉතින් ඔබ ඔබේ ගනුදෙනුකරුවන්ගේ මුවට කෙළ උනන්නට සලස්වන ආකාරයේ, නව අනුභව කරන්නන් ඇද ගන්නා හා පුද්ගලයන් ඔබව සොයා ගන්නා ඕනෑම මාර්ගයක් ඔස්සේ ඔබ සමග සම්බන්ධ වන ආකාරයේ මෙනුවක් නිර්මාණය කරන්නේ කෙසේ ද?
ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර 7ක් පහත දැක්වේ. ඔබ ඒ සෑම එකක් ම ක්‍රියාවට නැංවීමෙන් පසු, ඔබට ආඩම්බරයෙන් ඔබේ කෑම මේසය මත තැබිය හැකි, අන්තර්ජාලයේ පළ කළ හැකි සහ තෙවැනි පාර්ශ්වීය යෙදුම්වල විශේෂාංග කොට දැක්විය හැකි ආකාරයේ මෙනුවක් ලැබෙනු ඇත.
ඇතුළත් කළ යුතු ආහාර වර්ග තෝරන්න
මෙනු සැලසුම වෙත ළඟා වන්නේ කෙසේ ද යන්න පිළිබඳ අදහස් හා දැනුම චවාරියා ඉදිරිපත් කරයි: “’හොඳ ආදානයකින් හොඳ ප්‍රතිදානයක් ලැබෙනවා’ යන කියමන ඔබ අසා ඇති.” ඔබේ මෙනු සැලසුම් ක්‍රියාවලියේ ආරම්භයේ දී ඔබ නිවැරදි අයිතම ආදානය කරන්නේ නම්, ප්‍රතිදානය හොඳ මෙනුවක් වනු ඇත, එය ඉහළ විකුණුම් සහ ඔබේ ව්‍යාපාරය සඳහා වැඩි ආදායමක් බවට පරිවර්තනය කරගත හැකිය.”
නමුත් ඉන් නිශ්චිතව ම අදහස් වන්නේ කුමක් ද? ඔබේ මෙනුවේ අයිතම කීයක් තිබිය යුතු ද? පහසුවෙන් බ්‍රවුස් කිරීම සහ ඉක්මන් තීරණ ලබා ගැනීමට පහසුකම් සැලසීම සඳහා ඔබ අයිතම සංවිධානය කරන්නේ කෙසේ ද?
කෙටි පිළිතුර: ඔබේ මෙනුවේ ඔබේ ගනුදෙනුකරුවන්ට ලබා ගත හැකි සෑම අයිතමයක්ම අඩංගු විය යුතුය. එය 3ක් හෝ 300ක් විය හැකි ය. නමුත් කිසිවකුටත් අයිතම 300ක් අඩංගු ලැයිස්තුවක් කියවීමට අවශ්‍ය නැහැ, එහෙම නේද?
ඥානන මනෝවිද්‍යාඥයකු වන ජෝර්ජ් ඒ මිලර් (George A. Miller) සොයාගෙන ඇත්තේ මිනිසා විසින් වරකට තොරතුරු ඛණ්ඩ හතක් රඳවා ගන්නා බවයි. මෙයින් අදහස් කරන්නේ ඔබ ඔබේ මෙනුවේ අයිතම 7ක් පමණක් තැබිය යුතු බව ද? නැත. ඉන් අදහස් කරන්නේ මෙනු සැලසුම් කරන්නන්ට විවිධ කාණ්ඩවලට අයිතම වර්ග කිරීමෙන්, හරියට ම කියනවා නම් කාණ්ඩ 7කට, ප්‍රතිලාභදායක වන බවයි.
ඔබේ මෙනුව වර්ගීකරණය කරන්න
ඔබේ ඉහළම කෑම වර්ග ලැයිස්තුගත කිරීමෙන් ආරම්භ කරන්න. ඊළඟට, ආහාර ගන්නවුන්ට සමාලෝචනය කිරීමට, තේරුම් ගැනීමට සහ ඇණවුම් කිරීමට පහසු ආකාරයකින් ඒවා වර්ගීකරණය කරන්න.
නැවතත් මනෝවිද්‍යාව පිළිබඳ සලකා බැලූ විට, මිනිසුන් ස්වභාවයෙන් ම, විශේෂයෙන් ම ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් වන කල යම් රටාවකට හෝ අනුපිළිවෙළකට හුරු වී ඇති බව අප දන්නා කරුණකි.
දවස ඉතා විශිෂ්ට දවසක් වුවහොත් විනා, සාමාන්‍යයෙන් අපි පළමුව අතුරුපස ආහාරයට නොගනිමු. සාමාන්‍යයෙන් අපි, පානයකින් අරඹා, අනතුරුව ආහාර රුචිය වඩවන කෑම, සලාද හෝ සුප් ලබාගෙන අනතුරුව ප්‍රධාන ආහාරය ලබාගෙන අවසානයේ අතුරුපස ලබා ගන්නෙමු.
විශාල නමුත් පහසුවෙන් දිරවාගත හැකි මෙනුවක් සහිත අවන්හලකට ගිය අවසන් වතාව පිළිබඳ සිතා බලන්න. සමහර විට එම මෙනුව මේ ආකාරයට බෙදී තිබෙන්නට ඇත:
- ආහාර රුචිය වඩවන කෑම
- සුප්
- සලාද
- මූලික කෑම වර්ග
- ව්‍යංජන
- අතුරුපස
- පාන වර්ග
ඔබේ වර්ගීකරණයන් කවරාකාර විය යුතු ද යන්න පිළිබඳ දැඩි නීතිරීති කිසිවක් නැත. ඔබේ මෙනුව පහසුවෙන් කියවා ඇණවුම් කළ හැකි පරිදි ඒවා කියවීමට පහසු ආකාරයකින් ඉදිරිපත් කරන්න.
