මෙම ලිපියේ සඳහන් කර ඇති නිෂ්පාදන සහ සේවාවන්, ඔබේ කලාපය තුළ ලබා ගත නොහැකි විය හැක. ඔබට ප්‍රශ්න කිසිවක් ඇත්නම්, පාරිභෝගික සහාය සේවය හෝ ඔබේ ගිණුම් කළමනාකරු අමතන්න.
සාර්ථක වර්ධිත විකුණුම් ක්‍රමවේදයන් 9ක්
පාරිභෝගිකයාට බලපෑම් කරන බවක් හැඟී යාමට ඉඩ නොදී ඔබේ විකුණුම් වර්ධනය කර ගැනීමට සූදානම් ද? වර්ධිත විකුණුම් යනු ඔබේ රස රහස යි.
වර්ධිත විකුණුම් යනු හුදු ගනුදෙනුකරුවන්ව සෑම මිල දී ගැනීමක් සඳහා ම අතිරේක මුදලක් වැය කිරීමට යොමු කිරීමට වඩා වැඩි දෙයකි-එය ඔවුන්ට වැඩි වටිනාකමක් පිරිනැමීම, ඔවුන්ගේ සාප්පු සවාරි අත්දැකීම පුළුල් කිරීම, අතිරේක සුවපහසුකම් සැපයීම සහ තවත් දෑ මිල දී ගැනීම සඳහා ඔවුන් ආපසු ඔබ වෙත ගෙන්වා ගැනීම හා සම්බන්ධ වේ.
මෙම මාර්ගෝපදේශය තුළ, ඔබේ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීමට, ඔබේ විකුණුම් ප්‍රශස්ත කිරීමට සහ අවසානයේ දී ඔබේ ලාභ උපරිම කර ගැනීමට උපකාරී වන ප්‍රබල විකුණුම් ක්‍රමවේදයන් අපි ගවේෂණය කරන්නෙමු.
වර්ධිත විකුණුම් ක්‍රමවේදයන් මොනවා ද?
වර්ධිත විකුණුම් ක්‍රමවේදයන් යනු පාරිභෝගිකයින් දැනටමත් සලකා බලන ඉහළ මිලක් සහිත අයිතම හෝ නිෂ්පාදනවල උසස් තත්ත්වයේ අනුවාද ඔභ විසින් නිර්දේශ කිරීමයි. මෙම උපාය මාර්ග පාරිභෝගිකයාට වටිනාකම ක් එක් කරන අතර ම ඔබේ විකුණුම් ඉහළ නංවයි. උදාහරණයක් ලෙස, සිල්ලර වෙළෙන්දෙකුට සාමාන්‍ය විකල්ප වෙනුවට කාබනික නිෂ්පාදන මිල දී ගැනීම යෝජනා කළ හැකි ය. අවන්හල් වේටර්වරයකුට මධ්‍යම වටිනාකමින් යුත් ආහාර වේලක සිට විශාල වටිනාකමින් යුත් ආහාර වේලක් දක්වා ඉහළ නැංවීම නිර්දේශ කළ හැකි ය. කෝපි අවන්හලකට ලැටේ ඇණවුමක් ලබා දුන් විට ඊට අතිරේක එස්ප්‍රසෝ වඩියක් එක් කිරීමට දිරි ගැන්වීමක් කළ හැකි ය.
වර්ධිත විකුණුම්ව ල ප්‍රතිලාභ මොනවා ද?
මුල් වරට බලන විට, වර්ධිත විකුණුම් සඳහා අමතර ප්‍රයත්නයක් ගැනීමට සිදු වන බවක් හෝ එය කරදරකාරී කාර්යයක් ලෙස හැඟී යාමට ඉඩ ඇත. නමුත් එහි කිසිදු සත්‍යතාවක් නැත. නිවැරදිව සිදු කළ විට, වර්ධිත විකුණුම්වලින් පාරිභෝගිකයන් සොයන අතිරේක වටිනාකම සපයනු ලබන අතර ඉන් ඔබට ඔබේ ආදායම් වඩා ඉක්මනින් වර්ධනය කර ගැනීමට උපකාරී වේ.
වර්ධිත විකුණුම්වල මූලික ප්‍රතිලාභ මෙන්න:
- ආදායම වැඩි කරගන්න. ඉහළ මිලක් සහිත උසස් තත්ත්වයේ නිෂ්පාදන මිල දී ගැනීමට පාරිභෝගිකයින් දිරිමත් කිරීම සාමාන්‍ය ඇණවුම් ප්‍රමාණය වැඩි කරයි. මෙය සෑම අලෙවියකින් ම ඔබේ ආදායම ඉහළ නංවයි.
- පාරිභෝගිකයාගේ ආයු කාල වටිනාකම වැඩි දියුණු කිරීම. පාරිභෝගික ආයු කාල වටිනාකම (CLTV) මගින් පාරිභෝගිකයෙකු ඔබේ ගනුදෙනුකරු වන කාලය පුරා ම පාරිභෝගිකයෙකු ඔබේ ව්‍යාපාරයට කරන සම්පූර්ණ මූල්‍ය දායකත්වය පිළිබිඹු කරයි. පාරිභෝගිකයින් ආදරය කරන නිෂ්පාදන සහ ඒවාට අතිරේකව එක් කර ගත හැකි අයිතම පිරිනැමීම ලැදියාව දිරිමත් කරමින් ගනුදෙනු නැවත නැවතත් සිදු වීමට උර දෙන අතර ඉන් ඔවුන්ගේ CLTV අගය වැඩි කරයි.
