පාරිභෝගිකයින්නිතිපතා පැමිණෙන්නන් බවට පත් කරගන්න - වරකට එක් සිල්ලර භාණ්ඩයක් බෙදා හැරීම
පාරිභෝගිකයින්ට ඔබේ වෙබ් අඩවියෙන් හෝ Uber Eats යෙදුම ඔස්සේ සෘජුවම සිල්ලර භාණ්ඩ ඇණවුම් කිරීමට ඉඩ දෙන්න.
Uber සමඟ හවුල් වීමෙන් ඔබේ සිල්ලර වෙළඳසැලට ප්‍රතිලාභ ලබා ගත හැකි ආකාරය
ඔබේ ප්‍රවේශය පුළුල් කරන්න
ඔබේ සිල්ලර වෙළඳසැල Uber Eats යෙදුම තුළ විශේෂාංගී කිරීමෙන් ඔබේ දෘශ්‍යතාව වැඩි කර නව පාරිභෝගිකයින් ලබා ගන්න.
විශ්වාසයෙන් යුතුව බෙදාහරින්න
ඔබ පිටුපසින් ඇති Uber සතු පුළුල් රැගෙන එන්නන්ගේ ජාලය සමඟ පාරිභෝගිකයින්ට විශ්වාසදායක සහ නම්‍යශීලී බෙදාහැරීමේ විකල්ප පිරිනමන්න.
බාධාවකින් තොරව ඒකාබද්ධ කරන්න
මෙහෙයුම් විධිමත් කිරීමට ඔබේ නාමාවලිය සමමුහුර්ත කරන්න-අඩු මෙවලම්, වැඩි පාලනයක්.
සිල්ලර භාණ්ඩ හා බැඳුණු සාර්ථකත්වයේ කතා
වර්තමාන තරඟකාරී වෙළඳපොලේ,ෙසිල්ලර භාණ්ඩ අලෙවි කරන සිල්ලර වෙළෙන්දන් වැඩි පිරිසක් Uber විසින් බල ගැන්වෙන විසඳුම් සමඟ දියුණුව සහ සාර්ථකත්වය අත්කර ගනිති.
Harris Farm
Uber Eats සහ Uber Direct හැරිස් ෆාම් හට සිය පාරිභෝගිකයාට සොබාදහමේ හොඳම දේ බෙදාහරින ආකාරය ගැන දැන ගන්න.
Carrefour
2020 දී Uber Eats සමඟ දියත් කිරීම Carrefour සඳහා විකුණුම්වලින් යූරෝ මිලියන 100කින් වැඩි කිරීමට හේතු වූ ආකාරය සොයා ගන්න.
IGA Portside Wharf
Uber Eats මෙම ජනප්රි සිල්ලර වෙළෙන්දාට වෙළඳසැලේ මෙහෙයුම්වලට බලපෑමක් නොවන පරිදි අන්තර්ජාල බෙදාහැරීම සිදු කිරීමට උදව් කළේ කෙසේදැයි සොයා බලන්න.
කළ හැකි දේ සොයා ගන්න
Uber සමඟින් ඔබේ දෛනික මෙහෙයුම් විධිමත් කරන්න. දත්තමය අදහස් හා දැනුමේ සිට බෙදාහැරීමේ සැපයුම් සේවා දක්වා, අපි ඔබව ආවරණය කර ඇත්තෙමු.
නම්‍යශීලී බෙදාහැරීම් විකල්ප
ඔබේ ම කාර්ය මණ්ඩලය, Uber සතු විශ්වසනීය රැගෙන එන්නන් ජාලය හෝ ඒ දෙකෙහිම සංයෝගයක් භාවිතයෙන් Uber Direct හෝ Uber Eats වෙළඳපොළ ඔස්සේ ඇණවුම් ඉටු කිරීමට තෝරන්න.