විස්තරාත්මක පැහැදිලි කිරීම් ඇතුළත් කරන්න
වෙනත් රටකට ගමන් කිරීම සහ වචන 2ක හෝ 3ක විස්තරයක් සහිත කෑම වර්ග ලැයිස්තුවක් පමණක් වන මෙනුවකින් ඇණවුම් කිරීමේ අත්දැකීම් ඔබ හුරුපුරුදු විය හැකි ය. උදාහරණයක් ලෙස, ග්‍රීසියේ දී මෙනුවක හුදු “ඌරුමස් සූව්ලාකි” යනුවෙන් පමණක් සඳහන් විය හැකි ය.
එහි ඌරුමස් සූව්ලාකි පමණක් ඇතැයි බලාපොරොත්තු වන ඔබට ඒ සමග සලාද හෝ බැදපු අර්තාපල් තීරු ඇණවුම් කළ හැකි ය. නමුත් වේටර්වරයා ඔබ අමතරව ඇණවුම් කර සලාද හා බැදපු අර්තාපල් තිරු සමගින් ම සලාද සහ අර්තාපල් තීරු සමග ලබා දෙන සූව්ලාකි පිඟාන ද රැගෙන ආ විට ඔබ පුදුමයට පත් වනු ඇත. ප්‍රතිඵලය වූයේ කුමක් ද? ඕනෑවට වඩා ආහාර සහ මුදල් නාස්ති වීමයි.
විස්තර කිරීමේ බලයට ආහාර වර්ග හා භූගෝලය අබිබවා යා හැකි අතර ඔ්නෑම අවන්හලක ලබා දෙන විස්තර මදි වීමට ඉඩ තිබේ. ඔබේ මෙනුව දෙස හොඳින් බලා, වඩත් විස්තරාත්මකව කරුණු සඳහන් කිරීමෙන් ඔබේ ගනුදෙනුකරුවන්ට දැනුවත් තීරණ ලබා ගැනීමට උපකාර විය හැකි තැන් මොනවා ද යන්න විමසා බැලීමට මේ හොඳ කාලයකි.
ඔබේ අනුග්‍රාහකයින් සතුටු කිරීම සඳහා, පහත දෑ අඩංගු අයිතම විස්තර ලියන්න:
- අඩංගු සියලු ම දෑ: එක් එක් ආහාර වර්ගයට ම නිශ්චිතව ම අඩංගු වන්නේ මොනවා ද යන්න ඔබේ මෙනු විස්තරයේ සඳහන් කරන්න. කිසිවක් මග හැරීමෙන් වළකින්න.
- ඔබේ සන්නාමයේ හඬ අවදි කරන භාෂාව: ඔබේ මෙනුවේ භාෂාව සහ ස්වරය ඔබේ අවන්හලේ වෙළඳ නාමය සහ විලාසිතාව සමඟ සමපාත වන බවට වග බලා ගන්න. ඔබට ඔබේම විස්තර එක් කිරීමට සහ යාවත්කාලීන කිරීමට හැකි Uber Eats වැනි තෙවැනි පාර්ශවීය යෙදුම්වල පවා මෙය කළ හැකි ය.
- දිව පිනවන විස්තර: එක් එක් ආහාරයේ අද්විතීය ගුණාංග සහ රසය ඉස්මතු කරන විචිත්‍රවත් හා ආකර්ෂණීය විස්තර ඇතුළත් කරන්න.
- ආසාත්මිකතා සහ ආහාරමය සීමා සඳහා ලේබල්: ආහාර තිබිය හැකි ආසාත්මිකකාරක සහ ග්ලූටන් රහිත, නිර්මාංශ සහ තවත් බොහෝ දෑ වැනි විශේෂ ආහාර අවශ්‍යතා සඳහා සම්බන්ධ කරුණු පිළිබඳ තොරතුරු සහිතව අයිතම පැහැදිලිව පෙනෙන ලෙස ලේබල් කරන්න.
- පෝෂණ තොරතුරු: සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳ සැලකිල්ලක් දක්වන ආහාර ගන්නන් සහ විශේෂ ආහාර අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින් අදාළ අවස්ථාවල දී පෝෂණ විස්තර සපයන්න.
සඳහන් කළ යුත්තේ කුමන කරුණු ද යන්න ගැන තවම අදහසක් නැති ද? මෙනු අයිතමවල අඩුපාඩු ඇති තැන් සඳහා විස්තර ස්වයංක්‍රීයව ජනනය කිරීමට Uber Eats හට හැකියාව තිබෙන අතර ඔබට ඒ්වා අනුමත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට හැකි ය—මින් ඔබේ මෙනුව ඔප් නංවා ගනිමින් අංග සම්පූර්ණ එකක් බවට පත් කර ගැනීමේ දී කාලය ඉතුරු කරගත හැකි ය.
උසස් තත්ත්වයේ රූප භාවිත කරන්න
ඔබ කවදා හෝ පින්තූර රහිත හෝ පොඩි වී ගිය1970 දශකයේ පුවත්පතක තිබෙන ආකාරයේ පින්තූර සහිත මෙනුවකින් ආහාර ඇණවුම් කිරීමට උත්සාහ කර තිබේ ද? එවිට ඔබ පැකිළීමක් සහිතව ඇණවුම් කරන අතර, පසුව ඔබට එසේ ඇණවුම් කර ඇත්තේ ඉතා රසවත් භෝජනයක් බව දැන ගන්නට ලැබුණහොත්?
