Please enable Javascript
Skip to main content

මෙම ලිපියේ සඳහන් කර ඇති නිෂ්පාදන සහ සේවාවන්, ඔබේ කලාපය තුළ ලබා ගත නොහැකි විය හැක. ඔබට ප්‍රශ්න කිසිවක් ඇත්නම්, පාරිභෝගික සහාය සේවය හෝ ඔබේ ගිණුම් කළමනාකරු අමතන්න.

X small

උත්සව සමයේ ආහාර පාන සැපයුම් කටයුතු සඳහා අත්‍යාවශ්‍ය මාර්ගෝපදේශය: විශාල ඇණවුම් හැසිරවීමේ රහස්

උත්සව සමය පුරාවට ම, ඔබේ අවන්හල සමාගම්වල උත්සව සමයේ සාද සහ වසරාවසාන සැමරුම්වල සිට පවුලේ සාද දක්වා විවිධ උත්සව සඳහා සේවය පිරිනැමීමට නව සහ නැවත පැමිණෙන පාරි‍භෝගිකයන් වෙතින් ලැබෙන විශාල ඇණවුම් සඳහා වන ඉල්ලීම් රැසක් වෙනුවෙන් සේවය සපයන ස්ථානයක් බවට පත් වේ. නමුත් ඕනෑම අවන්හල් හිමියකු දන්නා පරිදි, උත්සව සමයේ ඇති වන කලබලකාරී වාතාවරණ කළමනාකරණය කිරීම ඉක්මනින් ම පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත් වේ.

මේ තත්ත්වයෙහි හුරුපුරුදු බවක් දැනිය හැකි ය: ආහාර සැපයුම් සේවාවල මෙනු පත්, මිල ගණන් සහ බෙදාහැරීමේ විකල්ප විමසමනින් ලැබෙන දුරකථන ඇමතුම් සහ විද්‍යුත් තැපැල් පණිවුඩ ගණනාවකට ප්‍රතිචාර දක්වමින් ම ඔබේ කණ්ඩායම හෙම්බත් වනු ඇත. සෑම ඉල්ලීමක් ම සපුරා ලමින් විකුණුම්වලට දොරගුලු හැර ගැනීම ඔබේ අභිප්‍රාය වුව ද, ඔබේ පවතින බෙදාහැරීම් ක්‍රියාකාරීත්වය අදාළ කාර්යයට සරිලන එකක් නොවන බව ඔබට හැඟී යා හැකි ය. ඇතැම් විට ඔබ රියැදුරන් ඉතා සුළු ගණනක් සේවයේ යොදවා තිබිය හැකි අතර වඩා විශාල ඇණවුම් ප්‍රවාහනය කළ හැකි වාහන භාවිත කළ හැක්කේ ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට පමණි.

උත්සව සමය තුළ ආහාරපාන සැපයුම් සේවා ඉල්ලීම් සාර්ථකව හැසිරවීම හුදු ඉල්ලුම සපුරාලීමට පමණක් සීමා නොවේ-තව ද ඉන්, පාරි‍භෝගිකයාගේ අපේක්ෂාවන් අභිබවා යමින් වසරේ කාර්යබහුල ම කාල සීමාව තුළ ආදායම් වැඩි කර ගැනීමට අවස්ථාවක් අත්පත් කර ගැනීම ද සම්පූර්ණ වේ. නිවැරදි උපාය මාර්ග, මෙවලම් සහ ක්‍රියාවලීන් තිබීමෙන් විශාල වෙනසක් සිදු කළ හැකි ය.

උත්සව සමයේ විශාල ඇණවුම් කාර්යක්ෂමව කළමනාකරණය කරමින් ඉටු කිරීම සඳහා ඔබට සහාය වන මූලික පියවර කිහිපයක් පහත පිරික්සුම් ලැයිස්තුවෙහි දැක්වේ. ඔබේ ඇණවුම් කිරීමේ නාලිකා ඇගයීමේ සහ ඇසුරුම්කරණ උපාය මාර්ග අංග සම්පූර්ණ බවට පත් කිරීමේ සිට බාධාවකින් තොරව බෙදාහැරීමේ සැපයුම් සහතික කිරීම දක්වා, ඔබේ මුළුතැන්ගෙයි සිට ඔබේ ගනුදෙනුකරුවන්ගේ දොරකඩ දක්වා සුමට අත්දැකීමක් ලබා දීමට ඔබට උපකාරී වන අදහස් ගවේෂණය කරන්න.