අලෙ විකරණ මෙවලම්
අදහස් හා දැනුම ක්‍රියාවක් බවට පත් කරන්න- ඔබට ඔබේ පාරිභෝගික පදනම වර්ධනය කර ගැනීමට සහ පවත්වා ගැනීමට උපකාරී වන නිර්මාණ සැලසුම් ඉලක්ක කළ වෙළඳ දැන්වීම් සහ දීමනා.
ලැදියා ඒකාබද්ධ කිරීම
විශ්වාසවන්ත පාරිභෝගිකයින්ට ඔවුන්ගේ පවතින ලැදියා ගිණුම සම්බන්ධ කිරීමෙන් ත්‍යාග උපයා ගැනීම පහසු කරන්න.
එය ක්‍රියා කරන ආකාරය: Uber Direct හා Uber Eats වෙළඳපොළ
නව පාරිභෝගිකයින් වෙත ළඟා වී Uber Eats වෙළඳපොළ සමඟ Uber පරිසර පද්ධතිය ඔස්සේ විකුණුම් සිදු කරන්න, නැතහොත් Uber Direct සමඟ හිමිකාරීත්වය දරන නාලිකා ඇණවුම් සඳහා ඉල්ලුම මත බෙදා හැරීමේ සහාය ලබා ගන්න.
1 වැනි පියවර
ඔබේ නිෂ්පාදන, මිල ගණන් සහ භාණ්ඩ ලේඛන නාමාවලිය සමමුහුර්ත කරන්න
2 වැනි පියවර
පාරිභෝගිකයින් Uber Eats හෝ Uber යෙදුමෙන් ඇණවුම් කරයි
3 වැනි පියවර
ඔබේ කැමැත්තට අනුව ඇණවුම් සම්පූර්ණ කරන්න:
- Uber ජාලයේ ඔබේ සාප්පු සවාරි යන්නන්, රැගෙන එන්නන්
- Uber ජාලයේ සාප්පු ගොස් රැගෙන එන්නන් සහ බෙදාහරින්නන්*
- ඔබේ සාප්පු සවාරි යන්නන් සහ රැගෙන එන්නන්
1 වැනි පියවර
ඔබේ විකුණුම් නාලිකා වෙත ඉල්ලුම ආකර්ෂණය කරගන්න
2 වැනි පියවර
පාරිභෝගිකයින් ඔබේ වෙබ් අඩවිය, යෙදුම හෝ සමාජ මාධ්‍ය නාලිකා හරහා හෝ දුරකථනය මගින් ඔබට ඇණවුම් ලබා දෙයි
3 වැනි පියවර
ඔබේ කැමැත්තට අනුව ඇණවුම් සම්පූර්ණ කරන්න:
- Uber ජාලයේ ඔබේ සාප්පු සවාරි යන්නන්, රැගෙන එන්නන්
- Uber ජාලයේ සාප්පු ගොස් රැගෙන එන්නන් සහ බෙදාහරින්නන්*
ඔබට ගැළපෙන විසඳුම කුමක් ද?
ඔබ Uber Eats යෙදුම ඔස්සේ නව පාරිභෝගිකයින් වෙත ළඟා වීමට අපේක්ෂා කළත්, ඔබේම නාලිකා සඳහා ඇණවුම් විධිමත් කළත්, අපගේ වේදිකාව ඔබේ අරමුණු සඳහා සහාය වීමට නම්‍යශීලී විසඳුම් ලබා දෙයි.
වෙළඳපොළ
Uber Eats යෙදුමේ බෙදාහැරීම හෝ පැමිණ ලබා ගැනීම සඳහා ඇණවුම් කරන පරිශීලකයින් වෙත ප්‍රවේශ වීමෙන් ඔබේ පාරිභෝගික පදනම වර්ධනය කරන්න.
