Please enable Javascript
Skip to main content

වැලන්ටයින් දිනය ජය ගැනීමට මල්කරුවෝ විශ‍ේෂඥ උපදෙස් බෙදාගනිති

සිල්ලර වෙළෙන්දෙකුගේ කාර්යබහුල සමය ගැන සිතන විට, බොහෝ අය නිවාඩුවෙන් පසු පාසැල් ඇරඹීම හෝ උත්සව සමයේ කලබලය වැනි වි‍ශේෂ අවස්ථා සලකා බලති. කෙසේ වෙතත්, මල්කරුවන් සඳහා, වසරේ කාර්යබහුලම කාල පරිච්ඡ‍ේදවලින් එකක් පෙබරවාරි 14 වන දිනට වැටේ.

මල්කරුවන්ට වැලන්ටයින් දිනය සඳහා සූදානම් වීමට උපකාර කිරීම පිණිස, අපගේ කණ්ඩායම එක්සත් ජනපදය පුරා පවුලට අයත් සාප්පුවල සිට ඉහළ පරිමාණයේ මෙහෙයුම් දක්වා මල් වෘත්තිකයන් සමීක්ෂණයට ලක් කරන ලදී. අපි කතා කළ සෑම කෙනෙකු ම පාහේ පෙබරවාරි 14 වසරේ කාර්යබහුල ම දිනය ලෙස සලකන අතර, උතුරු කැරොලිනාවේ එක් මල්කරුවෙකු වැලන්ටයින් දිනය පමණක් ඔවුන්ගේ වාර්ෂික විකුණුම්වලින් 20%කට ආසන්න ප්‍රමාණයක් සපුරාලන බව ප්‍රකාශ ක‍ෙළේ ය.

2024 වසරේ දී වැලන්ටයින් දිනයේ දී වාර්ෂික විකුණුම්වලින් ඩොල් බිලියන 25.8ක් ජනනය වූ අතර ඒවායෙන් ඩොලර් බිලියන 2.6ක් පමණ මල්වලින් ලැබුණු බවට ගණන් බලා ඇත.¹

ඉන් එය විශාල අවස්ථා සහ පීඩනයක් සහිත දිනයක් බවට පත් කරයි. මල් යනු ඉතා ම පුද්ගලික ආදරය සහ ඇගයීම ප්‍රකාශ කිරීමට ඇති ක්‍රමයකි. මල්කරුවන් මල් කළඹ විකිණීමේ දී (බොහෝ විට සුළු සුන්දර ත්‍යාගවල එකතුවක් සමග) වි‍ශ‍ේෂ නි‍මේෂයක සාර්ථකත්වය අලෙවියට ආවේණික වෙයි. සැබැවින් ම, ටෙක්සාස්හි සිටින මල්කරුවකු මෙසේ පැවසීය: "අපි මල් විකුණන්නේ නැහැ, අපි විකුණන්නේ නිමේෂයක්."

සැමතැනම සිටින මල්කරුවන් එකඟ වන්නේ: ලැබිය හැකි ආදායමට වඩා සිය වැලන්ටයින් දින ඇණවුමෙන් ප්‍රීතියට පත් පාරිභෝගිකයන් වෙනත් වැදගත් අවස්ථාවල දී ද එම ව්‍යාපාරය වෙත ම යොමු වනු ඇති බවය. පවුලක් විසින් ගෙන යන මල් අලෙවිසැලක මල්කරුවකු පැහැදිලි කළ පරිදි “එය විශ්වාසය ගොඩ නඟා ගැනීමේ අවස්ථාවකි”

ඉතින් එය නිවැරදි පරිදි සිදු කර ගැනීමේ දී වඩාත් ම වැදගත් වන්නේ කුමක් ද? අපගේ කණ්ඩායම මල් කළඹ ඇණවුම් වැඩියෙන් ම ලැබෙන සුවිශ‍ේෂී දිනය සඳහා සූදානම් වීමේ දී ඔවුන්ගේ ප්‍රමුඛතා සහ උපාය මාර්ග මොනවා ද යන්න මල්කරුවන් වෙතින් විමසීය.

