Skip to main content

Zappo: පීසා බෙදාහැරීම මගින් අවන්හල තුළ ආහාර ගැනීමට පෙළඹවීමක් ඇති කිරීම

2022 ජූලි 12 | ගෝලීය

Uber Eats සමග හවුල් වීම අවන්හල තුළ සිට ආහාර ගන්නා අමුත්තන් පදනමක් ගොඩ නැඟීමකට උපකාරී වනු ඇතැයි ජෝර්ජි ස්‍ෆෙස් කිසිවිටකත් සිතුවේ නැත. නමුත් Lyonnaise බෙදාහැරීමේ පාරිභෝගිකයින් පුද්ගලිකව පීසා සොයමින් මේසවල ඉඩ ගනිති. එය සිදු වූයේ මෙසේ ය.

මෙනුවේ සඳහන්

සම්මානලාභී ගඩොල් පෝරණු පීසා

සලකුණ

ලියොන්හි අවන්හල් 2ක්

බෙදාහැරීමේ ඉලක්කය

දැනුවත්භාවය වැඩි කර විකුණුම් උපදවා ගැනීම

රසවත් ෆ්‍රෙන්ච් ෆ්ලෙයාර් සමග පීසා

ජෝර්ජි ස්ෆෙස් Lyonnaise පීසා නාමය ජන හද තුළ සනිටුහන් කර ඇත. පැරිසියානු අවන්හල් හිමිකරුවන්ගේ ඉපැරණි පෙළපතකින් පැවත එන ඔහු වෙනස් දෙයක් අත්හදා බැලීමට ප්‍රංශයේ මෙම ඉවුම් පිහුම් අගනගරය හොඳම ස්ථානය බවට තීරණය ක‍ළ‍ේ ය. ජෝර්ජි සම්මානලාභී පීසා සූපවේදී ඇලේක්ස් මොන්ටෙරොසෝ (ඔහුගේ සුප්‍රසිද්ධ පීසා රස බැලීමෙන් අනතුරුව) සමග අත්වැල් බැද ගත්තේ ය. Zappo බිහි වූයේ එසේ ය.

ඔහුගේ ඉතාලි ජාතිකයන්ගෙන් පමණක් සැදුම් ලත් කාර්ය මණ්ඩලය සාම්ප්‍රදායික නොවන ටොපිං කිහිපයක් සමගින් සැබෑ පීසා ඔබ වෙත පිරිනමයි. නැවුම් බුරාටා, සැමන්, ට්‍රෆ්ල් තෙල් සහ දේශීය ෆ්‍රෙන්ච් චීස්‍ ග්‍රේස් ක්‍රිස්ප්, මුව තුළ දිය වී යන ක්‍රස්ට්. ඔවුන් ඉතා නිර්භය ලෙස පීසා සූප කලාවේ රීති කිහිපයක් බිඳ දමති (ප්‍රණීත ආකාරයෙන්). සූපවේදී ඇලෙක්සැන්ඩර්ට අනුව, ඔහුගේ මෙනුව කලා කෘතියක් බඳු ය. ඔහු පවසන පරිදි, "සෑම නිර්මාණයක් ම මට අලුත් දරුවෙක් වගේ; ඒ හැම එකක් ම අලුත් ආරම්භයක්. ඒක මම හරිම ආසාවෙන් කරන දෙයක්.”

“Uber Eats යනු සන්නිවේදන මෙවලමක් ද වේ... ඔවුන්ගේ වේදිකාව තුළ දිස්වීමට ස්තූතිවන්ත වන්නට, Uber Eats ඔස්සේ අපව සොයාගත් අවන්හලේ පාරිභෝගිකයින් ද අපට ලැබේ.”

බෙදාහැරීමේ සිට අවන්හල තුළ ආහාර ගැනීම දක්වා

Zappo සතු මෙනුව එහි පරිපූර්ණත්වය කරා ළඟා වීමත් සමග Georgy හට අවශ්‍ය වූයේ මිනිසුන් වෙත පීසා සමීප කරවීමයි. Uber Eats හට බෙදාහැරීම විධිමත් කළ හැකි බව ඔහු දැන සිටි අතර, අවන්හල විවෘත කරන විට ම ඔහු අප සමග හවුල් විය. Zappo පිළිබඳ කිසිදිනෙක අසා නැති බඩගිනිකාර ප්‍රදේශවාසීන් වෙත ළඟා වීමට මෙම හවුල්කාරීත්වය උඵකාරී විය හැකි බව ද ඔහුට හැඟිණි. එය ඔහුට එය මෙන් ම තවත් දෑ කිරීමට ද උපකාරී විය.

Uber Eats සමග හවුල් වීම මගින් ව්‍යාපාරය විවෘත කළ විගස ම Zappo වෙත ප්‍රදේශවාසී පාරිභෝගිකයින්ගේ ඇසට හසුවීමට අවස්ථාව උදා විණි. එතැන් සිට, Uber Eats යෙදුමෙන් ඇණවුම් කරන මෙම නව පාරිභෝගිකයින් පක්ෂපාතී අවන්හල තුළ ආහාර ගන්නා අමුත්තන් බවට පත් වන බව ජෝර්ජිට දැක ගන්නට ලැබිණි. ඔහුගේ අද්විතීය නිර්මාණය පුද්ගලිකව රස විඳ බැලීමට මිනිසුන් අවන්හල වෙත ඇදී ආහ. මේස පුටුවල ඉඩ පිරවීම. පීසා ආහාරයට ගැනීම.

වියුක්ස් ලියොන් වෙත ව්‍යාප්ත කිරීම

වසර දෙකකට පසු Zappo ඉතා ජනාකීර්ණ ස්ථානයක් බවට පත් වී තිබේ. පාරිභ‍ෝගිකයන් සිය පවුල් සමගින්‍ මේ වෙත ඇදී එන්නේ ආපසු යන අතරේ Uber වේදිකාව භාවිත කරන බෙදාහරින්නන් පසු කර යන අතරේ ය. මෙම සාර්ථකත්වය අත්පත් කර ගැනීමෙන් පසු, “අපි මෑතක දී වියුක්ස් ලියොන්හි නව ව්‍යාපාරයක් විවෘත කරමින් Uber Eats සමග අපට ඇති හවුල්කාරීත්වයෙන් සවි බල ගැන්වුණා” යනුවෙන් අප හා පවසමින් Georgy තවත් ස්ථානයක් වෙත ව්‍යාප්ත වෙයි. ඒ වගේ ම තවත් ව්‍යාපෘති කිහිපයක් ම සූදානම්ව තිබෙනවා.” අපි මෙහි පැමිණියේ ඊළඟට ඇති දේ බැලීමට සහ රස විඳීමට ය.*

*Uber Eats Uber වේදිකාව භාවිතයෙන් බෙදාහරින්නන් අවන්හල් සමඟ සම්බන්ධ කරයි.

Select your preferred language

Englishසිංහලதமிழ்