මෙනුවේ ඇති රූප සැබෑ ආහාරයට සාධාරණයක් නොකිරීම ඉතා කනගාටුවට කරුණකි. “මිනිස්සු මුලින් ම ආහාර ගන්නේ ඇස්වලින්, ඊට පස්සේ තමයි කටින් කන්නේ,” චවාරියා අපට මතක් කර දෙයි. "ඔවුන් ඔබේ මෙනුවේ ඇති පින්තූරය දෙස බලා, ‘ඒ එන්චිලාඩා හරි රසයි වගේ’ යනුවෙන් පවසනු ඇති අතර එවිට ඔවුන්ට එය රස විඳීමට ආශාවක් ඇති වේ.”
ඇණවුම් කිරීමේ දී රූපවලින් ඉටු කරන ප්‍රබල කාර්යභාරය ඇය දිගින් දිගට ම විස්තර කරයි: “පින්තූර කියන්නේ අලෙවිය වැඩි කර ගැනීමට භාවිත කරන්න පුළුවන් නොවරදින උපක්‍රමවලින් එකක්.” පර්යේෂණවලින් ද මේ අදහස ස්ථිර කරයි—84%ක පිරිසකට අවන්හලකට යාමට පෙර ඡායාරූප දැකීමට අවශ්‍ය වන අතර 40%ක පිරිසක් යම් ස්ථානයක ආහාරවල ඡායාරූප මත පමණක් පදනම්ව නව තැනක ආහාර අත්හදා බලා ඇත. භෝජනයක් දැකුම්කලු වන විට ආහාර ගන්නා අයගෙන් 86%ක පිරිසක් එය සමාජ මාධ්‍යවල බෙදා ගනිති. කෙසේ වෙතත්, දුර්වල තත්ත්වයේ ආහාර ඡායාරූප මගින් 36%ක පිරිසක් එම ආහාර අත්හදා බැලීමට යොමු වීම වැළැක්වී යයි.
Uber Eats වෙතින් ඔබ වෙත ගෙන එන මෙනු නිෂ්පාදකය සමඟින්, ඔබේ මෙනුවට අලංකාර රූප එක් කිරීම පහසුය. "අපගේ මෙවලමට ඡායාරූපයක් ඇද ගැනීමට හැකියාව ඇත, නැතහොත් ඔබට Uber Eats කළමනාකාරකයේ වෙබ් පාදක අනුවාදය භාවිතයෙන් එකක් සෘජුව ම උඩුගත කළ හැක," චවරියා පවසයි. “බොහෝ අවන්හල් හිමිකරුවන් ළඟ ඡායාරූප දැනටමත් තිබෙනවා. එසේ නොමැති නම්, ඔබේ වඩාත් ජනප්‍රිය අයිතම කිහිපයක උසස් තත්ත්වයේ ඡායාරූප ඔබේ ව්‍යාපාරයට ලබා දීම සඳහා අපගේ අනුමත විකුණුම්කරු සමඟ වෘත්තීය ඡායාරූප රූගත කිරීමක් සම්බන්ධීකරණය කිරීමට අපට උදව් කළ හැකි ය.”*
AI මෑත වසරවල දී විශාලතම ප්‍රවණතාවක් වී ඇති අතර 2024 දී Food Quality and Preference සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් පෙනී යන්නේ ආහාර ගන්නවුන් සියුම් වැඩිදියුණු කිරීම් සඳහා විවෘත අතර AI මගින් ජනනය කරන ලද ආහාර රූප සැබෑ ආහාරවල පින්තූරවලට වඩා ආකර්ෂණීය බවට නිතරම අගයන බවයි.
මෙනු කළමනාකරණය පහසු කිරීම සඳහා Uber Eats සෑම විටම නවෝත්පාදනයන් සිදු කරයි. නව විශේෂාංග අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර 2025 වසන්තය වන විට උසස් තත්ත්වයේ රූප එකතු කිරීම අන් කවරදාටත් වඩා සරල ය. මෙනු නිෂ්පාදකය දැන් අවන්හල් වෙබ් අඩවිවලින් ස්වයංක්‍රීයව පින්තූර ලබාගෙන, AI සමඟ ඒවා වැඩි දියුණු කරන අතර, අවම ප්රයත්නයක් යටතේ ඔබේ කෑම වර්ග විශිෂ්ට ලෙස දිස් වීමට උපකාර කරමින් පාරිභෝගික සමාලෝචනවලින් පරිශීලක ඉදිරිපත් කරන ලද ඡායාරූප විශේෂාංගී කර දැක්වීමට ඔබට ඉඩ සලසයි.
ඔබේ මෙනු ඡායාරූප ඔප් නංවන්නේ කෙසේ ද යන්න පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සඳහා, අපගේ අවන්හල් මෙනු ඡායාරූප මාර්ගෝපදේශ පරීක්ෂා කරන්න. සියල්ලට ම වඩා, ඔබේ පින්තූරවල අත්, මිනිසුන් හෝ ඔබේ සන්නාමය හැර වෙනත් සන්නාමවලින් තොර නොවන බවට වග බලා ගන්න.
සාර්ථකත්වය සඳහා ඔබේ මිල ගණන් සකසන්න
ඔබ ඔබේ මෙනු අයිතමවල මිල ගණන් නියම කරන ආකාරය අවසානයේ රඳා පවතින්නේ ඔබට සහ ඔබේ ආදායමට සරිලන ආකාරය මත ය. නමුත් පහත ඒවා ඇතුළු ඇතැම් ඉතා පැරණි මෙනු මිල ගණන් නියම කිරීමේ උපාය මාර්ග ඔබට මග පෙන්වීමට උපකාරී වේ:
- පිරිවැය සහ මිල ගණන්: සෑම ආහාරයක් ම ලාභදායී වන පරිදි පිරිවැයට ස්ථාවර ප්‍රතිශතයක් එකතු කිරීමෙන් මෙනු මිල ගණන් සකසන්න.
- තරගකාරී මිල ගණන්: වෙළඳපොලේ තරඟකාරීව සිටීමට, වෙනත් ව්‍යාපාර සමාන අයිතම සඳහා අය කරන දේ මත පදනම්ව මිල ගණන් සකස් කරන්න.