- පාරිභෝගිකයන් රඳවා තබා ගැනීම වැඩි දියුණු කරයි. පාරිභෝගිකයාට වටිනාකමක් එකතු කිරීම කෙරෙහි අවධානය යොමු කරන වර්ධිත විකුණුම් මගින් විශ්වාසය ගොඩනඟයි. පාරිභෝගිකයින් ඔබව විශ්වාස කරන විට, ඔවුන් ඔබේ වෙළඳ නාමයට පක්ෂපාතීව කටයුතු කිරීමට වැඩි ඉඩක් ඇත.
- සන්නාම සංජානනය ඉහළ නංවයි. ඔබට වෙනත් සිල්ලර වෙළෙඳුන්‍ගෙන් හෝ අවන්හල් වෙතින් වෙන්ව කැපී පෙනිය හැක්කේ කෙසේ ද? වෙනත් වෙළඳසැල්වලින් පිරිනමන දෑ අභිබවා යන අන්දමේ උසස් තත්ත්වයේ වර්ධිත විකුණුම් නිර්මාණය කරන්න. පාරිභෝගිකයින් ඔබේ වෙළඳ නාමය ඔවුන්ට සිය මුදල් සඳහා වැඩි වටිනාකමක් ලබා දෙන ස්ථානය ලෙස හඳුනා ගනු ඇත.
- සේවාදායකයින් දැනුවත් කරන්න. ඔබේ ගනුදෙනුකරුවන් ඔබෙන් මිල දී ගැනීම් සිදු කරන්නේ ඔවුන් ඔබේ නිෂ්පාදනවලට කැමති බැවිනි. නමුත් ඔවුන් ඔබේ උසස් තත්ත්වයේ නිෂ්පාදන පිළිබඳව නොදන්නවා වීමට ඉඩ ඇත. උසස් තත්ත්වයේ උත්ශ්‍රේණිගත කිරීම් නිර්දේශ කිරීම පාරිභෝගිකයින්ට ඔවුන් ඇලුම් කරන දැයින් වැඩි යමක් ලබා දීමට හොඳම ක්‍රමයකි.
විකුණුම් අවස්ථා හඳුනා ගන්නා ආකාරය
දැන් ඔබ වර්ධිත විකුණුම ඔබේ ගනුදෙනුකරුවන් සතුටු කිරීමට සහ ඔබේ ව්‍යාපාරය පරිමාණය කිරීමට කැපී පෙනෙන ක්‍රමයක් බව දැන, ඔබ මෙසේ සිතන්නට ඉඩ ඇත:
- වර්ධිත විකුණුම් සිදු කිරීමට හොඳම කාලය කුමක් ද?
- විශේෂිත ගනුදෙනුකරුවන්ට මා නිර්දේශ කළ යුතු නිෂ්පාදන මොනවා ද?
- මගේ ගනුදෙනුකරුවා හෙම්බත් කිරීමකින් තොරව වර්ධිත විකුණුම් සිදු කරන්නේ කෙසේ ද?
මේ ප්‍රශ්න 3ට ම පිළිතුර: ඔබේ පාරිභෝගික දත්ත විමසා බලන්න. නිවැරදි මෙවලම්වල සහාය ඇතිව, ඔබේ පාරිභෝගිකයන්ගේ අතීත මිල දී ගැනීමේ හැසිරීම්, ප්‍රියතම නිෂ්පාදන සහ මනාපයන් ඇතුළුව ඔබේ සියලුම ගනුදෙනුකරුවන්ගේ දත්ත පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි ය. මෙම දත්ත භාවිතයෙන්, ඔබට ඔබේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන ප්‍රවර්ධන වැඩසටහන් සහ නිර්දේශ සැකසිය හැකි ය.
උදාහරණයක් ලෙස, Uber අවකාශයෙහි, ඔබට Uber Eats කළමනාකාරකය වෙත ප්‍රවේශය තිබේ. මෙම මධ්‍යගත ඩෑෂ්බෝර්ඩය ඔබට ඔබේ වෙළඳසැල් අභිමුඛය නිවැරදි වේලාවේ නිවැරදි පාරිභෝගිකයාට නිවැරදි නිෂ්පාදන ප්‍රවර්ධනය කරන ආකාරයෙන් ප්‍රශස්ත කිරීමට උපකාරී වේ. කෙසේ ද? Uber Eats කළමනාකාරකය ඔබේ වෙළඳසැලේ කාර්ය සාධනය, විකුණුම් සංඛ්‍යා සහ පාරිභෝගිකයන්ගේ ප්‍රියතම දෑ ඇතුළු වැදගත් දත්ත පිරිනමයි. ඔබට ගුණාත්මක තොරතුරු සම්බන්ධයෙන් ගැඹුරු විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍ය නම්, ඍජු පාරිභෝගික ප්‍රතිපෝෂණ වෙත ප්‍රවේශය ද ඉන් ලබා දෙයි.
නමුත් Uber Eats කළමනාකාරකය දත්ත උපකරණ පුවරුවක් පමණක් නොවේ. එය ඔබට ම ආවේණික වූ පාරිභෝගික සංචිතයේ සෑම පුද්ගලයකු සඳහා ම ඔබේ වර්ධිත විකුණුම් ප්‍රවර්ධන වැඩසටහන් නිර්මාණය කර පුද්ගල විශේෂී ලෙස සැකසීම සඳහා ඔබට උපකාරී වන තිළැලි අලෙවිකරණ මෙවලම් ද ඉන් පිරිනමයි.
වර්ධිත විකුණුම් හා තීර්යක් විකුණුම්: වෙනස කුමක් ද?
