Please enable Javascript
Skip to main content

ඔවුන්ගේ POS නවීකරණය Jacks Urban Eats වෙත බෙදාහැරීම එක් කිරීමට උපකාරී වූ ආකාරය

2022 අගෝස්තු 7 | ගෝලීය

දශකයකට වැඩි කාලයක් පවතින ඕනෑම අවන්හලක් නිවැරදි මාර්ගයේ ගමන් කරන අතර Jacks Urban Eats දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවතුණි. සාම්ප්‍රදායික නිවසේ පිසින ලද ප්‍රමිතිය සහ වඩා අලුත් රසයන් සහ දියුණු කළ ක්‍රම සමග එක් කරමින් ගොවිප‍‍ෙළෙන් ලබාගත් නැවුම් දේශීය නිෂ්පාදන සමග පිසින ලද ආහාර ඔවුන්ට කැප වූ පාරිභෝගික පිරිසක් නිර්මාණය කර දී ඇත.

සාර්ථක දේ තබා ගන්නා අතරම වෙනස වැළඳ ගැනීම

ඔබට හිතෛෂී අනුගාමිකයන් සහිත ස්ථාවර ව්‍යාපාරයක් ඔබ සතුව තිබේ නම්, ඔබට සරිලන දෑ සමග දිගට ම කටයුතු කිරීමට ඔබට උවමනා වේ. නමුත් එය පාරිභෝගිකයන්ගේ වෙනස් වන අභිරුචීන් සපුරා ලීම සඳහා වෙනස් වීම වළක්වා ලන්නේ නැත. තරමක් මෑත අතීතයේ දී, Jacks භාවිත ක‍ෙළේ යල් පැන ගිය පැරණි ක්‍රමවේදයකි. සේවකයින් තවමත් අතින් ලියූ තුණ්ඩු සහ පැරණි POS මෘදුකාංග භාවිත කළ අතර ඉන් කටයුතු ඉතා සෙමින් සිදු වෙමින් තිබුණි. තව ද ඔවුන් තවමත් අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කිරීම සහ බෙදාහැරීම සඳහා ක්‍රමවේදයක් සකසා නොතිබූ අතර එය පාරිභෝගිකයන්ගේ දැඩි අවශ්‍යතාවක් බවට පත් වෙමින් තිබෙන බව ඔවුන්ට වැටහුණි.

ගනුදෙනුකරුවන්ට වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා ඔවුන්ගේ POS නවීකරණය කිරීම

2019 අග භාගයේ දී, ඔවුන් ගනුදෙනුකරුවන් පිළිබඳ සිතා බලමින් සිය ක්‍රියාවලීන් කාලයට අනුකූලව සැකසීමට පටන් ගත් අතර ඉන් ඔවුන්ගේ සේවකයන්ට ද කටයුතු පහසු කරලීමට හැකි විය.

"අපි කාලයාගේ ඇවෑමෙන් 21 වන සියවසට ඇතුළු වුණා," Jacks Urban Eats ආයතනික කළමනාකරු ජෙරමි ගොබෙල් පැහැදිලි කරයි. 2020 මාර්තු මාසයේදී වසංගතය ඇති වීමත් සමග බෙදා හැරීම කෙරෙහි ඇති උනන්දුව ඉහළ යද්දී ඔවුන් දැනටමත් ඔවුන්ගේ POS පද්ධතියේ සිට Toast වෙත මාරු වී තිබුණු අතර මාර්ගගත ඇණවුම් සහ බෙදා හැරීමේ මුල් අවධියේ සිටියහ.

POS තෙවන පාර්ශවීය බෙදාහැරීමේ සපයන්නන් සමඟ පහසුවෙන් ඒකාබද්ධ කිරීම් ලබා දුන් නිසා Toast වෙත හැරීම වැදගත් විය. අතීතයේ දී Jacks ඉතා දුෂ්කර අත්දැකීමක් ලබා දුන් බෙදාහැරීමේ සමාගම් සමග කටයුතු කර ඇත. ආරම්භ කිරීම මන්දගාමී හා දුෂ්කර විය. ඇණ හිටීම් සහ ඒකාබද්ධ කිරිමේ ගැටලු නිතර ඇති විය. සපයන්නාගෙන් ඔවුන්ට අවශ්‍ය සහාය ලබා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය.