- වටිනාකම පදනම් කරගත් මිල ගණන් නියම කිරීම: පාරිභෝගිකයට වැටහෙන අගය මත පදනම්ව ආහාර වර්ග සඳහා මිල ගණන් නියම කරන්න. මෙය බොහෝ විට විශේෂිත හෝ ඉහළ ඉල්ලුමක් ඇති අයිතම සඳහා භාවිතා වේ.
- ගතික මිල ගණන් නියම කිරීම: කාර්යබහුල කාලවලපදනම්ව දී ආදායම උපරිම කිරීම සඳහා ඉල්ලුම, දවසේ වේලාව හෝ විශේෂ අවස්ථා මත පදනම්ව මත පදනම්ව විවිධ මිල ගණන් නියම කරන්න.
- මනෝවිද්‍යාත්මක මිල ගණන් නියම කිරීම: ආහාර වර්ග වඩාත් දැරිය හැකි මිලකට ලබා ගත හැකි බව පෙනෙන්නට සලස්වා ගැනීම සඳහා මිල ගණන් රවුම් අංකයකට මඳක් පහළින් තැබීම වැනි මිලකරණ උපාය මාර්ග භාවිතා කරන්න (නිදසුනක් ලෙස, $ 10ක් වෙනුවට $ 9.99ක්).
ඔබේ මෙනු මිල නාලිකා හරහා එක හා සමානව තබා ගැනීමට හෝ ඒවා වෙනස් කිරීමට ඔබට තීරණය කළ හැක. නිදසුනක් වශයෙන්, බෙදාහැරීමේ මිල ගණන් තබා ගනිමින් නංවා ගැනීමේ ඇණවුම් සඳහා මිල උද්ධමනය වළක්වා ගැනීමට සහ පාරිභෝගිකයින් ඇණවුම් කිරීමට තෝරා ගන්නා ආකාරය කුමක් වුවත් සාධාරණ අත්දැකීමක් ලබා දීමට ඔබට ඔබේ අවන්හල් හරහා නංවා ගැනීම සහ බෙදා හැරීම සඳහා වෙන ම මිල නියම කළ හැකිය.
"සමහර අවන්හල් ඔවුන්ගේ වෙළඳසැලේ සහ තෙවන පාර්ශවීය යෙදුම් මෙනු හරහා එකම මිල ගණන් තබා ගැනීමට කැමතියි, අනෙක් අය තෙවන පාර්ශවීය යෙදුමක් විසින් භාණ්ඩවල මිල ගණන් ගැළපෙන පරිදි ලකුණු කර අය කරන වෙළඳපොළ ගාස්තු අය කිරීමට කැමතියි," චවරියා පවසයි.
කෙසේ වෙතත්, Uber Eats සමඟින් ඔබේ තෙවන පාර්ශවීය බෙදාහැරීමේ මෙනු මිල ගණන් සැකසීම පහසුය.
චවාරියා මෙසේ පවසයි: “අපි කියමු ඔබේ සියලුම මෙනු අයිතමවල මිල 10%කින් සලකුණු කිරීමට ඔබට අවශ්‍ය බව. ඔබට ප්‍රතිශත වෙන වෙන ම එකින් එක ගණනය කිරීමට අවශ්‍ය නැත. ඔබ ගිණුමක් සඳහා ලියාපදිංචි වූ විට ඉල්ලීම කරන්න, අපි ඔබ වෙනුවෙන් මිල වැඩි කිරීම සමඟ මෙනුව සාදන්නෙමු. පවතින මෙනුවක් සඳහා, ඔබට වෙළඳසැල පුරා මිල වැඩිවීමක් ඉල්ලා අපගේ සහාය කණ්ඩායමට ලිඛිත ඉල්ලීමක් යැවිය හැක. ඔබට සැමවිටම තනි මෙනු අයිතම සඳහා මිල ගණන් යාවත්කාලීන කළ හැකිය.”
අන්තර්ජාලය ඔස්සේ හෝ වේවා අන්ත ර්ජාලයෙන් බැහැරව හෝ වේවා පාරිභෝගිකයන් ඇලුම් කරන ආකාරයේ මෙනුවක් සැලසුම් කරන්න
මිනිසුන් පුද්ගලිකව තොරතුරු පරිශීලනය කරන ආකාරයට වඩා අන්තර්ජාලය ඔස්සේ තොරතුරු පරිශීලනය කරන ආකාරය වෙනස් ය. එම නිසා, ඔබේ භෞතික සහ ඩිජිටල් මෙනු වෙනස් ආකාරයකින් පෙනෙනු ඇත. විවිධ වර්ගයේ මෙනු සැලසුම් කිරීමේ දී සලකා බැලිය යුතු කරුණු කිහිපයක් මෙන්න.
භෞතික මෙනුවක් නිර්මාණය කිරීම සඳහා හොඳම පරිචයන්
පිරිසැලසුම හිස් කරන්න: සමාන අයිතම එකට කාණ්ඩ කරමින් මෙනුව තාර්කික ආකාරයකින් සංවිධානය කරන්න.
සරල අකුරු: සියලුම ගනුදෙනුකරුවන් සඳහා කියවීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා විශාලත්වය සහ රටාව සැලකිල්ලට ගනිමින් කියවීමට පහසු අකුරු භාවිත කරන්න.
සුදුසු වර්ණ: පාඨ යටපත් නොකරමින් ඔබේ සන්නාමය නිරූපණය කරන වර්ණ සංයෝජනයන් තෝරා ගන්න.
උසස් තත්ත්වයේ ඡායාරූප: පිරිසිදු හා ආකර්ෂණීය මෝස්තරයක් පවත්වා ගැනීම සඳහා වෘත්තීය, කෑම වර්ගවල රසවත් ඡායාරූප, ඒවා කල්පනාකාරීව භාවිත කරන්න.