නිවාඩු දිනය පෙර සූදානම් වීම: පාරිභෝගිකයන්ගේ අපේක්ෂාවන් සහ භාණ්ඩ ලේඛනය පිළිබඳ අවධානය යොමු කිරීම

ව්‍යාපාරය කොතරම් විශාල වුවත්, අප සමඟ කතා කළ සෑම මල්කරුවෙකු ම පාහේ වාර්තා කළේ, වි‍ශේෂ දිනයට පෙර, ඔවුන් තමා සතුව විකිණීම සඳහා නිවැරදි භාණ්ඩ ලේඛනයක් ඇති බවත් පාරිභෝගිකයන්ව මිල දී ගැනීම සඳහා යොමු කර ඇති බවත් සහතික කර ගැනීමට අවධානය යොමු කරන බවයි. කල් තියා අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම සඳහා මල්කරුවෝ පහත දෑ නිර්දේශ කරති:

ගනුදෙනුකරුවන් සමඟ පැහැදිලිව සන්නිවේදනය කරන්න

අපේක්ෂාවන් කලින් සකස් කිරීඹ පාරිභෝගිකයන් සහ කාර්ය මණ්ඩලය සඳහා ආතතිය අඩු කරයි. මල්කරුවන්ට ඊමේල් ප්‍රචාරණ ව්‍යාපාර සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඇණවුම් සඳහා නියමිත දින බෙදා ගනිමින් වි‍ශ‍ේෂ දීමනා ප්‍රවර්ධනය කළ හැකි ය. ටෙක්සාස්හි මල්කරුවකු අවසන් මොහොතේ ඇති වන කලබලය තරමක් දුරට සමනය කර ගැනීම සඳහා පෙබරවාරි 5 වැනි දිනට පෙර ලබා දෙන ඇණවුම් සඳහා Roses Are Red ෆ්ලෑෂ් සේල් අලෙවියක් පිරිනැමීය.

පාරිභෝගික ඉල්ලුම සපුරාලීම සඳහා භාණ්ඩ ලේඛන සූදානම් කරන්න

සිය තොගවල ඇති මූලික මල් වර්ග රෝස හා කානේෂන් බවට සහතික කරමින් බොහෝ මල්කරුවන් පවසන්නේ මේ කාලයේ දී සාමාන්‍ය මල් ඇණවුම් දෙගුණ තෙගුණ වන බවයි. හොඳ උපදෙසක්: “අපි ඕනෑම මල් නිර්මාණයකට ගැළපෙන ඇල්ස්ට්‍රොයෙමෙරියාස් සහ කොළ වර්ග වැනි දෑ රැස් කර තබා ගන්නවා. සිතැඟි පරිදි සැකසූ ඇණවුම් ලැබෙන විට අපට නම්‍යශීලීව කටයුතු කිරීමට ඉන් උපකාරයක් ලැබෙනවා.” අවසාන මොහොතේ හිඟ ඇති වීම වළක්වා ගැනීම සඳහා, අතිරේක මල් බඳුන්, රිබන් සහ ඇසුරුම් ද ඉතා වැදගත් වෙනවා.

ජනප්‍රිය මල් කළඹ හා අලෙවිසැලේ ලකුණ කල් ඇතුව සූදානම් කරන්න

බොහෝ මල් අලෙවිකරුවන් වාර්තා කළේ, වැලන්ටයින් දිනයේ දී සහ ඊට පෙර දිනවල දී, ඔවුන් තම මෙහෙයුම් සහ ගබඩා පිරිසැලසුම වෙනස් කරන බවයි. ඇණවුම් වැඩි වීමක් සඳහා සූදානම් වීමට ඔබේ මල් ව්‍යාපාරයට පහත දෑ සිදු කිරීමට අවශ්‍ය විය හැකි ය:

පෙර දින රාත්‍රියේ දී කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සූදානම් වන්න