තාක්ෂණික ගැටලු නිරාකරණය කිරීම සඳහා සේවකයින් ගත කළ කාලය ව්‍යාපාරයේ වැදගත්ම කාර්යය වන හොඳ ආහාර පිසීම හා ගනුදෙනුකරුවන්ට සේවය කිරීමට ගත කරන කාලයෙන් බැහැර විය. ඊටත් වඩා, පද්ධතිය නිවැරදිව ක්‍රියා නොකරන විට, ඉන් පාරිභෝගිකයින්ව අපහසුතාවයට පත් කරයි. වසර ගණනාවක පාරිභෝගික විශ්වාසය උපයා ගැනීමෙන් පසු, තාක්ෂණික දෝෂ හේතුවෙන් ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වීමේ අවදානමක් ඇති කර ගැනීම පිළිගත හැකි විකල්පයක් නොවීය.

"Toast පරිශීලකයින් සඳහා, Uber Eats ස්වයං-ලියාපදිංචි වීමේ ප්‍රවාහය අවන්හල්වලට සංකීර්ණ කේතීකරණයකින් තොරව දින ගණනක් ඇතුළත බෙදාහැරීමේ සේවා එක් කිරීමට ඉඩ සලසයි."

Jeremy Goebel, සමාගම් කළමනාකරු, Jacks Urban Eats

කාර්යයට ගැළපෙන ක්‍රමය

Toast සමඟ Uber Eats ඒකාබද්ධ වීම මගින් පාරිභෝගිකයින්ට බෙදාහැරීමේ විකල්ප ලබා දීම ඉතා පහසු කාර්යයක් බවට පත් කර ඇත. තාක්ෂණයෙන් කිසිදු අතිරේක ගැටලුවක් පැන නැඟු‍ණේ නැත. කිසිදු අභියෝගයක් නොතිබුණු බව ඉන් අදහස් නොවේ. “ක්‍රියාකාරීව, අපි බෙදාහැරීම හෝ ඔන්ලයින් ඇණවුම් කිරීම සඳහා අපගේ අවන්හල් ගොඩනඟා නැත,“ ගෝබෙල් පවසයි. “ආහාර ගැනීමේ යෙදී සිටින අපගේ අමුත්තන්ට සලකන අතරේ ම මෙම පවත්නා ලකුණු සලකා බලා අතිරේක වෙළඳාමක් ඇති කර ගන්නා ආකාරය අවබෝධ කර ගැනීම ඉතා අභියෝගාත්මක වුණා. ඇත්ත වශයෙන් ම එය කළ හැකි දෙයක් බවට පත් ක‍ෙළේ ඒකාබද්ධ කිරීම මගින්.”

ජැක්ස් Uber Eats ස්වයං ලියාපදිංචි වීමේ (SSU) විශේෂාංගය භාවිත කළ අතර එමඟින් Toast ඔස්සේ ලියාපදිංචි වීම සරල හා ආසන්න වශයෙන් ක්ෂණිකව සිදු වේ - ආරම්භ කිරීමට ඔබට විකුණුම් නියෝජිතයෙකු සමඟ කතා කිරීමට පවා අවශ්‍ය නොවේ. වේගවත් බඳවා ගැනීමේ ක්‍රියාවලියෙන් හැඟවුණේ Jacks හට තාක්ෂණික ප්‍රශ්න ගැන කරදර වීම වෙනුවට ආහාර සහ පාරිභෝගිකයින් කෙරෙහි අවධානය යොමු කිරීමට හැකි බවයි.

බාධාරහිත බෙදා හැරීමේ ක්‍රියාවලිය = තවත් ඇණවුම් + ප්‍රීතිමත් පාරිභෝගිකයින්

තෙවන පාර්ශවීය බෙදාහැරීමේ සේවා ලබා දීමට පෙර, අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කිරීමේ පහසුව ලබා ගැනීමට කැමති ගනුදෙනුකරුවන්ගෙන් සැලකිය යුතු කොටසක් තමන්ට මග හැරී ඇති බව Jacks දැන සිටියේය. නමුත් Jacks හට අවශ්‍ය වූයේ දැනටමත් තමන් ව්‍යාපාරයට එක් කර ඇති පාරිභෝගික විශිෂ්ටත්වයේ ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් බෙදා හැරීම සැපයීමටයි. Uber Eats සහ Toast සමඟ හවුල් වීමෙන් එය කළ හැකි විය.