ඔබ විසින් පාරිභෝගිකයකුට උසස් තත්ත්වයේ නිෂ්පාදනයක්, වටිනාකමක් ලබා දෙන ගනුදෙනුවක් හෝ වැඩිපුර ඇණවුම් සිදු කිරීමේ දී විශේෂ වට්ටමක් පිරිනමන විට වර්ධිත විකුණුම් ක්‍රියා කරන ආකාරය පිළිබඳ අප කතා කර ඇත. නමුත් ඉන් සමස්ත විකුණුම් අවස්ථාවෙන් කොටසක් මග හැරී බවක් හැඟී යනවා ද?
ඊට හේතුව, ඉලක්කගත විකුණුම් උපාහ මාර්ගයක් සමගින් ඔබේ පාරිභෝගිකයන්ට වටිනාකමක් එක් කිරීම සඳහා වෙනත් ක්‍රමයක් තිබෙන බැවිනි.
තීර්යක් විකුණුම් යනු ගනුදෙනුකරුවා දැනටමත් මිල දී ගන්නා නිෂ්පාදනය සමග එකට යන අතිරේක නිෂ්පාදන ඔබ විසින් නිර්දේශ කිරීමයි.
උදාහරණ ලෙස, සිල්ලර වෙළෙන්දකු විසින් විශේෂ රසයක් සහිත චීස් වර්ගයක් සමග වයින් බෝතලයක් නිර්දේශ කිරීමට හෝ අවන්හල් වේටර්වරයකු විසින් බර්ගර් සමග ෆ්‍රයිස් නිර්දේශ කිරීමට ඉඩ ඇත. ඔසුසැලක් මගින් බැන්ඩේජ් මිල දී ගන්නා අයකුට ත්‍රිත්ව ප්‍රතිජීවක ආලේපනයක් නිර්දේශ කිරීමට ඉඩ ඇත. සිල්ලර ඇඳුම් වෙළෙන්දෙකු විසින් සපත්තුවලට ගැළපෙන හුරුබුහුටි බඳ පටියක් නිර්දේශ කිරීමට ඉඩ ඇත.
මෙම ක්‍රමයෙන් විකුණුම් වැඩි වන අතර පාරිභෝගිකයින්ට සිය සමස්ත තෘප්තතාව වැඩි දියුණු කරන නිෂ්පාදන සොයා ගැනීමට රුකුලක් සපයයි.
විකුණුම් ඉහළ නැංවීමට ආධාරක වන වර්ධිත විකුණුම් ක්‍රමවේදයන් 9ක්
ඔබේ විචක්ෂණශීලී වර්ධිත විකුණුම් උපාය මාර්ග ඔස්සේ ඔබේ ආදායම් වර්ධනය වන ආකාරය නැරඹීමට සූදානම් ද? ඔබේ ආදායම උපරිම කර ගැනීමට සහ ඔබේ ගනුදෙනුකරුවන්ට අමතර වටිනාකමක් ලබා දීමට ඔබට භාවිත කළ හැකි ක්‍රමවේදයන් 9ක් මෙන්න.
උසස් තත්ත්වයේ නිෂ්පාදන විකල්ප ඉස්මතු කර දක්වන්න
පාරිභෝගිකයින් ඇණවුමක් ලබා දීමේ දී විකල්පය හොඳින් පෙනෙන පරිදි සපයා ඇත්නම් ඔවුන් සිය ඇණවුමට ඒවා එකතු කිරිමේ වැඩි ඉඩක් පවතී. උදාහරණයක් ලෙස, Uber Eats යෙදුම තුළ, පාරිභෝගිකයෙකු ඔබේ අවන්හලෙන් බර්ගර් එකක් ඇණවුම් කරන්නේ නම්, ඔබට බර්ගර් එකට තවත් චීස්, බේකන් හෝ සොසේජස් එකතු කිරීමේ විකල්පයක් ඇතුළත් කළ හැකි ය. කුඩා ගාස්තුවක් එක් කිරීමත් සමග, පාරිභෝගිකයාට විශිෂ්ට තත්ත්වයේ බර්ගර් එකක් ලැබෙන අතර ඔබට වැඩි වූ සාමාන්‍ය ඇණවුම් අගයක් ලැබේ.
පාරිභෝගිකයාගේ අවධානය දිනා ගැනීමට කළ හැකි තවත් දෙයක් නම් උසස් තත්ත්වයේ ඉහළ නැංවූ අයිතමයක සිත් ඇද ගන්නා හොඳින් ස්ථානගත කළ පින්තූරයක් දිස් කිරීමයි. පාරිභෝගිකයෙකු, ප්ලේන් බර්ගර් එකක් ඇණවුම් කරන අවස්ථාවක දී, ඔබ එම පාරිභෝගිකයාගේ අවධානය කටට කෙළ උනන අන්දමේ උසස් තත්ත්වයේ බර්ගර් එකකට යොමු කළහොත් ඉන් ඔවුන්ට සිය භෝජනයේ තත්ත්වය ඉහළ නැංවීමට (එමගින් සිය රස නහර පිනවීමට) පැහැදිලි මාර්ගයක් පෙන්වා දෙයි.
සීමිත කාල දීමනා සහ ප්‍රවර්ධන වැඩසටහන්
ගනුදෙනුකරුවකුව ඒකාන්තයෙන් ම මිල දී ගැනීමක් සිදු කිරීම සඳහා දිරිගන්වන ක්‍රමයක් වන්නේ කුමක් ද? වේලාව සමග තරගයේ යෙදෙන්න. Kerry ආයතනයෙන් පවත්වන ලද පර්යේෂණයෙන් හෙළි වී ඇති කරුණුවලට අනුව පාරිභෝගිකයන්ගෙන් තුනෙන් දෙකකට (64%) ආසන්න ප්‍රමාණයක් වෙනත් අවස්ථාවක දී මිල දී නොගැනීමට ඉඩ ඇති භාණ්ඩ සීමිත කාල දීමනාවක් යටතේ මිල දී ගන්නා බවයි.