කරදරයකින් තොරව කටයුතු ඉටු කර ගැනීම: ඇණවුම් කිරීමේ සිට තත්කාලීන යාවත්කාලීන කිරීම් සහ බෙදාහැරීම දක්වා, Uber Eats ඔබ සහ ඔබේ ගනුදෙනුකරුවන් සඳහා ක්‍රියාවලිය විධිමත් කරන ලක්ෂ්‍යයන් සම්බන්ධ කරයි.
බෙදාහැරීමේ විකල්ප: Uber රැගෙන එන්නන්ගේ ජාලය භාවිතයෙන් හෝ ඔබේ ම කාර්ය මණ්ඩලය භාවිතයෙන් බෙදාහැරීමෙන් තෝරන්න. පාරිභෝගිකයින්ට දින 7කට පෙර ඇණවුමක් නියම කර ගත හැකිය.
අලෙවිකරණය සහ විශ්ලේෂණය: ප්‍රධාන දත්ත ලක්ෂ්‍ය නිරීක්ෂණය කිරීම පිණිස විශ්ලේෂණ සහ අදහස් හා දැනුම යොදා ගන්න, ඉන්පසු Uber Eats කළමනාකාරකය සහ වෙළඳ දැන්වීම් කළමනාකාරකය තුළ ඇති ප්‍රබල අලෙවිකරණ මෙවලම් සමඟ ඔබේ ව්‍යාපාරය දියුණුවට පත් කරගන්න.
නම්‍යශීලී ගාස්තු රහිත සැලසුම්: කොමිස් මත පදනම්ව (ගාස්තුව ඔබේ සැලැස්ම මත පදනම් වේ).
ඒකාබද්ධ කිරීම: ඔබේ පවතින තාක් ෂණික වේදිකාව ඔස්සේ වෙළඳපල සම්බන්ධ කරන බාධාවකින් තොරව නාමාවලි ඒකාබද්ධ කිරීමේ විකල්ප.
Uber Direct
ඔබේම වෙබ් අඩවිය, යෙදුම සහ දුරකථන මාර්ග හරහා බෙදාහැරීම ලබා දීමෙන් දැනට සිටින පාරිභෝගිකයින්ට සේවය පිරිනමන්න.
අර්ධ වශයෙන් සාක්ෂාත් කිරීම: Uber Eats විසින් සැපයුම් කටයුතු කරන අතරතුර ඔබේ පාරිභෝගිකයින් සමඟ සෘජු සම්බන්ධතාවයක් පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න.
බෙදාහැරීමේ විකල්ප: පැය 2කට අඩු කාලයකින් හෝ එදිනම ඉල්ලුම මත බෙදාහැරීම පිරිනමන්න. පාරිභෝගිකයින්ට දින 30කට පෙර ඇණවුමක් සඳහා වේලාව නියම කර ගත හැකිය.*
අලෙවිකරණය සහ විශ්ලේෂණය: ඔබේම නාලිකාවල අලෙවිකරණය සහ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට විශ්ලේෂණ සහ අදහස් හා දැනුම (එනම් ඇණවුම් ප්‍රවණතා, නිතර ලැබෙන ඇණවුම් වර්ග හෝ ප්‍රධාන බෙදාහැරීමේ කලාප) භාවිතා කරන්න (ඊමේල්, කෙටි පණිවුඩ, සමාජ මාධ්‍ය හෝ මුදල් ගෙවා පළ කරන වෙළඳ දැන්වීම්).
ස්ථාවර ගාස්තුව: බෙදාහැරීමකට ස්ථාවර ගාස්තුව.
ඒකාබද්ධ කිරීම: ඔබේ POS පද්ධතියට හෝ ඇණවුම් කිරීමේ වේදිකාවට Uber Direct සම්බන්ධ කරන නම්‍යශීලී ඒකාබද්ධ කිරීමේ විකල්ප.
- මගේ සිල්ලර භාණ්ඩ ව්‍යාපාරය වර්ධනය කිරීමට Uber උදව් වන්නේ කෙසේ ද?
