Poppy + Rose: DTLA තුළ SoCal සැනසිලිදායක ආහාර ප්‍රචලිත වෙයි
2022 ජූලි 18 | එක්සත් ජනපදය
ඩයනා යින් සිය සැනසිලිදායක ආහාර සඳහා අනුගමනය කරන රැළි සහිත ප්‍රවේශය තුළ ඉතා සාර්ථක ආහාර වට්ටෝරුවක් සොයා ගත්තා ය. කෙසේ වුවත්, ප් රාදේශීය ඉල්ලුම නගරය පුරා පැතිරී යන දැවැන්ත දොලක් බවට පරිවර්තනය වන විට ඇයට තමාගේ ම බෙදාහැරීමේ කාර්ය මණ්ඩලයකට වැඩි යමක් අවශ්‍ය බව ඇයට වැටහුණි - ආහාර අවශ්‍ය තැනට බෙදාහැරීම සඳහා වැඩි බෙදාහරින්නන් පිරිසක් සමග සම්බන්ධ වීම සඳහා වේදිකාවක් ඇයට අවශ්‍ය විය.
මෙනුවේ සඳහන්
සම්භාව්‍ය ඇමරිකානු සැනසිලිදායක ආහාර
සලකුණ
ලොස් ඇන්ජලීස්හි ෆ්ලවර් දිස්ත්‍රික්කයේ එක් අලෙවි ස්ථානයක්
බෙදාහැරීමේ ඉලක්කය
මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ බෙදාහැරීමේ කලාපය පුළුල් කිරීම
Poppy + Rose හට පියාපත් දිග හැරීමට උදව් වීම
“හොඳ පෑන් කේක් තොගයක් ගැන යමක් කියන්න තියෙනවා,” ඩයනා යින් පවසයි. “එහෙම නැත්නම්, හොඳ බර්ගර් එකක් ගැන - එහි රැලි තිබෙන්න බැහැ.” මේ වන විට දකුණු කැලිෆෝනියාව තුළ තිබිය හැකි සැනසිලිදායක ආහාර මොනවාදැයි යන්න පිළිබඳ ඇගේ ප්‍රවේශය සාර්ථක වී ඇත.
ලොස් ඇන්ජලීස්හි ෆ්ලවර් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය වැදගත්කමක් උසුළන ස්ථානයක් වන Poppy + Rose ඩයනාට අයත් ය. සාර්ථකත්වය හොඳින් අත්විඳ ඇති ඩයනාට, ඇගේ ව්‍යාපාරය සඳහා නව වර්ධන මාවතක් අගුළු හැර ගැනීමට තමා සූදානම් බව හැඟිණි. ඈට සිය පැණිරස සහ දැවිල්ල ආහාර එකතුව තමාගේ ම බෙදාහැරීමේ කාර්ය මණ්ඩලයක් කළමනාකරණය කිරීමේ කරදරයකින් තොරව මිනිසුන් අතරට ගෙන ඒමට අවශ්‍ය විය.
"අපි දියත් කළ වහාම මෙම පද්ධතිය භාවිතයෙන් මගේ කණ්ඩායම සුවපහසු කිරීමට Uber Eats මෙවලම් ලබා දුන්නේය."
සුවපහසු කලාපය පුළුල් කිරීම
තමා ආ ගමන දෙස නැවත හැරී බලන විට දී, ඩයනා කිසිවිටකත් තමා අවන්හලක් විවෘත කරනු හෝ කළමනාකරණය කරනු ඇතැයි සිතුවේ නැත. ජාතික ආහාර සන්නාම සහ සම්මානලාභී සූපවේදීන් නියෝජනය කරමින් මහජන සම්බන්ධතා ක්‍ෂේත්‍රයෙහි පළපුරුද්ද ලබා ගත්තා ය. ඇගේ ආහාරලෝලී පුරුදු සහ සැනසිලිදායක ආහාර කෙරෙහි ඇති ඇල්ම අවසානයේ දී ඇයට ව්‍යවසායකත්වය - සහ ක්‍රිස්පි ෆ්‍රයිඩ් චිකන් සැන්විච් වෙත මග පාදා දුන්නේ ය.