නිරන්තර සන්නාමය: ඔබේ අවන්හලේ සමස්ත වෙළඳ නාමකරණය සහ වාතාවරණය සමඟ ඔබේ මෙනු සැලසුම පෙළගස්වන්න.
අන්තර්ජාල හෝ තෙවන පාර්ශවීය යෙදුම් මෙනුවක් සැලසුම් කිරීම සඳහා හොඳම පරිචයන්
සරල කළ සංචාලනය: පහසුවෙන් අනුචලනය කිරීම සහ ඉක්මන් තෝරා ගැනීම සඳහා මෙනුව පැහැදිලිව අර්ථ දක්වා ඇති කාණ්ඩ සහ උප කාණ්ඩ සමඟ ව්‍යුහගත කරන්න.
උපාංග ප්‍රශස්තකරණය: අන්තර්ජාල සැලසුම ප්‍රතිචාරාත්මක බව සහතික කරගන්න—ඉන් අදහස් වන්නේ එය විවිධ උපාංග හා තිර ප්‍රමාණයන් මත මනාව දිස් වන බවයි.
වේගවත් ප්‍රවේශනය: මෙනුව ඉක්මනින් ප්‍රවේශනය වී සුමට අත්දැකීමක් ලබා දෙන පරිද්දෙන් රූප සහ සැලසුම් අංග ප්රශස්ත කරන්න.
විස්තර පැහැදිලි කරන්න: පාරිභෝගිකයින්ට ඔවුන්ව යටපත් නොකර දැනුවත් තේරීම් කිරීමට උපකාර කිරීම සඳහා එක් එක් අයිතමය සඳහා ප්‍රමාණවත් විස්තර සපයන්න.
ප්රමුඛ විශේෂ දීමනා: අවධානය ආකර්ෂණය කර ගැනීමට සහ ඇණවුම් දිරිමත් කිරීමට ගනුදෙනු හෝ ජනප්‍රිය අයිතම ඉස්මතු කරන්න.
සිතැඟි පරිදි සැකසීම: මතක තබා ගන්න, ගනුදෙනුකරුවන් තෙවන පාර්ශවීය යෙදුමක් ඇණවුම් කරන විට සේවාදායකයා සමඟ කතා නොකරයි. සම්පූර්ණයෙන් ම සිතැඟි පරිදි සැකසිය හැකි විකල්ප ලබා දීමෙන් සහ කැමති ටොපිං, පංගු ප්‍රමාණ හෝ ආහාර පිසීමේ රටා තෝරා ගැනීමෙන් ඔවුන්ට එය පහසු කරන්න.
Uber Eats වැනි තෙවැනි පාර්ශවීය යෙදුමක් මෙම ඔප්පු කළ සැලසුම් හොඳම පරිචයන් එක් කිරීම කිරීම පහසු කරයි. මෙනු සකසනය ඔබේ මෙනුව නිර්මාණය කිරීමට, සංස්කරණය කිරීමට සහ යාවත්කාලීන කිරීමට ඔබට උදව් කරයි, එවිට ඔබට ඔබේ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය දෑ නිශ්චිතව ම ලබා දිය හැකි ය.
මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන ්න
මෙනුවක් තැනීමේ අවසන් පියවර වනුයේ එය මුද්‍රණය කර, සමාලෝචනය කර එය ප්‍රකාශයට පත් කිරීමයි.
ඔබ ඔබේ මෙනුවේ භෞතික පිටපත් මුද්‍රණය කරන්නේ නම්, ඔබට පහත කරුණු සලකා බැලීමට අවශ්‍ය වනු ඇත:
- මෙනුවේ ප්‍රමාණය: A4 හෝ තරමක් විශාල වැනි හැසිරවීමට සහ කියවීමට පහසු ප්‍රමාණයක් තෝරන්න.
- ද්‍රව්‍යමය ගුණාත්මකභාවය: නිතර භාවිතය සහ වැගිරීම්වලට ඔරොත්තු දෙන ලැමිනේටඩ් කඩදාසි හෝ කාඩ්ස්ටොක් වැනි කල් පවතින ද්‍රව්‍යයක් තෝරාගන්න.
- මුද්‍රණ සේවා: වෘත්තීය මුද්‍රණ සහ සැලසුම් උපදෙස් සඳහා ප්‍රදේශයේ මුද්‍රණ සාප්පු හෝ විශේෂිත මෙනු මුද්‍රණය කිරීමේ ව්‍යාපාර භාවිත කරන්න.
- අවසාන සැලසුම සහ නිමාව: ඔබේ අවන්හලේ සන්නාමකරණයට සහ විලාසිතාවට ඌනපූරණයන් සපයන නිර්මාණ සැලසුම් අංග සහ නිමා කිරීමේ විකල්ප සැලකිල්ලට ගන්න.
ඔබේ භෞතික මෙනුව සකස් කිරීම තරමට ම, නැතහොත් ඊටත් වඩා ඔබේ මෙනුව ඔබේ වෙබ් අඩවියේ, ඔබේ Google ව්‍යාපාරික පැතිකඩෙහි සහ තෙවන පාර්ශවීය යෙදුම් හරහා ප්‍රකාශයට පත් කිරීම වැදගත් ය. ඒ මන් ද? Popmenu 2025 අවන්හල් ප්රවණතා වාර්තාවට අනුව, පාරිභෝගිකයින්ගෙන් 62%ක් මේ වසරේ ඔවුන්ගේ අවන්හල් වියදම් ස්ථාවරව පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර 23%ක් වැඩිවීමක් අපේක්ෂා කරන අතර, සතිපතා ආහාර ගැනීම හෝ බෙදා හැරීම ඇණවුම් කරන ආහාර ගන්නවුන්ගෙන් 69%ක් විසින් බොහෝ දුරට ධාවනය වන ප්‍රවණතාවක් අපේක්ෂා කරයි.