Uber Eats යෙදුම බෙදාහැරීමේ ඇසුරුම් හා ප්‍රවාහනය හසුරුවන, ව්‍යාපාර විශ්ලේෂණ සපයන සහ වඩා ඉහළ ආදායමක් සඳහා ඇණවුම් විශාලත්වයන් ප්‍රශස්ත කිරීමට උපකාරි වන අපගේ බෙදාහැරීමේ වේදිකාව සමඟ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත වූ පරිශීලකයින් පිරිසක් සම්බන්ධ කරයි. ඔබේ ව්‍යාපාරය දියුණු කිරීම පිළිබඳ වැඩිදුර උපදෙස් සඳහා, අපගේ අදහස් හා දැනුම් කේන්ද්‍රයේ නවතම ලිපි සහ සම්පත් පරීක්ෂා කරන්න.
- Uber සහාය දක්වන්නේ කුමන ආකාරයේ සිල්ලර භාණ්ඩ ව්‍යාපාරවලට ද?
Uber පහත දෑ ඇතුළුව විවිධ සිල්ලර භාණ්ඩ අලෙවි කරන සිල්ලර වෙළෙන්දන් සමඟ හවුල් වේ:
- සුපිරි වෙළඳසැල් සහ වඩා විශාල දාමයන්: මධ්‍යගත කළමනාකරණ මෙවලම්, කලාපීය මිලකරණය සහ තොග ඇණවුම් හැකියාවන් සහිත ස්ථාන කිහිපයක සිදු කරන මෙහෙයුම් සඳහා විශාල කළ හැකි විසඳුම්
- විශේෂිත සහ සාමාන්‍ය සිල්ලර වෙළෙන්දන්: අභිරුචිකරණය කළ හැකි මෙනු, නම්‍යශීලී බෙදාහැරීමේ විකල්ප සහ විශේෂ පාරිභෝගිකයන් සඳහා වන කොටස් සඳහා ඉලක්කගත ප්‍රවේශය
- තොග වෙළෙඳුන් සහ තොග විකුණන සිල්ලර වෙළෙන්දන්: ව්‍යාපාර සහ තොග වශයෙන් මිල දී ගන්නා පාරිභෝගිකයින්ට පහසුකම් සැලසීම සඳහා ඉහළ පරිමාවේ ඇණවුම් සහ වේලාව යොදාගත් බෙදාහැරීම් සඳහා සහාය වීම
අපගේ වේදිකාව විවිධ සිල්ලර ආකෘතිවලට අනුවර්තනය වන අතර, බාධාවකින් තොරව ඒකාබද්ධ කිරීම, නිවැරදි භාණ්ඩ ලේඛන කළමනාකරණය සහ ඔබේ සියලු ස්ථාන ඔස්සේ ස්ථාවර පාරිභෝගික අත්දැකීමක් සහතික කරයි.
- මට මගේ භාණඩ ලේඛන සහ ලැදියා වැඩසටහන් Uber සමඟ ඒකාබද්ධ කළ හැකි ද?
ඔව්. Uber ඔබේ ගනුදෙනුකරුවන් වේදිකාව ඔස්සේ සාප්පු සවාරි යන අතරතුර තත් කාලීන භාණ්ඩ ලේඛන යාවත්කාලීන කිරීම් සහ ලැදියා වැඩසටහන් ඒකාබද්ධ කිරීම සඳහා හැකියාව ලබා දෙන API ඒකාබද්ධ කිරීමට සහාය වේ.
- Uber සිල් ලර භාණ්ඩ ඇණවුම් ඉටු කිරීම හසුරුවන්නේ කෙසේ ද?
Uber රැගෙන එන්නන්ගේ ජාලය පාරිභෝගිකයින්ට ඇණවුම ලබා දුන් මොහොතේ සිට ගමනාන්තය දක්වා අනුගමනය කළ හැකි නිරීක්ෂණ පහසුකම් සහ ප්‍රමුඛතා සහ වේලාව යොදාගත් බෙදාහැරීම් ඇතුළු සාක්ෂාත් කිරීමේ විකල්ප සමගින් ආතතියෙන් තොර බෙදාහැරීම් සහතික කරයි.
