Please enable Javascript
Skip to main content

මෙනු සාදන්නා සමඟ ඔබේ ව්‍යාපාරයේ මෙනුව සැලසුම් කරන්න

ඔබට හරියට ම ඔබේ පාරිභෝගිකයන්ට අවශ්‍ය දෑ ම පිරිනැමිය හැකි පරිදි, ඔබේ මෙනුවේ සියලු ම කොටස් පහසුවෙන් තැනීම, සංස්කරණය සහ යාවත්කාලීන කිරීම. මෙනු නිෂ්පාදකය යනු අපගේ වේදිකාව තුළ ම ගොඩ නඟා ඇති වේගවත්, නම්‍යශීලී මෙවලමකි.

ඔබේ මෙනුව ගොඩනගා ගැනීම කජු කන්නාක් වැනි පහසු කාර්යයකි

අපි ඔබේ මෙනුව නිර්මාණය කිරීමට උදව් කරමින් ඊට අලුත් දෑ එක් කිරිම සඳහා අවශ්‍ය මෙවලම් පහසුවෙන් අනුගමනය කළ හැකි පියවර කිහිපයකින් ලබා දෙන්නෙමු. අයිතම එක් කිරීම හෝ ඉවත් කිරීම, ඡායාරූප උඩුගත කිරීම, මිල ගණන් යාවත්කාලීන කිරීම, මෙනු කාණ්ඩ වෙනස් කිරීම සහ තවත් දේ.

ඔබේ දීමනාවලට ජීවිය පිඹින්න

සියලු දෙනාගේ ම රස නහර පුබුදු කරන අයුරින් ඔබේ මෙනුව නිර්මාණය කිරීම, සිතැඟි පරිදි සකස් කිරීම සහ වෙනස් කිරීම කෙතරම් පහසු දැ යි බලන්න.

Youtube

නිතර අසන ප්‍රශ්න

  • ඔබට Uber Eats කළමනාකාරකය වෙත පිවිස, පසුව වම් සංචාලනයේ මෙනුව ක්ලික් කිරීමෙන් මෙනු නිෂ්පාදකය වෙත ප්‍රවේශ විය හැකි ය.

  • ඔබගේ පරිශීලක නාමය සහ මුරපදය ඇතුළත් විය යුතු "Uber Eats ලොග් වීමේ විස්තර" යන සිරැසිය සහිත ඊමේලයක් ලැබී තිබේදැ යි බලන්න. ඔබට මෙය සොයා ගැනීමට උපකාර අවශ්‍ය නම්, ඔබට මෙතැනින් සහය වෙත සම්බන්ධ විය හැකි ය.

  • Uber Eats යෙදුමට අලුත් වෙළෙන්දන් සඳහා, ඔබේ මූලික මෙනු නිර්මාණය කරනු ලබන්නේ Uber Eats කණ්ඩායම විසිනි. කෙසේ වෙතත්, Uber Eats කළමනාකාරකය තුළ මූලික මෙනු සෑදූ පසු, ඔබට ඒවා සංස්කරණය කිරීමට හෝ මෙනු නිෂ්පාදකයා සමග නව මෙනු එක් කිරීමට හැකි වනු ඇත.

  • මෙම අවස්ථාවේ දී, විවිධ වෙළඳසැල් ස්ථාන සඳහා මෙනු තනි තනිව යාවත්කාලීන කිරීමට අවශ්‍ය වනු ඇත. මෙනු නිෂ්පාදකයට දැනට වෙළඳසැල් ස්ථාන කිහිපයක් පුරා විහිදෙන මෙනු සංස්කරණය කිරීම් සිදු කිරීමේ හැකියාවක් නැත.

  • මෙනු API භාවිතා කරන වෙළෙන්දන්ට මෙම අවස්ථාවේදී මෙනු නිෂ්පාදකය භාවිතයෙන් ඔවුන්ගේ මෙනු යාවත්කාලීන කිරීමට නොහැකි වනු ඇත. API ඔස්සේ සියලුම මෙනු යාවත්කාලීන කිරීම් කළමනාකරණය කරන්න. ඔබට උදව් අවශ්‍ය නම්, ඔබේ ගිණුම් කළමනාකාරකය අමතන්න.

  • ඡායාරූප උඩුගත කිරීම හැරුණු විට, මෙනු නිෂ්පාදකය තුළ සුරකින ලද ඕනෑම වෙනසක් වහාම පාරිභෝගිකයින්ට සජීවීව දිස් වනු ඇත. මෙනු නිෂ්පාදකයේ දකුණුපස ඉහළ කෙළවරෙන් වෙනස්කම් බලන්න ක්ලික් කිරිමෙන් ඔබේ මෙනුවට සිදු කරන ලද සියලු ම වෙනස්කම්වල වාර්තාවක් බැලීමේ හැකියාව ඔබට තිබේ. උඩුගත කළ ඡායාරූප සජීවී වීමට පෙර ඒවා Uber Eats විසින් සමාලෝචනය කළ යුතු ය. සාමාන්‍යයෙන් සමාලෝචන සඳහා දින 3-5 අතර කාලයක් ගත වේ. එක්කෝ අපි අනුරූ අනුමත කරන්නෙමු, නැතහොත්, අලුත් ඒවා ලබාගෙන ඒවා නැවත යොමු කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටින්නෙමු. ඡායාරූප අනුමත වූ වහා ම ඒවා පාරිභෝගිකයින්ට දිස් වනු ඇත. Uber Eats ඡායාරූප මග පෙන්වීම් බැලීමට මෙතැන ක්ලික් කරන්න.

Uber සමගින් ඔබේ දියුණුව කරා ගමන් කරන්න

වැඩි පාරිභෝගිකයන් පිරිසක් සමඟ සම්බන්ධ වී ඔබ කැමති අයුරින් ඔබේ ව්‍යාපාරය වර්ධනය කර ගන්න. අදම අප හා හවුල් වන්න.

Select your preferred language

Englishසිංහල