ජනප්‍රිය සැකසුම් කලින් සකසා තිබීම කැපී පෙනෙන උපාය මාර්ගයකි. මල් විකුණුම්කරුවන් කිහිප දෙනෙකු විසින් ම සඳහන් ක‍ෙළේ වි‍ශ‍ේෂ දිනයෙහි සිතැඟි පරිදි සැකසූ ඇණවුම්වලට අවධානය කිරීමට ඉඩ සලසා ගනිමින් තමන් පෙරදා රැයෙහි සාමාන්‍ය මල් සැරසුම් හැකි තරම් ප්‍රමාණයක් සූදානම් කරන බවය. “වැලන්ටයින් දින සැන්දෑව නිවාඩු දවසක්” කාර්යබහුල නාගරික ප්‍රදේශයක සිටින මල් අලෙවිකරුවකු පවසයි.

කාර්යබහුල දිනයේ තදබදයට මුහුණ දීමට වෙළඳසැල තුළ සැකැස්ම ගළපා ගන්න

වැලන්ටයින් දිනයේ ව්‍යාකූලත්වය මැඩපැවැත්වීම සඳහා මල්කරුවන් වෙළඳසැලට පැමිණ මිල දී ගැනීම, කලින් ලබා දුන් ඇණවුම් රැස් කර ගැනීම සහ සිතැඟි පරිදි සැකසූ ඇණවුම් සඳහා වෙන් වූ ස්ථාන සකස් කිරීමට මල්කරුවෝ නිර්දේශ කරති. මීට අමතරව, වර්ණ කේතනය කළ ටැග් හා ඩිජිටල් නිරික්සු පද්ධති කාර්ය මණ්ඩලනයට ඉක්මනින් ඇණවුම් හඳුනාගෙන ඒවා සම්පූර්ණ කිරීමට අවකාශ ලබා දෙයි.

වැලන්ටයින් දිනයේ ඉන්ද්‍රජාලය නිර්මාණය කිරීමට ඉහළ ගුණත්වයකින් යුත් බෙදාහැරීමක් අවශ්‍ය වේ

බොහෝ මල් අලෙවිකරුවන් සඳහා, බෙදාහැරීමේ අත්දැකීම සාර්ථක වැලන්ටයින් දිනයක් නිර්ණය කිරීමේ සාධකය වේ. ඔහියෝහි මල් අලෙවිකරුවකු පැවසුවේ ඔවුන්ගේ ඇණවුම්වලින් 60%ක් පමණ බෙදාහැරීම ඔස්සේ සම්පූර්ණ කරනු ලබන බවයි. බෙදාහැරීම සම්බන්ධයෙන් ඇති වන මෙම ඉහළ යාම සඳහා සූදානම් වීමෙන් අදහස් වන්නේ ඔබ විසින් පහත දෑ කළ යුතු බවයි:

බාධාවකින් තොරව බෙදාහැරීම සඳහා කණ්ඩායම් සූදානම් කරන්න

රියැදුරන් සමග එක් වී කල් තියා ගමන් මාර්ග සැලසුම් කර ගැනීමේ වැදගත්කම බොහෝ මල් අලෙවිකරුවන් විසින් අවධාරණය කරන ලදී. කොලරාඩෝහි මල් අලෙවිකරුවකු පැහැදිලි කළ අන්දමට “සාර්ථක බෙදාහැරීමක් ඇර‍ෙඹෙන්නේ පැහැදිලි අභ්‍යන්තර සන්නිවේදනයක් සමගයි.” සියුම් සකස් කිරීම් නිසි පරිදි පරිහරණය කිරීම සහතික කිරීම සඳහා රියැදුරන් සමග කටයුතු කිරීම පිළිබඳව අන් අය සාකච්ඡා කළහ. “මල් ඉක්මනට ම තැලෙන්න පුළුවන්” ඔවුහු පැවසූහ. “ඒවා ආරක්ෂිතව ප්‍රවාහනය කරන ආකාරය රියැදුරන්ට පෙන්වා දීම සැරසුම මනා ලෙස සකස් කරන තරමට වැදගත්.”