ඩයනා Poppy + Rose විවෘත කිරීමත් සමග අවට ඇති සෑම තැනකින් ම පාරිභෝගිකයන් ගලා එන්නට විය. විශේෂයෙන් ම බෙදාහැරීම සඳහා ඇයට හසුරුවාගත නොහැකි තරම් පාරිභෝගික ඉල්ලීම් ලැබිණි. එය ඇගේ කුඩා ව්‍යාපාරයට තරමක් දුෂ්කර තත්ත්වයක් විය.
ඩයනා සිහිපත් කරන්නේ, “අපි මුල් වරට අවන්හල විවෘත කරද්දි, මම පුද්ගලිකව දුරකථනයෙන් ඇණවුම් ලබාගෙන බෙදාහැරීම ක්‍රියාත්මක කළා. ඒක හරිම වෙහෙසකාරීයි. අපි තෙවැනි පාර්ශ්වීය සේවාවන් කිහිපයක් අත්හදා බැලූ නමුත්, ඒවා විශ්වාසදායක වුණේ නැහැ. ඊට පස්සේ අපි ආයතනයට රියැදුරෙක් බඳවා ගත්තා.”
සරල බෙදාහැරීමකින් රසවත් වර්ධනයක්
ගෘහස්ථ බෙදාහැරීමේ කාර්ය මණ්ඩලයක් කළමනාකරණය කිරීම සාර්ථක නොවීය. Poppy + Rose අවන්හලේ එතරම් කාර්යබහුල නොවන වේලාවන් තුළ දී රැඳී සිටීම සඳහා ඇයට සිය බෙදාහැරීමේ කාර්ය මණ්ඩලයට යම් මුදලක් ගෙවීමට සිදු වන බව ඇයට අවබෝධ විය. ඊට පස්සේ තත්ත්ව පාලනය පිළිබඳ ගැටලු ඇති වුණා.
ඩයනා Uber Eats වේදිකාවට අවතීර්ණ වීමට තීරණය කළා ය - මීට ප්‍රධාන වශයෙන් ම හේතු වූයේ එවිට ඇයට තවදුරටත් අභ්‍යන්තර බෙදාහැරීමේ කාර්ය මණ්ඩලයක් කළමනාකරණය කිරීම ගැන වද වීමට අවශ්‍ය නොවීමයි. “ඒක තමයි අපට ලැබුණු හොඳම විසඳුම” ඇය පවසයි. “ඔවුන්[delivery people using the Uber Eats platform] කලට වේලාවට වැඩ කරනවා... ආහාර සීතල වීමට හෝ දිගු වේලාවක් එක තැන තිබීමට ඇති ඉඩ අඩුයි.”
කේක් එකේ අයිසින්? (නැතිනම්, ඩයනා සම්බන්ධයෙන් වන කල, වොෆ්ල්වල අතුරන සිරප්?) Uber Eats වේදිකාව ලොස් ඇන්ජලීස්හි ෆ්ලවර් දිස්ත්‍රික්කයෙන් පිටත පවා අවට විවිධ ප්‍රදේශව නව පාරිභෝගිකයින් වෙත ළඟා වීමට ඇයට උපකාර කරයි. ඩයනා පවසන අන්දමට “Uber Eats සාමාන්‍යයෙන් අපට නිරාවරණය නොවන අවට ප්‍රදේශවලට අපගේ සන්නාම දැනුවත්භාවය ව්‍යාප්ත කරනවා” එය ඉතාම රසවත් කරුණක්.
විසඳුම්
ව්‍යාපාර වර්ග
ව්‍යාපාර වර්ග
සම්පත්
සම්පත්