Please enable Javascript
Skip to main content

Coolhaus: සිසිල්, අමුතු, බෙදාහැරීම සඳහා සැකසූ

2022 සැප්තැම්බර් 1 | ගෝලීය

නටාෂාගේ කතාවේ දී, පහසු ම කටයුත්ත වූයේ පරිපූර්ණ රසයකින් යුත් අයිස් ක්‍රීම් සැන්විච් තැනීමයි. අභියෝගය? පාරිභෝගිකයින් අතුරුපසට ආශා කරන ඕනෑම තැනකට ඇගේ ශීත කළ සැනසිලිදායක ආහාර බෙදාහැරීම.

මෙනුවේ සඳහන්

ප්‍රණීත සහ අසාමාන්‍ය අයිස් ක්‍රීම් පයින්ට්, සැන්විච් හා‍ ෂේක්

සලකුණ

ලොස් ඇන්ජලීස්හි වෙළඳසැල් 2ක්, අයිස් ක්‍රීම් රථ 10ක් සහ ජාතික සිල්ලර භාණ්ඩ බෙදාහැරීම

බෙදාහැරීමේ ඉලක්කය

වැඩිදියුණු කළ ප්‍රවේශයක් සහ නව පාරිභෝගික දැනුම ඔස්සේ ව්‍යාපාර වර්ධනය සහ නව්‍යකරණය

Uber Eats අවන්හල් හවුල්කරුවෙකු ලෙස, Coolhaus අතුරුපස සඳහා ඉල්ලුමක් ගොඩනඟයි

"අයිස් ක්‍රීම් එකක් කනකල් රෑ කෑමෙන් පස්සේ සොම්බි ගතියක් දැනෙනවා,“ නටාෂා සිනහසෙමින් පවසයි. Coolhaus ප්‍රධාන විධායක නිලධාරී හා සම නිර්මාතෘ අදහන දෙයකි එය.

අද, ඇගේ අයිස්ක් රීම් ව් යාපාරයට ලොස් ඇන්ජලීස්හි තුළ හා ඒ අවට නිවාසවල ඇදහිල්ලකට තරම් රසික පිරිසක් ඇත. රසවත් වට්ටෝරු සහ බුහුටි ලෙස නම් කරන ලද රසයන් සඳහා ප්‍රසිද්ධියක් උසුළන Coolhaus නටාෂාගේ අතීතය ඇගේ වර්තමානය සමග එක් කරයි.

ගෘහ නිර්මාණ ශිල්පිනියක ස සිය මුල් කාලීන වෘත්තීය ජීවිතය තුළ නටාෂා ඇගේ අයිස්ක්‍රීම් සැන්විච් නිර්මාණ සමඟ සිය කාර්යාල මිතුරු මිතුරියන් ප්‍රමෝදයට පත් කළාය. ඇය මෙම ගෘහ නිර්මාණ ශිල්පය හා ආහාර සංකලනයේ සංකල්පය “Farcitecture” ලෙස නම් කළාය. සැබැවින් ම ඇගේ රසවත් අනාගතයට පදනම දැමුවේ මෙයයි.

“Uber Eats නව පාරිභෝගිකයින් ලබා ගැනීමට උදවු කරයි. නව ප්‍රදේශයක සිටින අයට දැන් අපව සොයාගෙන අනාවරණය කර ගත හැකිය.”

සැලකිල්ලෙන් සහ අමුතු ආකර්ෂණයකින් සකස් කළ

අයිස්ක්‍රීම් ව්‍යවසායිකාවක ලෙස වැඩ ඇරඹීම පහසු වූයේ නැත. “මුලින් ම පටන් ගන්නකොට හැම තිස්සේ ම හිතෙන දෙයක් තමයි “ඕහ්, ඒක කරන්න කියලා තියෙන්නේ මෙහෙමයි“ කියන එක. පස්සේ තමන්ට ම තේරෙන්න ගන්නවා ඇත්තට ම මිනිස්සුන්ට ඕනෑ ඔබ කවුරුන් ද කියන එකේ යථාර්ථයත් ඔබේ සන්නාමයේ පෙනුම හා හැඟීම තුළ ඇති වෙනසත් කියන එක. මිනිස්සු ටිකක් විකාර දේවලට කැමතියි.”