ඔබේ බෙදාහැරීමේ ජාලය විශාල කළ හැකි බව සහතික කර ගන්න

අවසන් මොහොතේ ලැබෙන ඇණවුම් මගින් හොඳින් ම සංවිධානගත ව්‍යාපාර පවා දුෂ්කරතාවලට මුහුණ දීමට ඉඩ ඇත. කුඩා පරිමාණ ව්‍යාපාරයක සේවය කරන මල්කරුවකු පැවසුවේ, “වැලන්ටයින් දිනය අවුල් සහගත වෙන්න පුළුවන්. වෙළඳසැලට පැමිණ සිදු කරන මිල දී ගැනීම්, දුරකථයෙන් ලබා දෙන ඇණවුම් සහ අන්තර්ජාලයෙන් සිදු කරන විකුණුම් සේරම එක්ක බෙදාහැරීම් කරන එක ලේසි නෑ.” මෙබඳු අවස්ථාවල දී උත්සව සමයේ කුලී වාහන හෝ Uber වැනි තෙවන පාර්ශවීය බෙදාහැරීමේ ජාලයන් සාර්ථකත්වය අත් කර ගැනීමට උපකාරී විය හැකි යි.

Uber සමගින් අනුස්මරණීය වැලන්ටයින් දින බෙදාහැරීමක් පිරිනමන්න

Uber බෙදාහැරීමේ තාක්ෂණය මගින් මල්කරුවන්ට වැලන්ටයින් දින කලබලය අපහසුවකින් තොරව කළමනාකරණය කර ගැනීමෙන් මල්කරුවන්ගේ ජීවිත පහසු කරයි. ඊට අමතරව, හවුල්කාරීත්වය සඳහා සැමට ගැළපෙන එක් විසඳුමක් නොමැත. මල්කරුවන්ට තම ඉලක්කයන් හා තමන් සේවය කරන ප්‍රේක්ෂක පිරිස මත පදනම්ව විවිධ විසඳුම් සලසා ගත හැකි ය.

Uber Eats වෙළඳපොළ

ඉල්ලුම මත වැඩිවන පාරිභෝගික පදනමක් කරා ළඟා වන්න

පාරිභෝගිකයින් Uber Eats යෙදුම විවෘත කරන විට, ඔවුන් පසුව ලබා ගැනීමට නොව දැන් ලබා ගැනීමට යමක් ඇණවුම් කිරීම සඳහා සූදානම් වෙති. වෙළඳපොළ තුළ ඔබේ මල් ව්‍යාපාරය ලැයිස්තුගත කිරීෆමන්, ඔබට මිල දී ගැනීමේ අභිලාෂය උපරිමයෙන් ඇතිව බ්‍රවුස් කරන්නන්ගේ අවධානය දිනා ගැනීමේ හැකියාව ලැබේ. වෙළඳ දැන්වීම් සහ දීමනා, වැනි පෙරනිමියෙන් ඇති අලෙවිකරණ මෙවලම් භාවිතයෙන් ඔබට ඔබ වෙත ළඟා වීමේ හැකියාව පුළුල් කළ හැකි ය.

Uber Direct

දේශීය, සෘජු ඇණවුම් සඳහා බෙදාහැරීම විධිමත් කරන්න

Uber Direct සමඟින්, ඔබට Uber සතු විශාල කුරියර් ජාලය සමඟ සම්බන්ධ වී ඔබේ වෙබ් අඩවියේ හෝ යෙදුමේ, සමාජ මාධ්‍ය නාලිකා හරහා හෝ දුරකථනයෙන් සෘජුව ම ඔබ සමඟ ඇණවුම් කිරීමට කැමති පාරිභෝගිකයින් සඳහා ඉල්ලුම මත, දේශීය බෙදාහැරීම පිරිනැමිය හැකි ය. ඔබ ඔබේ සේවාස්ථ රියැදුරු කණ්ඩායම සමඟ දිගටම වැඩ කිරීමට කැමති වුව ද, ඇණවුම් ඉල්ලුම වැඩි වන දිනවල Uber Direct ඔබට අතිරේක පිටුවහලක් වනු ඉඇත.