71%

2022 4 වැනි ත්‍රෛමාසිකය හා සසඳන විට 2023 4 වැනි ත්‍රෛමාසිකය තුළ එකම වෙළඳසැලෙන් ආහාරපාන සැපයුම් සේවා ගනුදෙනු සිදු කිරීමේ වැඩි වීම¹

ඓතිහාසික පාරිභෝගික ප්‍රවණතා ඇගයීම

ඔබේ උත්සව සමයේ ආහාර සැපයුම් සේවා සඳහා සූදානම් වීමේ කටයුතු ආරම්භ කිරීම පිණිස පාරිභෝගිකයන් වර්තමානයේ ඔබ වෙත විශාල ඇණවුම් ලබා දෙන ආකාරය සමාලෝචනය කිරීමෙන් පටන් ගන්න. වි‍ශ‍ේෂ‍යෙන් ම, ඔබට පහත ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකි බව සහතික කරගන්න:

  • පාරිභෝගිකයින් ඔබේ අවන්හල වෙත ආහාරපාන සැපයීම සඳහා ඇණවුම් ලබා දෙන්නේ කෙසේ ද: දුරකථන ඇමතුම්, ඊමේල්, හෝ වෙනම වෙබ් අඩවියක් හෝ ජංගම යෙදුමක් හරහා?
  • වසරේ අනෙකුත් කාල හා සසඳන විට උත්සව සමය තුළ විශාල ඇණවුම් සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ යාමක් අත්දකින්නට ලැබී තිබේ ද?
  • පාරිභෝගිකයින් සාමාන්‍යයෙන් ආහාරපාන සැපයුම් සේවා ඇණවුම් කරන්නේ කුමන ආහාර වේල් සඳහා ද: උදේ ආහාරය, දිවා ආහාරය හෝ රාත්‍රී ආහාරය?
  • විශාල ඇණවුම් සඳහා වඩාත් ජනප්‍රිය මෙනු අයිතම මොනවා ද?

✓ රහස: ගනුදෙනුකරුවන් සමග සක්‍රීයව සන්නිවේදනයේ යෙදෙන්න

ඔබේ ආහාරපාන සැපයුම් සේවා සහ ඇණවුම් භාර දිය යුතු වේලාවන් පිළිබඳව ඔබේ පාරිභෝගිකයන් දැනුවත් කිරීමට ඔබේ සමාජ මාධ්‍ය නාලිකා සහ වෙබ් අඩවිය භාවිත කරන්න. දුරකථන මාර්ගයෙන් හෝ ඔන්ලයින් පෝරම ඔස්සේ දොරකඩ තබා යෑම හා සම්බන්ධ උපදෙස් දැක්වීම සඳහා පැහැදිලි විකල්ප ලබා දෙන්න. මින් බෙදාහරින්නන්ට නිවැරදි ම මග පෙන්වීම් ලැබෙන බවත්, ගැටලු අවම වීමත් පාරිභෝගික තෘප්තිය වැඩි දියුණු වීමත් සහතික කරයි.

පාරිභෝගිකයින් වෙත ළඟාවීම සිතැඟි පරිදි සකසන්න

ඔබේ ආහාරපාන සැපයුම් ඇණවුම් බොහොමයක් ඔබේ හිමිකාරීත්වයට යටත් විකුණුම් නාලිකා ඔස්සේ පැමිණෙන බව ඔබට දැක ගන්නට ලැබෙන්නේ නම්, ඔබට පුද්ගල වි‍ශ‍ේෂිත ප්‍රවේශයක් ගනිමින් නිර්මාණශීලීව කටයුතු කළ හැකි ය. පෙර ඇණවුම්වල පාරිභෝගික දත්ත භාවිතයෙන් පහත අදහස්වලින් එකක් සමග අත්හදා බැලීමේ යෙදෙන්න:

