Please enable Javascript
Skip to main content

අනුග්‍රාහක ලැයිස්තු සමගින් Bok a Bok තවත් පාරිභෝගිකයන් වෙත ළඟා වෙයි

2022 සැප්තැම්බර් 6| එක්සත් ජනපදය

ආගන්තුක සත්කාර ක්‍ෂ‍ේත්‍රය තුළ‍‍ සේවය කරන ඕනෑම අයකුට සහතික කළ හැකි පරිදි, අවන්හල් හිමිකරුවකුගේ ජීවිතය අතිශය කාර්යබහුල එකකි—විශ‍ේෂ‍යෙන් ම ඒ හා බැඳුණු ස්ථාන කිහිපයක් තිබෙන විට. සියැටල්හි Bok a Bok Chicken හිමිකරු ඇලෙක්ස් ප්‍රින්ඩ්ල් මෙය හොඳින් ම දන්නා අයෙකි. ඔහු නිරන්තරයෙන් ම ක්‍ෂ‍ේත්‍රයේ නියැළී ක්‍රියාකාරීව සිටින අතර කටයුතු නිසි පරිදි සිදු වන්නේ දැයි සහතික කිරීම සඳහා Bok a Bok අවන්හල් 4 වෙත ම යයි.

වැඩිපුර දැනුම හා අදහස් බෙදාගැනීම

Bok a Bok කණ්ඩායම Uber Eats කළමනාකරු ඇති විවිධ අලෙවිකරණ විසඳුම්වල වාසිය අත් කරගෙන තිබේ. ඔවුන් වෙනුවෙන් හොඳින් ක්‍රියා කර ඇති දිගුකාලීන ප්‍රවර්ධන වැඩසහටනක් ගෙන යන ඔවුන්, Uber Eats යෙදුම තුළ ඔවුන්ගේ පෙනී සිටීම වැඩිදුර වර්ධනය කර ගැනීමට අනුග්‍රාහක ලැයිස්තුවක් සමග මෑතක දී එය සංයෝග කරන්නට යෙදිණි.

ප්‍රවර්ධන වැඩසටහනක් සංග්‍රහයේ ඉහළින් ස්ථානගත කිරීමෙන් ඔවුහු සිය පාරිභෝගිකයින්ට තම අලෙවිහල අත්හදා බැලීම වෙනුවෙන් අමතර දිරිගැන්වීමක් ලබා දෙති.

"විශේෂයෙන්ම මේ වසරේ බෙදාහැරීම හා පැමිණ රැගෙන යාම අපේ ව්‍යාපාරයේ විශාල කොටසක් නියෝජනය කරනවා.. Uber Eats ප්‍රවර්ධන වැඩසටහන් සහ Sponsored Listing සමගින්, Uber Eats කැරෝසලයේ වැඩි නිරාවරණයක් ලබා ගැනීම සහ ලැයිස්තුවේ ඉහළට පැමිණීමට එය උපකාරී වී තිබෙනවා. මේ මිතිකයන් ඉතා අදාළ වන අතර හොඳින් ක්‍රියා කරන්නේ කවර ප්‍රවර්ධන වැඩසටහන් ද යන්න නිර්ණය කර ගැනීමට ඒවා අපට උපකාරී වී තිබේ."

වැඩිපුර විකුණුම් ආකර්ෂණය කර ගැනීම

ප්‍රතිඵල ක්‍ෂණිකව දැකගත හැකි විය. Bok a Bok විසින් Sponsored Listing සඳහා ආයෝජනය කරන සෑම $ 100ක් සඳහාම, ව්‍යාපාර ආදායම $ 1,900ක් වූ අතර එය ඔවුන්ගේ ආයෝජනයෙන් 19 ගුණයක ප්‍රතිලාභයක් විය.*

"Uber Eats අපට ගනුදෙනු රැසක් රැගෙන එනවා, ඒ වගේ ම Sponsored Listing සහ ප්‍රවර්ධන වැඩසටහන් ද නිසැකව ම විකුණුම් වැඩි කිරීමට හේතු වී තිබෙනවා**," ප්‍රින්ඩල් පවසයි. “අපගේ සියලුම බෙදාහැරීම් හවුල්කරුවන් අතුරින් වැඩ කිරීමට පහසුම දේ ඔවුන් සමග වන අතර ඔවුන් පසුබිමෙන් සපයන මිතිකයන් සැබැවින් ම ප්‍රයෝජනවත්.”

ප්‍රින්ඩ්ල් සහ ඔහුගේ Bok a Bok කණ්ඩායම අනාගතය දෙස බලන විට, කෑම කාමරයක් රහිත පස් වැනි අලෙවි ස්ථානයක් විවෘත කිරීමේ සැලසුමක් ඔවුන් සතුව තිබේ. එහි ඒ වෙනුවට රැගෙන යාම සඳහා ආහාර ලබා ගැනීමේ කවුළුවක් තිබෙනු ඇති අතර සම්පූර්ණයෙන් ම පැමිණ රැගෙන යාම හා බෙදාහැරීම කේන්ද්‍ර කරගෙන මෙහි කටයුතු සිදු කෙරෙනු ඇත.

මම සාමාන්‍යෙයන් කොම්පියුටරයක් ඉස්සරහා වාඩි වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි. Uber Eats ගත්තහම, Uber Eats කළමනාකාරකයට ගිහිල්ලා, ඉන් අපට කොපමණ ගනුදෙනු ප්‍රමාණයක් ලැබෙනව ද කියන එක ගැන ඉක්මන් අදහසක් ලබා ගන්න එක කදිම අත්දැකීමක්.

ඇලෙක්ස් ප්‍රින්ඩ්ල් - හිමිකරු, Bok a Bok

අනුග්‍රාහක ලැයිස්තු ක්‍රියා කරන්නේ කෙසේ ද?

අනුග්‍රාහක ලැයිස්තුවක් යනු ඔබට යෙදුමේ මුල් පිටුව තුළ සහ සෙවුම් ප්‍රතිඵල තුළ ඔබේ පෙනී සිටීම වැඩි කර ගත හැකි නව වෙළඳ දැන්වීම් ආකෘතියක් වේ. ඔබ සතිපතා මුදල් වෙන් කිරීමක් සහ ලංසු ක්‍රමයක් තීරණය කරයි, එනම් යමකු ඔබේ වෙළඳ දැන්වීමක් මත ක්ලික් කළ විට කොපමණ මුදලක් ඒ සඳහා ගෙවන්නේ ද යන්න. උදාහරණ ලෙස, Bok a Bok මුල් සංග්‍රහය තුළ විශේෂයෙන් දිස් වන අතර Uber Eats පරිශීලකයන් සියැට්ල්හි ෆ්‍රයිඩ් චිකන් සොයන විට සෙවුම් ප්‍රතිඵල තුළ දිස් වෙයි. ලැයිස්තුගත කිරීම් "අනුග්‍රාහකත්වය ලද" ලෙස සලකුණු කර ඇත.

Select your preferred language

English