ඔබට උත්සව සමයේ අයිතම උත්ශ්‍රේණිගත කිරීම්, සුවිශේෂී සති අන්ත දීමනා හෝ විශේෂ සීමිත කාල සංයෝග සමගින් ඔබට මේ සීමිත කාල දීමනා ප්‍රවර්ධන උපාය මාර්ගය Uber Eats භාවිත කළ හැකි ය. ඔබ විසින් හදිසියක් පිළිබඳ හැඟීමක් ඇති කළ විට, ඉන් සුවිශේෂී බව පිළිබඳ හැඟීමක් මෙන් ම අවස්ථාව අත් හැරී යතැයි බියක් ද සිතේ ජනිත කළ හැකි ය.
ඔබේ දීමනා තුළ “අද පමණයි“, “තොග සීමිතයි“ හෝ “පළමු ගනුදෙනුකරුවන් 100 දෙනා සඳහා දීමනාව“ වැනි යෙදුම් භාවිත කිරීම ගැන සලකා බලන්න.
ඇණවුම් අගය වැඩි කිරිම සඳහා දීමනාවලට නිෂ්පාදන කළඹ කිරීම භාවිත කරන්න
වර්ධිත විකුණුම් උපරිම අගයකට ගෙන ඒමේ විශිෂ්ට ක්‍රමවේදයක් වනුයේ තනි දීමනාවක් යටතේ ඉහළ ලාභයක් සහිත අයිතම සුලභව මිල දී ගන්නා අයිතම සමග එක්ව කාණ්ඩගත කිරීමයි.
ඔබේ Uber Eats උපකරණ පුවරුව දෙසට ඔබේ අවධානය යොමු කිරීමෙන් ඔබට මෙම මූලික අයිතම පහසුවෙන් හඳුනාගත හැකි ය. එහි දී, පාරිභෝගිකයින් වැඩිපුරම ඇණවුම් කරන්නේ මොනවා ද යන්න සහ වැඩි ම විකුණුමක් සිදු වන්නේ කවර අයිතමවලින් ද යන්න පිළිබඳ දත්ත ඔබට සොයාගත හැකි වනු ඇත. ඔබ උගත් දෑ ආධාරයෙන් ආකර්ෂණීය කළඹක් නිර්මාණය කරන්න.
නිදසුනක් ලෙස, ඔබේ වෙළඳසැලේ බහුලව ඇණවුම් කරන ලද අයිතම වන්නේ පීසා, ගාලික් බ්‍රෙඩ් සහ සෝඩා නම්, පාරිභෝගිකයින්ට කුඩා වට්ටමක් සඳහා අයිතම 3 ම ලබා ගත හැකි කළඹ ආහාර දීමනාවක් සකස් කරන්න. පීසා ඇණවුම් කිරීමට පමණක් අවශ්‍ය වූ පාරිභෝගිකයින්ට ඔබේ "සතියේ රාත්‍රී භෝජන විශේෂාංගය" හෝ “භෝජන විශිෂ්ටතා කළඹක්" සමඟ වඩා හොඳ ගනුදෙනුවක් ලැබෙනු ඇති අතර ඔවුන් සිය ඇණවුම උත්ශ්‍රේණිගත කිරීමට ඉඩ ඇත.
සුවිශේෂී බෙදාහැරීමේ විකල්ප ප්‍රදානය කරන්න
තවත් ප්‍රබල වර්ධිත විකුණුම් අදහසක්? පාරිභෝගිකයින්ට බෙදාහැරීමේ අත්දැකීම සිය අවශ්‍යතාවන්ට අනුව සකසා ගැනීමට ඉඩ සලසන්න. කුඩා ගාස්තුවකට, එක් කළ නම්‍යශීලීත්වයක් හෝ විශේෂ වේලාවන්හි සේවා සොයන පුද්ගලයන් අතිරේක බෙදාහැරීමේ විකල්ප තිබීම අගය කළ හැකි ය.
Uber Direct සමඟ, ඔබට ඔබේ ම වෙබ් අඩවියකින්, යෙදුමකින් හෝ දුරකථනයෙන් සෘජුව ම ඉල්ලුම අනුව බෙදාහැරීමේ විකල්ප පිරිනැමිය හැකි ය. ඔබ අවන්හලක්, සිල්ලර අලෙවිසැලක්, සිල්ලර භාණ්ඩ වෙළඳසැලක් හෝ වෙනත් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ද, ඔබට ඔබේ පාරිභෝගිකයින්ට පැය 2කට අඩු කාලයකින්, එදින ම හෝ දින 30කට කලින් වන තෙක් දක්වා බෙදාහැරීම ලබා දීමට Uber Direct ඉඩ සලසයි.
එක් කිරීම් සහ අතුරු ආහාර සඳහා අනුබල සපයන්න
අමතර පියවර කිහිපයකින්, සරල ආහාර වේලක් ඔබේ ගනුදෙනුකරුවන්ට අනුස්මරණීය භෝජන සංග්‍රහයක් බවට පත් කිරීමේ හැකියාව තිබේ. අතිරේකව එකතු කර ගන්නා දෑවල විශේෂත්වය එයයි. එය ග්වාකමෝල් + සල්සා + ක්වෙසෝ වැනි විශාල ප්‍රමාණයේ ඉහළ නැංවීමක් හෝ හුදු අතිරේක ඩිපිං සෝස් ප්‍රමාණයක් එක් කර ගැනීමක් හෝ වුව ද,මේ අතිරේක එක් කර ගැනිම් ඔබේ පාදම් රේඛාව කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි.