Uber Eats මත ඔබේ මෙනුව ප්‍රකාශයට පත් කිරීමට පෙර, චවාරියා නිර්දේශ කරන්නේ: “අපගේ මෙනු මෙවලමෙහි, ඔබගේ සියලුම මෙනු පිළිබඳ දළ විශ්ලේෂණයක් අපට ඇත (උදේ ආහාරය, දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය වැනි). එම මෙනු මත ක්ලික් කර වේලාවන්, අයිතම, කාණ්ඩ, සිතැඟි පරිදි සැකසීම සහ මිල ගණන් පරීක්ෂා කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.”
“මිනිස්සු මුලින් ම ආහාර ගන්නේ ඇස්වලින්, ඊට පස්සේ තමයි කටින් කන්නේ. "ඔවුන් ඔබේ මෙනුවේ ඇති පින්තූරය දෙස බලා, ‘ඒ එන්චිලාඩා හරි රසයි වගේ’ යනුවෙන් පවසනු ඇති අතර එවිට ඔවුන්ට එය රස විඳීමට ආශාවක් ඇති වේ.
ලෙටී චවාරියා, Uber Eats ජ්‍යෙෂ්ඨ ගිණුම් විධායක
AOV වැඩි කර ගැනීම සඳහා අවන්හල් මෙනු ප්‍රශස්තකරණයේ රහස්
සුබ පැතුම්! ඔබ හොඳම පරිචයන් අනුගමනය කර ඇති අතර ඔබේ ගනුදෙනුකරුවන් අනිවාර්යයෙන්ම ඇලුම් කරනු ඇති භෞතික, මාර්ගගත සහ තෙවන පාර්ශවීය මෙනුවක් නිර්මාණය කර ඇත. දැන් අපි ඔබේ AOV (සාමාන්‍ය ඇණවුම් අගය) වැඩි කිරීමට උපකාරී වන මෙනු ප්‍රශස්තකරණ උපාය මාර්ග කිහිපයක් ආවරණය කරමු.
ඔබේ මෙනුව සිතැඟි පරිසි සකස් කරන්න
වැඩි විකුණුම් ප්‍රමාණයක් අත් පත් කර ගැනීමට, එක් කිරීම් දිරි ගැන්වීමට සහ ගනුදෙනුකරුවන් ඔබෙන් ඇණවුම් කරන වාර ගණන වැඩි කිරීමට ඔබ විසින් එය ඔවුන්ට පහසු අත්දැකීමක් බවට පත් කළ යුතු යි. “ඔවුන්ට උවමනා තේරීම හා නම්‍යශීලීබව ඇඟිලි තුඩු අබියස තිබීමට යි,” චවාරියා පවසයි. "මෙය පාරිභෝගික තෘප්තිය වැඩි දියුණු කිරීම සහ ඇණවුම් දෝෂ සහ අයකිරීම් අඩු කිරීම සඳහා දායක වෙයි."
Uber Eats තුළ, පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ඇණවුම් සම්පූර්ණයෙන්ම සිතැඟි පරිදි සකස් කළ හැකි අතර, ඔවුන් ඇණවුම් කරන ඕනෑම දෙයකට අඩංගු දෑ එකතු කිරීම සහ ඉවත් කිරීම කළ හැකිය.
"ඔබේ තනි මෙනු අයිතමවලට අමතර ද්‍රව්‍ය එකතු කරන්න," චවාරියා යෝජනා කරයි. “නිදසුනක් වශයෙන්, එක් අවන්හලක, බත් සමග හරක් හෝ බැටළු මස් සහ බෝන්ලස් රිබ් අයි ස්ටේක් පිඟාන අතුරු කෑම රහිතව පිළිගන්වනු ලැබේ. ඒ නිසා, මම ඒවා සඳහා “අතුරු ආහාර එක් කිරීමේ” විකල්පයක් නිර්මාණය කළා. එවිට පාරිභෝගිකයින්ට මෙනු අයිතමයෙන් අතුරු ආහාර කොටස වෙත මාරු වීමට අවශ්‍ය නැහැ. ඒ වෙනුවට එය එතැනින් ම ලබාගත හැකි යි. එක් විශේෂිත අවස්ථාවක දී[captured in a screenshot below], මින් ඇණවුමේ මුළු එකතුවට ඩොලර් 25ක් එකතු කළා."
සංයෝග දීමනා පිරිනැමීම
ඔබට ඇණවුමේ ප්‍රමාණය වැඩි කර ගැනීමට අවශ්‍ය නම්, සංයෝග දීමනා පිරිනමන්න. “අපි කියමු ඔබ හැම්බර්ගර් විකුණනවා කියලා,” චාවේරියා පවසයි. "ඔබට පාරිභෝගිකයින්ට සුළු මුදලක් අමතරව ගෙවීමෙන් ෆ්රයිස් සහ සෝඩා ලබා ගැනීමට හැකි කොම්බෝ එකක් ලබා දිය හැකිය."
තරමක් වැඩි මිලකට අයිතම සංයෝග කිරීමෙන්, ගනුදෙනුකරුවන් අමතර වටිනාකමක් සහ පහසුව වටහා ගන්නා අතර එමඟින් ඔවුන් සංයෝගය තෝරා ගැනීමට වැඩි ඉඩක් ඇත. මෙම ප්‍රවේශය විකුණුම් ඉහළ නැංවීමට පමණක් නොව පුළුල් පරාසයක දීමනා අත්හදා බැලීමට පාරිභෝගිකයින් දිරිමත් කරන අතර එමඟින් ඉහළ පාරිභෝගික තෘප්තියක් සහ නැවත නැවතත් සිදු වන ගනුදෙනු ඇති විය හැකිය.
