Carolina Ale House අලෙවිකරණ විසඳුම් ඔස්සේ නව සහ නැවත නැවත සිදු වන ගනුදෙනු ආකර්ෂණය කර ගනී
2022 සැප්තැම්බර් 7 | ගෝලීය
මෙනුවේ සඳහන්
බර්ගර්, චිකන් වින්ග්ස්, ටැකෝස්, වයින් වර්ග ගණනාවක්
සලකුණ
දකුණ සිසාරා අවන්හල් 27ක්
බෙදාහැරීමේ ඉලක්කය
නව ගනුදෙනුකරුවන් වෙත ළඟා වී ව්‍යාපාර වර්ධනය කරගන්න
1999 දී ආරම්භ කරන ලද Carolina Ale House එහි හොඳ ආහාර සහ විනෝදජනක, ජව සම්පන්න වාතාවරණය සඳහා ප්‍රසිද්ධියක් උසුළයි. වසර ගණනාවක් පුරා දකුණුදිග ඔස්සේ ව්‍යාප්ත වී ඇති එය උතුරු කැරොලිනාව, දකුණු කැරොලිනාව, ජෝර්ජියාව සහ ටෙනිසි පුරා ස්ථාන 27ක ක්‍රියාත්මක වේ. එය වර්ධනය වී ඇති හෙයින්, බෙදාහැරීම සහ රැගෙන යාම ව්‍යාපාරයේ වඩාත් තීරණාත්මක කොටස් බවට පත්ව ඇති අතර, Carolina Ale House Uber Eats කළමනාකාරකය තුළ අවන්හල් හවුල්කරුවන්ට ලබා ගත හැකි අලෙවිකරණ විසඳුම් 3 ම භාවිතා කරයි.
"මෙම වසර බෙදාහැරීම සම්බන්ධයෙන් ගත් කල, අපට වැදගත් සන්ධිස්ථානයක් වී තිබෙනවා," ටයිලර් කෝන් පවසයි, මූලෝපායික තාක්ෂණික ප්‍රධානී. “කොවිඩ්වලට කලින් අපි මේ ඔස්සේ 7-8%ක විකුණුම් සිදු කළා. වසංගතය අතරතුර අවන්හල් තුළ ආහාර ගැනීම සඳහා ව්‍යාපාරය වසා දමා තිබූ විට එය 80%ක් තරම් ඉහළ අ ගයක පැවතුණි. Uber Eats මෙම සමීකරණයේ තීරණාත්මක කොටසක් වී ඇති අතර එය ඉක්මනින් විශාල ප්‍රගතියක් අත් කර ගැනීමට අපට උපකාර විය.”
සම්පූර්ණ අලෙවිකරණ විසඳුම් කට්ටලයක්
Uber Eats කළමනාකාරකය තුළ අලෙවිකරණ විසඳුම් 3ක් තිබේ:
- ප්‍රවර්ධන වැඩසටහන් ඇණවුම් මත සීමිත කාලීන වට්ටම් ප්‍රදර්ශනය කිරීමට උපකාරී වෙයි
- ලැදියා වැඩසටහන මඟින් අවන්හල්වලට තම පාරිභෝගිකයින් යම් මුදලක් වියදම් කරන විට ඔවුන්ට පාරිතෝෂික පිරිනැමීමේ හැකියාව ලබා දෙයි
- අනුග්‍රාහක ලැයිස්තු Uber Eats යෙදුමේ අවන්හලක දිස් වීම සඳහා අනුබලයක් සපයයි
“Uber Eats ප්‍රවර්ධන වැඩසටහන්, ලැදියා වැඩසටහන සහ අනුග්‍රාහක ලැයිස්තුව අපට ඉතා ප්‍රබල සංයෝගයක් සපයා තිබේ. මෙහි දී නැවත නැවත දිස් වීම ඉතා වැදගත් වන අතර, පාරිභෝගිකයින් යෙදුමට ලොග් වන සෑම අවස්ථාවක දී ම ඔවුන්ට යෙදුමේ විවිධ ප්‍රදේශවල අපව දැක ගන්නට ලැබීම ඉතා සාර්ථක ක්‍රමයකි.”
ටයිලර් කෝන්, Carolina Ale House
ප්‍රවර්ධන වැඩසටහන් මගින් නව පාරිභෝගිකයන් අත්පත් කර ගැනීම
Uber Eats සම්බන්ධයෙන් සිත් ගන්නා සුලු දෙයක් ලෙස Carolina Ale House දකින්නේ අත්පත් කරගැනීම සඳහා ඉතා අඩු පිරිවැයක් දරමින් නව පාරිභෝගිකයන් වෙත ප්‍රවේශ වීමට උපකාර වීමට Uberer Eats සතු හැකියාවයි. මෑතකාලීනව ලබා දුන් නොමිලේ අයිතමයක් ලබා දීමේ ප්‍රවර්ධන වැඩසටහනක් අතරතුර, මුදා ගැනීම්වලින් 57%ක් ම නව ගනුදෙනුකරුවන් විසින් සිදු කරන ලද ඒවා විය.