Uber Eats සමඟින්, ඔබට විවිධ ආකර්ෂණීය අතිරේක එක් කිරීම් ගණනාවක් පිරිනැමිය හැකි ය. අමතර චීස්, බේකන් හෝ ගාලික් බ්‍රෙඩ් වැනි රසවත් අතුරු ආහාරයක් සඳහා වැය කරන ඩොලර් කිහිපයකින් පාරිභෝගිකයාට විශාල වියදමක් සිදු වූ බවට හැඟීමක් නොමැතිව මුළු ඇණවුමෙහි වටිනාකම සැලකිය යුතු ලෙස ඉහළ නැංවිය හැකි ය.
මෙම විකල්ප ඔබේ ප්‍රධාන අයිතමයට යාබදව හෝ ඊට පහළින් දැමීමෙන් ඒවා පහසුවෙන් ඇස ගැටීමට සලස්වන්න, නැතහොත් ගෙවා පිටවීමේ දී ඇණවුමට අතිරේක එක් කිරීමක් ලෙස අතුරු ආහාරයක් හෝ සෝස් යෝජනා කරන විමසීමක් සිදු කරන්න.
උත්ශ්‍රේණිගත කිරීම් ප්‍රවර්ධනය කිරීම සඳහා උපාය මාර්ගික මිල ගණන් භාවිත කරන්න
උපායමාර්ගික මිල ගණන් යනු පාරිභෝගිකයින්ව සිය ඇණවුම් උත්ශ්‍රේණිගත කිරීමට දිරි ගැන්විය හැකි සරල නමුත් ප්‍රබල ක්‍රමයකි. නිෂ්පාදනයේ විශාලත්වයන් හෝ අනුවාදයන් අතර මිල වෙනස අවමව තබා ගැනීමෙන් වඩා විශාල වික්ලපය වඩා ආකර්ෂණීය වෙයි.
උදාහරණ ලෙස, මධ්‍යම ප්‍රමාණයේ පානයක් සහ විශාල පානයක් අතර සැලකිය යුතු මිලෙහි වෙනසක් නොමැති නම්, පාරිභෝගිකයන් බොහෝ විට වඩා විශාල එක තෝරා ගැනීමට වැඩි ඉඩක් ඇත. මෙහි දී ඔවුන්ට අවම අතිරේක පිරිවැයක් යටතේ වැඩි වටිනාකමක් ලැබේ.
මෙය සාර්ථක වීමට හේතුව මනෝ විද්‍යාත්මක සංකල්පයක් වන සංජානනය කළ අගය මත රඳා පවතී. මෙහි දී පාරිභෝගිකයින්ට තමා වැය කරන මුදලට වැඩි වටිනාකමක් ලැබෙන බවට හැඟේ. මින් ඇති වන බලපෑම ඉහළ නැංවීම සඳහා, විශාල ප්‍රමාණයේ එක කෙරෙහි අවධානය දිනා ගන්නා එක පස එක තබා ඇති මිල සැසඳීම් හෝ සිත් ඇද ගන්නා සුලු රූප ද භාවිත කිරීමට ඔබට හැකි ය.
පසුගිය ඇණවුම් මත පදනම්ව විකුණුම් පුද්ගල විශේෂී ලෙස සකසන්න
පාරිභෝගිකයන් උනන්දුවක් නොදක්වන අදාළ නොවන ප්‍රවර්ධන වැඩසටහන් හෝ තත්ත්වයෙන් දියුණු කිරීම් ඔවුන්ට පිරිනැමීමට ඔබට කිසිසේත් අවශ්‍ය නැත. උදාහරණයක් වශයෙන්, ඔබේ ගනුදෙනුකරුවා කිසිවිටකත් සිය සැන්විචයට බිම්මල් එකතු කරගෙන නැත්නම්, තත්ත්වය ඉහළ නැංවීමක් ලෙස සැන්විචයට බිම්මල් දමා පිරිනැමීමෙහි තේරුමක් නැත. පාරිභෝගිකයා බිම්මල්වලට කැමති නොවීමට ඉඩ ඇත. ඒ අය බිම්මල් දැකීමටවත් අකමැති අයකු විය හැකි අතර විකිණීමක් සිදු කිරිමට උත්සාහ කිරීමේ දී එබඳු තත්ත්වයක් ඇති වනවා දැකීමට ඔබ අපේක්ෂා කරන්නේ නැත.
නමුත් ඇතැම් විට ඔබේ පාරිභෝගිකයන් නිතරම බේකන් සහිත ආහාර ඇණවුම් කිරීමට හෝ රාන්ච් සහිත අතුරු ආහාරයක් එක් කර ගැනීමට ඉඩ ඇත. ඔබ මෙම වැදගත් දත්ත දන්නා විට, ඔබට ඔබේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් පුද්ගලානුබද්ධ නිර්දේශ නිර්මාණය කළ හැකි ය.
Uber Eats කළමනාකාරක උපකරණ පුවරුව සමගින්, ඔබට ගැළපෙන ලෙස සැකසූ දීමනා නිර්මාණය කිරීමට ගනුදෙනුකරුවන්ගේ අභිරුචීන් සහ ඇණවුම් ඉතිහාසය දෙස විමසා බැලීමේ හැකියාව තිබේ. මේ අයුරින්, ඔවුන්ට සිය ඇණවුමට බිම්මල් වෙනුවට බේකන් හෝ රාන්ච් එකතු කිරිමේ යෝජනා වැඩි වශයෙන් දිස් වීමට පටන් ගනී.
