Skip to main content

Lions & Tigers & Squares Detroit පීසා: නිව්යෝක් නගරයේ දී රස බලන්න

2022 අගෝස්තු 11 | එක්සත් ජනපදය

Artichoke Basille සම-නිර්මාතෘ ෆ්‍රැන්සිස් ගාර්ෂියා නිව්යෝක් සිටි වෙත වෙනස් ආරක පීසා හඳුන්වා දෙනවා පමණක් නොව, ඔහුට ප්‍රණීත කොටු හැඩයේ පීසා තැනීම කෙරෙහි අවධානය යොමු කළ හැකි පරිදි සිය පීසා තව තවත් දෑත් වෙත රැගෙන යාම සඳහා Uber Eats සමග ඇති සිය හවුල්කාරීත්වය යොදා ගනියි.

රටාව කුමක් ද?

Detroit ආරේ පීසා

සලකුණ

නිව්යෝක් නගරයේ චෙල්සී අවට නගරයේ හදවත බඳු ජනාකීර්ණ ස්ථානයක්

බෙදාහැරීමේ ඉලක්කය

කාර්යක්ෂම බෙදාහැරීමක් සමග පීසා වෙත මුල් තැන ලබා දීම

Motown සිට Big Apple දක්වා

ඔබ කවදා හේ නිව්යෝක් නගරයට ගොස් ඇත්නම්, දවසේ ඕනෑම වේලාවක 8 වැනි පටුමගේ 23 වැනි වීදිය ජනයාගෙන් පිරී ගොස් ඇති බව ඔබ දන්නා කරුණක්. Artichoke Basille’s Pizza සම නිර්මාතෘ ෆ්‍රැන්සිස් ගාර්ෂියා තම නව සංකල්පය රෝපණය කළේ මෙතැනයි: Lions & Tigers & Squares Detroit Pizza. 24/7 පුරා දිය වුණු චීස්වලින් විහිදෙන සුවඳ දසත විසුරුවමින් මේ වෙළඳසැලෙන් Motown ක්ලැසික් පීසා Big Apple වීදිවලට උපරිම පරිමාවකින් බෙදා හැරීමේ යෙදෙයි. ඒ විස්කොන්සින් චෙඩාර් චීස්වල සුවඳයි. “පීසා පිසින තැනක හැදුණු වැඩුණු මා කිසිවෙක් චෙඩාර් චීස් යොදා පීසා හදන බවක් අසා තිබු‍ණේ නැහැ. ඒක මා තුළ උද්යෝගයක් ඇති කළා.”

නමුත් Lions & Tigers & Squares Detroit Pizza විවෘත කිරීමේ දී ගාර්ෂියා සලකා බැලූ එකම කාරණය ස්ථානය පමණක් නොවේ. ඔහුගේ නව සොයාගැනීම වූ ඝන, කොටු හැඩැති පීසා කැබලි බෙදාහැරීම පහසු කිරීමට කදිම බවට හැඟීමක් ඔහු තුළ විය. ඔහු නිවැරදි විය.

පෙතිවල සිට කොටු දක්වා

පීසා ලෝකයේ දැවැන්තයකු වන ගාර්ෂියා අවදානම්වලට මුහුණ දීම සඳහා ආගන්තුකයකු නොවේ. 2008 වසරේ දී ඔහු Artichoke Basille’s Pizza සම-නිර්මාණය කරන විට, ඔහු නිව්යෝක් නගරයේ රෑ බෝවුණු පසු රැඳී සිටින පිරිසගේ ආහාර රුචිය කෙරෙහි විශ්වාසය තැබීය. නමුත් ඔහු සිය ඉවුම් පිහුම් නාලිකාවේ වැඩසටහන වන “පීසා මාස්ටර්ස්” සඳහා රට පුරා සංචාරය කරන විට පීසා සම්බන්ධයෙන් සිදු කළ නුහුරු නුපුරුදු අත්හදා බැලීමක් ඔහුගේ ඊළඟ විශාල ව්‍යාපාරයට මග විවර ක‍ෙළේ ය.

"මම හැම විටම Detroit ගැන කුතුහලයෙන් පසු වුණා,” ඔහු පවසයි. “වරක් මොසැරෙල්ලා හිඟයක් ආවා, එතකොට ඔවුන් ක‍‍ළේ විස්කොන්සින් බ්‍රික් චෙඩාර් චීස් භාවිත කිරීමයි. “නිෂ්පාදිතය රසවත්. චෙඩාර් චීස්. ඒක පෑන් එකේ පතුලට ම යනකල් බහිනවා.”

“ක්‍රියාකරුවන් ලෙස අපට ඇති විශාල හිසරදයක් වන්නේ බෙදාහැරීමයි. ඉන් ඔබට ඇති වන ආතතිය සඳහා යම් මිලක් ඇත. ඔබට එය කොපමණ වටිනවා ද?”

සියලු ම පියවර උදෙසා ශ්‍රමය වගුරවා, බෙදාහැරීමෙන් නිදහස් වන්න

තමන් ලෝකයේ හොඳම පීසා නගරයේ ජීවත් වන බව නිව්යෝක් වැසියන් ශපථ කරනු ඇත. නව ආරක පෙත්තක් හඳුන්වා දීම කිසි විටක ලෙහෙසි පහසු වූයේ නැත. ගාර්ෂියා Uber Eats වේදිකාව සමග හවුල් වීමට තීරණය කළේ එබැවිනි – එවිට ඔහුට සිය අභ්‍යන්තර බෙදාහැරීමේ කාර්ය මණ්ඩලය කළමනාකරණයෙන් මිදී ගුණත්වය පිළිබඳ අවධානය යොමු කරමින් සිය ශිල්පය ප්‍රගුණ කිරීමට හැකියාව ලැබේ. තව ද ඔහු නිව්යෝක් නගරයේ Uber Eats පරිශීලකයන් තුළ Detroit ආරේ පීසා පිළිබඳ දැනුවත්භාවය පුළුල් කිරීමට අපේක්සෘ කරයි.

සාම්ප්‍රදායික පීසා පෙත්තක් මෙන් නොව Detroit ආරේ පීසා කොටුවක් මගින් බෙදාහැරීම සරල කරයි - ශ්‍රමක්ෂමතාව ගැන අවධානය යොමු කරමින් තැනූ පෙට්ටි හෝ තාප ප්‍රතිරෝධී ස්පේසර් අවශ්‍ය නොවේ. එබැවින් ගාර්ෂියාට Uber Eats සමග හවුල් වීම ගැන සිතා මතා බැලීමට කාරණයක් නොවීය. “Lions & Tigers බෙදාහැරීම මනාව සිදු වන්නේ පෙට්ටිය කුඩා සහ සංයුක්ත බැවිනි. ඇත්තෙන් ම එය ගෙන යාමට පහසුයි.

එය හුදෙක් වෙළඳාම වැඩි කර ගැනීම ගැන පමණක් නොවන නමුත් එය ද සිදු වන්නකි. “අපට නිෂ්පාදන සහ සේවාව කෙරෙහි අවධානය යොමු කළ හැකි වන පරිදි, අපට මෙහි බෙදාහැරීම සිදු කිරීමට ඇති එකම ක්‍රමය වන්නේ Uber Eats වැනි වේදිකාවක් හරහා ය.”

Select your preferred language

Englishසිංහලதமிழ்