“Uber Eats සැබවින්ම අපගේ පාරිභෝගිකයින්ට සැමවිට ම අවශ්‍ය වී තිබූ දේ ලබා දීමෙන් වඩා හොඳ පාරිභෝගික සේවාවක් ලබා ගැනීමට අපට උදව් කර ඇත. දැන් අපි ඔවුන්ට අවශ්‍ය ආහාර ලබා ගැනීමට හැකි වන පරිදි මෙම සියලු බාධක ඉවත් කර ඇත්තෙමු. අපගේ ගනුදෙනුකරුවන් සමඟ අපගේ සම්බන්ධතාවය අඛණ්ඩව වර්ධනය කර ගැනීමට මෙම ඒකාබද්ධතාවය නිසැකවම අපට උපකාරී වී තිබේ.” Jeremy Goebel, සමාගම් කළමනාකරු, Jacks Urban Eats

Jacks දැන් සිය ව්‍යාපාරය සාර්ථකව ව්‍යාප්ත කර ඇති අතර ඔවුන්ගේ ආහාරවලට ඇලුම් කරන පාරිභෝගිකයින්ගෙන් වැඩි පිරිසකට ඒවා ලබා දීමේ නිරතව සිටී. තව ද, ඔවුන් එසේ කරන්නේ කාලය කා දමන තාක්ෂණික දෝෂවල කරදරය රහිතව ය.

Uber Eats ඒකාබද්ධ කිරීමේ අනුකූලතාව සහ ගැටලු නොමැතිකම පිළිබඳව ගෝබෙල් ඉතා ප්‍රසාදයට පත් වි සිටී. "අපි මොනම හරි ඇණ හිටීමක් අත් විඳලා තියෙනවා නම්, ඒ ඉතාමත් ඉතාම කලාතුරකින්.” අඛණ්ඩව ක්‍රියාත්මක වන පද්ධතියක් සේවකයින්ගේ ජීවිතය පහසු කරන අතර එයින් අදහස් කරන්නේ පාරිභෝගිකයින්ට අවශ්‍ය විට ඔවුන්ට අවශ්‍ය ඇණවුම් ලැබෙන බවයි. එය හැමදෙනාටම වාසිදායක වේ.

Toast සහ Uber Eats: අවන්හල් සඳහා ජයග්‍රාහී සංයෝගයක්

Toast අවන්හල්වල කටයුතු මනා ලෙස ගලා යාමට උපකාරි වේ. කාර්යක්ෂම සහ නිරන්තරයෙන් ක්‍රියාකාරී ගෙවා පිටවීමේ ක්‍රියාවලිය සේවකයන්ගේ කාලය ඉතිරි කරමින් පාරිභෝගිකයන් සඳහා වඩා හොඳ අත්දැකීමක් නිර්මාණය කරයි.

Uber Eats පාරිභෝගිකයින්ගේ පහසුව සහ ව්‍යාපාරවල ඇණවුම් වැඩි කරමින් කාර්යබහුල අවන්හල්වලට බෙදාහැරීමේ සේවා එක් කිරීමට හැකියාව ලබා දෙයි.

Toast සහ Uber Eats හවුල් වී මෙවලම් දෙකම භාවිතය හැකි තරම් බාධා විරහිත සහ විචක්ෂණශීලී කිරීමට කටයුතු කර ඇත. දැන් Toast භාවිතා කරන අවන්හල්වලට දිගු, සංකීර්ණ බඳවා ගැනීමේ ක්‍රියාවලියක් නොමැතිව බෙදාහැරීම පිරිනැමීම ආරම්භ කළ හැක. ආරම්භ කිරීම සඳහා, Toast තුළ SSU ප්‍රවාහය සම්පූර්ණ කරන්න. කෙසේ දැයි දැනගන්න

Select your preferred language

Englishසිංහල