ඔබේ මෙනු පිරිසැලසුම වර්ධිත විකුණුම් සඳහා ප්‍රශස්ත කරන්න
ඔබ කෙදිනක හෝ මග පෙන්වීමකට වඩා වංකගිරියක් බඳු වන අවන්හල් මෙනුවක් පරිශීලනය කර තිබේ ද? ඔබට උවමනා දේ සොයා ගැනීමට අතොරක් නැතිව පිටු පෙරළමින්, හෝ බ්‍රවුස් කරමින් කාලය ගත කිරීමට ඔබට එහි දී සිදු වන්නට ඇත. ඊටත් වඩා නරක දෙය නම්, විශේෂ දීමනා අවුල් ජාලයක් සමග පැටලී තිබීම යි. එය සිත වික්ෂිප්තභාවයට පත් කරන අතර, ඇණවුම් කළ යුත්තේ කුමක් දැයි ඔබ විසින් තීරණය කරන අවස්ථාව වන විට ඔබට බොහෝ දෑ මග හැරී තිබීමට ඉඩ ඇත.
අසංවිධිත මෙනුවකින්, පාරිභෝගිකයන්ට තමන් ඇලුම් කරන උත්ශ්‍රේණිගත කිරීම් හෝ වට්ටම් සඳහා ඇති අවස්ථා මග හැරී යාමක් අදහස් විය හැකි ය. ව්‍යාපාර සඳහා වන විට, ලබා ගත හැකිව තිබූ වර්ධිත විකුණුම් සහ ඉහළ ප්‍රමාණයක ඇණවුම් අහිමි වී යාමක් ඉන් අදහස් විය හැකි ය. දැකුම්කලු, මනා ලෙස සංවිධිත අවන්හල් මෙනුවකින් පාරිභෝගික අත්දැකීම වර්ධනය කරනවා පමණක් නොව, උපායමාර්ගිකව උසස් තත්ත්වයේ නිෂ්පාදන විකල්ප සහ මිල දී ගැනීම්වලට ඈඳා ගත හැකි අයිතම ඉස්මතු කොට දක්වයි.
පැහැදිලි වර්ගීකරණ, ආකර්ෂණීය රූප සහ තර්කාන්විත ස්ථානගත කිරිම් භාවිතයෙන්, ඔබට උත්ශ්‍රේණිගත කිරීම් හා අතිරේක දෑ සොයා ගැනීම පහසු කරවිය හැකි ය. කල්පනාකාරීව නිර්මාණය කරන ලද මෙනුවකින් එය පරිශීලනය කිරීමේ අත්දැකීම වැඩි දියුණු කරනවා පමණක් නොව ඉහළ වටිනාකමක් ඇති අයිතම කෙරෙහි අවධානය යොමු කරමින්, අවසානයේ විකුණුම් ඉහළ නංවයි.
ගනුදෙනු සෙමින් සිදු වන වේලාවන් සඳහා උපාය මාර්ගයන් වෙනස් කරන්න
ආපනශාලා, සිල්ලර භාණ්ඩ වෙළඳසැල් සහ සිල්ලර වෙළඳ කර්මාන්ත වසර පුරා ම ස්වභාවිකව වෙළඳාම් ඉහළ යාම් සහ පහළ යාම් අත්විඳියි. ඇතැම් කාලවල දී, (උත්සව සමයේ දී වැනි) ඔබට දරා ගත නොහැකි තරම් ඇණවුම් ප්‍රමාණයක් ලැබේ. වෙනත් අවස්ථාවල දී (උත්සව සමයේ කලබැගෑනිය නිම වීමත් සමග වැනි අවස්ථාවල දී) ඇණවුම් සැලකිය යුතු ලෙස පහළ යා හැකි ය.
වෙළඳාම් අඩු සමයන් පාරිභෝගිකයන් ආකර්ෂණය කරගන්නා ඉලක්කගත දීමනා සමගින් නිර්මාණශීලීව කටයුතු කිරීම සඳහා ඉතා සුදුසු වේ. උදාහරණයක් ලෙස, කාර්යබහුල නොවන වේලාවල දී අමතර වටිනාකමක් ලබා දිය හැකි “සතුටු පැය“ දීමනා Uber Eats සතුව ඇත. ඉන් විශේෂ දීමනා සොයන පාරිභෝගිකයන්ගේ සිත් දිනා ගනිමින් ස්ථාවර විකුණුම් ප්‍රවාහයක් පවත්වා ගැනීමට රුකුලක් සපයනු ඇත. මීට අමතරව, ප්‍රතිශතමය වට්ටමක් ලබා දෙන දීමනාවලින්, සෑම පැමිණීමක දී ම උපරිම ප්‍රයෝජනය සලසා ගනිමින්, පාරිභෝගිකයින්ට වඩා විශාල ඇණවුම් පිළිබඳ සලකා බැලීමට රුකුලක් සපයයි.
ක්‍රියාකාරීව පවතින ඵලදායී වර්ධිත විකුණුම්වලට උදාහරණ
විකුණුම් ක්‍රියා කරන ආකාරය පිළිබඳ වඩාත් සංයුක්ත අදහසක් ඔබට ලබා දීමට, අගය එකතු කිරීමට සහ විකුණුම් වැඩි කිරීමට Uber Eats තුළ වර්ධත විකුණුම් භාවිතා කරන ව්‍යාපාරවලින් සැබෑ උදාහර ණ කිහිපයක් විමසා බලමු.