“අප නිතර ක්‍රියාත්මක කරන එක් Uber Eats ප්‍රවර්ධන වැඩසටහනක් වන්නේ USD 15ක් හෝ ඊට වැඩි ඇණවුමක් සඳහා USD 3ක වට්ටමක් ලබා දීමයි. නව ගනුදෙනුකරුවෙකු අත් කර ගැනීමට අපි USD 3ක් ගෙවන්නේ සතුටින්” කෝන් පවසයි. “එය ආයෝජනයෙන් ලැබෙන ඉතා හොඳ ප්‍රතිලාභයක්.”
Uber Eats කළමනාකාරකය ඔවුන්ගේ ප්‍රවර්ධන වැඩසටහන්වල ක්‍රියාකාරිත්වය පිළිබඳ තොරතුරු සපයන නිසා, කළමනාකරණ කණ්ඩායමට වඩාත් සාර්ථක වූයේ කුමන එක දැයි යන්න මැන බැලිය හැක.
“Uber Eats ප්‍රවර්ධන වැඩසටහන්වලින් පාරිභෝගිකයින් අතර වඩාත් ම ජනප්‍රිය වන්නේ කවරක් ද යන්න මගින් මා නිතර පුදුමයට පත් වනවා,” කෝන් පවසයි. “ඉන් අපගේ මෙනු දීමනා සහ ඒවා වඩාත් හොඳින් ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙයි.”
ලැදියා වැඩසටහන මගින් නැවත නැවතත් සිදු වන ගනුදෙනු ආකර්ෂණය කර ගනියි
Carolina Ale House මෑතක දී පාරිභෝගිකයන්ට USD 150ක් වැය කළ විට ඔවුන්ගේ අවන්හල තුළ භාවිත කිරීම සඳහා USD 15ක පාරිතෝෂිකයක් ලබා දෙන ලැදියා වැඩසටහනක් එක් කර ඇත. මෙය නැවත නැවත සිදු කරන ගනුදෙනු ආකර්ෂණය කර ගැනීමට සහ නිශ්චිත මුදල් ප්‍රමාණයක් වැය කරන පාරිභෝගිකයන්ට පාරිතෝෂික ලබා දීමට උපකාරී වෙයි. අද වන විට පාරිභෝගිකයින් 7,000කට ආසන්න සංඛ්‍යාවක් Carolina Ale House ලැදියා වැඩසටහන ආරම්භ වී මුල් මාස 3 ඇතුළත ඊට ලියාපදිංචි වී ඇත.
Uber Eats මුල් පිටු සංග්‍රහය තුළ ඔවුන්ගේ දිස් වීම වැඩි කිරීමට සහ ඔවුන්ගේ ප්‍රවර්ධන වැඩසටහන සෙවුම් ප්‍රතිඵලවල ඉහළින් ම දිස් වීමට Carolina Ale House අනුග්‍රහක ලැයිස්තුව භාවිත කරයි. මෙම විසඳුම ප්‍රර්ධන වැඩසටහනක් සමඟ ඒකාබද්ධ කිරීමෙන්, Carolina Ale House විසින් පාරිභෝගිකයින්ට ඔවුන්ගෙන් ඇණවුම් කිරීමට අමතර දිරිගැන්වීමක් ලබා දෙයි.
අනුග්‍රාහක ලැයිස්තු සඳහා ROAs 9.89 සිට 1 දක්වා*
“මෙම වසර අභියෝගවලින් පිරී ඇති නමුත් Uber Eats වැනි හවුල්කරුවන් නිසා අපි ඊට සාර්ථකව මුහුණ දී ඇත්තෙමු. පසුගිය ශීත ඍතුව තුළ දී, අපට බෙදාහැරීම හා රැගෙන යාම ගැන පමණක් විශ්වාසය තැ බිය හැකිව සිටිය දී, සමාගමේ ජනප්‍රියතම පුද්ගලයා වූයේ මමයි.”
ටයිලර් කෝන්, Carolina Ale House
** ඔවුන්ගේ 2020 නොවැම්බර් 9 සිට දෙසැම්බර් 7 දක්වා කාලය අතරතුර ලබා දුන් නොමිලේ අයිතමක් ලබා දීමේ ප්‍රවර්ධන වැඩසටහන අතරතුර, මුදා ගැනීම්වලින් 57%ක් ම නව ගනුදෙනුකරුවන් විසින් සිදු කරන ලද ඒවා විය. මෙම දත්ත මගින් සපයන අගයන් එම අගයන් ම ලබාගත හැකි බවට සහතිකයක් නොවන අතර ඔබේ අවන්හල, ස්ථානය සහ නිශ්චිත වෙළඳපොල තත්ත්වයන් මත පදනම්ව වෙනස් වේ.
විසඳුම්
ව්‍යාපාර වර්ග
ව්‍යාපාර වර්ග
සම්පත්
සම්පත්