යෙදුම ඔස්සේ දිස් වීම වැඩි කර ගනිමින් නව පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට ඇතැම් මල්කරුවන් Uber Eats යොදා ගන්නා අතර අන් අය තමාගේ ම මාර්ග ඔස්සේ බෙදාහැරීම් කළමනාකරණය කරමින් ලැදියාව ගොඩ නඟා ගැනීම සඳහා Uber Direct කෙරෙහි විශ්වාසය තබයි. බොහෝ දෙනා විශාල කිරීමේ හැකියාව, පාරිභෝගික විශ්වාසය ඉහළ යාම හා බාධාවකින් තොර සැපයුම් ගබඩා කිරීමේ ප්‍රතිලාභ අත්විඳීම උදෙසා තාක්ෂණික විසඳුම් සංයෝග කරති. එකක් හෝ දෙකම ප්‍රයෝජනයට ගත්ත ද, මල්කරුවන් සමග සමීපව කටයුතු කරන Uber කණ්ඩායමේ අභ්‍යන්තර සාමාජිකයන් විසින් ඍජුවම බෙදාගෙන ඇති මේ විශේෂඥයින්ගේ රහස් ක්‍රියාත්මක කිරීම ගැන මල්කරුවන් සලකා බැලිය යුතු ය:

Uber Eats වෙළඳපොළ සඳහා හොඳ ම උපාය මාර්ග 3

1. වෙළඳ දැන්වීම් සහ දීමනා සමගින් ඇණවුම් ආකර්ෂණය කරගන්න

මෙම කාර්යබහුල වේලාව තුළ වෙළඳ දැන්වීමක් ප්‍රචාරය කිරීෆමන්, ඔබට ඔබේ වෙළඳසැල වෙත වැඩිපුර පාරිභෝගිකයින් ගෙන්වා ගැනීමට සහ යෙදුම තුළ ඔබේ දිස් වීම වැඩි කර ගැනීමට හැකියාව ලැබේ. ඔබේ පරිවර්තන අනුපාතය ඉහළ නැංවීමට උපකාර කිරීම සඳහා එම වෙළඳ දැන්වීමට සිත් ගන්නා සුලු දීමනාවක් ද එක් කරන්න. කූඩ වට්ටමක් වැනි විකුණුම් ප්‍රවර්ධනයක් පිරිනැමීම හෝ තෝරාගත් අයිතම සඳහා දීමනාවක් ලබා දීම අපි නිර්දේශ කරමු.

2. ප්‍රවර්ධනාත්මක එකතු නිර්මාණය කරන්න

ජනප්‍රිය අයිතම ප්‍රදර්ශනය කිරීමට, පාරි‍භ‍ෝගිකයන් විශේෂිත නිෂ්පාදන වෙත යොමු කිරීම හෝ තෝරාගත් මල් කළඹ සඳහා වට්ටම් පිරිනැමීම සඳහා එකතු හොඳ ක්‍රමයකි.

3. ඉල්ලුමේ ඉහළ යාමක් ඇති විට ඇණවුම් විරාම ගන්වන්න

ඔබේ කණ්ඩායම අධික ලෙස වෙහෙසට පත්ව සිටී නම් හෝ ඔබට ඉල්ලුම සපුරාලීමට නොහැකි නම්, ඒවා අවලංගු කිරීම වෙනුවට ඔබේ Uber Eats ගිණුම් කළමනාකරුට දැනුම් දී සපුරාලීමේ හැකියාවක් නොමැති ඇණවුම් පිළිගැනීම වළක්වා ගැනීම සඳහා ඔබේ වෙළඳසැල තාවකාලිකව විරාම ගැන්වීම සලකා බලන්න. මෙය පාරිභෝගිකයින්ගේ අතෘප්තිය වළක්වා ගැනීමට සහ සුමට මෙහෙයුම් සහතික කිරීමට උපකාරී වේ.