  • ආහාර සැපයුම් සේවා ඇණවුම් කිරීමක් ලබා දීමට සබැඳියක් සහිතව පාරිභෝගිකයන්ට ප්‍රීතිමත් උත්සව සමයක් පැතීමේ පණිවුඩයක් විසුරුවා හරින්න
  • ජනප්‍රියත ම ආහාරපාන සැපයුම් සේවා අයිතම ප්‍රදර්ශනය කරන ඔබ වෙත කිසිදු දිනක ආහාරපාන සැපයුම් සේවා ඇණවුමක් ලබා දී නැති පුද්ගලයන් වෙත විද්‍යුත් තැපෑලක්
  • පසුගිය වසරේ ඔබ වෙත ආහාරපාන සැපයුම් සේවා ඉල්ලීමක් ලබා දුන් පාරිභෝගිකයන් වෙත පුද්ගල වි‍ශ‍ේෂී ලෙස සකස් කළ විද්‍යුත් තැපෑලක් යොමු කරමින් මේ වසරේත් එම ඇණවුම ම ලබා දීමට කැමති දැයි ඔවුන් වෙතින් විමසා සිටීම
  • පාරිභෝගිකයන්ව ඔබේ ජාලස්ථ ඇණවුම් කිරීමේ නාලිකා වෙත යොමු කරන QR කේතයක් ඇතුළත් කළ සුබ පැතුම් පතක් තැපෑලෙන් යැවීම

✓ රහස: කලින් සිදු කළ ඇණවුම් සඳහා පාරිතෝෂික පිරිනමන්න

ජනප්‍රිය ආහාර වර්ග පදනම් කරගත් වේලාසනින් ඇණවුම් කරන්නන් සඳහා විශේෂ වරප්‍රසාද වටටම් සහිත බන්ඩල් ලබා දීම. මෙය කලබලකාරී වාතාවරණයක් යටතේ භාණ්ඩ ලේඛන සහ සම්පත් වඩා හොඳින් කළමනාකරණය කිරීමට ඔබට උපකාරී වෙයි.

ඔබේ බෙදාහැරීම් මෙහෙයුම් සූදානම් කරන්න

විශාල ඇණවුම් සපුරා ලීමේ විශාලතම අභියෝගවලින් එකක් වන්නේ ආහාර නියමිත වේලාවට විශිෂ්ට තත්ත්වයෙන් පාරිභ‍ෝගිකයා‍ වෙත ළඟා වන බව සහතික කිරීමයි. උත්සව සමය සඳහා සූදානම් වීමේ දී, ඔබේ වත්මන් බෙදාහැරීමේ සැකැස්ම සූදානම් ද යන්න අගයා බලන්න. බෙදාහැරීමේ මෙහෙයුම් සැලසුම් කිරීමේ දී සැලකිල්ලට ගත යුතු ප්‍රශ්න කිහිපයක් මෙන්න:

  • මට අයත් විකුණුම් නාලිකාවලින් ලැබෙන බෙදාහැරීමේ ඇණවුම් දැනට සපුරාලන්නේ කෙසේ ද?
  • මා රියැදුරන් සේවයේ යොදවනවා ද? එසේ නම්, කී දෙනෙක් සිටී ද සහ ඔවුන්ට කොපමණ දුරක් වෙත බෙදාහැරීමේ කටයුතු සිදු කළ හැකි ද?
  • මට වඩා විශාල ඇණවුම් සඳහා සහාය දැක්විය හැකි රෝද හතරේ වාහන සහිත බෙදාහරින්නන් වෙත ප්‍රවේශය තිබේ ද?
  • ඇණවුම් ප්‍රමාණය රියැදුරු ධාරිතාව ඉක්මවා ගියහොත් සිදු වන්නේ කුමක් ද?
  • මට අතිකාල ගෙවීම් පිරිනැමීමට හෝ කෙටි දැනුම්දීමකින් අතිරේක රියැදුරන් සොයා ගැනීමට පුළුවන් ද?