ඔබේ සිල්ලර වෙළඳසැලේ වර්ධනය බල ගැන්වීම සඳහා අදහස් හා දැනුම
නිවැරදි ප් රවේශය සෑම දෙයක්ම වෙනස් කරයි. ප් රධාන තීක්ෂ්ණ බුද්ධිය සහ ඔප්පු කළ උපාය මාර්ග සමඟ තරඟකාරීව සිටීමට නව ක් රම සොයා ගන්න.
ඔබේ ඔන්ලයින් සම්පූර්ණ කිරීමේ අනුපාතය අධීක්ෂණය කිරීම මගින් ඔබට භාණ්ඩ ලේඛන වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට, පාරිභෝගික අත්දැකීම් වැඩි දියුණු කිරීමට සහ වැඩි ආදායමක් ලබා ගැනීමට උපකාරී වන ආකාරය ඉගෙන ගන්න.
සිල්ලර වෙළඳාම සම්බන්ධයෙන් ගත් කල, පාරිභෝගිකයින් සඳහා නිමක් නොමැති තේරීම් ඇඟිලි තුඩ අගට පැමිණ තිබේ. ඔබේ වෙළඳසැල ඔවුන්ගේ සිල්ලර භාණ්ඩ අවශ්‍යතා සපුරාලීම සඳහා හොඳම විකල්පය බව පාරිභෝගිකයින්ට ඒත්තු ගැන්විය හැකි ඵලදායී අලෙවිකරණ උපාය මාර්ග 8 ගවේෂණය කරන්න.
ප්‍රබල සියලු මාර්ග ආවරණය වන සිල්ලර වෙළඳසැල් උපාය මාර්ගයක් ඔබේ පාරිභෝගිකයින්ට ගුණාත්මකභාවයෙන් ඉහළ දේ ලබා ගැනීමට හැකියාව ලබා දෙයි. ඔබේ වෙළඳසැල තුළ සහ අන්තර්ජාල මාර්ග ඔස්සේ බාධාවකින් තොරව, ස්ථාවර අත්දැකීමක් නිර්මාණය කිරීමට හැකි ක්‍රම 4ක් ගවේෂණය කරන්න.
Uber සමගින් ඔබේ දියුණුව කරා ගමන් කරන්න
වැඩි පාරිභෝගිකයන් පිරිසක් සමඟ සම්බන්ධ වී ඔබ කැමති අයුරින් ඔබේ ව්‍යාපාරය වර්ධනය කර ගන්න. අදම අප හා හවුල් වන්න.
*ඇණවුම් මිලදී ගැනීම සහ බෙදාහැරීම සඳහා රැගෙන එන්නන් සඳහා විකල්පය දැනට ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, කැනඩාව, චිලී, කොලොම්බියාව, කොස්ටා රිකා, ජපානය, මෙක්සිකෝව, පේරු සහ එක්සත් ජනපදය යන රටවල ව්‍යාපාර සඳහා ලබා ගත හැකිය.
**මෙම තොරතුරු ඔබේ ප්‍රදේශයේ රැගෙන එන්නන් ලබා ගැනීමේ හැකියාව මත පදනම් වේ.
සේවා
සේවා
තාක්ෂණය
ඇණවුම් කළමනාකරණය කරන්න
මෙහෙයුම් සරල කරන්න
ඔබේ විකුණුම් වර්ධනය කරගන්න
ගනුදෙනුකරුවන් වෙත ළඟා වන්න
අප සේවය ලබා දෙන අය
අප සේවය ලබා දෙන අය
මිලකරණය
සම්පත්
පාරිභෝගික කේන්ද්‍රය
ඉගෙන ගන්න
අපව අමතන්න