White Castle කළඹ දීමනා ලබා දීම සම්බන්ධයෙන් ජයග්‍රාහී ප්රවේශයකට අවතීර්ණ වී ඇත. කොකාකෝලා සමඟ හවුල් වී බීම වර්ග 100කට වඩා ලබා දෙන අවන්හල පාරිභෝගිකයින්ට සියලු මෙනු අයිතම එකින් එක ඇණවුම් කිරීම වෙනුවට එක් ක්ලික් කිරීමකින් ඔවුන්ගේ ආහාර වේලට බීම වර්ගයක් එක් කිරීමට ඉඩ සලසයි. මෙය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ආහාර වේල සමඟ බීම ලබා ගැනීම පහසු කරන අතර White Castle සඳහා ඉහළ විකුණුම් ප්‍රතිඵලයක් ලබා දෙයි.
සාර්ථක මොනවා දැයි අනාවරණය කර ගැනීමට අත්හදා බලන්න
මෙනු සැලසුම යනු අඛණ්ඩ ක්‍රියාවලියකි. පාරිභෝගිකයන්ගේ ප්‍රතිපෝෂණ, අදහස් හා දැනුම සහ විශ්ලේෂණ සමාලෝචනය කිරීමෙන්, පාරිභෝගිකයින් ඇණවුම් කරන්නේ කුමන අයිතම සහ සංයෝගයන් ද යන්න හා අලුත් කිරීමක් අවශ්‍ය වන්නේ කවර අයිතමවලට ද යන්න වඩා හොඳින් අවබෝධ කර ගැනීමට ඔබට හැකියාව ලැබේ.
ඔබ අවධානයෙන් සිටිය යුතු මිතික කිහිපයක් මෙන්න:
මෙනුවෙන් කූඩයට හැරවීම: මෙනුව බලා අනතුරුව කූඩයට අයිතම එක් කර ගන්නා පරිශීලකයන්ගේ ප්‍රතිශතය.
ඇණවුම් පරිවර්තනය: අයිතම සිය කූඩයට එක් කිරීමෙන් පසු ඇණවුමක් ලබා දෙන පරිශීලකයන්ගේ ප්‍රතිශතය.
සාමාන්‍ය ඇණවුමක විශාලත්වය: සියලුම පරිශීලකයින්ගේ ඇණවුම්වල අයිතමවල දළ මුළු අගය.
ඇණවුම්වල නිරවද්‍යතාව සම්බන්ධ දෝෂවල අනුපාතය: අයිතම නොමැති ඇණවුම්වල ප්‍රතිශතය.
විශේෂ උපදෙස් අනුපාතය: විශේෂ උපදෙස් සහිත ඇණවුම්වල ප්‍රතිශතය.
මෙම මිතිකයන්ගෙන් ඔබ්බට, Uber Eats කළමනාකාරකය වැනි මෙවලම් ඔබට වඩාත් ගැඹුරින් කරුණු විමසා බැලීමට උපකාරී වේ:
- ඉහළින්ම අලෙවි වන අයිතම විශ්ලේෂණය කරන්න. මින් භාණ්ඩ ලේඛනය, මෙනු සැලැස්ම සහ නව දීමනා පිළිබද අදහසක් ලබා ගැනීමට හැකි වේ.
- පාරිභෝගික සමාලෝචන කියවන්න. ඔබට ප්‍රියතම අමුද්‍රව්‍ය හඳුනාගෙන ඒවා අභිමතයන් සමග පෙළගැස්වීමට පුළුවන.
- අවස්ථාවන් හඳුනා ගැනීම. පිරිවැය වැඩි කරන පොදු සිතැඟි පරිදි සැකසීම් ඔබට දැක ගන්නට ලැබුණහොත්, ඔබට ඒවා සඳහා අය කිරීම ආරම්භ කළ හැකි ය.
- පැමිණිලි පහසුවෙන් විමර්ශනය කරන්න. ඇණවුම් ගැටලු පිටුවෙහි ඔබට මෙනු විස්තරවල නිරවද්‍යතාව සහතික කරගෙන බෙදාහැරීමේ දී සුප් දමන බඳුන් නිසි පරිදි වැසීම වැනි ඇසුරුම්කරණයේ වැඩි දියුණු කිරීම් හඳුනාගත හැකි ය. ආහාරවල ගුණාත්මකභාවය, රසය සහ පෙනුම පිළිබඳ පාරිභෝගිකයින්ගේ පැමිණිලි විසඳීමට මෙය ඔබට උපකාරී වනු ඇත.
අඛණ්ඩව නිරීක්ෂණය කිරීමට සහ මනාව සැකසීමට Uber Eats අදහස් හා දැනුම සහ විශ්ලේෂණ භාවිත කිරීමෙන්, ඔබේ මෙනුවෙන් වැඩියෙන් ම අලෙවි වන දෑ ඉස්මතු කරමින්, පාරිභෝගිකයාගේ අවශ්‍යතා සපුරාලමින් සහ වැඩිපුර ඇණවුම් ආකර්ෂණය කර ගනිමින් ඔබේ සන්නාමය විශිෂ්ට ලෙස ප්‍රදර්ශනය කරනු ඇත.
Uber Eats සමඟින් ඔබේ අන්තර්ජාල මෙනුව සැලසුම් කර ප්‍රකාශයට පත් කරන්න
අන්තර්ජාල මෙනුවක් නිර්මාණය කිරීම බොහෝ ප්‍රශ්න මතු කළ හැකිය. ඔබට කේතකරණය සිදු කරන ආකාරය දැනගැනීමට අවශ්‍ය ද? ඔබ ඡායාරූප ශිල්පියකු නොවන්නේ නම්, ඔබට දැකුම්කලු ඡායාරූප රූගත කළ හැකි ද? හොඳම ෆොන්ට වර්ගය, විශාලත්වය සහ වර්ණය කුමක් ද? ඔබේ මෙනුව වෙනස් වූ විට ඔබට පහසුවෙන් අයිතම යාවත්කාලීන කළ හැකි ද?
