මැන්හැටන් හරහා දිවෙන සාම්ප්‍රදායික අතින් සැකසූ නූඩ්ල්ස්
2022 අගෝස්තු 21 | ගෝලීය
රසවත්, අතින් සැකසූ නූඩ්ල්ස් නිව්යෝක් නගරය පුරා අතිශය ජනප්‍රියව ඇති බැවින්, Dun Huang එහි සාම්ප්‍රදායික වට්ටෝරු අනුගමනය කි රීමෙන් කැපී පෙනෙයි. නමුත් Uber Eats යෙදුම ඔස්සේ පාරිභෝගිකයින් වෙත ළඟා වීමේදී ඔවුන් සීමා වැට කඩොලු බිඳ දමා සුමිහිරි ප්‍රතිඵල ලබා ගෙන ඇත.
මෙනුවේ සඳහන්
අතින් සැකසූ නූඩ්ල්ස්උතුරු සහ නැගෙනහිර චීන කෑම බීම
සලකුණ
Uber Eats NYC චීන අවන්හල් අතර ඉහ ළම දක්ෂතා දැක්වූ 10 දෙනා
බෙදාහැරීමේ ඉලක්කය
හැකි තරම් නව ගනුදෙනුකරුවන් වෙත ළඟා වීමට පුළුල් ජාලයක් සකස් කිරීම
Dun Huang ඇණවුම් ඇ ද ගනී
Dun Huang ක්වීන්ස්හි ආරම්භ කර ගත වී ඇත්තේ වසර කිහිපයක් පමණි. නමුත් බොහෝ දේ වෙනස් වී ඇත. අතින් සැකසූ නූඩ්ල්ස් මුළුමනින්ම උමතුවකි. තැනින් තැන කඩ ඇරේ. එතකොට Dun Huang? ඔවුන් අවන්හල් හතක් දක්වා ව්‍යාප්ත වී ඇති අතර නුදුරු අනාගතයේ දී තවත් අවන්හල් විවෘත කිරීමට සැලසුම් කර ඇත.
නමුත් Dun Huang ප්‍රධාන කාර්යාලයේ කළමනාකරු ෂියෑං ලී පවසන ආකාරයට එය පිරිස්වල සිත් දිනා ගැනීම නොව පිරිස් වෙත ළඟා වීම පිළිබඳව යි.
කෙසේ ද? කාලාන්තරයක් තිස්සේ පැවත ආ චිරාතන රසය න් කෙරෙහි විශ්වාසය තැබීමෙන්. "මේ තමයි මම මගේ ගමේ හැදී වැඩුණු කාලේ දී ගත් ආහාර," ඔහු පවසයි. "අපි ඕනවට වඩා වෙනස් වෙන්න කැමති නෑ.”
ඇත්ත වශයෙන්ම, මේ වසරේ අපට වැඩි තරඟයක් ඇත, මන්ද නූඩ්ල්ස් සෑදීම ඇත්තෙන්ම පහසුය. නමුත් අපි උත්සාහ කරන්නේ සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය කිරීමටයි.
“Uber Eats යනු මා භාවිතා කරන සියලු ම වේදිකාවලින් වඩාත්ම ප්‍රබල එකක්.”
බඳවා ගැනීම් වේගවත්, විකිණීම වඩාත් වේගවත්
සම්ප්‍රදාය යනු එක් දෙයකි. නමුත් ව්‍යාපාර යනු වෙනම දෙයකි. Dun Huang ලැන්ෂෝ හරක් මස් නූඩ්ල්ස්වලට (ආපන ශාලාවේ සහ බෙදා හැරීමේ ගනුදෙනුකරුවන් අතර ඉහළින් ම විකිණෙන) මෙන් ම ෂියාංට ද ව්‍යාපාරය දියුණු කිරීමේ දී ඇදී යාමේ හැකියාව ඇත. ඔහු මිඩ්ටවුන් මැන්හැටන් ගැන පවසන්නේ, “මෙම ප්‍රදේශයේ බෙදා හැරීම ඉතා වැදගත්.”
