Halal Bros Grill Uber Eats අලෙවිකරණ විසඳුම් භාවිතයෙන් පිරිස අතර කැපී පෙනීමට සමත් වී තිබේ
2022 අගෝස්තු 13 | එක්සත් ජනපදය
මෙනුවේ සඳහන්
හලාල් කුකුළු මස්, ගිරෝස්, සලාද
සලකුණ
නිව්යෝක් නගරයේ ක්වීන්ස්හි අවන්හල් 2ක්
බෙදාහැරීමේ ඉලක්කය
නව ගනුදෙනුකරුවන් වෙත ළඟා වී ව්‍යාපාර වර්ධනය කරගන්න
නිව්යෝක් නගරයේ ක්වීන්ස්හි ජනයාගෙන් තුඩු දෙන සාප්පු සංකීර්ණයක් සමීපයේ පිහිටා ඇති Halal Bros Grill ප්‍රදේශවාසී ජනයා මෙන් ම දුරබැහැර සිට පැමිණෙන ජනයා අතර ද ජනප්‍රිය ස්ථානයකි. මේ දෙආකාරයේ ම ප්‍රේක්ෂක පිරිස ඇද බැඳ තබා ගැනීම පිණිස, ගමනේ යෙදී සිටින අතරේ හෝ නිවසේ දී සෞඛ්‍ය සම්පන්න, රසවත් ආහාරයක් සොයන පාරිභෝගිකයින් සමග තමා ව සම්බන්ධ කිරීමේ කාර්යය සඳහා හිමිකරු මර්වේස් පෝපල් Uber Eats මත විශ්වාසය තබයි.
පෝපල් සහ ඔහුගේ කණ්ඩායම Uber Eats කළමනාකාරකය තුළ ඇති සිත් ඇද ගන්නා අලෙවිකරණ විසඳුම්වල වාසිය අත් කරගෙන තිබේ. මේවාට Uber Eats යෙදුම තුළ අවන්හල් සහකරුවන්ගේ දිස් වීම වැඩි කිරිමට ඉවහල් වන විශේෂ වට්ටම් සහ අනුනුග්‍රහක ලැයිස්තු ඉස්මතු කොට දක්වන ප්‍රවර්ධන වැඩසටහන් අයත් වේ.
“අපි සමාජ මාධ්‍ය සාක්ෂරතාවෙන් පොහොසත් වන අතර ම Instagram මත ප්‍රබල අනුගාමික පිරිසක් ගොඩ නඟා ගැනීමට සමත් වී තිබෙනවා, එය අපට දැනටමත් ඔබේ නම දන්නා පිරිස් සමග සම්බන්ධ වීමට පාලමක් තනා දෙනවා. නව පාරිභෝගිකයින්ට අපව සොයාගෙන අපේ අවන්හල් අත්හදා බැලීමට උපකාරී වීම සඳහා අපි සැබැවින් ම Uber Eats මත විශ්වාසය තබනවා. එකී අවකාශය මත අපට ලැබෙන නිරන්තර නිරාවරණය ඔවුන් සමග සම්බන්ධ වීමට මූලික වෙනවා.”
මර්වේස් පෝපල්, හිමිකරු
ප්‍රවර්ධන වැඩසටහන් පාරිභෝගිකයින් ආකර්ෂණය කරගනී
Halal Bros Grill ආරම්භ කරන ලද්දේ ඉතා සාර්ථක බවට ශපථ වී ඇති විවිධ Uber Eats ප්‍රවර්ධන වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමෙනි. මේවාට USD 0ක බෙදාහැරීමේ ගාස්තුවක්; USD 30ක ඇණවුමකට USD 8ක වට්ටමක්; සහ එකක් මිල දී ගෙන එකක් නොමිලේ ලබා ගැනීමේ නොමිලේ ලබා දෙන මෙනු අයිතමයක් අයත් විය. ප්‍රවර්ධන වැඩසටහන් ඔවුන්ගේ සාමාන්‍ය ඇණවුමක විශාලත්වය වැඩි කිරීමට ඉවහල් වී තිබේ.
"අපි අපේ Uber Eats ප්‍රවර්ධන වැඩසටහන් හා මෙනුවේ ව්‍යුහය සැලසුම් කර ඇත්තේ වර්ධක ආදායමක් ගොඩනංවා ගැනීමට සැබැවින් ම ආධාරක වන ආකාරයකින්.” පෝපල් පවසයි. USD 12ක අගයකින් යුත් ඇණවුමක් USD 20 දක්වා වර්ධනය වීම නැවත නැවතත් සිදු වන විට ඉන් ඉතා විශාල වෙනසක් ඇති කළ හැකි යි.”
අනුග්‍රාහක ලැයිස්තුව සමගින් පුළුල් දිස් වීමක්
ඉහළ පරිශීලක ක්‍රියාකාරීත්වයක් සහිත ස්ථානවල Halal Bros Grill විශේෂයෙන් ප්‍රදර්ශනය කිරීමෙන් Uber Eats යෙදුම තුළ ඒ වෙත වැඩි දිස් වීමක් ලබා දීමට ඉවහල් වන ප්‍රචාරණ විසදුමක් වන අනුග්‍රහක ලැයිස්තුව සඳහා Hala Bros Grill මුදල් යොදවා ඇත.
"Uber Eats අනුග්‍රාහක ලැයිස්තුව අතිරේක නිරාවරණයක් ලබා දීම සඳහා ඉතා අනර්ඝයි," පෝපල් පවසයි. “මගේ අදහස නම් ඔබට මුදල් ඉපැයීමට උවමනා නම් මුදල් වියදම් කිරීමට ද සිදු වන බව, ඇත්තෙන් ම යෙදුම තුළ වැඩි දෙනෙකුගෙන් ඇස් අප වෙත යොමු වීමට ඉන් අපට රුකුලක් ලබා දෙනවා. ගනුදෙනුකරුවකු විය හැකි අයකු ඉදිරියට පැමිණීමට ඇති සෑම සියලු අවස්ථාවක් ම ප්‍රයෝජනවත්.”
මිතික:*
අනුග්‍රාහක ලැයිස්තුව සඳහා ROA: 5.6
ප්‍රවර්ධන: මෑතකාලීන මුදල් කර ගැනීම්වලින් 34%ක් පැ මිණියේ නව ගනුදෙනුකරුවන්ගෙන් ය
* වෙළඳ දැන්වීමෙන් ලද ආදායම (ROA) සහ ප්‍රවර්ධන වැඩසටහන්වලින් ලැබුණු මුදල් 2020 සැප්තැම්බර්-දෙසැම්බර් අතර කාලය සඳහා වේ. මෙම දත්ත මගින් සපයන අගයන් එම අගයන් ම ලබාගත හැකි බවට සහතිකයක් නොවන අතර අවන්හල, ස්ථානය සහ නිශ්චිත වෙළඳපොල තත්ත්වයන් මත පදනම්ව වෙනස් වේ.
විසඳුම්
ව්‍යාපාර වර්ග
ව්‍යාපාර වර්ග
සම්පත්
සම්පත්