Uber Direct සඳහා හොඳම උපාය මාර්ග 3

1. තත්කාලීන බෙදාහැරීමේ නිරික්සුම ප්‍රදානය කරන්න

බෙදාහැරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් යාවත්කාලීන නිරීක්ෂණ සැපයීම භාර දීමේ දී අවලංගු කිරීම් සැලකිය යුතු ලෙස අඩු කිරීමට උපකාරී වෙයි. ඔබට ඔබේ ම නිරික්සුවක් නොමැති නම් Uber Direct හට සෘජුවම පාරිභෝගිකයින්ට නිරීක්ෂණ සබැඳි සැපයීමේ හැකියාව තිබේ.

2. ඔබේ මාර්ගගත ව්‍යාපාරික වේලාවක් පරීක්ෂා කර බලන්න

ඔබේ ඉ-වාණිජ්‍ය නාලිකා ඔබගේ මෙහෙයුම් වේලාවන් තුළ පමණක් බෙදාහැරීමේ ඇණවුම් පිළින්නා පරිදි සකසා ඇති බවට වග බලා ගන්න. මින් ඔබේ වෙළඳසැල වසා ඇති විට Uber ජාලයේ රැගෙන එන්නන් ඔබේ වෙළඳසැලට පැමිණීම වළක්වයි.

3. නිවැරදි පාරිභෝගික තොරතුරු සත්‍යාපනය කරගන්න

ඒකක අංක, ප්‍රවේශ කේත සහ දුරකථන අංක වැනි ලබන්නා වෙත භාර දෙන ලිපින සම්පූර්ණ හා නිවැරදි ද යන්න හොඳින් පරීක්ෂා කර බලන්න. මින් කුරියර් දූතයන්ට බෙදාහැරීම නිසි ලෙස සිදු කිරීම සඳහා නිවැරදි විස්තර සපයයි.

කාර්යබහුල සමයන්හි දී නිසි ලෙස මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සහ පාරිභෝගික තෘප්තිය සහතික කරන්න

කලින් සැලසුම් කිරීමෙන්, මෙහෙයුම් විධිමත් කිරීමෙන් සහ බෙදාහැරීමේ ක්‍රියාවලීන් ප්‍රශස්තභාවයට පත් කිරීමෙන්, වැලන්ටයින් දිනය හෝ වෙනත් විශාල උත්සව සඳහා වුව ද මල්කරුවන්ට උත්සව සමයේ කලබලකාරී බවට ආත්ම විශ්වාසයෙන් යුතුව මුහුණ දීමේ හැකියාව ලැබේ. කුඩා කඩ සාප්පුවල සිට මහා පරිමාණ මෙහෙයුම් දක්වා, සාර්ථකත්වයේ යතුර වන්නේ සූදානම් වීම සහ පාරිභෝගික තෘප්තිය සඳහා කැපවීමයි. කොලරාඩෝහි මල්කරුවකු එය හොඳින් ම විස්තර කරයි: “මල්වලින් සතුටක් ලබා දෙනවා, ඒක වටින්නේ ඒ නිසයි.”

ඔබේ මල් ව්‍යාපාරය ප්‍රවාහනය සහ බෙදාහැරීම සරල කිරීමටත් පාරිභෝගිකයන් තෘප්තිමත් කිරීමටත් බෙදාහැරීමේ හවුල්කරුවකු සොය්නේ නම් Uber Eats වෙළඳපොළ සහ Uber Direct ඊට උපකාර විය හැක්කේ කෙසේ ද යන්න විමසා බලන්න. ඔබට විශ්වාසය තැබිය හැකි ඉල්ලුම මත බෙදාහැරීමේ තාක්ෂණය සමගින් ඔබේ කාර්යබහුලතම සමයන්හි දී සහ ඊට ඔබ්බෙන් ඔබට සහාය වීමට Uber මෙහි සිටී.

ඔබ දැනටමත් Uber සමග හවුල්කාරීත්වයෙන් කටයුතු කරන්නේ නම් හා උදව්වට තවත් සහකරුවන් අවශ්‍ය නම්, පහත මාර්ග විමසා බලන්න:

2024 වැලන්ටයින් දින පාරිභෝගික ප්‍රවණතා,” ජාතික සිල්ලර සම්මේලනය (පෙබරවාරි 5, 2024).

Select your preferred language
Englishසිංහල