නටාෂා මෙන් ම ඇගේ ගනුදෙනුකරුවන් ද ඇගේ නිෂ්පාදනයේ වෙනස් ගතිය ඉක්මනින් ම වැළඳ ගත්තේ එබැවිනි. ඇය ඇගේ නව අමුත්තන්ට Milkshake & Fries and Dirty Mint Chip, සහ Black Sesame වැනි නව රසයන් ඔවුන්ට උවමනා විට, උවමනා ආකාරයට, උවමනා තැන දී රස විඳීමට සැලැස්වූවා ය. වීදියේ. ඇඳේ. දහවල් ආහාරයට පෙර ගන්නා අතුරු ආහාරයට පෙර. පහසුයැයි සිතෙන ඕනෑම තැනක.

“මේකේ වැදගත්ම කරුණ තමයි, මිනිස්සු තමන්ගේ කෑම ගෙදර ඉඳන් කන්න කැමති වීම,“ ඈ පවසයි. නමුත් මෙවැනි ස්ථානවලට අයිස් ක්‍රීම් බෙදාහැරීම සඳහා විශේෂ හවුල්කාරීත්වයක් අවශ්‍යයි. ඇතුළත් කරන්න: Uber Eats—Uber වේදිකාවේ බෙදාහරින්නන් වෙත ඇයව සම්බන්ධ කිරීම.

මිහිරි සොයාගැනීම්

මොකක්, අයිස් ක්‍රීම් ඩිලිවරි කරනවා? මෙය ඇසෙන විට තරමක් අභව්‍ය බවක් හැඟේ නම් නැවත සිතා බලන්න. "Uber Eats මගින් ගෙන්න ගන්න අයිස් ක්‍රීම් ගැන අපිට එක පැමිණිල්ලක්වත් ලැබිලා නෑ,“ නටාෂා පවසයි. Uber Eats විශ්ලේෂණාත්මක දැනුම මගින් කුකී ඇසුරුම් වැනි මිනිසුන්ට අවශ්‍ය මොනවා ද යන්න නව දැනුමක් පවා ඇයට ලබා දී ඇත.

"Uber Eats මත ජනප්‍රිය වෙයි කියලා මං හීනෙකින්වත් නොහිතපු දේ තියෙනවා," නටාෂා පිළිගනී. යෙදුම ඔස්සේ ඇණවුම් කිරීෆම් දී පාරිභෝගිකයන් වඩා විශාල කූඩා ප්‍රමාණවලින් ඇණවුම් කිරීමට පෙළ‍ඹ‍ෙන බව ද ඇගේ අවධානයට හසුු වී ඇත. "මං හිතන්නේ ඒකට හේතුව මිනිස්සු අමතර ප්‍රමාණ එක් කිරීමයි.”

Uber Eats වේදිකාව භාවිතා කරන බෙදාහරින්නන් හැරුණු විට, නටාෂා සතුව දැන් අයිස් ක්‍රීස් රථ 10ක්, ලොස් ඇන්ජලීස්හි ස්කූප් වෙළඳසැල් දෙකක් සහ ඇගේ නිෂ්පාදනය සඳහා ජාතික සිල්ලර වෙළඳසැල් සමූහයක් ඇත. ඇගේ අයිස්ක් රීම් අධිරාජ්‍යය කෙතරම් දුරට ව්‍යාප්ත වේ දැ යි බැලීමටත්, පැණිරසට කැමති ඕනෑම කෙනෙකුට හැකි උපරිම අත්දැකීමක් ලබා දීමටත් අපි ඉමහත් උද්යෝගයෙන් පසු වෙමු. මන්ද නටාෂාගේ බලාපොරොත්තුවත් එය බව අපි දනිමු. "එය Uber Eats සමඟ සැබෑ හවුල්කාරිත්වයක්," ඇය පවසයි.

Select your preferred language

Englishසිංහල