Monte Carlo විශාල විකල්පයන් සමගින් සාමාන්‍ය ඇණවුම් වටිනාකම ඉහළ නංවයි
මෙම ෆ්‍රයිඩ් චිකන් දීමනාවෙන් චිකන්, සැන්විච් සහ අතුරු ආහාර කිහිපයක් සමගින් විවිධත්වයෙන් යුත් මෙනුවක් පිරිනමයි. “£25ක් හෝ වැඩිපුර ඇණවුම් කරන විට £5ක් ඉතිරි කරගන්න“ වැනි Monte Carlo වර්ධිත විකුණුම් අවස්ථා පාරිභෝගිකයන්ගේ ඇණවුම පුළුල් කරන අතරේ වියදම් සීමාවට ළඟා වීම පහසු කරවමින්, පාරිභෝගිකයන්ට අතුරු ආහාර හෝ පාන වර්ග එක් කිරීමට දිරි ගැන්වීමට මග පෑදිය හැකි ය. Monte Carlo ආයතනයේ වැඩියෙන් ම විකිණෙන අයිතම උපාය මාර්ගික ලෙස ඉස්මතු කරන ආකර්ෂණීය සහ මනා කොට සැලසුම් කරන ලද මෙනු සැකසුම් ද ඔබේ අවධානයට හසු වනු ඇත. 10 Pounds ආයතනයේ හොඳින් ම විකිණෙන අයිතමය වන ස්මෑෂ් බර්ගර් දෙක යෙදුමේ අයිතම ස්ලොටයේ මුලින් ම දැක්වේ.
විශිෂ්ට වර්ධිත විකුණුම් ගනුදෙනුවක්. කැපී පෙනෙන මෙනු සැලසුම.
Pizza සමාගම විසින් වර්ධිත විකුණුම් සිදු කරන්නේ උසස් තත්ත්වයේ අන්තර්ගත උත්ශ්‍රේණිගත කිරීම් ප්‍රදානය කිරීම ඔස්සේ ය
Monte Carlo භාවිත කරන මෙනු සැලසුම් කිරීමේ උපාය මාර්ගය පරිද්දෙන්, Pizza සමාගමේ ලැයිස්තුවේ පළමු වැනියට දක්වා ඇති අයිතමය වන්නේ එහි වැඩි ම ඉල්ලුමක් ඇති අයිතමය යි. පාරිභෝගිකයින්ට පහසුවෙන් මේ ජනප්‍රිය Meal for One විකල්පය තෝරාගත හැකි ය. අනතුරුව ඔවුන්ට තමන්ගේ පීසා එක තම අභිරුචිය අනුව සිතැඟි පරිදි සකසා ගැනීමේ විකල්පය ලැබේ. පාරිභෝගිකයෝ සිය භෝජන සමග නිතර ලබා ගන්නා ටොපිං වර්ග ඇත; ඔවුන් බාබක්‍යු, චිකන් හෝ චොරිසෝ වැනි උසස් තත්ත්වයේ ද්‍රව්‍යයන්ට ඇලුම් කරන්නේ නම් ඔවුන්ට සුළු මුදලක් වැය කර එය තමන්ගේ පීසා එකට එක් කර ගත හැකි යි.
Co-op සිල්ලර භාණ්ඩ වෙළඳ සැල උසස් තත්ත්වයේ බෙදාහැරීමේ වර්ධිත විකුණුම් සමගින් ජය අත් කර ගනියි
මෙම සිල්ලර වෙළඳසැල් ජාලය විවිධ ආකාරවලින් කැපී පෙනේ. පළමුව, Co-op විසින් Uber Eats භාවිත කරන නිසා, එයට තනි තනි පාරිභෝගිකයින් විසින් ඇණවුම් කරන සෑම දෙයක් ම නිරීක්ෂණය කළ හැකි ය. ඕනෑම පාරිභෝගිකයෙකු පිවිසෙන විට, Uber Eats මෙම දත්ත ලබා ගන්නා අතර ඔවුන් මෙනුව විවෘත කරන විට පාරිභෝගිකයාගේ අංක එකේ මනාපයන් හෝ පෙර ඇණවුම් ප්‍රමුඛ කොට තබා ගැනේ.
ඊට අමතරව, ගනුදෙනුකරුවන් සිය ඇණවුම සම්පූර්ණ කර තම සාප්පු කරත්තයට ගිය විට, Co-op ඔවුන් සිය කූඩයට එකතු කිරීමට කැමති විය හැකි අතිරේක අයිතම ඉදිරිපත් කරයි (වෙනත් වචනවලින් කිවහොත්, තීර්යක් විකුණුම්).
අවසාන වශයෙන්, පාරිභෝගිකයින් බෙදාහැරීමේ පිටුවට ළඟා වූ විට, ඔවුන්ට “සම්මත“ (අමතර ගාස්තුවක් නොමැතිව) හෝ “ප්‍රමුඛතා ගැන්වූ“ (කුඩා ගාස්තුවක් සඳහා ඔවුන්ගේ අයිතම වේගයෙන් ලබා ගැනීමට) බෙදාහැරීමක් තෝරා ගත හැකි ය.
නාස්ති කිරීමට කාලය නොමැති ගනුදෙනුකරුවන් සඳහා මෙය විශිෂ්ට විකල්පයකි.
Uber Eats සමග අමතර විකුණුම් අවස්ථා අගුළු හැරගන්න
විශ්වාසවන්ත ගනුදෙනුකරුවෙකුට යමක් අලෙවි කිරිමට ලැබීමට වඩා හොඳ වෙනත් යමක් තිබේ ද? ඉහළ දළ ඇණවුම් අගයක් සහිතව නැවත නැවතත් විකුණුම් ලබා ගැනීම.
