Wokcano: ලොස් ඇන්ජලීස්හි, තමන්ගේ ම යෙදුම තුළ ලබා දෙන ප්‍රවර්ධන වැඩසටහන් සමඟ ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීම
මයිකල් ක්වාන් හට Uber Eats වේදිකාවෙහි අවන්හල් සහකරුවකු ලෙස සිය ස්ථානය තහවුරු කර ගැනීමට හැකි වුවහොත් ඔහුට විකුණුම්වල වර්ධ නයක් දැකගත හැකි වනු ඇතැයි විශ්වාසයක් පැවතීය. සතියක් තිස්සේ යෙදුම තුළ අලෙවිකරණය පරීක්ෂා කළ හේ තමා නිවැරදි බව නැවත නැවතත් වටහා ගත්තේය.
$5
සති 3ක් සඳහා පාරිභෝගිකයින්ට යෙදුමෙන් බැහැර ප්‍රවර්ධනය පිරිනමනු ලැබේ754
Uber Eats යෙදුමේ ම ුළු ප්‍රවර්ධන මුදා ගැනීම්20+
LA හරහා ස්ථානඔහුගේ Uber Eats හවුල්කාරිත්වයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම
Wokcano යනු සාම්ප්‍රදායික ජපන් හෝ ආසියානු සම්මිශ්‍රණයක් ඇති ආහාරවලට ඇලුම් කරන ලොස් ඇන්ජලීස් ආහාර ලෝලීන් අතර ප්‍රසිද්ධ වූවකි. මේ දෙකම මෙනුවෙහි තිබේ. මේ දෙවර්ගය ම ප්‍රණීතය. ඉන් අදහස් වන්නේ මේ ආහාරවල රස බැලීමට එන්නන්ගෙන් අවන්හල පිරී ඉතිරී යන බවයි. නමුත් ප්‍රධාන විධායක නිලධාරී සහ හිමිකරු වන මයිකල් ක්වාන් ඔහුගේ සාක්ෂාත් කර ගැනීම් මත තෘප්තිමත් වන්නෙකු නොවේ.
මයිකල්ගේ අවන්හල නගර මධ්‍යයේ පිහිටා තිබෙන අවන්හල දැනටමත් Uber Eats සමග කටයුතු කරන අවන්හල් සහකරුවකු ලෙස ඉතා හොඳින් ක්‍රියාත්මක වෙයි. නමුත් ඔහුට අවශ්‍ය වූයේ Wokcano සන්නාමයට යෙදුමේ කැපී පෙනෙන තැනක් ලබා දීමට සහ ආදායම වැඩි කිරීමට පිටුවහලක් ලබා දීමටයි. "මම Uber Eats තුළ Wokcano සඳහා ක්‍රියාත්මක කළ හැකි අලෙවිකරණ ව්‍යාපාර දෙස බැලුවා," ඔහු සිහිපත් කරයි. "ලබා ගත හැකි ප්‍රතිලාභ දෙස බැලූ විට, එය අත්හදා බැලීම වටිනා බව මගේ අදහසයි."
"පළමු සතියෙන් පසු, යෙදුම තුළ අලෙවිකරණය අපගේ නිරාවරණය ඊළඟ මට්ටමට සුපිරි පිරිවැය ඵලදායී ආකාරයකින් ගෙන යනු ඇති බව මට වහාම වැටහුණා."
නිරාවරණය වීම, සාර්ථකත්වය නිරීක්ෂණය කිරීම
USD 20 හෝ ඊට වැඩි අගයක ආහාර ඇණවුම් කරන Uber Eats පරිශීලකයින්ට USD 5ක වට්ටමක් පිරිනැමීමට Wokcano විසින් යෙදුම තුළ අලෙවිකරණය භාවිත කරන ලදී. සතියකට පසු, ඔවුන්ට ඇණවුම්වල විශාලත්වයෙහි වැඩි වීමක් දක්නට ලැබිණි. එබැවින් ප්‍රවර්ධන වැඩසටහන කල් ඉකුත් වූ විට, ඔවුන් නැවත දෙවරක් ම එය නැවත ක්ර ියාත්මක කරන්නට යෙදිණි. සති තුනකට පසු, Wokcano වෙත සතිපතා ලැබෙන ඇණවුම් පරිමාව 32%කින් ඉහළ ගියේය. තව ද, එම ඉහළ යාමට නව පාරිභෝගිකයන් 358 දෙනෙකු දායක විය.
“Uber Eats තුළ කැපී පෙනීමට හොඳම ක්‍රමය එය බව මට විශ්වාසයි,” මයිකල් පවසයි. “ප්‍රචාරණ ව්‍යපාරයක් ආරම්භ කිරීම පහසුයි. පාරිභෝගිකයෙකු කොපමණ මුදලක් වැය කරනවාද යන්න මත පදනම්ව ඔබට USD 5ක, 3ක වට්ටමක් ආදී ලෙස ලබා දී ඇති විකල්ප කිහිපයකින් තෝරා ගැනීමේ අවස්ථාව ලැබේ. ඉන් ඔබට ඔබේ අලෙවිකරණ ප්‍රයත්නයන්ට තත්කාලීන බවක් ලබා දෙමින් එය ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කොට පවත්වා ගැනීමට පවා පුළුවන. එක් ලොකු වෙනසකට හේතු වෙනවා.”
විසඳුම්
ව්‍යාපාර වර්ග
ව්‍යාපාර වර්ග
සම්පත්
සම්පත්