සුබ ආරංචියක්: පියවර කිහිපයකින් විශිෂ්ට මෙනු පහසුවෙන් නිර්මාණය කර යාවත්කාලීන කිරීමට හැකියාව ලබා දෙන නිර්මාණශීලී මෙවලමක් වන මෙනු සකසනය සමග Uber Eats ඔබට ඒ සඳහා අවකාශ සලසයි. "ඔබ විසින් ම සකස් කිරීම් සිදු කළ හැකි ස්වයං සේවා ගුණය ඔබට සවිබල ගැන්වීමේ හැඟීමක් ලබා දෙයි." චවාරියා පැහැදිලි කරයි, “තව ද ඔබ වෙනුවෙන් එය කිරීමට වෙනත් අයකු අවශ්‍ය නොවීමෙන් ඔබ මුදල් ඉතිරි කර ගනී.”
මෙනු සකසනය යනු ශක්තිමත් මෙවලමකි. ඔබට පහසුවෙන් ඔබේ මෙනු නිර්මාණය කිරීමට, ඔබේ මිල ගණන් වෙනස් කිරීමට, අයිතම යාවත්කාලීන කිරීමට සහ තවත් දේ කිරීමට හැකිය. මෙහි හොඳම අංගය නම්, සහාය මගින් උපකාර සපයන තෙක් බලා සිටීමට ඔබට කිසිවිටකත් සිදු නොවීමයි. ඔබට ඔබේ Uber Eats කළමනාකාරක ඩෑෂ්බෝඩයේ මෙනු ටැබය තුළ සෑම සියලු වෙනස්කමක් ම සිදු කළ හැක"
ලෙටී චවාරියා, Uber Eats ජ්‍යෙෂ්ඨ ගිණුම් විධායක
Uber Eats තුළ කැපී පෙනෙන මෙනුවක් තැනීම ආරම්භ කිරීමට සූදානම් ද? ඔබ Uber Eats වෙත අලුත් නම්, ඔබේ ව්‍යාපාරය වර්ධනය කර ගැනීමට මෙනු සකසනය සහ විසඳුම් භාවිත කිරීම ගැන වැඩි විස්තර දැන ගන්න . ඔබ දැනටමත් Uber Eats වෙළඳපොළේ ඔබේ ව්‍යාපාරය දක්වන්නේ නම්, Uber Eats කළමනාකාරකය වෙත පිවිසී ඉහළ සාමාන්‍ය ඇණවුම් අගයක් ගොඩනැගීම ආරම්භ කිරීමට මෙනු ටැබය වෙත සංචාලනය කරන්න.
ඔබේ මෙනුව යාවත්කාලීන කිරීමට සහ ඔබේ වෙළඳසැල් සහ ඇණවුම් කළමනාකරණය කිරීමට පහසු ක්‍රමයක් අවශ්‍ය ද? Uber Eats සමඟ ඔබේ POS පද්ධතිය ඒකාබද්ධ කරන්න. ඉක්මන් සැකසුමක් සමඟ, ඔබට කාලය ඉතිරි කර ගත හැකිය, වැඩි ගනුදෙනුකරුවන් වෙත ළඟා විය හැකිය, තව ද මෙහෙයුම් සුමටව ක්‍රියාත්මක වනු ඇත. අපගේ හවුල්කරුවන්ට ඔබේ මෙනුව කළමනාකරණය කිරීම පහසු කරන්නේ කෙසේදැයි ඉගෙන ගන්න.
* වෘත්තීය ඡායාරූපකරණයේ සම්බන්ධීකරණය දැනට ආසියා-පැසිෆික් කලාපයේ, කැනඩාවේ, යුරෝපයේ සහ එක්සත් ජනපදයේ ව්‍යාපාර සඳහා ලබා ගත හැකිය. අපි ඔබේ අවශ්‍යතා මත පදනම්ව සම්මත සහ විශාල ඡායාරූප රූගත කිරීම් පැකේජ සපයන්නෙමු. POS හවුල්කරුවෙකු හරහා ඒකාබද්ධ නොකරන SMBs පමණක් ඡායාරූප රූගත කිරීමක් සඳහා වේලාව නියම කර ගැනීමට සුදුසුකම් ලබයි.
ඔබේ ව්‍යාපාර වර්ධනය කර ගැනීමට තොරතුරු සහ දැනුම
ඔබේ ව්‍යාපාර වෙළඳපොළට ඵලදායී ලෙස උපකාර කිරීම, කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම සහ බාධාවකින් තොරව බෙදාහැරීම සඳහා හොඳම පරිචයන් සොයාන්න.
ඔබේ ව්‍යාපාරය වර්ධනය කිරීමට උපකාරී වන ලිපි, මාර්ගෝපදේශ, නිෂ්පාදන යාවත්කාලීන කිරීම් සහ වෙනත් සම්පත් ගවේෂණය කරන්න.
ව්‍යාපාර සිය ප්‍රවේශය පුළුල් කිරීමට සහ සන්නාමය සවිබල ගැන්වීමට දිනපතා Uber වේදිකාව භාවිත කරන ආකාරය දැනගන්න.
සේවා
සේවා
තාක්ෂණය
ඇණවුම් කළමනාකරණය කරන්න
මෙහෙයුම් සරල කරන්න
ඔබේ විකුණුම් වර්ධනය කරගන්න
ගනුදෙනුකරුවන් වෙත ළඟා වන්න
අප සේවය ලබා දෙන අය
අප සේවය ලබා දෙන අය
මිලකරණය
සම්පත්
පාරිභෝගික කේන්ද්‍රය
ඉගෙන ගන්න
අපව අමතන්න