✓ රහස: තාක්ෂණයේ බලය පිළිගන්න

Uber Direct වැනි බෙදාහැරීමේ තාක්ෂණ විසඳුමක් භාවිත කිරීමෙන්, ඔබේ අවන්හලට ඔබේ හිමිකාරීත්වයට යටත් විකුණුම් නාලිකා ඔස්සෙ විශාල ආහාරපාන සැපයීමේ ඇණවුම් ලබා ගත හැකි අතර සහාය සඳහා Uber සතු පුළුල් බෙදාහැරීමේ ජාලය වෙත යොමු විය හැකි ය. එය ඇණුවම් ඍජුව ම ඔබේ ව්‍යාපාරය වෙත ලබා දෙන පරිදි සකස් කර ඇති Uber Eats වෙළඳපොළ වෙතින් බෙදාහැරීම් බල ගන්වන ජාලය ම වේ. තව ද, ඔබේ පාරිභෝගිකයින්ගේ සිතේ සැහැල්ලුව උදෙසා Uber සතු තත්කාලීන නිරීක්ෂණය සහ බෙදාහැරීම තහවුරු කිරීමේ ලේඛන ලැබෙනු ඇත.

එය ක්‍රියා කරන්නේ මෙසේය:

  1. ඔබේ පවතින තාක්ෂණික තොගය හෝ API ඒකාබද්ධ කිරීමක් ඔස්සේ ඇතුළත් කරගන්න
  2. ඔබේ වෙබ් අඩවිය, යෙදුම, සමාජ මාධ්‍ය නාලිකා හෝ දුරකථනය ඔස්සේ ඇණවුම් පිළිගන්න
  3. විශාල ඇණවුම් වෙන් කොට හඳුනාගෙන ප්‍රමාණයට ගැළපෙන වාහන සමගින් Uber බෙදාහරින්නන් සමග සම්බන්ධ වන්න
  4. 0%ක කොමිස් මිලක් භුක්ති විඳින්න-ඔබගේ පාරිභෝගිකයාට ලබා දිය හැකි එක් බෙදාහැරීමකට බැගින් අය කරනු ලබන ස්ථාවර ගාස්තුවක් ගෙවන්න

වෙළඳසැල තුළ දී අවශ්‍යතා සපුරා ලීම ප්‍රශස්ත කරන්න

වෙළඳසැල තුළ කාර්යභාරය ඉටු කිරීමේ සංවිධානාත්මක ක්‍රමවේදයක් සුමට හා සාර්ථක බෙදාහැරීමක් සඳහා අත්‍යාවශ්‍ය අංගයකි. ආහාර ඇණවුම් නියමිත වේලාවට සහ හැකි හොඳම තත්වයෙන් පාරිභෝගිකයින්ට ලබා දෙන බව සහතික කිරීම සඳහා, පහත උපදෙස් මතක තබා ගන්න.

ඇසුරුම්කරණය

  • උණුසුම් සහ සීතල ආහාර ද්‍රව්‍ය වෙන වෙන ම බෑග්වලට වෙන් කරන්න
  • ඉරීමට හෝ කාන්දු වීමට ඉඩ නොදෙන ශක්තිමත්, තාප ප්‍රතිරෝධී බහාලුම් භාවිතා කරන්න
  • පාන වර්ග හෝ සූප් ආදිය ටේප් යොදා ආරක්ෂිතව ඇසුරුම් කරන්න
  • පාරිභෝගිකයින්ට ආහාර ද්‍රව්‍ය සහ අසාත්මිකතා තොරතුරු හඳුනා ගැනීමට උපකාර කිරීම සඳහා බහාලුම් ලේබල් කරන්න
  • අදාළ නම්, ආහාර පිළිගැන්වීමේ හා රත් කර ගැනීමේ උපදෙස් ඇතුළත් කරන්න
  • ප්‍රවාහනය පහසු කිරීම උදෙසා ඇණවුම විශාල පෙට්ටි හෝ පරිවරණය කළ බෑග්වලට රැස් කරන්න

