Please enable Javascript
Skip to main content

පරිපූර්ණවාදියෙකු Uber Eats සමඟ හවුල් වීමට කැමති ඇයි

2022 සැප්තැම්බර් 2 | ගෝලීය

කාල් ක්ලාක්ගේ ගිල්ට් ෆ්‍රී ෆ්‍රයිඩ් චිකන් පෙරළිකාර හඳුන්වා දීමක්. නමුත් දැන් රසිකයින් Chik 'n වෙතින් නැවුම්ම සැන්විච් පමණක් අපේක්ෂා කරන බැවින්, පාරිභෝගිකයින් තෘප්තිමත්ව තබා ගැනීම සඳහා Uber Eats වේදිකාව භාවිතා කරන බෙදාහරින්නන් මත ඔහු විශ්වාසය තබයි.

මෙනුවේ සඳහන්

ඉතා සැලකිල්ලෙන් පිසූ, ඇණවුම අනුව සැකසූ ෆ්‍රයිඩ් චිකන් සැන්විච්

සලකුණ

ලන්ඩනයේ හදවත බඳු ස්ථානයක එක් අලෙවිසැලක්

බෙදාහැරීමේ ඉලක්ක

විශ්වාසදායී ලෙස පාරිභෝගිකයන් වෙත සැන්විචස්, වින්ග්ස් සහ ෆ්‍රයිස් ගෙන යන්න

Chik 'n ව්‍යාපාරයේ කාල් ක්ලාක් හමුවන්න

Chik’n කොහේ ගියත් ඉහළින් සිටී

කාල් ක්ලාර්ක් වසර 35ක් තිස්සේ අවන්හල් ව්‍යාපාරයේ නිරතව සිටී. වෙනස් වන කර්මාන්තයකට ගැළපෙන පරිදි සිටීමට අවශ්‍ය මොනවා ද යන්න පිළිබඳ ඔහුට අදහසක් ඇත. ලන්ඩනයේ ජන හද දිනූ Chicken ‘n’ Sours ව්‍යාපාරයේ සම-නිර්මාතෘ, කාල් යනු උමතු අදහස්වල නිර්මාතෘවරයකු ලෙස ඔහුම පවසයි. ඒකෙන් වාසියක් තියෙනවා, ඇත්තට ම.

ඔහුගේ නවතම ව් යාපාරය වන Chik’n, පාරිභෝගිකයන් කාල් වෙතින් අපේක්ෂා කරන ගුණත්වය කැප කිරීමෙන් තොරව පාරිභෝගිකයාගේ පහසුව සලස්වයි. “මම ගුණාත්මකභාවයට ඇබ්බැහි වෙලා,” අවන්හල් ප්‍රවීණයා පවසයි. “ඒකට ලකුණු 10ක් දෙනවා නම්, මට 30ක් විතර තියෙනවා.”

“අපට අවශ්‍ය ලෝකයේ හොඳම ෆ්‍රයිඩ් චිකන් සැන්ඩ්විච් සෑදීම සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින් වීමටයි, එය අපගේ දැක්මයි.”

සෑම කරුණක්ම මනාව සුසර කිරීම

කාල් සහ ඔහුගේ කණ්ඩායම ඔවුන්ගේ පිටි මිශ්‍රණය ගොඩනඟා ගැනීම සඳහා වසර 7ක් ගත කළහ. සැන්විච් බන් තැනීමේ වට්ටෝරුව පරිපූර්ණ ආකාරයෙන් සකසා ගැනීමට වසරක කාලයක් ගත විය. එබැවින් කාල් මුලින්ම ලන්ඩනයේ සිය ව්‍යාපාරයේ සලකුණ පුළුල් කිරීමට තීරණය කළ විට, බෙදා හැරීම විකල්පයක් විය. නමුත් අදාළ පරිශ්‍රයෙන් පිටත ආහාර ගැනීම තරමක් කරදරකාරී තත්ත්ව ඇති කරන්නක් විය.

ඔහුගේ Chik’n කණ්ඩායම තමා විසින් ම බෙදාහැරීම පුළුල් ලෙස පරීක්ෂාවට ලක් ක‍ෙළේ ය. අවන්හලෙන් පිටවන සෑම දෙයක්ම හැකි උපරිම තත්වයෙන් පැමිණෙන බව සහතික කිරීම සඳහා කාල් ඇසුරුම් පවා නිර්මාණය කළේය. ඔහුගේ අභිරුචි කළ ඇසුරුම්කරණය කටයුතු සඳහා උපකාරී වූ නමුත් විශ්වසනීය සේවාවක් අත්‍යාවශ්‍ය බව ඔහුට පෙනී ගියේ ය. තමාට ඇති විකල්ප පරීක්ෂා කිරීමෙන් පසු, කාල් තම පාරිභෝගිකයින්ට විශ්වාසදායක බෙදාහැරීමක් ලබා දීම සඳහා Uber වේදිකාව භාවිතා කරන බෙදාහරින්නන් සමඟ සම්බන්ධ වීමට Uber Eats සමඟ හවුල් විය.

ඉල්ලුමට සරිලන පරිදි නවෝත්පාදනය

“අපි නිරන්තරයෙන් අලුත් මොනවා ද, අලුත් තාක්ෂණයන් මොනවා ද යන්න බලන් ඉන්නවා,” කාල් තවදුරටත් පවසයි. “අපි මෙම ගමන ආරම්භයේ සිටම Uber Eats භාවිතා කර ඇත්තෙමු.” Uber වේදිකාව භාවිතයෙන් බෙදාහරින්නන් සමඟ සම්බන්ධ වීම ඔහුට මනසේ සැහැල්ලුවක් ලබා දෙයි. ඊට අමතරව, එය Chik’n වෙත නව ආදායම් මාර්ගයක් ලබා දෙයි.

“එය නිසැකවම විකුණුම් වැඩි වීමට හේතු වී තිබෙනවා,” කාල් තවදුරටත් පවසයි. “අපේ කුකුළු මස් සැන්විච් වෙළඳසැලට පැමිණිය නොහැකි විය හැකි අය වෙත ප්‍රවේශ කරවීම සඳහා එය ඉතා ප්‍රබල දෙයක්.” තව ද එය අසල්වැසි විවිධ ප්‍රදේශවල නව වෙළඳසැල් විවෘත කරමින් Chik 'n ව්‍යාප්ත කිරීමට උපකාරී වීමට මූලික වනු ඇත. "Uber Eats නිසැකවම එහි කොටසක් වනු ඇත," ඔහු පවසයි. “එය ආදරය බෙදාහරිනවා.”

Select your preferred language

Englishසිංහල