මේ ලිපියේ සාකච්ඡාවට ගෙන ඇති වර්ධිත විකුණුම් උපාය මාර්ග අනුගමනය කරන විට ඔබ කරුණු 2ක් නිවැරදිව සිදු කරයි. පළමුව, ඔබ පාරිභෝගිකයින්ට අගය එකතු කිරීම් සහ සුවපහසුව සපයයි. දෙවනුව, ඔබ අමතර වියදමක් හෝ උත්සාහයක් නොමැතිව ඔබේ පාදම් රේඛාව ඉහළ නංවයි.
ඔබේ දීමනා පුද්ගල විශේෂීකරණය කිරීමට දත්ත පදනම් කරගත් තීක්ෂ්ණ බුද්ධිය භාවිතා කළ හැකි ආකාරය පිළිබඳ වැඩිදුර දැන ගැනීමට, Uber Eats කළමනාකාරකය ගවේෂණය කරන්න. ඔබට ඔබේ ගනුදෙනුකරුවන්ගේ සිත් දිනා ගැනීමටත් ඔබේ විකුණුම් වර්ධනය වන ආකාරය දැක බලා ගැනීමටත් හැකි වනු ඇත.
වර්ධිත විකුණුම් පිළිබඳ නිති අසන පැන
- පාරිභෝගිකයාට පමණට වඩා බලපෑම් කිරීමෙන් තොරව වර්ධිත විකුණුම් සිදු කරන්නේ කෙසේ ද?
මූලික වන්නේ වඩා ඉහළ මිලක් ලබා ගැනීම පමණක් නොව, ඔබේ ගනුදෙනුකරුවන්ට වටිනාකමක් ප්‍රදානය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමයි. උදාහරණයක් ලෙස, පාරිභෝගිකයාගේ ආහාර හෝ සාප්පු සවාරි අත්දැකීම වැඩි දියුණු කරන උසස් තත්ත්වයේ ද්‍රව්‍යයක් හෝ සංයෝගී ගනුදෙනුවක් යෝජනා කරන්න. එය හුදු තොරතුරක් ලබා දෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීමෙන් ඔබ හුදු විකිණීමකට වඩා ඔවුන්ට උපකාරයක් කරන බවක් දැන ගැනීමට සලස්වන්න.
- ගනුදෙනුකරුවන් වෙත වර්ධිත විකුණුමක් ඉදිරිපත් කිරීමට හොඳම වේලාව කුමක් ද?
Down Small විකිණීමට හොඳම කාලය වන්නේ පාරිභෝගිකයින් දැනටමත් මිල දී ගැනීමේ මානසිකත්වයේ සිටින විට ය. ඔවුන් යෙදුමකින් හෝ වෙබ් අඩවියකින් ඇණවුමක් කරන්නේ නම්, ගෙවා පිටවීමේ දී උසස් තත්ත්වයට ඉහළ නැංවීමක් යෝජනා කිරීම ගැන සලකා බලන්න. ඔවුන් පුද්ගලිකව ඇණවුමක් කරන්නේ නම්, ඇණවුම ලබා දීමේ දී ඉහළ නැංවීමක් නිර්දේශ කරන්න.
- ඇතැම් උපාය මාර්ගික වර්ධිත විකුණුම් ක්‍රමවේදයන් මොනවා ද?
Down Small වටිනාකම සහ අදාළත්වය ප්‍රදානය කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න. උසස් තත්ත්වයේ විකල්පයක ප්‍රතිලාභ ඉස්මතු කොට දක්වන්න, වඩා හොඳ ගනුදෙනුවක් නිර්මාණය කිරීම සඳහා අයිතම කළඹ ගන්වන්න, නැතහොත් සමස්ත අත්දැකීම වැඩි දියුණු කරන නිෂ්පාදන යෝජනා කරන්න. සියල්ලටම වඩා, පාරිභෝගිකයාගේ මනාපයන් සහ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ඔබේ නිර්දේශ පුද්ගල විශේෂී ලෙස සකස් කරන්න.
- වර්ධිත විකුණුම්වලට හොඳ උදාහරණ වන්නේ මොනවා ද?
Down Small වර්ධිත විකුණුම් පිළිබඳ පොදු උදාහරණයක් වන්නේ ඔබ විසින් නිෂ්පාදනයේ විශාල හෝ උසස් තත්ත්වයේ අනුවාදයක් ලබා දෙන විට ය. ක්ෂණික ආහාර අලෙවි කරන අවන්හලක දී, වඩා විශාල වටිනාකමකින් යුත් තත්ත්වය ඉහළ නැංවූ භෝජන පිරිනමන මේ ආකාරයේ වර්ධිත විකුණුම් ඔබට දැක ගත හැකි ය. මීට තවත් උදාහරණයක් ලෙස කළඹ ගැන්වීම දැක්විය හැකි ය. යමකු එක් නිෂ්පාදනයකට වැඩි ගණනක් තත්ත්වය ඉහළ නංවා මිල දී ගන්නේ නම්, ඔබට ඒ අයට වට්ටමක් පිරිනැමිය හැකි ය. මේ ආකාරයෙන්, ඔවුන්ට සුළු අමතර පිරිවැයක් සඳහා වැඩි වටිනාකමක් ලැබෙන අතර ඔබට වැඩි දළ ඇණවුම් ප්‍රමාණයක් ලැබේ.
සේවා
සේවා
තාක්ෂණය
ඇණවුම් කළමනාකරණය කරන්න
මෙහෙයුම් සරල කරන්න
ඔබේ විකුණුම් වර්ධනය කරගන්න
ගනුදෙනුකරුවන් වෙත ළඟා වන්න
අප සේවය ලබා දෙන අය
අප සේවය ලබා දෙන අය
මිලකරණය
සම්පත්
පාරිභෝගික කේන්ද්‍රය
ඉගෙන ගන්න
අපව අමතන්න