වේදිකාගත කිරීම

  • බෙදාහරින්නන් සඳහා භාර ගන්නා ස්ථානය පැහැදිලිව සලකුණු කරන්න
  • විශාල ඇණවුම් ඇසුරුම් කිරීම සඳහා බෙදාහරින්නන්ට වාහන නැවැත්වීමට හෝ රැඳී සිටීමට පහසු ස්ථානයක් ලබා දෙන්න
  • විශේෂයෙන්, බෙදාහරින්නන් හවුල් මේසයකින් භාර ගන්නේ නම්, ඇණවුම්වල නම් පැහැදිලිව පෙන්වන්න
  • අදාළ නම්, බෙදාහරින්නන්ට ඔවුන්ගේ වාහනවලට භාණ්ඩ අසුරා ගැනීමට උපකාර කිරීමට කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙන් කරන්න
  • විශේෂයෙන් විශාල ඇණවුම් සඳහා සාප්පු කරත්ත සූදානම්ව තබා ගන්න

✓ රහස: සුපරීක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම

එක් සේවකයකු විසින් ඇණවුම ඇසුරුම් කරන අතර තවත් සේවකයකු විසින් එය භාර දීමට පෙර ලදුපතත් සමග පරීක්ෂා කරන අනිවාර්ය පියවර 2ක ක්‍රියාවලියක් හඳුන්වා දෙන්න. මෙය ඇණවුම සපුරාලීමේ නිරවද්‍යතාව සහ කාර්යක්ෂ්මතාව සහතික කරයි. වැදගත්ම දෙය නම්, ඉන් මිල අධික ඇණවුම් දෝෂ වළක්වා ගත හැකි වීමයි.

$160

ආහාරපාන සැපයීමේ ඇණවුම් සඳහා සාමාන්‍ය ටිකට්පතක ප්‍රමාණය

සන්නිවේදනයට ප්‍රමුඛතාව දෙන්න

බොහෝ විට, ආහාරපාන සැපයීමේ ඇණවුම්වල ඉහළ වටිනාකමක් ඇති අතර සන්නිවේදනය විනිවිදභාවයකින් යුුුුතුව සිදු කිරීම වැදගත් වේ. අවම අවශ්‍යතාවක් ලෙස, විශේෂයෙන් ම යමෙකුට බෙදාහැරීමේ පුද්ගලයා හමු වී පෙට්ටි හෝ බෑග් ගණනාවක් බෑමට උදව් කිරීමට තිබේ නම්, ඇණවුම පැමිණ‍ෙතැයි අපේක්ෂා කළ යුතු වේලාව ඔබේ පාරි‍භ‍ෝගිකයා දන්නා බව සහතික කර ගැනීමට ඔබට උවමනා විය හැකි ය. බෙදාහරින්නන්ට තමා ඇණවුම භාර දෙන්නේ නිවැරදි පුද්ගලයාට බව සහතික කර ගැනීම සඳහා පහසු ක්‍රමයක් සපයා දීමට ද ඔබට උවමනා විය හැකි ය.

Uber Direct වැනි බෙදාහැරීමේ විසඳුමක් සමඟින්, ඔබේ ව්‍යාපාරයට පහත විශේෂාංග 2 ඔස්සේ පාර්ශ්ව දෙක ම සඳහා මෙම අමතර සහතිකය සක්‍රීය කිරීමේ හැකියාව තිබේ:

තත්‍ය කාලීන නිරීක්ෂණය: මින් it's බෙදාහැරීම සඳහා පිටත් කර යවා ඇති විට ඇණවුමක තත්ත්වය නිරීක්ෂණය කිරීමට ඔබටත් ඔබේ පාරිභෝගිකයාටත් ඉඩ සලසයි. තත්කාලීන නිරීක්ෂණ පියවර ඇතුළත් වන්නේ:

  1. පාරිභෝගිකයා ඔබ වෙත ඇණවුමක් ලබා දීම
  2. ඇණවුම බෙදාහැරීමට පිටත් කර හැරි විට පාරිභෝගිකයාට නිරික්සුම් සබැඳියක් සහ පැමිණ‍ෙනු ඇතැයි නිමානය කරන වේලාව සහිත කෙටි පණිවුඩයක් ලැබේ
  3. ඉන් අනතුරුව, පාරි‍භෝගිකයාට සෑම බෙදාහැරීම් සන්ධිස්ථානයක් (රියැදුරා මග එයි, රියැදුරා ඔබේ ස්ථානයට ළඟා වෙයි, ඇණවුම භාර දී ඇත) සඳහා ම කෙටි පණිවුඩ 3ක් ලැබේ