ෂියාන්ග් තමා වෙනුවෙන් ආහාර ඇණවුම් කිරීමට පාරිභෝගිකයෙකු ලෙස Uber Eats යෙදුම භාවිතා කර ඇත. ඉන් අභිප්‍රේරණයක් ලැබූ ඔහුට, Uber Eats වේදිකාවේ අවන්හල් හවුල්කරුවෙකු ලෙස ඉක්මනින් සහ කරදරයකින් තොරව තම අවන්හල පිහිටුවීමට හැකි විය. “ඒක හරිම ලේසියි,” ඔහු සිහිපත් කළේය. එතැන් සිට, ඔහුගේ සැබෑ ආහාර ප්‍රචළිත වී අලෙවිය ඉහළ ගියේ ය. ඔහු මිඩ්ටවුන් මැන්හැටන් ගැන පවසන්නේ, “මෙම ප්‍රදේශයේ බෙදා හැරීම ඉතා වැදගත්.” යනුවෙනි. තව ද Uber Eats වේදිකාව භාවිතයෙන් බෙදාහරින්නන් සමඟ සම්බන්ධ වීමෙන්, ඔහුට විශ්වාසදායක ලෙස අවශ්‍ය තැනට ඔහුගේ කෑම බෙදාහැරීමේ හැකියාව ලැබේ.
ආරම්භයේ සිටම ෂියාන්ග් ඉලක්ක කර ඇත්තේ තෙවැනි පාර්ශ්වීය වේදිකාවලින් හැකි උපරිම ප්‍රයෝජන ලබා ගැනීමයි. පාරිභෝගිකයින් වෙත ළඟා වීමට ඔහුගේ අවන්හල අවම වශයෙන් තෙවැනි පාර්ශවීය වේදිකා 6ක් භාවිතා කරයි. නමුත් පොදුවේ ගත් කල, Dun Huang සඳහන් කළේ Uber Eats වේදිකාව සමඟ පාරිභෝගික ඇණවුම් ඔස්සේ ඔහු කරන විකුණුම් පිළිබඳව තමාට විශේෂයෙන් විශ්වාසයක් දැනෙන බවයි.
කුමන කෑම වර්ග උණුසුම් දැයි දැන ගැනීම
ෂියෑං Dun Huang රසිකයන් තෘප්තිමත් බව සහතික කර ගැනීම වැදගත් කොට සලකයි. Uber Eats ඔහු වැනි අවන්හල් සහකරුවන්ට සපයන විශ්ලේෂණ තුළ වටිනා දැනුම ඔහුට හමු වි ඇත.
“මම හැමදාම ඒක බලනවා, "ඔහු පවසයි. "ප්‍රධාන වශයෙන්... සමාලෝචන – ඔවුන් වැඩිපුරම කැමති වූ අයිතමය කුමක්ද යන්න සහ ඔවුන් අඩුවෙන් ම කැමති වූ අයිතමය.” මෑතකදී, ෂියාන්ග්ට ඔවුන්ගේ මොන්ස්ට්‍රස් ප්ලේට් චිකන්වල සැරය පිළිබඳ සඳහන් වන සමාලෝචන කිහිපයක් දැක ගන්නට ලැබිණි. එම නිසා ඔහු සිය කාර්ය මණ්ඩලය සමග එක් වී එහි සැර අඩු කිරීමට කටයුතු කළත් එය එහි ලකුණක් වන Uber Eats යෙදුමේ අලුතින් බ්‍රවුස් කරන පරිශීලකයන්ට දැනුම් දෙන එහි ඇති ‘කටට සැරට‘ තිබෙන ගතිය නැති නොවන පරිද්දෙනි.
“ඇත්තටම ඒක හොඳ කාර්යභාරයක්. ආපන ශාලාව තුළ ආහාර ගැනීමේ දී, අපට එම පාරිභෝගිකයාගේ ප් රතිපෝෂණය ලබා ගත නොහැකියි.”
Uber Eats අවන්හල් හවුල්කරුවෙකු ලෙස මෙතරම් ඉක්මන්, ආකර්ෂණීය ආරම්භයකින් පසු, Uber Eats වේදිකාවට සම්බන්ධ වීම ගැන දෙගිඩියාවෙන් සිටින අවන්හල් හිමියන් සඳහා ඔහුට කිසියම් උපදෙසක් තිබේදැයි අපි ෂියාංගෙන් විමසුවෙමු. ඔහුගේ ප්‍රතිචාරය? "ඒකට සම්බන්ධ වෙන්නත් ආරම්භ කරන්නත් පහසු වුණා. ඒ වගේම ඒකෙන් අපිට නව ආදායම් මාර්ගයක් ලැබුණා. ඒ නිසා මම කියනවා ඒක කරලා බලන්න කියලා. අලුත් දේවල් අත්හදා බලන්න බය වෙන්න එපා.”
විසඳුම්