Carrefour: පුළුල් කරන ලද නිවසට බෙදාහැරීමේ විකල්ප ව්‍යාපාර වර්ධනය කරයි
2022 සැප්තැම්බර් 3| ගෝලීය
රටවල් 13,000ක වෙළඳසැල් 30කට වඩා ඇති Carrefour යනු මුලින් ප්‍රංශයෙන් ඇරඹුණු ප්‍රමුඛ ගෝලීය සිල්ලර වෙළඳසැල් ජාලයකි. Carrefour සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා නව්‍ය ක්‍රම කෙරෙහි අවධානය යොමු කරමින් ගෝලීය සිල්ලර වෙළඳාමේ විශිෂ්ටයකු ලෙස කටයුතු කරයි.
අපි ඉ-වාණිජ්‍ය හවුල්කාරීත්ව අධ්‍යක්ෂ Sabrina Lantoine සමග නවෝත්පාදනයන් කෙරෙහි Carrefour ගන්නා ප්‍රවේශය සහ මෙම සිල්ලර අලෙවි ජාලය නිරන්තරයෙන් පුළුල් වන බෙදාහැරීම් විසඳුම් රැසක් සහ පුද්ගලික සාප්පු සවාරි අත්දැකීම් සමගින් සිය ව්‍යාපාරය නඟා සිටුවීමෙහි ලා සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඇත්තේ කෙසේ ද යන්න සාකච්ඡා කෙළෙමු.
වර්ධනය අතැඹුලකට
මිලියන 100ක්
ප්‍රංශයේ Uber Eats මත පසුගිය මාස 12 ඇතුළත බෙදාහැරීමේ අලෙවිවලින් EUR මිලියන 100ක්22%
සාප්පු හිමියන් ඇණවුම් කිරීමේ මාර්ග කිහිපයක් භාවිතා කරන විට වැඩිපුර වියදම් කරති:15
විනාඩි 15කින්, විනාඩි 30කින් සහ පසු දින වන විට බෙදහැරීමේ විකල්ප දැන් ලබාගත හැකි යහවුල්කාරිත්වය
2020 අප්‍රේල් මාසයේ ප්‍රංශයේ දී Carrefour Uber Eats මත දියත් කරන ලදී. ඉන් දින 30ක් ඉක්ම යාමත් සමග, ඉන් වෙළඳසැල් 100ක් විවෘත කරන ලදී. මාස 12ක් ඇතුළත, Carrefour විසින් ප්‍රංශය තුළ මුළු රට ම පාහේ ආවරණය කරමින් නගර 160ක වෙළඳසැල් 1000ක් විවෘත කරන ලදී. මෙහි මූලික දියුණුවට වසංගතය ද අර්ධ වශයෙන් හේතු වූ අතර මෙම සිල්ලර වෙළඳ ජාලය පාරිභෝගිකයන් රඳවා ගැනීමෙහි ලා ඉහළ සමර්ථභාවයක් පෙන්වමින් එහි ජාලස්ථ ඇණවුම් පරිමාවෙහි සහ ඇණවුම්වල නිරන්තරභාවයෙහි වර්ධනයක් අඛණ්ඩව පෙන්නුම් කරමින් සිටී.
Carrefour එතැන් සිට Uber Eats සහ Uber Direct සමඟ සිය ඉ-වාණිජ්‍ය සම්බන්ධතාව තායිවානය, බෙල්ජියම, ඉතාලිය දක්වා ව්‍යාප්ත කර ඇති අතර ළඟදී ම ස්පාඤ්ඤයේ දී ද ආරම්භ කරනු ලැබේ. තව ද එය කුඩා වෙළඳසැලක් සමගින් බ්‍රසීලයේ කටයතු කිරීම ද අරඹා ඇත (2021 දී Uber විසින් අත්පත් කර ගන්නා ලදී).
“Uber Eats ව්‍යාපෘති සඳහා කෙටි මාර්ගයක් සපයා දෙයි. ඔබට ඔබේ ම තොරතුරු තාක්‍ෂණ ජාලයක් සහ වේදිකාවක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය වන්නේ නැත, ඔබේ ම බෙදාහැරීම් සේවා කණ්ඩායම් සේවයට බඳවා ගැනීමට ද අවශ්‍ය වන්නේ නැත, පාරිභෝගිකයන් ලබා ගැනීම සඳහා අලෙවිකරණය පිරිවැයක් දැරීමට ද අවශ්‍ය වන්නේ නැත. Uber Eats මේ සියල්ලම සපයයි.”
—Sabrina Lantoine, ඉ-වාණිජ්‍ය හවුල්කාරීත්ව අධ්‍යක්ෂ
“මාර්ගගත ඇණවුම් කිරීම සහ නිවසටම ගෙන්වා ගැනීම නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමට මෙන්ම වෙළඳසැලේ සාප්පු සවාරි යන ගනුදෙනුකරුවන් සමඟ නිතර නිතර සම්බන්ධ වීමට අවස්ථාවන් නිර්මාණය කිරීමට අපට උපකාරී වී තිබේ. අපගේ බහු නාලිකා ගනුදෙනුකරුවන් වෙළඳසැලේ මිල දී ගන්නවාට වඩා 22%ක් වැඩි මුදලක් වැය කරනවා.”
—Sabrina Lantoine, ඉ-වාණිජ්‍ය හවුල්කාරීත්ව අධ්‍යක්ෂ
“Uber Eats ගාස්තු සුළු කොට තැකිය නොහැකි නමුත් ඒවා 100%ක් ම විචල්‍ය පිරිවැය වේ. ඔබ මුදල් වියද ම් කරන්නේ ඔබ ගනුදෙනුකරුවන් අත්පත් කර ගන්නා විට සහ විකුණුම් උත්පාදනය කරන විට පමණි.”
—Sabrina Lantoine, ඉ-වාණිජ්‍ය හවුල්කාරීත්ව අධ්‍යක්ෂ
වැදගත් වන ප්‍රතිඵල
Uber Eats මත Carrefour ඇතුළු නව මාර්ගගත බෙදාහැරීමේ සේවා පරාසයක් සහ තමන්ගේම වෙබ් අඩවියේ Uber Direct අතිරේකයත් සමඟ, ප්‍රංශය තුළ Carrefour පසුගිය මාස 12 තුළ Euro මිලියන 100ක බෙදාහැරීමේ විකුණුම් වාර්තා කර ඇති අතර එය අපේක්ෂා කළ ප්‍ර මාණයට වඩා බෙහෙවින් ඉහළ අගයකි.
Carrefour හට නව පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීමට සහ පවතින පාරිභෝගිකයින් සමඟ නිතර නිතර සම්බන්ධ වීමට උපකාර වන සතිපතා ප්‍රවර්ධන වැඩසටහන් නිර්මාණය කිරීමට Uber Eats සහ Carrefour එක්ව කටයුතු කරමින් සිටී. අනාගත සැලසුම්වලට Carrefour සතු ලැදියා වැඩසටහන් මාර්ගගතව ඒකාබද්ධ කිරීම ඇතුළත් වේ.