භාර දුන් බව තහවුරු කිරීමේ ලේඛනය: භාරදීමේ ඇණවුමක් ඉන් අදහස් කරන ලද ලබන්නා වෙත භාර දී ඇති බවට, ඉලෙක්ට්‍රොනික් වාර්තාවක් ඔස්සේ සනාථ කරයි. භාර දුන් බව තහවුරු කිරීමේ ලේඛන ක්‍රමවලට අයත් වන්නේ:

  • පාරි‍භ‍ෝගිකයන්ට දොරකඩින් තබා යන ඇණවුම් සොය ගැනීමට උපකාර වීම පිණිස, ඡායාරූප
  • ඇණවුම් නොලැබුණු බවට ලැබෙන ප්‍රෝඩාකාරී කියාපාම් වළක්වා ගැනීම පිණිස PIN අංකය සහ ඉ-අත්සන් ලබා ගැනීම
  • ඇණවුම් පැටළීම මග හරවා ගැනීම සඳහා තීරුකේත ස්කෑන් කිරීම

✓ රහස: ඇණවුම් කල්තියා තහවුරු කර පසුව ප්‍රතිපෝෂණ ලබාගන්න

ඇණවුම සහ පාරිභෝගිකයා විසින් දන්වා ඇති කිනම් හෝ වි‍ශේෂ උපදෙසක් තහවුරු කර ගැනීමට බෙදාහැරීමට දින 1-2කට පෙර පාරිභෝගිකයා අමතන්න. ඇණවුම සම්පූර්ණ වූ පසු, පාරිභෝගිකයින්ගෙන් ඔවුන්ගේ අදහස් බෙදා ගන්නා ලෙස ඉල්ලා සිටින්න. ඔබට ඔවුන්ව ඔබේ සමාලෝචන නාලිකා වෙත යොමු කිරීමට හෝ ඔබට සෘජුවම ඊමේල් හෝ පණිවුඩ එවන ලෙස දැන්වීමට පුළුවන.

70%

තෘප්තිමත් බෙදාහැරීමක් සඳහා සජීවී නිරික්සුම් දෘශ්‍යතාව ඇගයීමට ලක් කරන පාරිභෝගිකයින්ගේ ප්‍රතිශතය ඉතා වැදගත් වේ ²

ආහාරපාන සැපයුම් සේවා සමග කෑම වේලාවේ සතුට බෙදාහරින්න

උත්සව සමය තුළ විශාල ආහාරපාන සැපයීමේ සේවා සඳහා වන ඇණවුම් කළමනාකරණය කිරීම පාරිභෝගිකයින් සතුටු කරමින් ඔබේ ආදායම සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීමට ලැබී ඇති අවස්ථාවකි. ඔබේ ඇණවුම් මාර්ග ප්‍රශස්ත ලෙස සකස් කිරීමෙන්, දත්ත මනා ලෙස සංවිධිත කිරීමෙන්, ඔබේ බෙදාහැරීමේ මෙහෙයුම් සූදානම් කිරීමෙන් සහ පාරිභෝගිකයින් සහ බෙදාහරින්නන් සමග පැහැදිලි සන්නිවේදනයක් පවත්වා ගැනීමෙන්, ඔබේ උත්සව සමයේ කඩිමුඩියට මුහුණ දීමට හොඳින් සන්නද්ධව සිටින බව ඔබට සහතික කරගත හැකි ය.

ඔබේ බෙදාහැරීම් බල ගැන්වීමට සහ විශාල ඇණවුම් සපුරා ලීම විධිමත් කිරීමට සූදානම් ද? Uber Direct වෙතින් සම්පූර්ණ විසඳුම් එකතුව විමසා බලා, ඔබේ නිවාඩු දින ආහාර සැපයුම් මෙහෙයුම් වර්ධනය කිරීමේ ඊළඟ පියවර තබන්න.

Select your preferred language
Englishසිංහල